නදී, චතූ, හිරෝෂි සමග භූතයෝ...................




මෙන්න බහු බූත කතා හෙවත් මෝඩ චූන් භූතයින්ගේ කතා!



(කියවන්නාගේ අවධානය පිණිසයි, කරුණාවෙන් සලකන්න - මේ කියන්නා වූ සියලූම කතා ලියුම්කරුට හා මේ චරිත වලට අසන්නට ලැබුණු කට කතා පමණක් වල අතර ඒවායේ සත්‍ය අසත්‍ය භාවය පිළිබද වගකීමක් ලියුම්කරු සතුව හෝ මේ චරිත සතුව නොමැති  බව කරුණාවෙන් සලකන්න!)

මිත්‍රවරුණි, පටන් ගමු  නදී කියපු කතා වලින්! මේ නදි නුවර කිට්ටුව ටවුමක ඉන්න ලස්සන හුරුබුහුටි කෙල්ලෙක්...... නුවර නවෝදය බී.ඒ.ක්ලාස් එකේ ඉන්න අහිංසකම (කවුරුත් නොදන්න :- o ) කෙල්ල කිව්වත් හරි............

මෙන්න නදීගේ භූත කතාව!

නදීට මාධව ඊයෙ කෝල් කරපු වෙලේ පොරට කට වැරදුන නිසයි මේ කියන දේ මාධව දැන ගත්තෙ. මාධව එයාට කෝල් කලේ පොඩි වැඩකට. කතා කරලා ඉවරවෙලා ෆෝන් එක තියන්න යනකොට මාධව කිව්වා " පරිස්සමින් ඉන්න නිලූ පුංචි " කියලා. ඒතකොටම මෙන්න මෙයා කියනවා "ඔව් ඔව් මාධව මේ පැත්තෙත් දැන් බූතයෝ ඉන්නවා " කියලා!

අන්න නදීගෙ ඥාව්වා පැන්න දොට්ට!!

ෂා මරුනේ! මාධවත් ආසයි ඔය වගේ කතා වලට!  කලින් පෝස්ට් වලත් බූත කතා ගැන දාලා තියනවනේ! ඉතින්  තව ටිකක් බිල ගියාවේ කියලා මාධව නදීගෙන් විස්තර ඇහුවා.

බලද්දි මේ කියන්නෙ ග්‍රීස් යක්කු ගැන. එයාලගෙ ගම පැත්තෙ දැන් කීප සැරයක්ම මේ කියන ග්‍රීස් කොල්ලෝ ගැවසිලා තියනවලු. ඉතින් මාධව උන්දැට කිව්වා "ඔයාට බය වෙන්න දෙයක් නෑ ඔයාලගෙ ආච්චිට එහෙම පරිස්සං වෙන්න කියන්න" කියලා!

දැං මේං මේකි "අහනවා ඇයි ආච්චි? " කියලා .....

මාධව  කිව්වා "උං කරදර කරන්නෙ නාකි ආච්චිලට මිසක් කෙල්ලොන්ට නෙමෙයි" කියලා!

මේ කියවන අය කහවත්තෙ සීන් එක දන්නවනම් හිතා ගත හැකිනේ මාධවව එහෙම කිව්වෙ ඇයි කියලා!

ඉතින් ගමේ කට්ටිය මූව හොයලා තියනවා කීප දවසක්ම. ඒත් මාට්ටු වෙලා නෑ! මාධව නදීට කිව්වෙ "ඔය කියන යකා කොල්ලත් ඒ කට්ටිය එක්කම යන්න ඇති යකාව හොයන්න" කියලා!







----------------------- -----------------------
මේක කිව්වෙ  ටෙක් එකේ චතූ!! මේ කතා ටික ගැනත් ඉහත කී පරිදි වගකීමක් නැත!
නදී කිව්ව කතාව මාධව විසින් චතූට කිව්වම මෙන්න මෙයා කියනවා අපේ පැත්තෙත් ඔය කියන කට්ටිය ඉන්නවා කියල!

දැන් චතූගේ කථාව -

ඔන්න චතුලගේ ගෙවල් ලග ඇන්ටි (මාධව නදීට කිව්ව කතාව ඇත්තක් නෙ??) කෙනෙක් රෑ වෙලා එලියට යද්දි ( "එලියට" යන්න පැහැදිලි නැත -  සමහර විට නිවසේ පිටුපස පැත්ත හෝ වැසිකිලිය විය හැකියි ) ඒ ඇන්ටිගෙ ඇගට මේ කියන ජාතියේ එකෙක් කඩන් පැනලා! ඒ ඇන්ටි බෙරිහන් දෙද්දි අර අසරණ ග්‍රීස් යකා පැනලා ගිහින්......
ඉතින්  අර නදීට කිව්වා වගේම මෙයාටත් කිව්වෙ  "උං කරදර කරන්නෙ නාකි ආච්චිලට මිසක් කෙල්ලොන්ට නෙමෙයි" කියලා!
චතූගේ අනික් කථාව - මේ චතුලගෙ මාමා වැඩ කරන්නෙ කැම්පස් එකේ ආරක්ෂක අංශයේ! ඉතින් ඒ කට්ටිය එක පාරක් පේරාදෙණියෙ බාලිකා නේවාසිකාගාරයට අමු හෙලුවැල්ලෙන් පැනපු ග්‍රීස් යකෙක් අල්ලලා! මේ යකා නුවර බෝවල වත්ත පැත්තෙ එකෙක්ලු.......



බෝවල වත්ත කියද්දි මතක් උනේ  අසංකයත් ඒ පැත්තෙනෙ!! හිකි හිකි!!

----------------------- ----------------------- -----------------------

මේක හිරෝෂිගේ කතාව - හිරෝ මේ පාර ඒ ලෙවල් කරනවා! ඒ නිසා එයාට විෂ් කරන්නම් ඉස්සෙල්ලම හොදට විභාගෙ කරන්න පුලුවන් වෙන්න & හොද ප්‍රතිඵලයක් ගන්න පුලුවන් වෙන්න කියලා!

ඔන්න දැන් හිරෝගෙ කතාව! මේ කතාව ගැනත් ඉහත කී පරිදි කිසිදු වගකීමක් මාධව සතුව නැත!
ඊයේ ක්ලාස් ඉවර වෙලා ගෙදර එද්දි මේ නාගසාකිලගෙ ටවුමෙ දි දැක්කා "කහවත්ත" කියලා බෝඩ් එක දාපු බස් එකක් තියනවා! මාධවට දැන් මාර සැකයි මේ අර ටී වී එකේ ගිය "කහවත්ත" මද කියලා!

  අද උදේම මැසේජ් එකක් දාලා ඇහුවා " මේ කියන කහවත්තද බන් අර කහවත්ත "  කියලා!!

මේකි කිව්වා "මං නං දන්නෙ නෑ හැබැයි ය කියන බූත යක්කු අපේ කුරුදු වත්තෙත් ඉන්නවා" කියලා! ඒත් හිරෝට මාධව තාම නං කිව්වෙ නෑ "ආච්චිව පරිස්සං කර ගන්න" කියලා!





----------------------- ----------------------- -----------------------

මෙය මානසික රෝගී තත්වයක් නිසා ඇතිවන බූත ප්‍රතිඵලයක් වන අතර සමහර භුතයන්ට අවශ්‍ය වන්නේ (18+ නිසා කපා දමන ලදී) පමණි! එම නිසා එවැනි භුතයන් අල්ලා මානසික ප්‍රතිකාර ලබා දීමෙන් ඔවුන් සුව කළ හැකි බව පුවත්පත් වාර්ථා  මගින් පෙන්වා දී ඇත!
----------------------- ----------------------- -----------------------

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form