ඉස්කෝලේ කාලේ තවත් ජරමර... වින්ඩෝස් 99


ඉස්කෝලේ කාලේ ගැන ලියන්න ගියාම ලියන්න පුලුවන් කතාවේ ඉදලා ලියන්න තියා හිතන්නවත් බැරි (කොල්ලොන්ට නම් ගින්නක් නැති) කතාත් ඕන තරම් තියනවා. එහෙම තියන කතා වලින් මාධවලාට ගොඩක්ම තියෙන්නෙ ලියන්න අපහසු කතා ටිකක් තමයි. ඒ අතර කියන්න පුලුවන් ළාමක සිද්දි තමයි මේ බ්ලොග් එකේ ලියන්නේ. නැත්තං මේ බ්ලොග් එකත් වල් බ්ලොග් එකක් විදියට හංවඩු ගැහෙන්න බැරි නෑ. මොනා උනත්, මේක ලියන්නා කොහොම උනත් බ්ලොග් එක දිස්නෙට තියෙන්න එපායැ.. නැද්ද!



ඔන්න එහෙනම් ආයෙත් පටන් ගන්නම්කෝ ඉස්කෝලේ කතාවක්. ටික ටික කියන්නේ ගොඩක් කියන්න ගියාම මේ පෝස්ට් දිග වැඩි වෙන නිසා වාතයක් වෙන්න පුලුවන්නේ. ඒකයි. කොහොම හරි මෙන්න ආයෙත් තව කතා ටිකක් කියන්නයි මේ ලෑස්තිය....

හොදයි මේක අපේ ගලාට දීපු ලනුවක්. ඇත්තටම ඒක ගලා එළටම කෑවා. එළටම ගිල්ලා. මෙන්න මේකයි වෙච්ච දේ. මේ මාධවලා 10 ඉන්නකොට වෙච්ච දෙයක්. ඉතිං ඒ කාලේ මාධව අයි. ටී. පැත්ත කියලා එකක් ගැන දන්නව තියා කම්පියුටරයක් අල්ලලා වත් නැති අහිංසක පොරක්! ඇත්තටම මාධව කම්පියුටර් එකක් ගත්තේ සාපෙටත් ලියලා හේමාල් අයියගේ කම්පියුටර් ක්ලාස් එකට යන කාලේ තමයි. ඉතිං මේ කියද්දි මාධවට නැති උනාට අපේ බුද්ධියා, ගලා, ප්‍රශා, රුක්ෂාන්, කුෂාන්, රමේෂ්, සුජීව, ඉසින්ද, ගලප්පත්තියා ඇතුලු කීප දෙනෙක්ටම කම්පියුටර් තිබ්බා කියලා මාධවලා දන්නවා. ඉතිං අපේ ක්ලාස් එකේ අයගෙන් තිබ්බෙ රමේෂ්ටයි, ගලාටයි, බුද්ධිටයි විතරයි. ඉතිං උං ඒ ගැන තෙල් බෙදනවා. මොකුත් නොදන්න මාධවලා හ්ම්ම්ම් හ්ම්ම්ම් තමයි. අපේ ක්ලාස් එකේ ඒ සම්බන්ධව පොර ඉතිං ගලා තමයි. අනික් එවුන්ට වඩා සෑහෙන දැනීමක් පොරට තිබ්බා (මූ කාලයක් ඇපල් එකක් ගන්න ඕනි කිය කිය අඩ අඩ හිටියත් මාධවට මතකයි. අන්තිමට මෝෆි ඇපල් එකක්ම ගත්තලු.......). ඉතිං ඔහොම ඉදපු දවසක මාධව ගලාට කිව්වා " අඩෝ මමත් කම්පියුටරයක් ගත්තා. ටිකක් අලුත්. යූස් එකක් ගත්තේ. "  අරවයි මේවයි... මූ හිතුවෙ ඇත්තම තමයි කියලා. මාධව ඒක කිව්ව විදියෙන්ම පොර අහුවෙන්න ඇති. මොකද මාධව හෙන සීරියස් විදියට ඒක කිව්වේ. ඉතිං මූ ඇහුවා "මොකක්ද දාලා තියෙන්නෙ බං 98ද XP ද? "(එතකොට එක්ස් පී ආපු අලුත)  කියලා..

මාධව දන්නවා හැබැයි 98 කිව්වෙ වින්ඩෝස් 98 මෙහෙයුම් පද්ධතිය කියලා.ඒත් XP නම් එදා තමයි ඇහුවෙත්. ඒත් ඉතිං මේ කියනකොට 98 ඉවර වෙලා 2003 අවුරුද්දනේ. ඉතිං මාධව ඇග බේරන්නත් එක්ක කිව්වා " 99 මචං " කියලා.මොකද මාධව හිතුවේ 95, 98 වගේ  99, 2000, 2001 වලත්  අවුරුද්දෙන් අවුරුද්දට මෙහෙයුම් පද්ධති නිකුත් වෙන්න ඇති කියලයි (අනික අර 00 කතාවත් මාධව පත්තර වලින් කියෝලා තිබ්බා. අර මහා ආන්දෝලනයක් ඇති උනේ 2000 වර්ෂය හා පරිඝණකය සම්බන්ධව). ඉතිං මාධව ටිකක් ෂේප් වෙන්නත් එක්කම යූස් එකක් ගත්තා කිව්ව නිසා මූට මාධව 99ම දාලා දුන්නා. ඒත් මූට ඒක ඇල්ලුවේ නෑ. මාධව කිව්ව මේ 99 කතාව.



ඉතිං මූ ගිහින් ඒක අහලා ගලප්පත්තියගෙන්. ගලප්පත්තියා කියන්නෙ  මාධවගේ ක්ලාස් වල හිටපු, මාධව දන්න විදියට හොදම  අයි. ටී.  පොරක්. ඒ සම්බන්ධ පිස්සෙක් කිව්වත් හරි. ගලා එක්ක මූ මාර සෙට්. ඉතිං ගලප්පත්තියා ඉන්ටවල් එකේ මාධව හම්බෙන්න ආවා (ගලප්පත්තියා හිටියේ A පන්තියේ). ඇත්තටම ලනුව ගිල්ල ගලා ඌව එක්කන් ආවා කිව්වනම් හරි. මූ ආපු ගමන් මාධවට කිව්වෙ "බොරු කියන්න එපා යකෝ " කියලා.මාධවට හොදට හිනා. ළග ඉදපු චින්තකයත් බක බක ගාලා හිනා වෙනවා (චින්තකයට බක චිනා කියන්නෙ ඔය හිනාව නිසාමනේ). ඉතිං මාධව කිව්වා ගලප්පත්තියට " මං ගලාට ලනුවක් බං දුන්නේ"  කියලා. දැන් ගලා ලනුව ගිල්ලා කියලා දැනුනම අහන්න දෙයක් නෑනේ. පොර මාරට නෝන්ඩි උනා.

ඉතිං ඔන්න ඔහොමයි බිල් ගේට්ස් වත් දන්නේ නැති වින්ඩෝස් 99 මෙහෙයුම් පද්ධතිය මාධවගේ කම්පියුටරේට දැම්මේ.


12 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. hikzz ela ela kolla boru kiyanna dannema nehe.......

    ReplyDelete
  2. ගලප්පත්තියා සාක්ෂි! ඈ තිළිණ! උඹ දැන්ම කෝල් එකක් දාලා බලපන්! ගලා ඌ එක්කන් එනවා ඈත ඉදන් දැකපු මා චින්තකයි ඉන්ටවල් එකට කාපුවා ආපහු එනකල් හිනා උනා! මාර ආතලු එකක් උනේ!

    ReplyDelete
  3. හික් හික් මම හිතුවේ මූ බූට් ලෝඩර් එක වෙනස් කරලා කියලා.....

    ReplyDelete
  4. අඩේ මේක වැරදි වැඩක්... තමන්ගේ කුනු අසරනයෙක්ගේ පිටින් යවලා... හිකිස්... වින්ඩෝස් 99...

    මරු මරු

    ReplyDelete
  5. අඩේ මේක වැරදි වැඩක්... තමන්ගේ කුනු අසරනයෙක්ගේ පිටින් යවලා... හිකිස්... වින්ඩෝස් 99...

    මරු මරු

    ReplyDelete
  6. අඩේ මේක වැරදි වැඩක්... තමන්ගේ කුනු අසරනයෙක්ගේ පිටින් යවලා... හිකිස්... වින්ඩෝස් 99...

    මරු මරු

    ReplyDelete
  7. 99 ඉන්නව 'Get Smart " එකේ නං හෙහ්...හෙහ්...

    ReplyDelete
  8. //Your comment has been saved and will be visible after blog owner approval.//

    ඇයි කව්රුත් කුණුහරප කියයි කියල බයද ? :-))

    ReplyDelete
  9. @ නොදුටු ලොවේ මචං - මොන බූට් ලොඩර්ද බං! ඒ කාලේ මවුස් එක කී බෝඩ් එක අදුනන්නේ නෑ! 98 ගැන දන්නේ අරුන් ඩේව් (ඒ කාලේ නැගල ගිය ගේම් එක- මං නම් තාමත් ආසයි!) ගැන කියවද්දි කන පුරා පිරුණ දේවල් නිසා! හිකි හිකි!

    @ මාලුවා - ප්‍රසන්න - සොරි මචං කමෙන්ට් මොඩරේට් කරලා තියනවට! මගේ එකේ කව්දෝ කුණු හරුප දාලා තිබ්බා! ඒකයි එහෙම කලේ!

    මොකක්ද බං වැරදි! එදායින් පස්සේ ඌ ආයේ කියෙව්වෙ නෑ! ඒකම මදිද?? හිකි හිකි!

    @නිසපු - හම්! ආතල්!

    @ මාමා - ඇත්තටම කව්දෝ වසවර්තියෙක් කුණු හබ්බ දාලා තිබ්බා මාමා! මූණට කියලා බැන්නත් ඉවසනවා! බ්ලොගේ දාන එක ඉවසන්න අමාරුයි! සිදුවන අපහසුව ගැන සමාවන්න!!

    ReplyDelete
  10. අනේ අපිත් Pentium 4 වලට පස්සෙ P 5 එනකල් කොච්චර බලං හිටියද?

    henryblogwalker the Dude

    ReplyDelete
  11. ඕව ඔහොම තමා මාධව

    ReplyDelete
Previous Post Next Post

Contact Form