අඳුරු කොරිඩෝවක
නෙත් දිලෙන සේයා
යතුරු කවුලුවක් තුල
පිබිදෙනා මායා
ශ්‍රී ලාංකිකයෙක් ලෙස මාධව සිතන්නේ මෙහෙමය. ඒ් සිතන හැටි අමු අමුවෙන්ම වාගේ කියන්නේය. ඒමෙන්ම ඒ්වා අකුරු කරන්නටද කැමැත්තේය. ඉතිං මේ තියෙන්නේ අකුරු කල ඒ්වාය. කියවන්න එන අයට ආයු බෝ වේවාය.
මිත්‍රවරුණි,
තාත්ත කෙනෙක් තෙල් පෝලිමේ මැරුන.
පපුව කඩාගෙන යන සිදුවීම් ඒව.
මැරුණ කෙනාටවත් කාටවත් නෙමෙයි වේදනාව
ඔවුන්ගේ සමීපතමයන්ට
ඒ මරණයගැනත් පෙරදා මරණ සේම
මිමීස් හැදෙනව, වීඩියෝව ශෙයා වෙනව
ඉස්සරහට කුමක් වෙයිද අවිනිශ්චිතයි.
මරණයේ භූමීයද මේ?
අද මාධව කියන්නේ දැනුම ලබා දෙන තාක්ෂණික කාරණාවක් ගැනය. වර්තමානයේ බෙහෙවින් ජනප්‍රිය මෙන්ම අත්‍යවශ්‍ය වන screenshots ලබා ගැනීම ජංගම දුරකථනයෙන් බොහෝ පහසු වුවද පරිගණකයෙන් සිදු කිරීමේදී බොහෝ අය තවමත් කළුවරේ අත පත ගාන්නේය.
ඒ් නිසා මාධව අද ඒ් ගැන කියන්නේය. මේවා අදාල වන්නේ windows මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ඇති පරිගණක උදෙසාය. ලිනක්ස් පිලිබඳව වෙනත් දිනෙක කියවෙනු ඇත.
මිත්‍රවරුණි
ආදරය කියන්නෙ උපතක උපත.
ඒ උපත නම් ගංගාවේ ගහගනෙ යන එකෙක් විදියට මාධවත් ආදරයෙන් බැට කාල තියනව. ආදරය විඳල තියනව. පලමු දෙතොල් හාදුව විඳගැනීම මෙන්ම අවසාන නලලත හාදුවේ වේදනාවත් හොඳට අඳුනනව.
විරහව..............
මාධව හැමදාම ඇලුම් කරන රසයක්.
ඒක අපූරු හැඟීමක්.
විරහවේ ගිලී හිඳීම නොවේ මාධව අදහස් කරන්නේ..
විරහාවේ ගිලී දුක් විඳීම නොව ඉඳ හිට විරහව මෙනෙහි කරලා බලන්න මිත්‍රවරුණි