ඉස්කෝලේ කතා - මේවා අමිල ගැන!!!



 
මේ අමිලයාම සහ අනිකුත් කට්ටියගේ බලවත් ඉල්ලීම උඩ දමන පාසල් කථා ටිකකි!




මාධව අඳුනන මේ අමිල ටොමියා ඉස්කෝලේ යන කාලේ හෙන පොර! මාධවයි ටොමියයි සෙට් උනේ 1 ශේණියේ ඉදලමයි! මාධවට මතකයි මූ ඉස්සෙල්ලම 01 ක්ලාස් එකට ඇවිත් බුම්මගෙන ඉදපු හැටි! ඒත් පොර එළටම සෙට් උනේ ජානකයා එක්ක තමයි මුල් කාලේ!! පස්සෙ තමයි මාධවලා එක්ක සෙට් උනේ...

මූ ආපු දවස් වල ඉදලා නියම වැඩ කරු. ඉංග්ලිෂ් එහෙම සුපිරි.මැඩම්ලත් ආදරෙයි. වරදක් නෑ. පොරයි මාධවයි සෙට් වෙන්නෙ මෙහෙමයි. මාධවට අදටත්  ඒක අමතක වෙන්නෙ නෑ, මොකද  ඒක තාමත් මතක් වෙද්දි අවුලක් හිතට දැනෙන නිසා........

අමිලගෙ අම්මා, පොර පොඩි එකා කාලේ ඉදන් හිටියේ පිට රට. ඉතින් මූ අම්මා එවන එක එක ලස්සන බඩු මාධවලාට ගෙනත් පෙන්නනවා. හිටපු ගමන් බැට් මෑන්, අරුන් මුං වගේ සෙල්ලම් බඩු, අරවා මේවා!ඔන්න එහෙම දවසක් පොර ගෙනාවා පැන්සල් උල් කරන ලස්සන කටර් එකක්. ඒක උඩ අශ්වයෙක් වගේ එකෙකුත් හිටියා. ඒක ලස්සනයි. ඒක අත ගගා බලනකොට බඩු ටකස්! මාධවගේ  අතින්!!

මාධවට අවුල්! ඌ පාඩුවේ හිටියත්, කොහොම හරි ඕක එයාව ඉස්කෝලෙ එක්කන් එන පුංචි, මාධවගේ අම්මට සිද්ධිය කියලා!! පුංචි මූව හොදට දන්නවා! මොකද මූ දහම් පාසලේ හුරුබුහුටි කොල්ලනෙ! අනික මුගෙ නැන්දයි මාධවලාගේ පුංචිලයි හොදට දන්න කියන කට්ටිය.  අමිල දහම් පාසල් ගිය කොල්ලෙක්! (මාධව නං එකම එක පාරයි ගියේ! පුංචිගෙ පණිවිඩයක් අරන්! ආයේ කවදාවත්  දහම් පාසල් ගිහින් නෑ)

ඉතින් පහුවදා මාධවගේ අතින් මූට කටර් එකක් ආපහු ලැබුනා! ඒත් ඒක අර වගේ ලස්සන නෑ! රතු පාට එකක්. කොහොම හරි මාධවට මතක විදියට දෙන්නා ගොඩක් සෙට් වෙන්න හේතුව උන සිද්ධිය මේක තමයි! ඒක ඉවරයි! ඒත් ඒ සිද්ධිය මතක් වෙද්දි හිතට අවුලක් දැනෙන්නෙ ඇයි කියලා මාධව තාම දන්නෙ නෑ?
සමහර විට අර අශ්වයා නැති මහ කැත එකක් නිසා වෙන්නැති!
------------------------------- -------------------------------

ආයේ 5 ඉන්නකොට මාධවලෑ ක්ලාස් එකේ ඉදපු ලස්සන කෙල්ලෙක් ගැන කියලා කට්ටිය ටොමීට විහිලු කරනවා! කෙල්ල කව්ද කියලා ටොමී දන්නවනේ! එක දවසක් කව්දෝ එකෙක් අමිලගෙ පොතේද, කෙල්ලගෙ පොතේද, මංද ලියලා තිබ්බා මෙන්න මෙහෙම.......

"අමිල + බ්ලා බ්ලා! "

(බ්ලා බ්ලා!  කිව්වෙ කෙල්ලගෙ නම) මේකට හෙන අවුලක් ගියා පංතියෙ.  5 ඉන්නකොටත් මෙහෙමනම්!! කොහොම හරි මාධවලා තාම දන්නෑ මේක ලියපු එකා කවුද කියලා.................

"අමිල + බ්ලා බ්ලා! "

අමිලයාට ඉස්කෝලෙදි  මීයා කියලත් කිව්වා! ඒ ඇයි?? මූව දවසක් මීයෝ කාලා! ඇත්තටම උන සිද්දියක්! අමිල මීයා දවසක් නිදාගෙන ඉන්නකොට තව මීයෙක් ඇවිත් මූව කාලා ගිහින්! ඒ මීයා මැරෙන්න ඇති! අමිල මීයට බේත් විදලා ඉස්පිරිතාලෙන්!!!

මූ ඉස්සෙල්ලම රැවුල කැපුවේ 10 ඉන්නකොට! මාධව උදේ එනකොට ගලා එහෙම ඉදන් බයිට් එක දෙනවා! මූ රැවුල කපලා!! අමිල දැන් ලොකු ලමයෙක්!! ඒත් අපේ එවුන් කාටවත් මාධව රැවුල කපපු පළවෙනි පාර මාට්ටු උනේ නෑ!!!



------------------------------- -------------------------------



මාධවලා මල්කාන්ති මැඩම්ගෙ ගණන් ක්ලාස් යද්දි තමයි නියම වැඩ කලේ! ඒ කථා ටික ඊළග එකෙන් දාන්නම්! ටොමී ගැන කථා ගොඩක් තිබ්බත් මූ මාධවව කයි කියලා ඒවා දාන්න බයයි! දැන් මාධවට ගලත් තර්ජනේ දාලා තියන එකේ පරිස්සම් වෙන්න වෙනවා! මොකද මුං අවුස්ස ගත්තොත් වසයි!

ගලා ප්‍රමුදිතයට, කියලා ගැස්සුවා වගේ මාධවටත් කියලා ගැස්සුවොත් මාර කේස් එකක්!! අමිලයනම් පුස්තකාලේ ලගදි බස් එකෙන් බස්සලා මාධවගේ පතුරු අරියි 2ක් නෑ!

ගලා කියලා ගහපු කතා අනිවා ඊළග එකෙන් දෙන්නම්! තව කතා දෙකක් දාන්නම් මේකටම..

එකක් මාධව ගැන...මාධවට පොඩි කාලේ ඉදලා තිබ්බ ලොකුම අවුල තමයි( 1 ශේණියේ ඉදලම! ) "කාමේ සුමිච්ඡාචාරා වේරමණී"  සිල්පදයේ තේරුම .......

"කාමයේ වරදවා හැසිරීමෙන් වළකිමි ..........."

මොකක්ද මේ කාමය?? පුංචි ළමයි දන්න කාමයක් නෑනේ! මාධව සෑහෙන කාලයක් හිතන් හිටියේ ඕකේ තේරුම මෙන්න මේ විදියටයි!

"කාමරයේ වරදවා හැසිරීමෙන් වළකිමි ..........."

------------------------------- -------------------------------

මේන්න අලබාමගේ කථාව -


 දිමුතුවා සිංදු කියන්න මාර දක්ෂයි! මූ සිංදු කියද්දි ඉස්සර මුලු ශාලාවම මීක් නැතුව අහන් ඉන්නෙ! මැඩම්ලා පොර කවි ගායනා වලට එහෙමත් අරන් යනවා!! එක පාරක් මූ කිව්වා "දවසක් පැල නැති හේනේ" සිංදුව! ඒ මාධවලා 7 ඉන්නකොට! මාර ගතියටම! ඇත්තටම මූ දක්ෂයි!!

ඉතින් දවසක් කාලෙක සීතා මැඩම් ඉංග්ලිෂ් කරද්දි බොනී එම් (BONEY M) ලගෙ & තව තව ජනප්‍රිය ඉංග්‍රීසි සිංදු ටිකක් ඉගැන්නුවා! මාධවලා 8 ඉන්නකොට!



දැන් ඒ කාලේ කියලා දුන්නා එක සිංදුවක් මෙන්න මේක!

"i come from albama"

දැන්  පොර දිමුතුවා මේක කියනවා සද්දෙට මෙන්න මෙහෙම "i come from albama -  අලබාමා" ....

" අයි කම් ෆ්‍රොම් අලබාමා!!!! "

මාධවලාට මැරෙන්න හිනා!! එදා ඉදන් දිම්මා තාම අලබාමා!!!!


2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form