හොල්මන් ....... 4

හොල්මන් වුනත් විහිලුවක් වෙන වෙලාවල්  ඕන තරම්! මාධවටත් එහෙම සිද්දි 2, 3ක්ම වෙලා තියනවා.මේ කියන්න හදන්නේ වගේ කථා ටිකක්!
නමුත් ඊට ඉස්සෙල්ලා අනික් අයට උන සිද්දි 2,3 කුත් දැම්මනම් හොදයි කියලා මට හිතුනා.එහෙනම් කියවන්නකෝ..ඒත් කමෙන්ට් නම් කවුරුත් දාන්නේ නෑ!කමක් නෑ කතාව කියන්නම්කෝ මෙහෙම!

මේක මාධවලාගේ හිත මිතුරු කෙල්ලෙක්ට වෙච්ච දෙයක්! මාධවගේ හොදම යාලුවෙක් ඉන්නවා පිළිමතලාවේ.යාලුවෙක් කිව්වට යෙහෙලියක්! මෙන්න මෙයා හැමදාම වැඩට ගිහින් හවසට එයාගේ අත්තම්මලගේ ගෙදර ගිහින් කාලා බීලා එහෙම තමයි එයාගේ ගෙදර යන්නේ. යන්නේත් රැ 6.30 - 7.00 විතර උනාම තමයි.මේ කියන යාලුවගේ අත්තම්මලාගේ ගෙදර( ඇවිල්ලා මේ යාලුවගේ අම්මගේ මහ ගෙදර) තියෙන්නේ මේයාලුවාගේ ගෙදරට යන පාරෙමයි. ‍යාලුවාගේ ගෙදරට මේ කියන අත්තම්මලාගේ ගෙදර ඉදන් මිනිත්තු 10, 15 දුර තමයි තියෙන්නේ. මාධවලා ගිහින් තියන නිසා දන්නවා!(මාධවලා  කිව්වේ නදීයි, මාධව, දිල් අක්කයි - YMBA SET 1 )

මේ කියන දවස් වල මේ යාලුවගේ ගෙවල් ලග මරණයක් වෙලා තියනවා! වයසක සීයා කෙනෙක්! අවුරුදු කීයක් බැට් කලාද කියලනම්(ආයු කාලය) දන්නේ නෑ මාධව! මොකද මේ පොර ඒවා මාධවට කිව්වේ නෑ.ඉතින් එදත් මේ පොර බුවා වගේ ගිහින් තියනවා 7.00 විතර අත්තම්මලාගේ ගෙදර ඉදන් එයාගේ ගෙදරට තනියම!

අර මැරුණ පොරගේ මරණ දැන්වීම් අම්බානක පාර 2පැත්තේ අලෝලා තියෙද්දි කෙල්ල ටිකක් අවුල් වෙලා තියනවා.මොන් උනත් කෙල්ලෙක්නේ.ඉතින් අපේ පොර පය ඉක්මන් කරලා ගෙදරට යන්න පටන් අරන්!මේ මරණ දැන්වීමේ අර මළගිය තැනැත්තාගේ පින්තූරයක් තිබිලා නෑ.ඒක තමයි මේ සේරටම මුල.දැන් පොර මග දිගේ යද්දි අර මැරුණ පොර ඉස්සරහින් තිබ්බ අගලකින් මතු වෙලා මේකි ඉස්සරහටම!

දැන් අපේ පොර මඤ්ඤං වෙලා! මැරුණ පොරක් ඉස්සරහින් ඉන්න කොට පන පිටින්,කෙක් උනත් බය වෙද්දි අපේ පොර ගැන ආයේ මොන කතාද?මේකි මීටර් 100 දුවන වේගෙට ගෙදර ඇවිත්!
පස්සේ හොයලා බලද්දි තමා දන්නේ ඇවිල්ලා තියෙන්නේ මැරුණ පොර නොවන බව!
අපේ පොර මැරුනයි කියලා හිතන් ඉදපු එකා යහතින් ඉන්නවා.ඒකා තමයි අර අගලෙන් මතු වෙලා තියෙන්නේ.මැරුණ කෙනා වෙන 1ක්.ඉතින් අපේ පොර එදා බය වෙලා තියෙන්නේ අන්න පන ඇති මිනිහෙක්ට!

ඉතින් මාධව දැන් හැමදාම මේකිට විහිලු කරනවා අගල් වල බඩ ගාන්නේ නැතුව ඉක්මණට ගෙදර දුවපන් කියලා!
-------------------------------------------------------
මේක මාධවට උන දෙයක්!

මාධව සමහර දවස් වල රෑ වෙලා අහල පහල ගෙවල් වලට යනවනේ මොනා හරි අවශ්‍ය උනොත්! නැත්තන් පහල කඩේට එහෙම!(මාධව ගාව හොර ගමන් නෑ.)
ඉතින් මාධව ඊයේ(2010 ගෝස්තු මස 4 වැනිදා) ගියා අපේ ලොකු තාත්තාගේ ගෙදර අයියව මීට් වෙන්න වැඩකට..අපේ ලොකු තාත්තා කරන්නේ වඩු වැඩ. එයාගේ  වැඩ කරන කාමරේ තියෙන්නේ(වඩු මඩුව) ගේ පිටිපස්සේ.නරක වෙලාවට මාධව එහාට ගියෙත් පැත්තෙන්මයි!
අම්මට උඩු! මාධව ගෙදරට ලං වෙනකොට දැක්කා අමුතු කොන්ඩේ කඩා ගත්ත කලුම කලු ගෑනියෙක් වගේ රූපයක්! ඒත් මාධව ඒක බලන්නම ඕනි නිසා හෙමීට එතනට ලං වුනා!ටෝච් 1ත් නිවා ගත්තා හරි! දැන් කිට්ටු කලා ටික ටික!

ඒත් අන්තිමට බලද්දි එතන මෙලෝ යකෙක් නෑමාධවයාගේ ඥාති අක්කා(ලොකු තාත්තාගේ දුව) පට්ට මලක්(පෙම්වතාගෙන් කෝල් 1ක් ) කඩනවා.ඇත්තටම වෙලාවේ ඒත ඈතට පේන විදියට මාධව හිතුවෙම වෙන දෙයක්!කොන්ඩ කඩාගෙන කලු ගුලියක් වගේ ඉන්නකොට! තවත් ලං උනාම තමයි මාධවට හිකි හිකිසද්දේ ඇහුනේ.කැකිරි පලනවා දෙන්නත් එක්ක! අන්තිමට මාධවටම හිනා! මාර හොල්මනක් තමා ඒක!

ඒත් ඒක හොල්මනක් උනානම් තමයි මරු! එක අතකින් ඒකත් හොල්මනක් තමයි! මල හොල්මන්!! හික් හික්!!

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. හහ් හා... මරු ස්ටෝරිය...

    ReplyDelete
  2. ඔයා කියන ගැණු ළමයා මමත් දන්නවානේ. ඔයා කියලා තියන 1 බොරැ....ඔයා දිව්වේ නම් නෑලු නේද..???

    ReplyDelete
Previous Post Next Post

Contact Form