කෑම නිසා ඉල්ලන් කෑම ඇතුලු තවත් ටෙක් කතා......





මෙන්න බොලව් තවත් ටෙක් කතා ටිකක්! කියවන එවුන් කියවපල්ලා! කියවන්න බැරි එවුනුත් කියවපල්ලා. මං පටන් ගන්නම්කෝ කතා ටිකක්! මේවත් නුවර ටෙක් එකේදිම වෙච්ච ඒවා තමයි. මෙතන කෑම සම්බන්ධ කතා ගොඩක් තියනවා... ඉතිං කියවලා බලන්නකෝ...



ඔන්න ඉතිං පුරුදු පරිදි නුවර ටෙක් ජීවිතේ ගෙවීගෙන යනවා. අපි ඉතිං විනෝදෙන් අපේ ඉගෙනීමේ වැඩත් කරගෙන පුරුදු පරිදි පිස්සුත් කෙල කෙල ඉන්නවා. ඉතිං ඔය අතරේ සිද්ධ වෙච්ච ජර මර ටිකක් තමයි මේ....

මං මේ ටෙක් එකට ගිය මුල් දවස් වල ටෙක් එක එතන පටන් ගත්ත අලුතම නිසා හරියට කෑම බීම කන්න තැනක් තිබ්බෙ නෑ(විවේක කාමරයක් වගේ එකක්). ඉතිං අපි කෑම කෑවේ නිකං බංකුවක් උඩ තියාන බත් පාර්සල් දිගෑරගෙන.....ඉතිං මට මේ කෑම කෑමේ විදිය එපා උනා. මට විතරක් නෙමෙයි අනික් 3දෙනාටත් එපා වෙලා තිබ්බේ. ඉතිං අපි ඹහොම එපා වීම නිසා දවසක් දෙකක් මැඩම්ට හොරෙන් (මැඩම් කැමති නෑ අපි එහෙම පහලට ගිහින් කනවට.. ) පහල කිඹුලගෙ කඩේට ගියා කෑම කන්න! ඒත් ඒක කරන්න උනේ ටික දවසයි. මෙන්න එක දවසක් කිඹුලා තගක් දැම්මා. ආයේ මේ කඩේට පිටින් පාර්සල් ගෙනත් කන්න තහනම්.. 

 " නෙද............................ කින් හැළ කිඹුලා..!! "

 ඉතිං අපි අකුලගෙන ආපහු උඩට ගිහින් කෑවා. ඒත් ආයේ අපිට අවුල්. බියුටි කචල් එකේ කවුරුත් නැත්තන් එහෙ තියාන කන්නවත් පුලුවන් (ඒකේ එවුන් නිවාඩු දවස් වලට අපි එහෙම කලා). ඒත් ඒක හැමදාම බෑනේ. ඉතිං අපි තීරණය කලා පහල මොන්ට්සෝරියට ගිහින් ඒකේ ඉන්න මැඩම්ගෙන් අහලා එතන ඉදන් කෑම කන්න(ඒත් අපේ මැඩම්ට හොරෙන්). අපේ වෙලාවට එතන හිටපු ඒ අක්කි ගොඩක් හොදයි. හැමදාම ඇවිත් කන්න කියලා ඒ අක්කි අපිට කිව්වා. ඉතිං අපි එතනට ගිහින් නිවි හැනහිල්ලේ කෑම කාලා එන්න පුරුදු උනා. ඒත් ඒකත් කරන්න උනේ මැඩම්ට කෝල් එක එනකල් විතරයි. 

එක දවසක් මැඩම්ට කෝල් එකක් ආවා( පසුව දැනගත් පරිදි YMBA කාර්යාලයෙන්). මමයි අසංකයි ඇතුලු අපේ කස්ටිය බරටම වැඩ. එක පාරටම අපි උඩ ගිහින් බිම වැටෙන්න තරම් හයියෙන් මැඩම් කෑ ගැහුවා..

 " අසංක, තමුසෙලා ආයේ පහලට ගිහින් කාලා අහුවුනොත් බලාගෙනයි........ "

ඔන්න ඕකයි මං කිව්වේ කෑම නිසා ඉල්ලන් කෑවා කියලා......

එදා ඉදලා අපි ආයේ කෑම කෑවේ ඇතුලේ තියාගෙනමයි. කොහොම කොහොම හරි අපි ඒකට පුරුදු උනා. එතනට අදින්නෝ ටික (draftman) ආවට පස්සේ අපිට කන්න තැනක් නිකම්ම සෙට් උනා. උන්ගේ ක්ලාස් එකේ උන් කෑම කන්න හදන් තිබ්බ තැන. ඊට පස්සේ නම් අවුලක් නෑ. අන්න එතන ඉදං කනකොට මං ගත්ත පොටෝ එකක් තමයි මේ තියෙන්නේ.මං මේක කලින් පෝස්ට් එකකත් දාලා ඇති....




ඔන්න ඔහොම ටික කාලයක් යද්දි අපි කස්ටිය සේරම, ඒ කියන්නෙ කොල්ලෝ කෙල්ලෝ සේරම එකට කන්න පුරුදු උනා. ඒ කියන්නෙ එක බත් මුලට අත් 16ක්. ඉතිං ඔහොම කනකොට තියන බත් වල කරෝල කෑල්ලට වග කියන්නේ මං විතරයි. අපේ චතූගෙ බත් එකේ නම් හැමදාම වගේ කරෝල තිබ්බා. ඉතිං මං මාස 5ක් විතර කරෝල කෑවේ අපේ චතූ ගෙනාපුවා. ඒ මදිවට චතූ ගෙදරින් ගේන වතුර ටික කවදාවක් බොන්නේ නෑ. ඒ ටික බොන්නෙත් මේ මාධව තමයි.ඒ වගේම අපේ චතූ කන බත් කට නම් මරේ මරු. මෙයා එක බත් පාර්සලේකින් තේ හැන්දක විතර බත් කටක් කාලා පැත්තකට හේත්තු වෙලා ඉන්නවා. අනික් අය කනකල්......

චතූ බත් පාර්සලයකින් ගන්නා බත් කටවල් ගණන X බත් පාර්සල් ගණන = චතූ දවල්ට කන ප්‍රමාණය

ඉතිං බත් පාර්සල් 16ම තිබුනු දවසට....
1 X 16 = 16

ඉතිං ඒ කියන්නේ අපේ චතූ බත් මුලු 16න්ම කන්නේ බත් තේ හැදි 16යි. මාර කෑමක්.අපිට නම් බත් පාර්සල් 16ත් මදි වෙනවා. ඒත් අපේ චතූ බත් තේ හැදි 16ක ප්‍රමාණය කාලා දවසම අදිනවා. ඊට හපන් චතූගේ හොදම බොක්ක(bst friend) සුරංගි නොහොත් සුරා. අර මං කිව්වේ කලින් කොන්ඩේ දිග කෙල්ලක් ගැන. අන්න ඒ තමයි මේ සුරා. ඒකිට පරිප්පු පේන්න බෑ. ඉතිං මේකිට සමහර දවස් වලට බඩගින්නේ ඉන්න වෙන්නේ. ඒ කියන්නේ බත් පාර්සල් 10ක විතර පරිප්පු තිබ්බොත් මේකි බත් කන පැත්තෙවත් ඉන්නේ නෑ. ඒ තරම්ම පරිප්පු ඇලජික් මේ අපේ සුරාට..

YMBA එකේ පහලම තට්ටුවේ තියෙන්නේ උත්සව ශාලාවක්. ඉතිං ඕකේ හුග දවස් වලට මංගල උත්සව එහෙම තියනවා. අපේ අසංකත් ඔය උත්සව වල සිංදු කියන්න යනවා ගොඩක් වෙලාවට. ඉතිං ඔය වගේම තව දවසක වෙඩින් එකක් තිබ්බා ඒ හෝල් එකේ. අපි උඩ ටෙක් එකේ වැඩ. අපි දවල්ට කන්න ලෑස්ති වෙද්දි රිකාස් කාරයා වෙඩින් එකට ආපු පොරගේ යාලුවෙක් ඉන්නවා දැකලා ඒ යාලු එක්ක මේ පහල ශාලාව පැත්තට ගියා. මෙන්න ටික වෙලාවකින් පොර එනවා ප්ලේට් දෙකකට බත් බෙදාන. එළළළළ!! ෆ්‍රයිඩ් රයිස් හා ඩෙවල් චිකන්... මරූ. දෙන දෙයියා ටෙක් එකටම ගෙනැත් දුන්නා.... ඉතිං ප්ලේට් දෙකෙන් එකක් අපේ දිල් අක්කි, චතූ, සුරා ඇතුලු පළමු හා දෙවෙනි පෝලිම් වල ඉන්න කස්ටියට දීලා අනික් ප්ලේට් එක 3 හා 4 පෝලිම් වල ඉන්න මම, අසංක, රිකාස්, නංගි, නදී, දිනේෂා ඇතුලු කස්ටියට තියා ගත්තා. දැන් අපි කනකොට මෙන්න නදී කියනවා මෙන්න මෙහෙම...

" පවු රිකාස් එයාලා ප්ලේට් එකකට බර ගානක් ගෙවනවත් ඇතිනේ! ඔයා කරපු වැඩේ නම් එච්චර හොද නෑ කියලා... "

පව්!!!  යකෝ නිකම් හමුබෙච්ච දේත් කන්න බැරිද මේකිට කට පියාන..(හයි ස්කූල් එකේ නිසා වෙන්න ඇති)...

ඉතිං අරූට මොකුත් කියන්න ඉඩ නොතියා මං ඇහුවා නදීගෙන්....

" මේ උඹ මේක කනවද නැත්තන් උඹේ ටිකත් මං කන්නද? ඔන්න එහෙනම් මං කෑවා...."  කියද්දිම

මේකිත් කියවිල්ල නවත්තලා ටක් ටක් ගාලා බත් ටික කාලා කුකුල් කකුලකුත් සූප්පු කරනවා....

ඉතිං ටෙක් එකේ කෑම කතා අදට ඉවර කරන්නම්. හැමෝටම සුභ දවසක් එහෙනම්. ආයෙත් තවත් ටෙක් කතා ටිකක් එක්ක හම්බෙමු..

12 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. මල්ලෝ ඔයාලා 16 දෙනාට කන්න ඉතින් බත් මුල් 16ක්ම තිබිලානේ අවුරුදු 2ක් විතර ඒ ලෙවල් කරන කොට බත් මුල් 3,4ක් 10ක් 12 කනකොට සමහර දවස් වල අපිටත් අර තේ හැන්දම තමා

    ReplyDelete
  2. ඒ ලෙවල් කරද්දි නම් අපිටත් බත් මුල් දෙකයි තුනයි තමා අයියා! ඒත් ටෙක් එකේ කෙල්ලෝ ඔක්කොම බත් ගේනවානේ! ඉතිං 16ක් තියනවා! හික් හික්! ස්තූතියි කමෙන්ට් එකට!

    ReplyDelete
  3. අපේ උන් ගම් වල ගිහින් එද්දි සිමෙන්ති කොට්ට භාගෙ හමාරෙ සයිස් බත් තමයි ඒ දවස් වල අරන් එන්නෙ සඳුදා කියන්නෙ හොඳටම බත් කාපු දවසක් තමයි..අනිත් දවස් වලට කැන්ටිමේ බත් කෑවෙ බඩගින්න ඉවසා ගන්න බැරි කමටම තමයි..

    ReplyDelete
  4. ඇත්ත බං! ගෙදරින් ගේන කෑම එකක් තරම් වැඩක් නෑ වෙන එකක්වත්! සිරා සිරා!

    ස්තූතියි කමෙන්ට් කලාට!

    ReplyDelete
  5. ම්.. බත් හැදි 16 කෑවට නරකක් වුනේ නෑ. ඒ ගැන ඔයා දන්නවානේ..... අපි ඒ දවස් වල ඔයාට කිව්වේ "සුඩයියා" කියලනේ...

    ReplyDelete
  6. අයියයෝ! ඔයා ඒක මෙතනත් දාලා! කමක් නෑ! හික් හික්! මං ඔයාලා කරපුවා ලියනවා වගේම මට වෙච්ච ඒවා කියන්නත් කවුරු හරි ඉන්න එපායැ! හික් හික්! ස්තූතියි චතූ

    ReplyDelete
  7. හාපෝ මුන් ටික කෑමදාසල ටිකක්නෙ

    ReplyDelete
  8. appa! oba mama hitiyanam noka idi ape chathuge karoola kaali tika! shaaaaaaaaaaaaaaaa! fatta karoola! :D :D :D

    ReplyDelete
  9. ලඟදි ලංකාවෙන් මේ පැත්තෙ ඇවිල්ල යන්න ආපු කෙනෙක් නියම කරෝල ටිකක් ගෙනත් දුන්න, ඔබී උයන්නෙ හෝ තෙල් දාන්නෙ කෑලි 4-5 ය් වතාවකට, රත්තරන් වගේ. ආයේ ඉතින් අප්‍රියෙල් මාසෙ ලංකාවට එනකන්ද කොහෙද පරිස්සං කොරනව මයෙ හිතේ...

    ReplyDelete
  10. අපේ ඒ ලෙවල් පංතියෙත් දෙන්නයිද කොහෙද බං බත් ගේන්නේ! මරාගන්න මරා ගැනිල්ල ගැන අහන්න ඕන නැහැනේ!

    ReplyDelete
  11. @ obrsever - මොකට කියනවද ඔබා මාමා! කරවල ඉස්සරහ රත්තරන් වලින් වැඩක් නෑ! හික් හික්!

    @sabith - ඒකනේ බං! උඹලගේ ඇගිලි එහෙම පහුරු ගෑවිලා යනවා ඇති නේ! හිකි හිකි! ස්තූතියි කමෙන්ට් කලාට!

    ReplyDelete
  12. api nam hamadama bath genichcha, oya gollange kathawa ahapuwama matath mathak una api school eke wage ma tec eke kapu hatith, kanawata wadiya habai halala

    ReplyDelete
Previous Post Next Post

Contact Form