පුංචි ලස්සන ඇස් දෙකක කතාන්දරය................................

මාධව බ්ලොග් එකට තවත් කතාවක් ලියන්න කියලා තමන්ගේ පරිඝණකය ඉදිරියේ හිද ගත්තා........


ඔහුගේ සිත ගොඩක් හැගීම් බර වෙච්ච කාලයක් මේක..........

ඉතිං මාධව තමන්ගේ කතාන්දරයක් ලියන්නට පටන් ගන්න සිතුවා පමණයි......... 

ඒ ලස්සන දෙනුවන් මාධව ඉදිරියේ පෙනෙන්නට උනා.........

නිල් පාට නිදි බර ලස්සන පුංචි ඇස් දෙකක්......... 

ඒ ඇස් වල හිමිකාරිට මාධව ගොඩක් ආදරේ කරන බව ඒ ඇස් දන්නවා.........

ඒ ඇස් අයිතිකාරිත් මාධවට ගොඩක් ආදරෙයි.........

මාධවත් ඒක දන්නවා.........

ඒ ඇස් තුල ගොඩාක් හැගීම් පිරිලා කියලා මාධවට හිතෙනවා.........

ඒ පුංචි දෙනුවන් වලින් කියන කතාන්දරය වටහා ගන්නට කිසි කෙනෙක් සමත් වේ දැයි සැකයි.........

වචන රහිත සිතුවිලි, වචන කල නොහැකි සිතුවිලි සමූහයක්........

අමුතු කතාවක් ඒ නිදි බර දෑස් තුල ලියවිලා තියෙනවා.........

මාධවත් ඒ ඇස් දිහා බලාගත් ගමන්මයි.........

ඒ ඇසුත් මාධව දෙසම බලන් ඉන්නවා.........

මාධව සිතන්නට උනා කුමක්ද ඇගේ ඒ පුංචි නුවන් යුග පවසන්නේ යන වග........

එවිටම ඒ ඇස් අයිති කාරි ඇගේ බෙල්ල මදක් ඇල කොට මාධව දෙස ඕනැකමින් බැලුවා.........

“මොනාද මාධව ඔයා හිතන්නේ....?“ 

ඇය එහෙම අසන්නට මෙන් හීන් හඩින් දෙවරක්ම  ඥාව් ඥාව් ගෑවා.........

මාධවගේ පරිඝණකයේ පිටුපසට වී නිදා සිටි මාධවගේ පුංචි හැඩකාරිය, මාධවගේ සුරතලී, මාධවගේ පූසි -  බුෂී අවදි වෙලා.................!!!




10 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. අපොයි...මං අන්තිම වෙනකල් හිතුවෙ කියන්නෙ කෙල්ලෙක් ගැන කියලනෙ...
    ආදරේ හිතෙන පූසෙක්...:)))

    ReplyDelete
  2. හික් හික්!! අපේ ගෙදර එක්කෙනාගෙ නම කුෂි

    ReplyDelete
  3. නිසුපා - පූසිට ලස්සනයි කිව්වට ස්තූතියි! ඇත්තටම එයා හරි හැඩයි!

    blog gadol - එල එල! අපේ කෙනා බුෂී....

    ReplyDelete
  4. මමත් හිතුවෙ කෙල්ලෙක් ගැන කියල....

    ReplyDelete
  5. පිස්සා පලාමල්ල - පූසියොත් කෙල්ලෝ වගේම කපටියිනේ! ඒ නිසා උං ගැනත් කෙල්ලෝ ගැන ලස්සනට ලියනවා වගේම ලිව්ව හැකි!

    ReplyDelete
  6. මටත් ඉන්නවා ඔය විදියේ ඇස් දෙකක් :)

    ReplyDelete
  7. අපේ ගෙදර 4ක් ඉන්නව ඒ කියන්නෙ ඇස් 8යි.. සේරටමත් වඩා රෑට දැක්කොත් තමයි .. හොල්මන් වෙන්නෙ..මන් කීප සැරයක්ම බය වෙලා තියෙනව

    ReplyDelete
  8. මාධවලගෙ ගෙදර නම් බළල් ඇස් 4ස! ඒ කියන්නේ බුෂීලා දෙන්නෙක් ඉන්නවා! ඒත් දැන් අපි නම් පුරුදු වෙලා! හැබැයි එපාම වෙන්නේ මුං දෙන්නා රෑ ජාමෙට හට්ටි මුට්ටි පෙරළද්දි තමයි! ඒවා නැත්තම් ෂෝක් හුරතල්ලු දෙන්නා!

    ReplyDelete
  9. ආනේ.... කිරි කැටියා...... ශෝයි.....

    ReplyDelete
  10. අපේ පූසගේ නම සුද්දි.හැබැයි එයා පුසෙක්

    ReplyDelete
Previous Post Next Post

Contact Form