" කෝ යකෝ තුන............! "



මේක කියද්දි ඒ ගණිතය උගන්නපු මැඩම්ගේ නම දාන්නේ නෑ! ඒත් දන්නෝ දනිති!! ඒක නොදැම්මයි කියලා කතා රසයට හානියක් වෙන එකකුත් නෑ කියලා මාධව හිතනවා! නන්දා මැඩම්ගේ ලියුමේ ක්ලාස් එක හා බල්ලන්ගේ කතන්දරය කලින් කිව්වනේ! මේ කියන ගණිතය සිද්ධි වෙනකොට මාධවලා අමිලලා රුක්ෂාන්ලා සෙට් එක හිතින් අපරාදේ පොත් වල සල්ලි කිය කිය හිටියේ! වෙලාවට එකෙක්ටවත් විභාගෙන් පස්සේ එහෙම කියන්න උනේ නෑ! මේ කියන ගණන් ක්ලාස් එක නැත්තන් මාධවට ගණන් වලට A එකක් ලොවෙත් නෑ! ෂුවර්! අවංකවම සී එකක් වගේ නම් තියෙන්න තිබ්බා!  ඉතිං කතාවට යමුකෝ!



මේ කියන මැඩම් ටිකක් ග්‍රාමීය ගති තියන කෙනෙක් කිව්වනම් හරි! මාධවලගෙ ගෙවල් පැත්තෙමයි ඉන්නෙත් (කි මී 2ක් විතර පයින් යන්න ඕනි ඉතින්!). ඒ කියන්නේ ඉතිං ගමේ තමයිනේ! ඉතිං ඒ මැඩම් ටිකක් සැරයි! මාධවලා අමිලලා බක චිනාලා (චින්තක) රුකාලා අම්බානක කාලා තියනවා! කෙල්ලෝ කොල්ලෝ කියලා නෑ හැමෝටම එක වගේ මැඩම් සලකන්න ගත්තම! ඒ ගැන කියලා වැඩක් නෑ! මේ ක්ලාස් එකට යන කාලේ උන් සේරම එවුන්ගේ * උන කාලෙනේ!! ඉතිං සමහර වචන කස්ටිය එක්ක එකතු උනාම බලු කරගන්නවා! ඔන්න ඔහොම බලු වෙන වචන ගොඩයි!

ඒ අස්සේ අපේ එවුන් ගමේ තියන කෙහෙල් කැන් අරවා මේවා සේරටම වග කියන්නත් පුරුදු වෙලා හිටියා! කපන හැම කෙහෙල් කැනක්ම ගබඩා උනේ කැලෑ කුට්ටිය කියන පුංචි පාලු වත්තක! සුජා තමයි සෙට් එකෙන්ම පොල් ගස් නගින්න සූර කොල්ලා! ආයේ කියනවනම් දෙකක් නෑ ඌට කුරුම්බා වචනේ ඇහුනනම් ඇති! මේ යන පාරෙමයි අපේ ස්කෝලෙ ඉදපු කරු*** සරුත් ඉන්නේ! ඒ සර් එක්ක කොල්ලෝ අමුබානක තරහයි! ස්කෝලෙදි එස් ලෝන් බටෙන් පු* රත් වෙන්න දෙද්දි තරහා නැත්තේ කවුද? ඉතිං හැමදාම පහල ක්ලාස් එකට යද්දි වතුර බටේ ගලවනවා! කාගෙද? කරු***ගෙ ගෙදරට යන වතුර බටේ!

ඉතිං මේ ක්ලාස් එකේදි දෙක, තුන, කපනවා,පෙට්ටිය, කැඩෙනවා වගේ වචනයක් ඇහෙද්දි මාධව ඇතුලු  එවුන්ට බක බක බක ගාලා හිනා යන්නේ අර උඩින් කිව්ව * වෙච්ච කාලේ නිසානේ! කට්ටියට මැජික්! ඉතිං ගානක් හදද්දි, කියලා දෙද්දි උනත් මේ කියන ඒවා ඇහෙද්දි පන්තියම සිනා සාගරයයි! ඒ වෙලාවට මැඩම්ටත් යකා නගින්නේ නැතුව නෙමෙයි! සමහර දවස් වලට මේ හේතුව නිසාම මැඩම් ක්ලාස් එක නවත්තලා යන්න ගිය වෙලාවලුත් තිබ්බා! ඒත් සමහර වෙලාවට මැඩම්ටත් මේවට හිනා යන වෙලාවල් තිබ්බා!

ගණන් හදන්නේ නැතුව ගුටි කන්න වෙන බව දන්න අපේ අයියලා ටික සේරම ඉස්කෝලේ ඇරිලා ක්ලාස් එකට යන්න කලින් කොහොම හරි සෙල්වගේ කඩේට ගිහින් ගණන් කොප්ප ගහනවා! කිසි අවුලක් නෑ! ඒ කරලා සෙල්වගේ ඉදුල් සෝදන්න එපා කියලා දැන්වීමක් තියන ටැංකියටම අත හොදලා සෙල්ලව අවුස්සලා ක්ලාස් එකට දුවනවා! මාධව නම් ඉස්කෝලේ ඇරිච්ච ගමන් ගෙදරට දුවලා ක්ලාස් පොත් ටික අරන් ෂෝට් කට් එකකින් ඇවිත් කස්ටියට සෙට් වෙනවා!

ඉතිං ඔහොම ගියපු ක්ලාස් එකේ මේ දෙක තුන සහ ගහනවා කියන වචන නිසා වෙච්ච ජිල්බරි අම්බානක තියනවා!

එක දවසක් මැඩම් චානකයට බැන්නා " චානක, උඹ ගෙදර ගිය වෙලේ ඉදන් වයර් පෙට්ටියට බහින්නේ නැතුව ගණන් හදපිය " කියලා! හිනා එකයි ක්ලාස් එකට " වයර් පෙට්ටිය " කිව්ව ගමන්!

ඒ අස්සේ මේක උනේ අපේ බක චිනාට! දවසක් ඌ හදපු ගානක් මැඩම් බලද්දි ඒකේ ඉලක්කමක් මිසිං! නැත්තන් මැඩම්ට පෙනිලා නෑ! මොකක් හරි ඒක මුගෙත් කරුමෙටම මිසිං වෙලා තියෙන්නේ තුනේ ඉලක්කම!!

ඉතිං මැඩම් පැනපු ගමන් චින්තකයගෙ පිට හරහට පාරවල් දෙකක් දීලා කෑ ගහලා ඇහුවා.........

" කෝ යකෝ තුන............! "

ආයේ ගන්න දෙයක් නෑ! ආයෙත් ක්ලාස් එකම සිනා එකයි!

9 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. නියම ටීච කෙනෙක්නෙ.

    ReplyDelete
  2. එවෙලේ නොතේරුනාට මිස්ට පස්සේ තේරෙන්න ඇති කිවුවේ මොකක්ද කියලා... :)

    ReplyDelete
  3. මිස් එහෙම කීවෙ ඇත්තටමද දන්නෙ නෑ ..මූට තුනක් නෑ කියලා හිතාන.

    ReplyDelete
  4. අපේ නම් බෝයිස් ස්කූල් එකක් නිසා සර්ලා කියන්න තියන කුණුහරුප සේරම එලිපිටම කියනවා :)

    ReplyDelete
  5. මරු ටීටර් කෙනෙක් නේ ....

    ReplyDelete
  6. වෙලාවට තමා ඌ "මේං ටීචැර්" කියලා පෙන්නුවේ නැත්තේ

    ReplyDelete
  7. @ ඔබා මාමා - හම්! ගණන් වලට ඒ ටීචර් දක්ෂයි! අපිත් ගොඩ ගියේ ඒ නිසා තමයි!

    @ දිනේෂ් - මැඩම්ට ඒක නොතේරුනා නෙමෙයි මචෝ! කේන්තියටම එහෙම ඇහැව්වා!

    @ කුමාර - හිකිස්!

    @ සබිත් - අපේ නම් මික්ස් නේ බං! ඒ උනාට ඕවා ගාණක් නෑ බං! කියලා දානවා!

    @ නොදුටු ලොව - මරුම තමයි!

    @ නිසපු - ඔයාගෙ නම මරුනේ! අමුතු නමක්!

    @සදරූ - චින්තකයා කට පියාන හිටියා! නෝන්ඩියනේ!

    ReplyDelete
Previous Post Next Post

Contact Form