සිංහල හින්දු නව වසරේ කතාන්දර!

සිංහල දෙමළ අලුත් අවුරුද්දත් ළගයි නේද? කට්ටිය ටක් ටක් ගාලා ලෑස්ති වෙනවා ඇති නේද?
හැමෝටම අලුත් අවුරුද්ද ලස්සන වාසනාවන්ත වේවා කියලා සුභ පතනවා!


_______________________________________

අවුරුදු වලට ලෑස්ති වෙන කට්ටියට මේ කියන්නේ!

ම්ම් ඔයාලා! ලෝකෙට පේන්න මහා ලොකුවට අවුරුදු කන්න ඕනි නෑ

මහා ඇදුම් අරන් ලෝකෙට විච්චූර්ණ දාන්නත් එපා! ලෝකෙට පේන්න මහා උත්සව කරලා රටට ණය වෙන්නත් එපා! මත්පැන් මත් ද්‍රව්‍ය ගෙනත් බීලා පිස්සු විකාර කරන්නත් එපා!
ඒක නියම අවුරුද්ද නෙමෙයි

පවුලේ සේරම එකට + වෙලා සතුටින් සාමයෙන් ඉන්න! නෑදැයෝ එක්ක සතුටින් ඉන්න! තියන දේ බෙදා හදා ගෙන සතුටු වෙන්න!

ඒකයි අවුරුදු කියන්නේ! එතනයි අවුරුදු තියෙන්නේ!

හිතන්න ඔබට තියන දේ ගැන! නැති දේ ගැන හිතන්න එපා! එහෙම හිතලා දුක් වෙන්නත් එපා!

නැති දේ ගැන ඔබ දුක් උනාට ඔබට තියන තරම් වත් නැති අය ඕන තරම් මේ ලෝකේ ඇති!

ඒ නිසා නැතිබැරි කම් ගැන රන්ඩු වෙන්න වත්!  දුක් වෙන්න වත් එපා! තියන දේ ගැන සතුටු වෙන්න!
ඔබට හැකි ආකාරයට අවුරුද්ද සමරන්න! හැකි ආකාරයට පමණක්! සීමාවක් ඇතිව! අසීමිතව
වියදම් වලින් වැලකී! සියලු දෙනා එකතු වී! ගොඩක් ආදරය සතුට ඇතිව!

ඒ වගේම වැදගත්! -------
මත්පැන්! මත් වැටි ආදී සියලු මතින් තොර වෙන්න! බීලා රන්ඩු වෙනවට වඩා ගොඩක් වැඩ තියනවා කරන්න!

පුපුරණ දෑ භාවිතය පරිස්සමින්! එය හානිකර විය හැකියි!
අහස් කූරු රතිඥ්ඤා භාවිතය පරිස්සමින්!

ඒක මතක තියාගන්න! ලස්සනට සමරන්න ඕනි ලස්සන අලුත් අවුරුද්ද සල්ලි වලට ගේන අහස් කූරු රතිඥ්ඤා නිසා විනාශ කර ගන්න එපා!

ඉතින්!  ...........................................................................................

සතුටින් ඉන්න! ආදරෙන් සතුටින්! ඉන්න එයයි නියම අවුරුද්ද!

ඔබට සුබ ලස්සන වාසනාවන්ත සිංහල දෙමළ අලුත් අවුරුද්දක් වේවා!

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form