Tuesday, August 17, 2010

මඤ්ඤං වෙන කේස් මේවා!

අද අපිට කරන්නේ database development පාඩම.
මට සංසාරේ කලකිරිලා ඉන්නේ මේ database development නිසා! හරි හරි.ඒ මොනවා උනත් මම ‍මේ කථාව දාන්න පොඩි හේතුවක් තියනවා.ඒ තමයි මේ බ්ලොග් 1 බලන අයව දැනුවත් කරන්න ඕනි වැදගත්  කාරණයක්  නිසා.මෙන්න මේකයි කථාව. මම නිකම් වැඩක් නැති වෙලාවට කරන්නේ facebook නැත්තම් Skype නැත්තම් Google Talk වල ඉදන් කටිටිය එක්ක චැට් කිරිල්ල තමයි! මම හැමවෙලේම ඔන්ලයින් කියලයි කට්ටිය කියන්නේ! ඒ කියන්නේ මට හැමවෙලේම නිකම් වැඩක් නෑ!

මෙන්න මේ වගේ චැට් වලට සෙට් උනාම මරු මරු වැඩ වෙනවා අපිට..ඔයාලටත් වෙලා ඇති මේ වගේ දේවල්!

මෙහෙම චැට් පාරක් දා‍ගෙන ඉන්නකොට මගේ යාලුවෙක්‍ට මං කිව්වා Skype වීඩියෝ කෝල් 1ක් ගන්නම් Skype ලොග් වෙන්න කියලා.එතකොට මෙයා මට කිව්වා "නෑ නෑ facebook1න් ම වීඩියෝ චැට් කරමු" කියලා.

මං ඒ සීන් 1 දන්නේ නෑ

ඒ නිසා මං ඇහුවා කොහොමද කියලා!

ඒ වෙලාවේ පොර මට දුන්නා ලින්ක් 1ක්! අන්න ඒකට ගියාම වැඩේ හරි!

දැන් අපි දෙන්න‍ගේ  facebook වීඩියෝ චැට්1 ඉවරයි! වැඩි වෙලා වැඩේ ගියේ නැතත් මං ඒකෙන් අයින් නොවී බැලුවා 1,1 එව්වා.ඒ කියන්නේ ඒකේ තියන තව 1 1 ඔප්ශන්ස් ටික ක්ලික් කලාම වෙන්නේ මොනාද කියලා!
?????????????????????????????????????????????


මෙන්න මෙතන තියන බට්න් වල 1ක් තියනවා suffle කියලා 1ක්.මම මේක ක්ලික් කලා!

ඉස්සෙල්ලම ආවේ තායි පොරක් වීඩියෝ චැට් කරන ලයිව් වීඩියෝ 1ක්.ඒක ඇවිත් මං ඒක ක්ලෝස් කලාම මට මැසේජ් බොක්ස් 1ක් ආවා රිපෝර්ට් කරන්න කියලා!

ඒකේ ඔප්ශන්ස් වලින් තිබ්බ 1ක් ක්ලික් කරලා මං ඒක ක්ලෝස් කලාම තව 1ක් ආවා ඒ වගේම ඒකත් අවුලක් නෑ.ඉතින් මං ඕන දෙයක් කියලා ඒ suffle බට්න් 1 ක්ලික් කර කර රිපෝර්ට් කර කර බැලුවා!
මෙන්න 1 පාරටම ආවා nude කෙල්ලෙක්! අපොයි! මම හොල්මං උනා! හිතලා සිද්ද උන කෙහෙල් මලක් නම් කමකුත් නෑ! මං ටක් ගාලා ඒක රිපෝර්ට් කලා nudety කියලා(ඒ එන රිපෝර්ට් ඔප්ශන්ස් වල nudety කියලා තියනවා). අපොයි මාර වැඩේ. මේක මං මගේ බ්ලොග් එකේ දාන්නේ මට වෙච්ච කරදරේ ගැන කියන්න නෙමෙයි! සමාජ ජාල වල සීමාව පනින මේ වගේ හැමෝටම විරුද්ධ විය යුතු නිසා!

අපෝ.....................................යි මට වෙච්ච දේ! ඊට පස්සේ මං වීඩියෝ චැට් කරන්න ආයෙත් පරන පුරුදු Skype ම පාවිච්චි කරන්න පටන් ගත්තා!

මේක මට උනේ facebook  වීඩියෝ චැට් 1ට ගිය 1වෙනි දවසෙමයි!

1 comment:

  1. සිරා ලණුව. කට්ටිය දැං ගජරාමෙට වැඩ ඇති

    ReplyDelete

Your Comments / ඔබේ ප්‍රතිචාර