මෘදුකාංග ඉන්ජිනේරුවෙකු වීමට නම්

 


ඒ්ක උතුම් අදහසක්ය! මාධව ද ඒ් සිහිනයේ කරවටක් ගිලී සිටියද දැන් ඒ් ගැන උනන්දුවක් නැති වුවද තවමත් සොප්ටෙයා ඩිවලොප් කරන්නට නං ආසාවෙන් ඒ්වා කර කියාගෙන (ලාවට කාරිය) පාඩුවේ ඉන්නා නමුත් මාධවලාට එකල නොසිටි නමුත් දැන් උන්ට මග පෙන්වා උන්ව හරිමග යැවීමට වත් උත්සහ දරා ඒ් පිනෙන් වත් කෝටි පනහක පමණ ලොතරැයියක් ඇදී දිවි මග සරු වේ යැයි බලාගෙන ඔහේ සිටින්නේය!


කේසේ වෙතත් මේ කෙටියෙන් කියන්නට යන්නේ සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවෙකු වීමට නම් කල යුතු දෑ කීපයක්ය! ඒ්ක අමාරු කටයුත්තක් වුවද පොසිබල් කටයුත්තක් වන්නේ ඔනෑ තරම් අයවලුන් එසේ ඉංජිනේරුවරුන් වී සිටිනා නිසාය!

 

ඒ් නිසා කැපවීම තිබේ නම් කල නොහැක්කක් නොමැත සේ උත්සහ වන්තයා සම්පූර්ණයෙන්ම හෝ පරාජය නොවන සේම වැදගත් වෘත්තිකයෙකු වීමට මෙය මාර්ගයක් වුවද මෙය සිදු කල හොත් ලයිෆ් ඒකම ගොඩ යැයිද “නොකියන්නේ” ද හේතු ඇතිවය! ඒ් නිසා සොෆ්ට්ටෙයා ඉන්ජෙක් වීම සල්ලි ආකරයක් පෑදෙන නිධානයක් ලෙස සිතා සල්ලි හොයන්නට මේ ක්ෂේත්‍රය අත පත ගෑමට එන්නන් මුලින්ම හැරී යාම හොදය!


මක් නිසාද යත් තාක්ෂණික කටයුත්තක් වුවද මෙයද කලාවක් නිසාය! 


පළමුව කිව යුත්තේ සාපේ උපේ කතා අදාල නැති උවත්, හැකියාව ඇත්තෝ ඔනෑ තරම් ගොඩ යන බවය. ඒ් නිසා මූලික අධ්‍යාපනය සහ ගණිතය සහ ඉංග්‍රීසි හැකියාව ඇත් නම් වඩාත් පහසුය! ඒසේ නැතිනම් මූලිකවම ගණිතය සහ පර දේශක්කාර ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම කඩිනමින් සිදු කර ගැනීම ඔබගේ සිහින වලට වඩාත් සුන්දර වූ මාවත් තනනු ඇත.


ලාංකික අමන අධ්‍යාපනයේදී අයි ටී විශය සිංහලෙන් උගන්වා දෙමලෙන් උගන්වා අයි ටී මෝඩයෝ බිහිකරන රටක් වීමට වැඩි කල් නොයන බව පෙනෙන මානයේ සිට මාධව වගකීමෙන් කියනුයේ ඔබට දක්ෂයෙක් වීමට සහ ජාත්‍යන්තරව රැකියාවකට යාමට අපේක්ෂාවෙන් සොප්ටෙයා ඉගෙන ගන්නේ නම් කඩ්ඩෙන් කරන ලෙසය! නැතහොත් උපාධිය කරේ දමා ගෙදර ඉන්නට හෝ පුංචි පඩියකට ලංකාවේ වැඩ කල හැකිය!


ඉතිං ඔබ කල යුත්තේ සරල කටයුතු කීපයක්ය!


අංක එක  - අරමුණ තබා ගැනීම


ඔබේ අරමුණ මෘදුකාංග ඉන්ජිනේරුවෙක් වීම නම්  ඒ් වෙනුවෙන් අවම වසර තුනක් කැපවිය යුතුමය! උපාධියක් හෝ උසස් ඩිප්ලෝමාවක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. ඒසේ හෙයින් අරමුණට කැපවීම වැදගත්ය! 


අංක දෙක - තනිවම ඉගැනීම සහ භාෂාවන් තෝරා ගැනීම


භාෂාවන් යනු සිංහල දෙමල නොව පරිගණක වැඩසටහන් ලියන භාෂාවන්ය! ඒමෙන්ම පාඨමාලාවකට සම්බන්ධ වීමට පෙර සිටම තනිවම උගනීම ඔබගේ සිහිනයට පිවිසෙන කටු ඉඹුලේ කටු ගලවා දමනු ඇත. මාධවත් ඒසේ කරන්නේ උපාධිය කෙසේ වෙතත් හැකියාව ඇති කර ගැනීමටය. ඒසේ හෙයින් තනිවම ඉගෙන ගැනීම ඉතාමත් වැදගත්ය! අන්තර්ජාල වෙබ් අඩවි මූලාශ හෝ youtube වැනි මූලාශ වලින් හෝ දන්නා අයෙක්ගෙන් අසා දැන ගැනීම ද වැදගත්ය! බොහෝ කටයුතු වලදී සහය අත්‍යවශ්‍ය බැවින් හැකි පමණ දැනුමැති සහය ලබා ගන්නා ලෙස මාධව කියන්නේය


භාෂාවන් රැසක් ඇති අතර වඩාත්ම වැදගත් භාෂාවන් සොයා ඉගෙනීම වැදගත් වේ. ඒහිදී රැකියා වෙළදපොල ඇල්ලීමට හැකි සහ වර්තමානයේ සහ අනාගතයේදී භාවිතා වන සහ කල් පැන නොයන පරිගණක භාෂාවන් ඉගැනීම වැදගත් වන්නේය. JAVA, JAVA script, C++, C#, Python වැනි භාෂා ඉගෙනීම අනාගත කටයුතු පහසු කරනු ඇත. වර්තමානයේ දී නැඹුරුව ජංගම උපාංග සඳහා යෙදුම් නිර්මාණය නිසා ඒ් පිළිබදව වැඩියෙන් අවධානය යොමු කර JAVA, JAVA script වැනි භාෂාවන් ප්‍රගුණ කිරීම වඩාත් යෝග්‍ය වන්නේය.


අංක තුන -  සුදුසු ආයතනයකින් උපාධියක් හෝ උසස් ඩිප්ලෝමාවක් ලබා ගැනීම


සුදුසු ආයතනයක් සොයා ගැනීම ලංකාවේ නං කජු කන්නා සේ පහසු බව පෙනුනද පොල්ල තැබූ විට උපාධිය කෙසේ වෙතත් ගෙවූ මුදල්ද නැති වීම කාලකන්නි කමය! ඒ් නිසාම දන්නා අයගෙන් දැන ගැනීම හෝ වෘත්තීය මාර්ගෝපදේශන උපදේශකවරයෙක් හමු වී උපදෙස් ලබා ගැනීම හෝ තමා විසින්ම විමසා බලා තීරණයක් ගෙන හොද ආයතනයක (රජය හෝ පුද්ගලික) ලියාපදිංචි වී උපාධිය හෝ අදාල සුදුසුකම් සම්පූර්ණ කර ගත යුතුය.


නම බලා ලියාපදිංචි වී කාබාසිනියා නොවන ලෙස මාධව කියන්නේ ඔහුගේද අත්දැකීම් නිසාවෙන්ය.



අංක හතර - යාවත්කාලීන වීම / ක්ෂේත්‍රයේ  රැඳී සිටීම හා නවතම මූලාශ ඔස්සේ දැනුම ලබා ගැනීම


මෙය ඉතා වැදගත්ය! මක් නිසාද යත් උපාධිය රැගෙන රැකියා නැතැයි කියා වෙනත් අංශ වල රැකියා වලය ගොස් කාලය කෑම ඔබගේ මුදල්, වටිනා කාලය සහ උපාධිය හෝ සුදුසුකම නැත්තට නැති කරනු ඇත. මෙම මෘදුකාංග ඉන්ජිනේරු ක්ෂේත්‍රය දිනෙන් දින නව මානයන් කරා පිය නගනා බැවින් මාධවගේ අදහස ඔබ කුමක් කලද ක්ෂේත්‍රයෛ් රැඳී සිටින ලෙසය. නැතිනම් පසු කලෙක කෝඩිං කරන්නට යාමේදී හොම්බෙන් ගොස් පුප බිම ඇනීමද සිදු වනු නොඅනුමානය. මාධවට දැන් වී ඇත්තේ ඒ්කය. වසර දහයකින් පසු කෝඩිං ලියන්නට ගොස් මුඛ පූට්ටු වී දිරවා ගත නොහැකිව සිටින්නේය.


අංක පහ - වෙනත් ඉන්ජිනේරුවන් හා තාක්ෂණවේදීන්ගේ උදාහරණ විමසා බැලීම


අන්තර්ජාලය පිරික්සීමෙන් ඒසේ කල හැකිය. ඔනෑ තරම් වෙබ් අඩවීන් වල codes, syntax පිළිබදව සඳහන් කර උදාහරණ දක්වා ඇත. ඒ්වා පිරීක්සීමෙන් අධ්‍යයනයෙන් ඔබගේ සිහිනයට යාම පහසු කරන්නේය.


W3schools - වෙබ් සම්බන්ධව දැනගන්න!


https://stackoverflow.com/ - coding පිළිබදව දැනගන්න!


අංක හය - ස්වයං ව්‍යාපෘති ගොඩ නැගීම


වැදගත්ය. තමන්ගේ හැකියාවෙන් කුඩා කුඩා මෘදුකාංග නිර්මාණය කර අලෙවිය හෝ නොමිලේ දීම මගින් තමන්ට විශ්වාසය සහ හැකියාව ගොඩ නගා ගත හැකිය. තමාගේ පාසල වෙනුවෙන් වෙබ් පිටුවක්, වෙබ් යෙදුමක්, පාසලේ පුස්තකාලයට ගොනු කළමණාකරණ පද්ධතියක්, ළමුන්ගේ තොරතුරු සහිත දත්ත පද්ධතියක් ආදී ලෙස විවිධ ව්‍යාපෘති නිර්මාණය කර ලබා දී මෙන් තෘප්තියක් සහ විශ්වාසයක් ඇති කර ගත හැකිය.



අංක හත - මේ සියල්ල යලි යලි නොකඩවා සිදු කිරීම


කියන්නට ඇත්තේ ඒච්චරක්ය! ජය වේවාය! 

 

3 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form