මාධව බෞද්ධයෙක් කියලා තමයි උගේ උප්පැන්නේ තියෙන්නේ! ඒත් ඌ නම් ආත්මෙකට පන්සලට යන්නේ නෑ කියලා උගේ බොක්ක යාලුවෝ සේරම දන්නවා! ඒ උනත් ඌ ඒ ගැන එච්චර හිතන්නේ නෑ
අද උංගේ ගෙදර පිංකමක් කරන ගමන් තමයි මේ පෝස්ට් 1 ලියන්නේ..ම්ම් ඉතින් අද රෑ තමායි බණ කිව්වේ! දැන් ධර්ම දේශණාව ඉවර උනේ!
ඉතින් අද ඔන්න ඔහොම වැඩ කර කර ඉන්න කොට මාධවට මතක් උනා මරු කථාවක්.අහිංසක විහිලුවක් විතරයි මේක.එතනින් එහාට ඒ ගැන හිතන්න එපා කියලා මේක කියවන්න කලින් ඉල්ලීමක් කරන්නවා මාධව ඔයාලගෙන්.මේකයි කතාව......................
සාමණේර පොඩි හාමුදුරු නමක් දවසක් හම් කිසි කාරියක් උදෙසා ගමට වැඩලා ඒ වැඩේ නිම කරගෙන ආපහු ආරාමේ පැත්‍තට වඩිනවලු. ඒ අතර මගදි ගෙදරක ඉදපු පිස්සු බල්ලෙක්(මම හරියටම දන්නේ නෑ බල්ලට පිස්සුද කියලා) මේ සාමණේර පොඩි හාමුදුරු නමව හපා කන්න කඩන් පැනලා.මේ වෙලාවේ හොදටම බය උන සාමණේර පොඩි හාමුදුරු නම දුවගෙන දුවගෙන දුවගෙන දුවගෙන දුවගෙන දුවගෙන දුවගෙන දුවගෙන දුවගෙන ආරාමෙට ආවලු!
දැන් ආරාමෙට කඩි මුඩියේ වැඩපු මේ සාමණේර පොඩි හාමුදුරු නමට හති හොදටම! දැන් හහ් හහ් හහ් ගගා හති දානකොට ලොකු හාමුදුරුවෝ මේක දැක්කා.
ලොකු හාමුදුරුවෝ මේ සාමණේර පොඩි හාමුදුරු නමගෙන් ඇහුවලු “ මොකද සාමණේර නම මේ හති දාන්නේ?” කියලා
එතකොට මේ සාමණේර පොඩි හාමුදුරු නම කියනවලු මෙන්න මෙහෙම!
“ අනේ අපෙ ලොකු හාන්දුරුවනේ මගදි බල්ලෙක් මාව වළදන්න ආවා! මම වැඩ්ඩා වැඩිල්ලක් ආරාමෙට! මගේ සිවුර පහළ වෙලේ”