නමේ බලේ! චියර්ස්!




මාධව දැන් බ්ලොග් 1 ලියන්න අරන් ටික දවසක් වෙනවනේ.ඉතින් ඒ ගැන මාධවට සතුටුයි.මාධව හිතුවා තවත් JOCKS දැම්මොත් මරු කියලා.ඒ උනත් වැඩක් නෑ.මොකද මෙලෝ 1ක් මාධවගේ බ්ලොග් 1 පැත්ත පලාතේ එන්නේ නැති නිසා..කමක් නෑ.මාධවගේ වැඩේ මේක නිසා මාධව කථා ටිකක් දාන්නම්.මේ කථා ඇන්ඩගේ කථා නම් නෙමෙයි.ඇන්ඩා මාධවට අල්ලන්නේ නැති DIAL 1ක්.

මේක අප්පුහාමි & අබරං ගේ කේස් 1ක්....

 අබරං  දවසක් ටවුමකට ඇවිත්.මෙකක් හරි කේස් 1කට.ඒ එන ගමන් මගදි බාR 1ක් දැකලා.දැන් මූට ඉන්නම බෑ.නලියනවා..මේකා මොන් කරන්නද කියලා බාර් 1ට රිංගුවා. 2ක් දාගන්නකොට(රා ෂොට් 2ක්.අබරංට මොන ෂැම්පේන්ද??)  පොර දැක්කලු සුද්දෝ 2ක් බඩු දාගන්න හැටි.මුන් දෙන්නා ග්ලාස් 2ට බඩු වක්කරගෙනචියර්ස්” කියලා කටට හලා ගන්නවත් මූ බලන් ඉන්නවා.මෙහෙම යද්දි සුද්දෝ 2ට මරු 1ට බඩු.මේ වැ‍ඩේ අපේ අබරංට අල්ලලා ගියා.අර “චියර්ස්” කෑල්ලේ “ස්” තමයි මෑන්ට නියමෙට වැදුනේ ඔලුවට..

 

දැන් මේකා ගමාධවට ඇවිත් පහුවදා අප්පුහාමිගේ ගෙදර ගියා..ම්ම් නිකම් නෙමෙයි.. බූලියක් අරන් ගියේ. No 1 ගමේ බඩු මේවා.මේඩ් ඉන් ගමේමයි.දැන් දෙන්නා හොදට ගානට එද්දි, 2ගෙම කන බිම!!

 

1 පාරටම චූන් උන අබරං ගොයියා ඇහුවලු “යකෝ අප්පුහාමි. තෝ දන්නවද මෙව්වා පාවිච්චි කරන නියම විදිය?” කියලා....

අප්පුහාමි කිව්වලු “ඇයි බන් මේ අපි වැඩේ දෙන්නේ මරු 1ට.මීට වඩා මොනාද?” කියලා

 

ඒ පාර අබරංට නැග්ගා! මූ අප්පුහාමි දිහාට කට්ටක් පුරෝලා  “ගනින් මේ රා කට්ට” කියලා ඌට එකක් පුරෝලා දීලා මූත් 1ක් පුරෝගත්තා.

 

දැන් මූ අනික් කට්ටට මුගේ රා පොල් කට්ට හප්පලා 1 පාරටම “අප්පුහාමීස්” කිව්වා..

 

බලද්දි මේකයි සිද්දිය.. සුද්දෝ 2 බීපු වෙලාවේ “චියර්ස්” කිව්වනේ.අබරං හිතුවේ මේක අර සුද්දගේ නම.ඒ නමට  “ස්” කෑල්ලක් + කරලා කියලා බිව්වම හොදට වදිනවා කියලා! පොර දන්නේ නෑ ඒ සුද්දෝ 2 පාවිච්චි කලේ රා වලට වඩා සැර දෙයක් කියලා!

 

කොහොමද නමේ බලේ..................!!

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form