ටෙක් කතා - බැට් ෆයිල්ස්! සමග බැට් බයිට්ස්!



මේ කතා ටෙක් එකේ පළවෙනි අවුරුද්දෙ ඉන්න කොට (මහනුවර YMBA ) කරපු ආතල් කේස් එකක්! මේක IT  වලට සම්බන්දයි! ඒත් ඇත්තටම ඇති දෙයක් නෑ! බැට් ෆයිල් වලින් ගත්ත ආතල් කතා ටිකක් තමයි මේකෙ දාන්න යන්නෙ මේක දාන්න මාධවට හිතුනෙ ගෝල්ඩ් ෆිෂ් ගේ බ්ලොග් එකේ පොර බැට් වලින් කරපු වැඩක් ගැන දාපු පෝස්ට් එකක් & අපේ ඉසංක මල්ලි එයාගෙ බ්ලොග් එකේ දාපු ආතල් බැට් කෝඩ් වගයක් දැකපු නිසයි.

ඔය බැට් ෆයිල් සංකල්පය  අලුත් නෑ මේ කියන කාලෙ වෙද්දි! මොකද පරිඝණක සගරාවෙ කීප සැරයක්ම මේ බැට් ෆයිල් වලින් කරන්න පුලුවන් එක එක වැඩ ගැන සදහන් කරපු ලිපි කියෝලා තිබ්බ නිසා.
ඒ නිසා නුවර ටෙක් එකේ මාධවලාගේ සෙට් ඒකේ කට්ටියට වඩා මාධවට ඒ ගැන දැනුම ටිකක් වැඩියෙන් තිබ්බා. අන්න ඒ නිසයි මාධවට බැට් වලින් ආතල් ගන්න මාර චාන්ස් ආවේ! ඒත් ඒවා ලියන්න කලින් බැට් කියන්නෙ මොනවද? මොනාද මේ බැට් වලින් කරන්න පුලුවන්? බැට් වලින් එන බයිට් වලින් ගැලවෙන විදි ටිකක් ඉස්සෙල්ලම කියලා ඉන්නම්........

බැට් ෆයිල් කියන්නෙ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියෙ තියන ඩොස්  (Windows Xp, windows Vista, Windows 7 වලදි නම් ඇසසරීස් වල කමාන්ඩ් ප්‍රොම්ප්ට්) උදව් කරගෙන හදන්න පුලුවන් සරල වැඩසටහනක් කියලා කියන්න පුලුවන්! සරල දේවල් වගේම ටිකක් සංකීර්ණ දේවල් වලටත් මේකෙන් වැඩක් තියනවා කියලා මට යාලුවෙක් කියලා තියනවා! මං නං ඇත්තටම දන්නෙ නෑ මහා ලොකු වැඩ බැට් ෆයිල් වලින් කරන්න!

මේ කියන බැට් ෆයිල් Windows Xp, windows Vista, Windows 7 වලදි නම් හදන්න නෝට් පෑඩ් එක භාවිතයෙන් පුලුවන්! ඒ මෙහෙමයි!

නෝට් පෑඩ් එක ඕපන් කරගෙන ඒකෙ අපිට ඕනි ඩොස් කමාන්ඩ් ටික කොටලා සේව් කරද්දි එක්ස්ටෙන්ෂන් එක " .bat " කියලා කොටලා පහල තියන ෆයිල් වර්ගය (File Type  =  All files) "All files" කියලා දුන්නම බැට් එක හැදෙනවා.

මෙන්න මේ කියන විදියට
File - > Save As - > filename.bat (filename කියන තැනට ඔයාල හදපු ෆයිල් එකට දාන නම කොටන්න)

File Type  =  All files

ඔන්න ඒ බැට් ෆයිල් එක විවෘත කලාම ඩොස් වලින් යම් කිසි සකස් කරන ලද වැඩසටහන රන් වේවි!
මේ බැට් වල තියන වාසිය තමයි අපිට කලින් සකස් කරපු බැට් ෆයිල් මගින් අපේ වැඩ ලේසි කරගන්න පුලුවන් කම! උදාහරණයකට ගත්තොත් අපිට පුලුවන් අපේ පෙන් ඩොස් වලින් ෆෝමැඩ් කරනවනම් බැට් එකක් හදලා තියාන ඒක හරහා ෆෝමැට් කර ගන්න! එතකොට අපිට ඩොස් වල කොට කොට ඉන්න ඕනි නෑ! තව ගොඩක් වාසිදායක වැඩ මේකෙ තියනවා!

මං දැන් දෙන්නම් සරල බැට් ෆයිල් කෝඩ් එකක්! ඒක රන් කරලා බලන්න!

echo off
cls
pause
echo Wellcome -  Your Name
echo  - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
echo today is?
date/T

echo  - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
echo time is?
time/T

echo  - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
pause
echo  - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
echo Good Bye!!

මේක අර විදිටයම නෝට් පෑඩ් එකේ කොටලා නිවැරදිව සේව් කරලා රන් කරලා බලන්න! මේකෙ කිසිම බයිට් එකක් නෑ!

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

ඉතින් කොහොමද අපි මේ බැට් බයිට් එකකින් බේරෙන්නෙ? කරන්න තියෙන්නෙ සරල දෙයයි! බැට් ෆයිල් එක රයිට් ක්ලික් කරලා නෝට් පෑඩ් එකෙන් ඕපන් කරලා කෝඩ් චෙක් කරන එකයි! එහෙම කරන්න ඕන බැට් ෆයිල් එකක පුලුවන් ඇති කියලා මං හිතනවා!  බැට් ෆයිල් එකක් අදුන ගන්න අමාරු නැහැනේ. එක්ස්ටෙන්ෂන් එක බැලුවනම් හරි!

write click on bat file ->  open with ->  notepad

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

ඔන්න මං තව දාන්නම් අපිට නිතර ඕනි වෙන බැට් කෝඩ් ටිකක්!

1. for check your IP address & All information about the network connections -  කට්ටිය දන්නවා ඇති මෙන්න මේ කමාන්ඩ් එක

IPconfig/all

ඩොස් නොදන්න අයත් මේක දන්නවා! මේකෙන් තමයි කම්පියුටර් එකේ අයි පී ඇඩ්රස් එක බලාගන්න භාවිතා කරන ඩොස් කමාන්ඩ් එක

මෙන්න ඒක බැට් එකකට භාවිතා කරන විදිය!

echo off
cls
pause
echo this is your IP address - - - -
ipconfig/all
pause

මේක නෝට් පෑඩ් එකේ කොටලා නිවැරදිව සේව් කරලා රන් කරලා බලන්න. බයිට් නෙමෙයි.

මෙන්න තව එකක්! මේක හරහා පුලුවන් අපිට කම්පියුටරේ සම්පූර්ණ විස්තර බලාගන්න -  show information about computer

echo off
cls
pause
systeminfo
dxdiag
pause

මේක රන් වෙද්දිම මං මේ දාලා තියන ව්න්ඩෝ එකත් ඕපන් වේවි!



මෙන්න තවත් එකක්! මේක හරහා පුලුවන් අපිට කම්පියුටරේ තියන සමහර වැඩසටහන් රන් කර ගන්න! මෙන්න කමාන්ඩ්ස්!

* Run calculator -

echo off
cls
pause
echo run the calculator
calc
pause

මෙතන කැල්කියුලේටරය වෙනුවට වෙන ප්‍රෝග‍්‍රෑම්ස් වල නම් දෙන්න පුලුවන්! එහෙම දාන්න පුලුවන් නම් කීපයක් මෙතන තියනවා!

calc - calculator
mspaint -  paint
winword -  MS word
excel -  MS excel
control -  control panel

ප්‍රෝග‍්‍රෑම්ස් වල නමට ඉස්සරහින් තියන කොටස බැට් ෆයිල් එකේ කොටන්න!

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

දැන් දාන්නම් බයිට් කතා!!

මෙන්න පළවෙනි එක! - අපේ  YMBA ක්ලාස් එකේ හිටියා රිකාස් කියලා කොල්ලෙක්! පොර එක දවසක් මගෙන් ෆිල්ම් ටිකක් දාලා ඉල්ලුවා! ඒ දවස් වල මට බැට් වල උන හැදිලා තිබ්බ කාලෙ නිසා මං ඒ ඇතුලම මෙන්න මේ බැට් file එක කෝඩ් කරලා දැම්මා!

shutdown -s -t 1800

දැන් මූ මේක ඹ්පන් කරලා! ඒත් ඇවිත් එක පාරට නැතිවුන නිසා ඒ ගැන ෆලෝ කරලා නෑ! ටාස්ක් බාර් එකේ වැටුන මැසේජ් එක දැකලත් නෑ! ඌ එදා ඒ ෆෝල්ඩර් එකේ තියන ඒවා බලපු හැම වෙලෙම  පැය භාගෙන් භාගෙට වගේ කම්පියුටරේ ඕෆ් උනා කියලා අපිට ඇවිත් කිව්වා! මටයි අසංකයයි මැරෙන්න හිනා! අසංකයටත් වැඩේ කියලා දීල අපි සෙට් වෙලා මේක කලේ!!!!

අනික් කතාව මේකයි! අපේ ටවුමෙ රුවන් අයියගෙ (නීරෝ කම්පියුටර් ෂොප් එකේ) කොම් එකේ පොර අතින් වෙච්ච අවුලක් නිසා සේරම අයිකන් ෂෝර්ට් කට් වෙලා! ඕක හදන්න මං ගිය වෙලාවක මට වැදුන මරු IDEA එකක්!

ෂෝර්ට් කට්  වල එක්ස්ටෙන්ෂන් එක තමයි  " .lnk " . ඉතින් මං ගෙදර ඇවිත් එකක් ලිව්වා මෙන්න මෙහෙම.

ren *.* *.lnk කියලා! *.* කියන්නෙ ඕනම ෆයිල් එකක් කියන එකේ සංකේතයක්!

ඒක මං මගේ පෙන් එකේ තියන් හිටියා අපේ දුමියට වැඩක් දීලා ආතල් එකක් ගන්න!

ඒත් මෙන්න මේක මං දුන්නෙ අපේ ඩිප්ලෝමා එකේ සර්ට! දුමියට දෙන්න උනේ නෑ. සර්ගෙ කොම් එකේ ඩෙක්ස්ටොප් එකේ අම්බානක ෂෝර්ට් කට් හැදුනෙ කොහොමද කියලා අපේ එකෙක් වත් තාම දන්නෙ නෑ මං හිතන්නෙ!! ඒක හැදුනෙ මං මොනා හරි ඒ කොම් එකට cut  -  paste කරද්දි ඒ බැට් ෆයිල් එකත් වැරදිලා paste කරලා සර්ගෙ ඩෙක්ස්ටොප් එකටම!! සර් ඒක ඕපන් කරලා!! පොරත් අවුල් උනාට අපිට කිව්වෙ නෑ, ලැජ්ජාවට වෙන්න ඇති! වැරැද්ද මගෙ නිසා මාත් මේ කියනකල් කට පියාන හිටියා.....................!

තව බැට් බයිට් ටිකක් දාන්න තියනවා! ඒත් මං ඒ ටික වෙන පෝස්ට් එකකින් දාන්නම්! අද පෝස්ට් එක අම්බානක දිගයි................................!

5 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ඔය shut down comand එක නම් මම පාවිච්චි කරනව, ඉක්මනට මැෂින් එක shut කරන්න. start> යන්න ඕනෙ නෑ නෙ. Hibernate වලටත් මම ශෝට්කට් හදන් තියන් ඉන්නෙ.

    ReplyDelete
  2. shutdown/h kiyanne hibernate walata needa machan??

    ReplyDelete
  3. පුලුවන් නම් උදවු කරන්න ,
    මගෙ pc එකට වයිරස් එකක් ඇවිල්ල පොඩි අවුලක් උනා
    මගෙ පෙන් එකේ තිබුන ඔක්කොම folder පේන් නැතිව ගියා
    folder optionගිහිල්ලාshow hidden file කලත් හරිගියේ නැහැ
    හැබැය් folder option වල view operated system file කලාම , පෙන්නනවා .
    මේක bat වලින් විසදුමක් නැත්ද?

    ReplyDelete
Previous Post Next Post

Contact Form