තෘප්තිමත් නොවූ සුසුම්........................!!



තැවරුනු වත්සුනු
ඉහිරුණු ඇඟලුම්
විසිරුණු සුමුදු ඇතිරිළි
අතර දැවටී

ගතින් වෙලී සිටින්නෙමු
රණ හංසයින් අවදි වූ රාත්‍රියේ
විදිනු පිණිස
යොවුන් බව ඉතිරී ගලන
හැඟුමක පහස

සඳ එලිය වැටී
මැවී ඇති සෙවනැළි අතර
අඩ අඳුරේ පෙනෙන චලනයන්
එක් කලා අමුතු මායාවක්
පිරී ඉතිරුණු හැඟුම් ගොන්නට

එක් කල සිත් සතන් පිබිදී
සිහින් කෙඳිරිළි හඩ සමඟ
තරුණ උණුසුම් රැඟුම් රගනා
නිමේෂය නිමවූ පසු

විඳිමු අපි වෙරළු මල් සුවඳ
තෘප්තිමත් නොවූ සුසුම් සමඟින්...........................!


---------------------------------------------------------------------------------------

all pics from google

Comments

  1. අපොයි ඔව් ඔය මල් සුවඳ තමයි ගෑනුන් ආසම සුවඳ කියල ජැකාගේ නෝන සිංදුවකුත් කිවුව නේද කාලෙකට ඉස්සර.
    Samakaya Wate නලින්

    ReplyDelete
    Replies
    1. මොකක්ස සහෝ ඒ සිංදුව!

      Delete
    2. කැසට් පටයක්ම කළා වෙරළුමල් සුවද නමින් කුමාරි මුණසිංහ ගේ

      Delete
    3. හොයාගන්න ඕනි! ස්තූතියි සහෝ!!

      Delete
  2. වෙරළු මල් සුවඳ.. ඒක හොයල බලන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. හම්බුනොත් මටත්! සොයන්නාට සම්බවේ!

      Delete
    2. ඕක මට හැමදාම හම්බෙනවා! ^_^

      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    3. රජා නං අනේ මංදා! අන්තපුර කටයුතු නිසා වෙන්නැති!

      Delete

Post a Comment

Your Comments / ඔබේ ප්‍රතිචාර

Popular posts from this blog

ඔහොම තමයි දුවේ ඔය කාලෙට.........................!! (18 + කස්ටියට පමණක් නම් ඉතා සුදුසුයි.....!)

නිවැරදිව සොලවා හොල්මනක් පොටෝ ගමු!

ප්‍රජනන කුට්ටං!