Wednesday, August 04, 2010

බොන පාට්!

මාධවලා විහිලු කතා වලට කොහොමත් කැමතියි! මේක drink! කතාවක්...බොන පාට් (නැපෝලියන් බොනපාට් නෙමේයි) කෙනෙක් ගැන ඉස්‍ටෝරුවක්..සොරි!... ඉස්‍ටෝරුවක් නෙමෙයි ඉස්ටෝරියක්(story).

 

 

මේ කියන බොනපාට් දවසක් බාර් එකේදි කන බිම ගෑවෙන්නම බීලා.කනමදයා වගේ බොන්නේ නැතුව මාධව වගේ සීමා සහිත උනා නම් මේ කරදර නෑ!

 හරි හරි! කතාවට යමුකෝ...

 ඉතින් මේකා බීලා බීලා බාර් එකේ බිම දොයි!!

 ගර්ර්ර්ර්ර්ර්ර්ර්ර් ගර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්

 පහුවදා බාර් 1 අයිතිකාරයට කෝල් 1ක් එනවා උදේ ඉදන්! එදා පෝය දවසක් නිසා බාර් අරින්නේ නෑ....

 ඒත් මේ බාර් 1 අයිතිකාරයට කෝල් කරන මේකා කවුරු උනත් අහන්නේ 1ම දේ!

 “බාර් 1 අරින්නේ කීයටදබාර් 1 අරින්නේ කීයටද? බාර් 1 අරින්නේ කීයටද? බාර් 1 අරින්නේ කීයටද?

 බාර් කාරය කිව්වලු අද පෝය! අද අරින්නේ නෑ.හෙට තමයි! කියල‍ා.

  ඒත් ආයේ ඒ නම්බරේම කතා කරලා බාර් 1 අරින්නේ කීයටදබාර් 1 අරින්නේ කීයටද? බාර් 1 අරින්නේ කීයටද? කිය කියා අහනවලු!

 දැන් බාර් කාරයට !@$$%^&*()  මතක් වෙනවලු මේ caller ගේ!

බැරිම තැන බාර් කාරයත් අමු තිත්ත භාෂාවක් භාවිත කරලා මේකට බැනලා බැනලා ඇහුවලු ,

තොට මොකද මේ තරමිම බොන්න අමාරුවක් !@$$%^&*()_%%$$$$%^ ! . එක දවසක් ඉවසපන් මිනිහෝ කියලා

 එතකොට අන්න අරූ (caller) කියනවා මෙන්න මෙහෙම!

 “බොන්න නෙමෙයි බූරුවෝ! මාධව තොගේ බාර් 1 ඇතුලේ ඉන්නේ ! මාව එළියට ගනින් යකෝ දැන්ම මෙහෙට ඇවිල්ලා.මට ගෙදර යන්න ඕනි !!  කියලා!

 බලද්දි මේ caller වෙන මොකෙක්වත් නෙමෙයි!

කලින් දවසේ බීලා බීලා බාර් එකේ බිම දොයිය ගත්ත අර බොන පාට්! ඒ පොරට සිහිය ඇවිත් තියෙන්නේ පහුවදා උදේ!

 කලින් දවසේ බාර් කාරයා බාර් 1 වහලා ඇවිත් තියෙන්නේ මේ යකා ඇතුලේ ඉන්න බව නොදැන!

 ඒ නිසා කට්ටිය භාවිතා කරන වෙලාවට මාධව වගේ සීමා සහිත වෙන්න හොදේ!

 

J

No comments:

Post a Comment

Your Comments / ඔබේ ප්‍රතිචාර