ආදරණීය පොරවල් සමඟ ආදරවන්තයින්ගේ (ආදරය සේල් දමන්නන්ගේද) දිනයේ ගෙවුනු මිනිත්තු ගණනක්........

 
 වැලන්ටයින් දවසේ උදේම කකුලට බේත් දාන්න කියලා ඩයස් මහත්තයගෙ ඩිස්පැන්සරිය පැත්තට ඇදුන මාධවට පොරක් හම්බුනානෙ අෆ්ෆා ඇත්තමයි.......

හල්ලෝ මචා! කොහෙද මේ! මාධවට හම්බුන ඒ පොරව දැකලා මාධවට කියවුනේ නිකංම! වැඩක් නෑ! උගේ දුක්ඛිත තත්වය දැකලා මාධවට හිනා යන්නත් ආවා! මාධව ගැන අවුලක් හිතන්න එපා මිත්‍රවරුනි! ඒත් මාධවට හිනා ගියානේ! මොකද මේකා තමයි අර 14 වෙනිදට එනවයි කියන කුමාරයා!

මිස්ට වැලන්ටයින්!

බෝල චූටිගෙ ලොකු අත්තගෙ දෙවැනි ගෑනිට බල්ලො පැනපි කිව්වලු! මූට හම්බානක කෙලවිලා ගිහින්නේ! මූ කතාන්දර නෑ! සිනා පොදක් නෑ! අලුපාට හැන්දෑවේ තුරු වදුලේ ඉන්නකොට කවුරු හරි උස්සලද කොහෙද හිනාව! මූ හරියට පාට ගිය මලකඩ කාච්ච 15 ශ්‍රී මරුටියක් වගේ ඇදිලා ගිහින්! ඉතිං මාධවම පටන් ගත්තා!

මාධව  -  මොකද මචා මේ! කොහොමද?

මිස්ට වැල - ආහා හුටා! උඹට මොකෝ මේ! කොන්ඩෙ රැවුල වවාගෙන! මට නම් (බළධාරියා විසින් කපන ලදී!) ඉන්නේ බං!

මාධව - ඒ ඇයි බං! වට් කේස්! කියාපිය! මං ඉතිං ආතල් එක සදහා කොන්ඩෙ රැවුල වවන බව සතුටින් පවසමි! හොදේ! උඹ මොකෝ!

වැලයා - දැන් සරු නෑ බං! ඉස්සර නම් වැලන්ටයින් දවස පට්ට ආතල්ලු. නැද්ද?

මාධව -  දන්නෑ බං! මං ඉතිං ඔය අංශෙට නෑනේ!

වැලයා -  එහෙනම් මේක තොට කියලා වැඩක් නෑනේ! ලව් කරන්න දන්න එකෙක්ට කියන්න ඕනි! මං යන්නද?

මාධව - බූරුවා! කියාපිය කතාව! උඹල විතරක් නෙමෙයි හරිය ලිදට බැහැලා නාලා කියලා ඉන්නෙ! අපිත් ඉදලා ඉදලා හරි ළිදකට බහිනවා හරි! කුඩත් අරන් බහින්නේ! කින්ඩි එපා! කතාව කියපිය!

වැලයා -  ඕං අහපංකෝ එහෙනම්! මටත් කියලා දවසක් තිබ්බට මොකෝ බං! හැමදාම දිනේ විතරයි! මං දන්නෙත් නෑ මුලදි එහෙම එකක් ගැන! ඒත් තියනවලු! මට කිව්වෙත් අර ක්ලාස් එකක් කරන පොත් ලියන සිංහල සර් කෙනෙක්! මොනා උනත් මගේ නමින් තියන දවස උනත් මට කිසි වාසියක් නෑ බං! ඒත් මුදලාලිලා ටික නම් එදාට ෂූද්ධ ලාභ ලබනවලු නේ!

මාධව - ඇත්ත ඇත්ත! ඉතිං! මොකෝ උඹ අවුලෙන්! ගෑනි බනිනවද කතෘ බාගෙ නෑ ගියලා!

වැලයා - තොගෙ  (බළධාරියා විසින් කපන ලදී!) ......!  අවුල් නැද්ද බං! හැමදාම බිංදුවයි දෙකයි ඉරක් දා හතර දාට අම්මලගෙ තාත්තලගෙ සල්ලි නාස්ති කර කර කීයක් දෙනා කාබාසිනියා වෙනවද බං! මං වත් නොදන්න දවසක් මගේ නමින් දාගෙන මුං මාර ආතල් එකේ සමරණවනේ බං! මොකක්ද බං මේකේ තේරුම! වැඩි දෙනෙක් ඉස්කෝලෙ ළමයි! දැන් බිංදුවයි දෙකයි ඉරක් දා හතර දාට ප්‍රාථමික පංති වල ඉන්න මොන්ටිසෝරි එවුන්ටත් වැලන්ටයින්!!

මාධව - තොට ඊරිසියද? උංගෙ ආශාවනේ බං!

වැලයා -  මට ඇති ඉරිසියාවක් නෑ යකෝ! උඹ දන්නවද! එදාට තමයිලු මුලු ලංකාවෙම තියන හැම ඉස්කෝලෙකම බෑග් එක සැරේ චෙක් කරන එකම දවස!! කොහොමද වැඩ! අධ්‍යාපනේ 2ට! ඊට පෙර ලව් එක!

මාධව - බක බක බක! හිනා යනවා නේද බං! ගණන් ගන්න එපා ඕවා ඔහොම තමයි! අනික චෙක් නොකර බෑ බං! උඹට කියන්න දැන් ආච්චිට තමන්ගෙ දුවව විශ්වාස නෑ!ඒ දුවට ආච්චිගෙ මිණිපිරීව විශ්වාස නෑ! මාර වැඩ බං!!  උඹ දුක් වෙන්නේ උංගේ ඉතිං එදාට ලව් ඉලව් වෙන නිසාද බං?

වැලයා -  නෑ බං! අන්න අරුන් මාව විකුණං කන නිසා! අද තමයි බං කාඩ්, චොකලට්ස්, රෝස මල් ප්ලස් පුංචි සිහිවටන වැඩි මුදලට අලෙවි වන දිනය! මුං මාව විකුණලා පට්ට ලාභ ගන්නවා බං! ඇඩෙනවා!

මාධව - තනි ඇහැටද?

වැලයා -  මේවා දකිද්දි පු*නුත් ඇඩෙනවා බං! මං බලන් ඉදිද්දි රු 50ක් වටින්නෙ නැති රෝස මලක් අර  (බළධාරියා විසින් කපන ලදී!) පුතා   ඩොලර් දශම පහකට වික්කනේ! ඒක ගන්න ආපු කොල්ලා ඇහුවම ඇයි මෙච්චර ගණන් කියලා, අර (බළධාරියා විසින් කපන ලදී!) පුතා කිව්වනේ අද වැලන්ටයින් කියලා! ඇඩෙනවා බං! අද වැලන්ටයින් දිනය නෙමෙයි බං! ආදරේ විකුණං කන දිනය!!

මාධව - උඹ ඩොලර් වලින්ද වැඩ! මරුනේ! මං යනවා බං! කකුලට බේත් ගණ්නත් ඕනි! එහෙනම් සුභ වැලන්ටයින් මචං!

වැලයා -  හා හා පළ!තෝ දන්නව නේද අර බූට් කොකා! ඕකා මේ පාරත් වැලන්ටයින් තෑගි ගත්තද? ඕකා එක පාරක් රුපියල් 1000කට විතර කුණු රෙදි පුරවපු බල්ලෙක් අරන් ගිහින් පෝස්ට් ඔෆීස් එකේ චාටර් කාලා මාර ගේමක් ගහලා නේද ඒකව GLUE5 ට තැපැල් කලේ!! හිකිස්! මෝඩ කොකා!

 මාධව - ඌ මේ පාර ගත්තෙ නෑ කිව්වේ! මං කියන්නංකෝ! ඕකා ඒ පාර පාඩමක් ඉගෙන ගත්තා මයෙ හිතේ! උඹට වාහනයක් එහෙම ෆිනෑන්ස් දාගන්න ඕනි නං ඌව හම්බෙයන්!  ඕං මං ගියා!





ඔන්න ඔහොමයි එතන කතාව ගියේ! ඉතිං කකුලට බේත් දාගෙන ආයෙ පාර දිගේ ටවුමට එද්දි කිරිහල ළග බැම්මෙ උඩ ඉදගෙන අර ඉස්සර මුවා පස්සෙ පන්නපු එක්කෙනා වගේම තව කෙනෙක් ඉන්නවා! දුන්නක් එහෙම තියන්! මාධව හයිලන්ඩ් ම්ම්ම් අයිස් ක්‍රීම් එකක් ගන්න එතනට ගියාම තමයි ෆර්ෆෙක්ට් එකටම දැක්කේ මේ මල්සරා ඒකේඒ අනංගයා කියලා!

මාධව - ආහා! මොකෝ! අලි-ගෙදර ඇඩ් එකෙත් නැති එකේ දැන් මේ පැත්තේ ඇඩ් එකකට වත් ආවද අංකල්?
(මාධවට අර පැණි කජු ඇඩ් එක මතක් වෙලා ඇහැව්වේ!)

අනාං -  අංකල්! කව්ද බොල අංකල්! මේ බලනවා මල්ලි! මාව ඇඩ් එකෙන් දොට්ට දැම්මා තමයි! ඒකට කින්ඩි එපා හරිර්‍! බයි ද වේ, මං ඒ කාලේ උඹට විද්ද ඊතල ටික වැඩ කරාද?

මාධව - මොකෝ නැත්තෙ! තුනෙන් දෙකක්ම ගොඩ ගියා! පළවෙනි එක මංම ගැලෙව්වා! ඒක හරි යන්නේ නෑ! අන්තිමට හරියාගෙන ආපු දෙවැනි එක නැන්දම්මා ගැලෙව්වා!

අනාං -  එතකොට තුන?

මාධව - චීයා අංකල් අහන එව්වා!

අනාං - යකෝ තුන්වැනි ඊතලේ ගැන ඇහැව්වෙ!

මාධව - ඒක වැදුනෙ මට විතරයි අයියා!! **ශා*ගෙ ළගින්වත් ගිහින් නැද්ද කොහෙද! ඉස්සර කෝල් මැසේජ්, ඊමේල් හිටං කරපු  කෙල්ල දැන් මට මිස් කෝල් එකක් වත් නෑ අංකල්!! ඇඩෙනවා!!!!

අනාං - තනි ඇහැටද? හම්! බලමුකෝ! කෝකටත් තමුන් ඒ හීය ගලවන්න එපා! මං ආපහු ට්‍රයි එකක් දෙන්නංකෝ!

මාධව - ඉට්ස් කේ අංකල්! ඒක නම් ගලවන්නේ නෑ කීයටවත්! පිට ගැස්ම හැදුනත් ඇනගෙනම ඉන්නවා! ඉතිං ඉතිං! මොකෝ අංකල් මේ පැත්තේ?

අනාං - මේ මල්ලි! මං තාම අයියා! හරි! අංකල් වෙන්න තව කල් තියනවා! වැලන්ටයින් අද මට රුපියල් 500ක් දීලා කිව්වා ජෝඩු ටිකක් සෙට් කොරාලා දාපං කියලා! ඒකටයි මං ආවේ! ඒත් මුං මට හොරෙන් සෙට් වෙනවනේ! මං විදින්න හදන හැම ඩබලක්ම විදගෙන ඉවරයි! වෙන අනංගයෙක් ඉන්නවද කියලා සැකයි දැන් නම්! යකාගෙ වැඩක්!

මාධව -  ගූගල් සර්ච් පාරක් දාලා බැලුවෙ නැද්ද අංකල්!

අනාං - අංකල් තො‍ගෙ (බළධාරියා විසින් කපන ලදී!) !! උඹ කියන්නම ඕනිද ගූගල් බලන්න! මං බැලුවා! ඒකෙත් නෑ! හැබැයි මං දන්නවා ඕක කරන්නෙ කවුද කියලා! එකෙක් නෙමෙයි! ගැන් එකක්!

මාධව - කව්ද අෆ්ෆේ!

අනාං - අර නිළියො ටික! උං ඉන්න නාට්ටි බැලුවම ඕන එකෙක්ට ලව් උණ ගහනවා! ආයෙ මගෙන් වැඩක් නෑ! අර සොයිය කියලා පොරක් එහෙම කරන නාට්ටි! අර අර හතයි තිහට යන්නේ හැමදාම! අර බජරි කවන්න හදපු එකයි තව කව්දෝයි කියන “පියවි ලෝකයේ නොවේ අනේ හුනේ“ සිංදුවක් එහෙම යන්නේ!

මාධව - ඇත්ත ඇත්ත! අන්න නාට්ටි! පට්ට කෑලි ටික නේ! හෙනාරා! බබා! පමා! අං - සලා! කොහොමද කස්ටිය!!

අනාං - (බළධාරියා විසින් කපන ලදී!)  (බළධාරියා විසින් කපන ලදී!) කෑලි!! අන්න උංගෙ නාට්ටි බලන හැම එකාම මෙලෝ සිහියක් නෑ ලව් පිස්සුව හැදිලා කුලප්පුවෙන් දගලනවා! ඉතිං මගේ වැඩ ටික සොයියටම බාර දීලා මං පැන්ෂන් යන්නයි ඉන්නේ!

මාධව -හරි හරි අයියා! අයියා අර ෆිල්ම් එක බැලුවද? අහියෝග කර*නෝ! බැලුවද?

අනාං - අපෝ චා! හදපු එවුන් නම් හිතං ඉන්නේ ඒක මූවි එක කියලා! මෙලෝ රහක් නෑ නේ!!

මාධව - හම්! බීප් හඩ දැම්මම උන්ට හෙන ෆිල්ම් එක වගේ ඇති! අයියා දැන් කොහෙද යන්නේ!

අනාං - අමිලයා කියලා ගියා තෝ ආයේ මේහෙ ඉන්න එපා කියලා! ඉතිං මං යන එක ගුණයි මල්ලි!

මාධව - ඒ ඇයි! අර ටොමියා අමිල නම් අවුලක් නෑ! මං ෂේප් කරන්නං! මොකද උනේ! අයියා ඌට සද්දයක් දැම්මද? අයියටත් කට තියන් ඉන්න බෑනේ! ඌ එල ග්‍රැෆික් කාරයා!! මේ ලෝකේ හදන්න බැරි ගෙවල් මූ ඩිසයින් කරන්නෙ!!

අනාං -  අනේ නෑ මල්ලියා! මේකයි උනේ! මං වැරදිලා උගේ ළගින් ගිය කොල්ලෙක්ගෙයි, උගෙයි හදවත් යාවෙන්න ඇරෝ එක යවලනේ!! මළ මගුලක් වෙන්න යන්නේ දැං! මං ඒ නිසා මාරු වෙන්න ඕනි!

එහෙම කිව්ව අනාං අංකලුත් මාරු! මාධවගේ වැලන්ටයින් ගෙවුනේ මෙහෙමයි ඉතිං! අපේ (මෝඩ නැති) නියම ආදරවන්තයින්ට මාධව සුභ පතනවා එහෙනම්! මුදලාලිලට විකිණිලා වැලන්ටයින් සමරන්න දෙයක් නෑ! ඔබ ඔහුට හෝ ඇයට පුංචි තෑග්ගක් දෙන්න! ඒක හාදුවක ඉදන් මහා වටින රත්තරන් බඩුවක අතර පරාසයේ පවතින්න පුලුවන්! ඒත් සරල වෙන්න! ඔබ ඇයට අවංකව ආදරේ වෙන්න! ආදරය ලස්සන කරන්න! ඒක කරන්නෙ තෑගි වලින් නෙමෙයි! පාටි වලින් නෙමෙයි! හදවතින්මයි!

ඉතිං මාධවනම් හිතන්නේ මෙච්චරයි!

“ ඔබ අවංකව ගොඩක් සතුටින් ඇය හෝ ඔහු එක්ක ආදරෙන් ඉන්නවනම්, ඹහු හෝ ඇයත් ඔබට අවංකව ගොඩක් සතුටින් ඔබට ආදරේ කරන බව ඔබට දැනෙනවනම් ඒ ආදරය පිරුණු හිත් ඇතුලේ හැමදාම වැලන්ටයින් තමයි!! “

 - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
ප.ලි - කොකා පුළුං පුරවපු බල්ලෙක් සල්ලි දීලා ගත්තෙත් නෑ! ඒකව පාර්සල් කරලා ගෙනිහින් පෝස්ට් ඔෆිස් එකේ කිසිම චාටර් එකක් කෑවෙත් නෑ! එතන මාධව හිටියෙත් නෑ! ඒ බල්ලව කාටවත් පෝස්ට් කරෙත් නෑ! ඌ කාටවත් බූට් තිබ්බෙත් නෑ! ඕක නිකං වැලා උගේ කටට ආපු එකක් කියලා තියෙන්නේ!! සැක නම් කොකාගෙන්ම අහන්න!

5 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. හිකිස්....
    වදින්න ඕනෙ තැන්වලට උපරිම විදියට වදින්න ඔයාගෙ ස්ටයිල්එකට ලියපු මරුම මරු පෝස්ට් එකක්........

    ReplyDelete
  2. වැලා ගැන කියන්ඩ දෙයක් නැති තරං, 'අනා' ඉතින් හැමදාම ඇන ගත්ත ගමංනෙ....හෙහ්...හෙහ්...

    ReplyDelete
  3. දුක හිතෙනවා...බීච් එකේ එකෙක් ඉන්නවා කබානා කුලියට දෙන එකෙක් ..පහුගිය සතියේ ඌට හෙන බිස්නස් ලු,,,,,

    ReplyDelete
  4. හරියට කලොත් හැමදාම වැලන්ටයින් තමයි!

    henryblogwalker the Dude

    ReplyDelete
  5. @නිසපුගේ ලෝකය.... - ස්තූතියි සහෝදරී!

    @Observer - ඇත්ත ඇත්ත මාමා!

    @ඔබ නොදු‍ටු ලොවක් - බිස්නස් සමග ආතල් එකත් උපරිමේටම තියෙන්න ඇති!

    @Dude - ඇත්ත සහෝ! ඇත්ත!!

    ReplyDelete
Previous Post Next Post

Contact Form