නන්දා මැඩම්ට ආපු ලියුම - තවත් එක් පාසල් කතන්දරයක්!

මාධවලා 7 ශේණියේ ඉදපු කාලේ වෙච්ච කේස් ටිකක් කියන්නයි යන්නේ! අහමුකෝ එහෙනම්! මේ කියන කාලේ මාධවලගෙත් ටිකක් එක එක ලෙඩ වැටෙන කාලෙනේ! ඉන්න බෑ දැගලිල්ල!



මොකෙක් හරි අනුකරණය කරන්නමයි හිත! වැරදිලා හරි ලොකු අයියලා අක්කලා කුණුහරුපයක් එහෙම කියනවා ඇහුනොත් කස්ටියගේ වැඩේම ඕක රී -  මික්ස් කර කර කියන එකනේ! ඔන්න ඔය කියන කාලේ තිබ්බ ජනප්‍රිය වැකියක් තමයි මෙන්න මේක! මොකක් හරි වැරැද්දක් කලාම කිසි කතාවක් නෑ මාධවලගෙ ක්ලාස් වල කොල්ලෝ ඕක මූණටම කියලා දානවා! කියන එකා වත් අහන එකා වත් ඒ කාලේ ඕකේ තේරුම දැනං හිටියා කියලා මාධවට නම් හිතෙන්නේ නෑ! දැන් ඕක දන්නේ නැති එවුන් දන්න එවුන්ගෙන් අහලා දැනගන්නත් එපා! ඒත් මාධවනම් දැන් බළධාරියා කපලා දාලා තියන තැනට යෙදීමට සුදුසු වචන සම්භාරයකින් සන්නද්දයි! ඒත් ඉතිං දැන් ඔය වැකිය භාවිතේ නෑනේ! මෙන්න මේකයි ඔය වාක්‍යය!


" ඕක කරපු එකාගේ අම්මට තාත්තට රෑට රෑට පාට පාට බල්ලෝ ටිකක් ඇවිල්ලා #(බළධාරියා විසින් කපන ලදී )#  පළයං! "

හත ඊ පංතිය නොහොත් මාධවලගෙ පංතිය තමයි ඒ කාලේ නරකම පංතිය ලෙසට සම්මාන ලැබුවේ! මාධව, අමිල, අලියා, චින්තක, රණා, ප්‍රසන්න, දිමුතු, රාමයියා AKA රමේෂ් ඇතුලු පට්ටම කොල්ලෝ සෙට් එකක් , ආ තව මයින පුබුදුවා , නිෂාරයා පැතුම්, වාචා, කාලගෝල හෙවත් ගලා ඇතුලු බර බර සෙට් එකක්! ගලා කොටයි බෝලයි! කලුයි! ඉතිං  මාධවලා 9 ඉන්නකොට සිංහල කරපු කෝසලා මැඩම් (අමිලයා කැලේ පැන්න බැද්දේගම පෙන්නුව මැඩම්) ඕකට කාල ගෝලයා කියලා නමක් හැදුවා ආදරේට! කොහොම හරි 9 වසරෙදි හිටපු කාලගෝල 10ට එද්දි ගලා උනේ උගේ ගල්ටික් ආතල් නිසාමයි! ගලා කවදත් හොද එකා! මේ බ්ලොගෙන් මොන මඩ ගැහුවත් ඌ තාම මාධව එක්ක එක්ක අරෝවක් නෑ!


ඉතිං ඔය කාලේ මාධවලට නන්දා කියලා මැඩම් කෙනෙක් තමයි පාසලේදි 7  ශේණියේදි ගණන් උගන්වන්න හිටියේ! ඉතිං ඒ මැඩම්ගෙන් ගණන් කලාට මොකද මාධවලට ගණන් වලට පෙළ පොත් ලැබිලා තිබ්බේ නෑ! ඇත්තටම කියනවනම් මාධවලට ගණන් පෙළ පොත් ලැබුනේ 7 ශේණියේ 3 වැනි වාරයේ මැද කාලෙදි වගෙයි මතක! මැඩමුත් ඒ නිසාම මහන්සි වෙලා මාධවලට ගණන් ඉගැන්නුවා! මොකද පොත් නැතුව ගණන් කොහොම කරන්නද? ටියුට් හදන්න කම්පීටර් වත් නෑනේ! ඉතිං මොකෝ කියලා මැඩම් ගොඩක් මහන්සි වෙලා මාධවලටත් බැන බැන ගණන් පාඩම් ඉවර කලා! කොහොම හරි පොත් ලැබෙද්දි මැඩම් මාධවලට අදාල පාඩම් ගාණට කවර් කරලා තිබ්බා!


ඉතිං ඔහොම ගියාට මොකද මැඩම් මාධවලට දීපු ගාණක් දැකපු කවුරු හරි මාධවලගේ පංතියේ (හත ඊ -  නරකම පංතිය කියලයි කිව්වේ! ) හෝ වෙනත් පංතියක කොල්ලෙක් හෝ කෙල්ලෙක්ගේ අම්මෙක් තාත්තෙක් නන්දා මැඩම්ට බැනලා නිර්නාමික ලියුමක් එවලා ළමයින්ට වැරදි දේවල් උගන්වන්න එපා කියලා!! ඉතිං එදා මුලු ඉස්කෝලෙම කැළඹිලා! මුලු 7 වසරම කැළඹිලා ගියා මැඩම් ඒක ඇවිත් මාධවලට කිව්වම! මැඩමුත් කිසි හෙවිල්ලක් නැතුව ඕකට සැක කලේ ගුරුවරුන්ගේ ළමයි! කොහොම හරි මාධවලගෙ පංතියටත් ඇවිත් මැඩම් ඕකම කිව්වා!


“ මං මේකට සැක කරන්නේ මෙහෙම කට්ටිය තමයි! ඒත් මට මාත් එක්ක වැඩ කරන අය විශ්වාසයි! පිට ඉස්කෝල වල උගන්නවන ගුරුවරු ගැන මං දන්නේ නෑ! මට සැක අය කීපයක් ඉන්නවා කියලා!“

 ඔය වගේ හෙන දේශනයක්! එදා ගණනුත් නෑ! ඉතිං මාධවලටත් ආතල් එකනේ! ඒක කියලා මැඩම් කිව්වා “ඕක ලියපු අයට කවදාවත් හොදක් වෙන්නේ නෑ“ වගේ කතාවක්! (මාධවට මතක එහෙම කිව්වා වගේ තමයි!මතක නැත්තේ මොකද, දැන් ඕක වෙලා අවුරුදු 12කට කිට්ටුයිනේ! ) වැරදියි නම් මතක කෙනෙක් නිවැරදි කරන්නකෝ!!


ඔන්න ඒක කියලා මැඩම්ට කට ගන්න උනේ නෑ. මාධවලගෙ ක්ලාස් එකම (කොල්ලෝ විතරයි) එක පාර මහා හයියෙන් තාලෙට ගායනා කරන්න පටන් ගත්තා!! මුලු ඉස්කෝලෙම දෙක වෙන්න ඇති එදා හත ඊ එකේ සද්දෙට!! කොල්ලෝ 25ක 30ක සද්දෙට ගැමුණු ශාලාවේ වහල උඩ යන්න ඇති! තේරුම  දන්න නොදන්න හැම එකාම එකා වගේ ගායනටය එකතු උනා! එකාවන් කටහඩින් ඇරඹුන ගායනය හේතුවෙන් මුලු 7 ශ්‍රේණියම දෙදරන්න ගත්තා! මෙන්න මෙහෙමයි කට්ටිය ගායනා කලේ...........


“ නන්දා මැඩම්ට ඒ බලු ලියුම ලියපු එකාගේ අම්මට තාත්තට රෑට රෑට පාට පාට බල්ලෝ ටිකක් 
ඇවිල්ලා #(බළධාරියා විසින් කපන ලදී )#  පළයං! .........................“

3 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. නන්දා මැඩම් ඒ ගායනය නිසා තවත් බය වෙන්න ඇති..

    ReplyDelete
  2. ### හමාරයි
    #### බාගයයි

    හිස් තැන් දෙක මාධව පුරෝගන්න....හෙහ්......හෙහ්...

    ReplyDelete
  3. ගමේ ඉස්කෝලෙට යද්දි මට ඔය වගේ හැඩ වැඩ දාල කුනුහරුප කියල පුරුදු නෑ . . . කෙලිංම මහ පදේ තමයි. කොළඹ ඉස්කෝලෙට ඇවිල්ල ඉස්සෙල්ලම ඔය බල්ලො *** කතන්දරේ ඇහුවාම නිකං හොල්මං වෙලා ගියා . . .

    ReplyDelete
Previous Post Next Post

Contact Form