ලොලීටා................ 08 - නොසන්සුන් වන සිතක්


ඉතිං මිතුරනි මෙන්න ආයෙමත් ආදරයේ කතාව ගලාගෙන යන්නයි යන්නේ.
ඉතිං එකතු වෙන්න මාත් එක්ක ආදරයේ කතාවේ තවත් කොටසක් රස විදින්න. ඉතිං මාධව සෙව්වන්දියට කලා වූ ආදරයේ,  අතීතයේ එක් ආදරයක තවත් අතීතයට යන්නට මං කල්පනා කලා. අතීතයේ අතීතය... එනම් සෙව්වන්දිය සමුවූ කතාව. මාධවට ඔහුගේ හිත අහිමි වූ කතාව. මාධව ආදරය කරන්නට පටන් ගත්තා වූ කතාවේ මුල් පියවර. එසේ නම් එකතු වන්න මිත්‍රවරුනි ඇත්ත ආදරයේ කතාවේ අතීතයත් එක්ක.මං ඔබට කලින් වරක පැවසූ පරිදි අද ඔබ ඉදිරියේ ඒ ලස්සන දින තුනක් පුරා වූ සිදුවීමක් ආවර්ජනය කරන්නං. මාධවගේ හිත මාධවට අහිමි වූ ඒ පුවත. සෙව්වන්දිය හා මාධවගේ පළමු හමුව............


ඉතිං මිතුරනි,එදා විශේෂ උත්සව දවසක් උනා. ඒත් මාධවට එහෙම නෑ. මාධවට උත්සවයක් කියා විශේෂයක් නෑ. ඔහුට එදාත් වෙනදා මෙන්ම සාමාන්‍ය දවසක් පමණයි. ඉතිං මේ කියන්නා වූ දවස් වල කල් ගෙවූ මාධව ගැන ඔහුගේම වචන වලින් දැන ගැනීම වැදගත් කියා මං හිතනවා. ඉතිං මිතුරනි මෙන්න මාධවගේ විස්තරය. මාධව සෙව්වන්දියට ආදරය වූ කාලයේ ඔහු ගැන හැදින්වීමක්. ඉතිං දැන ගන්න එකල මාධවගේ හැටි...

මාධව ඒ කාලයේ තවත් එක් පාසල් සිසුවෙක් පමණයි. ඔහු කම්පියුටරයට පිස්සු වැටී සිටි කාලයක්. ඔහු සංගීතයට ආසා කලා. මිතුරන් සමග විනෝදෙන් කල් ගත කලා.ආදරයක් හෝ ආදරය කිරීමට කෙල්ලක් ගැන ඔහු අවංකවම සිතා තිබුනේ නෑ යයි කිව හැකියි. පාසලේ වැඩ ගැනත් කිසි උනන්දුවක් ඔහු තුල නෑ. නමුත් පොත් ගුල්ලෙක් වී සිටින්නට ප්‍රිය කලා. ඔහුට මහා සිහින තිබ්බේ නෑ. නමුත් සිහින දැක්කා. සිහින වල ජීවත් වුනේ නෑ එනමුත්! ඉතිං ඔහු පූර්ණ ලෙස සන්සුන් කොල්ලෙක්.....


ඉතිං මේ කියන්නා වූ සෙව්වන්දිය දුටු දින තුනක් වූ ඒ කාලය මාධව සලකන්නේ එකම එක දිනයක් විදියටයි. එයට හේතුව මාධවට ඇය ගැන යම් කිසි හැගීමක් මතුවන්නට ඒ කාලයම ගත වූ නිසා. ඇත්තටම ඇය හමුවූ තෙවන දිනය තමයි මාධවට මාධවගේ සිත අහිමි වූ දිනය විය යුත්තේ. නමුත් මාධව සෙව්වන්දිය පිළිබදව ලියන්නට ගත්තා වූ මේ කතාන්දර වල පළමුවැනි කොටසින් කියවෙන දිනය මාධව ආදරය හදුනා ගත් දිනය ලෙස හැදින්විය හැකියි. මාධවගේ සිත අහිමි වූ, එනම් ඇය ගැන මාධවට සිතක්, ආකර්ෂණයක් පහල වූයේ මේ කියන්නා වූ මුල් දින තුන අතුරින් අවසන් දිනය තුලයි. ඉතිං මාධව සෙව්වන්දියව හමු වූ මුල් දින තුනම එක් දිනයක් ලෙස සලකන්න යැයි ඔබෙනුත් ඉල්ලන්න ඕනි. එනම් පැය හැත්තෑ දෙකක් පැය විසි හතරක කාලයට සිර කර තබන්න මට ඉඩ දෙන්න. එනම් උත්සවයේ පළමු දිනය, දෙවන දිනය හා මේ කතාවේ ඉදිරියට කියවෙන්නා වූ තෙවන දිනය යන දින තුනම එක් දිනයක් ලෙස සලකා. ඉතිං එලෙස කතාවට අපි ඉඩ දෙමු. කතාන්දරයත් සමග ඉදිරියට යමු. සෙව්වන්දියට පෙම් කලා වූ කතාව.....


ඉතිං එදා උත්සවයේ පළමු දවසේ ඇය ළමා සාරියකින් සැරසී සිටියා. පළමු දිනයේ සිටි ලොලීටා පිළිබදව මාධවගේ මතකය එපමණයි. ඔහුට, එනම් මාධවට එදින කිසිම හැගීමක් නෑ. දෙවන දිනයේ ඇය රන් පැහැති අලංකාර ඇදුමක් ඇද සිටියා. ඇය ලස්සනයි. මාධව වරක් දෙවරක් ඇය දිහා බලන්නට ඇති. ඒත් එය මාධවගේ කිසිදු හැගීමකින් තොරව කෙල්ලක දෙස බලන ලද තවත් නිකම්ම නිකම් එක් බැල්මක් පමණක් වුනා. මාධව එදින මදක් කාර්ය බහුල වී සිටි හෙයින් ඔහුට ඈ පිළිබදව හෝ වෙනත් කිසිවෙක් පිළිබදව සිතා බලන්න වෙලාවක් නෑ. නමුත් මිතුරනි තෙවන දිනය විශේෂයි. ඇත්තටම විශේෂයි මිතුරනි..... ඉතිං අසන්න තෙවන දිනයේ ඇතිවූ සිදුවීම් පෙල.......


එක්තරා දිනයක එක්තරා දවසක මාධවට දුරකතන ඇමතුමක් ලැබුනා. එකල මාධව පරිඝණකය හා කිට්ටු සම්බන්ධතාවක් ඇතිකරන් තිබුනා. එනම් මාධව පරිඝණකය හා කටයුතු කරන්නට පටන් අරන් තිබුනා වූ අවධියයි මේ. ඉතිං මාධවට ලැබුනු ඇමතුම මේ සම්බන්ධ කටයුත්තක් පිළිබද එකක් උනා. මාධව ගමනට පිටත් උනා. මාධව දන්නවා තමන් මේ යන්නේ සෙව්වන්දියගේ නිවසට කියා. නමුත් එය මාධවට විශේෂ හැගීමක් උනේ නෑ. විශේෂයෙන් දැනුනේ නෑ. ඉතිං මාධව ගමනාන්තයට ලගා වුනා. සුන්දර ලොලීටාගේ පුංචි නිවස වෙත......

ඉතිං මාධව ඒ පුංචි නිවසට ළගා වුනා. එහි සෙව්වන්දිය සිටියා. ඇය පාසල නිමවී ආවා පමණයි. මට එහෙම සිතුනේ ඇය නිළ ඇදුම මාරු කර නැති නිසා. ඉතිං වැඩය පටන් ගනිමු. මාධව වැඩ ගොඩක් දන්නේ නෑ. අවංකවම එය කියන්නට ඕනි.  මාධව කම්පියුටරය හා ගනු දෙනු කරන්නට පටන් ගත්තා වූ මුල්ම කාලයේ නිවැරදිව සී ඩී තැටියකට දත්ත පිටපත් කරන්නට වත් දන්නේ නෑ. නමුත් මාධව සිය නොහැකියාවන් සගවාගෙන ප්‍රමාදයකට ඉඩ නොතබා සිය කටයුතු වල නිරත උනා. ඒ අතර ලොලීටා මාධවගේ වම් පසින් බිත්තියට හෝ වීදුරු බඩු තබා ඇති පුංචි රාක්කයට හේත්තු වී හිටගෙන සිටියා වගේ මාධවට මතකයි. මෙම සිදුවීම් වලට දැන් බොහෝ කල් ගත වී ඇති නිසා බොහෝ මතක වල චායාවන් පමණයි දැන් මාධවගේ සිතේ තැන්පත් වී තිබෙන්නේ. නමුත් මේ ලියන්නා වූ කතාන්දරය හේතුවෙන් එම මතකයන්, ඒ ලස්සන මතකයන් යලි අවදි වෙන්න පටන් අරන්.....


ඉතිං මිත්‍රවරුනි මෙන්න මේ කියන්නා වූ තෙවන දිනයේ සෙව්වන්දිය, ලොලීටා ගේ විස්තර මතකය මාධවගේ අකුරින්ම දැනගන්න.

ඇය මට වම් පසින් වම් පසින් බිත්තියට හෝ වීදුරු බඩු තබා ඇති පුංචි රාක්කයට හේත්තු වී හිටගෙන සිටියා. ඇය මා දෙස බලා සිටින බවක් මට හැගුනා. නමුත් මා ඇය දෙස බලන්නට පෙළබුනේ නෑ. අවංකවම මා එසේ කලේ නෑ. නමුත් මද වේලාවකින් මා නොදැනුවත්ව මගේ දෑස් ඇයව සොයන බව මට දැනුනා. එහෙත් මං මගේ වැඩය තුල සිටිය යුතුයි. මං සිත පාලනය කර ගත්තා. නමුත් මං වෙනසක් දැනෙන්න පටන් අරන්. ඇය දිහා බලපං මාධව. ඒ ලස්සන විද ගනින්. මගේ සිත ඉල්ලන්නේ ඒ කාරණේ බව මට දැනුනා. නමුත් මගේ හිත මට බයයි.

ඒහෙත් මාධවටත් හොරා ඔහුලේ සිත් තුල තැන්පත් වූ ඇගේ ලස්සන මෙසේ කියන්නට පුලුවන්. එහෙනම් අසාපල්ලා මිතුරනි තෙවන දිනයේ මාධව ඇගෙන් දුටු සුන්දරත්වය පිළිබද විස්තරය.......

ඇය පාසල් නිල ඇදුම පිටින්මයි හිටියේ. ඇය ඇගේ කර පටිය ඉවත් කර සිටියා. ඇගේ දෑස් බුද්ධිමත් බවකින් පිරී තිබුනා. ප්‍රාණවත් ඇස් දෙකක්. ලස්සනයි. මාධවගේ සිත කිව්වා.මාධව එසේ සිතුවා.ඇය ඇගේ පාවහන් ඉවත් කර දනහිස් තෙක් නිරුවත් වූ සුදෝ සුදු පාද වලින් හිටගෙනයි හිටියේ. ඒ සුදු පා යුගල දෙස මාධව හොරැහින් බැලුවා. ලස්සනයි. ම්ම්ම්ම්ම්ම්! මාධවට පසු කලෙක ඒ පාද, ඒ ලස්සන කකුල් සිප ගැන්මෙන් සෙව්වන්දියගේ සුදු කම්මුල් ලජ්ජාශීලී රෝස පැහැයට හරවන්න ඕනි කලා. ඒක වල් හැගීමක් නොවේ මිතුරනි. ඒ පාද වලට මාධව හරිම ආදරෙයි.ඒක තේරුන් ගනිල්ලා. ඒ ලස්සන කුමාරිය පාසල් ඇදුමට ගොඩක් හැඩයි. ඇය කොන්ඩය කරල් දෙකට ගොතා සිටියා. එක් කොන්ඩ කරලක් උරහිස මතින් ඉදිරියට දමන් සිටියේ. ඇගේ ඇගිලි එකිනෙක පැටැලී සිටියා. ඈ වචනයේ පරිසමාප්තියෙන්ම පුංචි සුරංගනාවියක් කියන්නට පුලුවන්. ඈ හැබෑවටම ලස්සනයි. මේ මොන දේ සිතුවත් තාම මාධවගේ සිතේ ඇය ගැන හැගීමක් ඇතිවී නෑ යයි කිව හැකියි...

ඉතිං ආයෙමත් මාධව... කතාව කියන්න මාධව.......

ඉතිං එක් වරම මං ඇගෙන් ඇසුවා...

" කොහෙද නංගි ෆයිල්ස් ටික තියෙන්නෙ....? " මං ඇයගෙන් ඇසූ මුල්ම පැනය එයයි.

" ...... එකේ තියෙන්නෙ අයියා......"  ඇය මට දුන් පළමු පිළිතුර එයයි.

ඇගේ ලස්සන ප්‍රිය මනාප ස්වරය මට කුමක් හෝ කරන්නට ඇති. ආයෙමත් මට ඒ හඩ අසන්නට ඕනි උනා. නමුත් මං ඇයව කතාවට ඇද ගන්න උත්සහ කලේ නෑ. මං වැඩය සාර්ථකව නිම කලා. වැඩය දෙල් නොවීම ගැන මටම පුදුමයි. කිසිවක් හරි හැටි නොදැන සාර්ථකව කර ගත් සැටි.මට මං ගැන පුංචි  ආඩම්බරයක් දැනුනා. වැඩේ නිමයි. ඉතිං තවත් මට එතන ඉන්න විදියක් නෑ. මං යා යුතුමයි. ලොලීටගේ නිවසින් දොට්ට.......

ඉතිං මං ආපසු හැරුනා. නිවසින් එළියට එන විටම මං ආපසු හැරී බැලුවා. ඇය බිම දන ගහගෙන කම්පියුටරයේ විදුලි පේනු ගලවනවා. මං නිවසින් එලියට ආවා. කෙසේ හෝ ඇයට මං යන බව කිව යුතුයි මගේ හිත කියනවා. ඉතිං මං පාරට පැමිණ මද දුරක් ගොස් නැවත හැරී ඒ පුංචි නිවස දිහා බැලුවා.

මාධවගේ සිතට සතුටක් ඇති කරමින් ඈ දොර ළග සිටගෙන ඉන්නවා. මාධවට පුලුවන් උනා ඇයට අත වනා, සිය තොල් මදක් සොලවා ශබ්දය පිට නොවන සේ අභිනයෙන් මෙහෙම කියාගන්න...

" අපි යනවා.......... "

ඇයගේ ලෝකයම අමතක කරන්නා වූ සිනාව, මාධවගේ සිත ඹහුගෙන් වෙන්වූ සිනාව, මාධවට ආදරයක් ඇතිවන්නට හේතු වූ සුන්දර හිනාව මාධව ප්‍රථම වරට දැකගත්තා. ඔහුට ලෝකයම අමතක උනා. මාධව මදක් ඒ දෙස බලන් ඉන්න ඇති. ඇය ඒ සුන්දර, ලෝකයක් අමතක කරන්නා වූ සිනාව සහ මදක් හිස වැනීමෙන් මාධවට සමු දුන්නා. මාධව ආපසු හැරුනා. දැන් බස් නැවතුමේ ඔහු බසයක් එන තෙක්.....



මාධවගේ සිත අමුතු වෙලා. හැගීම් දහසක සිතුවිලි දහසක දේවල් හිතේ තෙරපෙන්න පටන් අරන්. මාධවට තේරුනා සෙව්වන්දිය ඇගේ සුන්දරත්වයෙන් මාධවට විශාල හැගීමක්, බලපෑමක් ඇති කර තිබෙන බව. මාධවට කිසි දෙයක් හිතා ගන්න බෑ. එක් වරම මාධව කිව්වා. තමන්ටම වෙන්න ඇති...

"සෙව්වන්දි ගොඩක් ලස්සනයි............. "

ඒ කියමනත් සමග මාධව සෙව්වන්දියට ආකර්ෂණය වෙලා. එදින පටන් මාධව සෙව්වන්දිය ගැන පහල වූ සිත් ඇතිව කල් ගෙව්වා. ඇයව දකින්නට මාධව ආසා කලා. නොයෙක් වර වෙනත් කෙල්ලක දුටු විට ඒ සෙව්වන්දිය ලෙස රැවටුන වාර ගනන කිව නොහැකි තරම්. එහෙත් කාලය ගෙවී ගියද මාධවට ඇය කිසි දිනක හමු උනේ නෑ. නමුත් ඹහුගේ සිත තුල බලාපොරොත්තුවක් තිබුවා. තාම ආදරයක අංශුවක් පමණයි මාධවගේ අහිමි වූ හිතේ තියෙන්නේ. ආකර්ෂණය තාමත් ආදරයට වඩා බලවත් වී තිබුනා. ඉතිං මාධව ප්‍රාර්ථනා කලේ ඇයගේ රූපය දකින්නට විතරයි. එහෙත් දෙවන වර සන්ධ්‍යාවේදී හමුව මාධවගේ හිතේ ආදරය ප්‍රබල කලා.....

ඉතිං ඒ දෙවන වර හමුවීමේ කතාව කියවන්න ඔබ ලොලීටා කතාන්දරයේ මුලටම යා යුතුයි. කතාව මගදී බිද දැමීමට සිදු වීම අහම්බෙන් සිදු වූ දෙයක්. බලාපොරොත්තු රහිතව මගේ සිත මට කීවා මුල් හමුව පිළිබදව කියන්නට කියා. ඉතිං මං අට වැන්න ලෙස ඔබට ඒ කතාව කිව්වා. ඉතිං දිගටම ඉන්න. දිගටම කියවන්න. ආදරයේ ඇත්ත කතාන්දරය හෙවත් ලොලීටා පිළිබද ආදර කතාව...

- - - - - - - - - - - - - - - - loleeta part 07 - - - - - - - - - - - - - - - -

3 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. කතාව මුල ඉඳලාම කියෙවුවත් තවත් ඉදිරියට කියවන්න ඕන කියලා මට හිතුනේ අද කොටස බැලුවාට පස්සේ ..

    දන්නවද මාධච වගේම මමත් ඔය සුදු ඉස්කෝලේ ඇඳුමක් ඇඳපු කෙල්ලෙකුට ආදරේ කලා ඉහටත් උඩින් .

    ඉවර වෙනකම් මේ කතාව කියවන්න මම හිතාගෙන ඉවරයි

    ReplyDelete
  2. සදරූ - මං කියෙව්වා මචෝ උඹේ ඒ කතාව! උඹ කියන්නේ පවු කාර ආදරය කියලා දාපු කතා ටික ගැන නේ! ඒ ආදරේ පවුකාර නෑ බං! හම්! එහෙම පව් නම් මං උඹටත් වඩා පව් කාරයෙක්...

    ස්තූතියි මචෝ කමෙන්ටුවට!

    ReplyDelete
  3. ලොක්කා ඉස්කොලේ යනකාලේ අදරේ කොරපු තවත් එක කොල්ලෙක් මාත්...ආදරේ කියන්නේ මහ පුදුම දෙයක් බං...

    ReplyDelete
Previous Post Next Post

Contact Form