ලීක්


pic from google



එක එක විදියේ කුණුහරුප කතා හුගක් මාධවගේ කතා  ඉස්ටෝරුවේ තිබුනත් කාලයත් එක්ක ගමනක් තියන නිසාම කතන්දර කියා කියා කුණුහරුප කියා කියා  ඉස්සර කොල්ල කාලේ කෙලි දැන් බෑ. ඒක මාධව තෙරුන් අරන් හුගක් කල්. කොහොම උනත් වගකීමක් ගත්තම ඒ වෙනුවෙන් කැප වෙද්දී තමන්ගේ ආශාවන්, විනෝදය ටිකක් අඩු කරන්න වෙනවා. ඒක අවවාදයක්. නොමිලේ. මාධවගෙන්....



කොහොම හරි... කතාවට එමු.

දැන් හැම තැනම ලීක්ය. ලංකාව පුරාම ලීක්ය. මොන කරුමෙකට උනත් මේ එකෙක්වත් හිතා මතා ලීක් කරගන්න එවුන් නම් නොවේය. උන්ට සාදුකාරයක් මාධවගෙන් ඉඳා! සාදු සාදු සාදු!.....

කොහොම උනත් ලගදී බස් සින්දු අජිත්ද ලීක් කරන ඉන්න බව මාධව බුකියෙන් දැක්කේය. ඊට කලින් ජයසුරිය මහතාද, හසිනි නන්ගිද එහෙම්මමය. ඊට අමතරව පහුගිය ටිකේම තව  එකේක ජනප්‍රිය වර්ගයේ ලීක්ස් දකින්ට ලැබුනේය. ඒ නිසාම මාධවට සිතුනේ මේ ලීක් කේස් ගැන ටිකක් ලිවිය යුතුයි කියාය. ලිව්වා කියලා ලංකාව ලීක් වලින් තොර සුඛිත මුදිත වන්නේ නැත. එහෙම වෙනවාට බහුතරයක් කැමති නැත. මොක උනත් තමන්ගේ ඒවා ලීක් නොවී වෙන ඕනේ එකෙක්ගේ ලීක් වෙනවට ලංකාවේ බහුතරයක් (උන් අමුම අමු  කුහකයින්) කැමතිය. 

(ජපුර ප්‍රේමය අහන ගමන්!)

කොහොම උනත් මේක මහා අධම ක්‍රියාවලියකි. කෙනෙක්ගේ නිරුවතට පෙරේත කමේ දකින දකින හැම එකාගෙම නිරුවත දිහා බලාන වින්දනයක් ලබන පහත් ආකල්ප පිරුණු මිනිස්සුන්ගෙන් ලංකාව පරිපුර්න වී ඇත. ගුගල් වල සෙක්ස් සොයා එක වීම පුදුමයක් නොවේ.. SEX හැඟීමක් කෙසේ වෙතත් හුගක් දේවල් තියෙන්නේ තවත් කෙනෙක්ගේ නිරුවත පෙන්නගෙන අපහාස කිරීමටය. කෙල්ලෙක්ගෙන් බූටක් කෑවනම් එකී බඩුව කරලා ඒකිගේ නිරුවත මාකට් කරන එක දැන් ලංකාවේ ට්‍රෙන්ඩ් එක වී ඇත. මේ වගේ රටක ඉපදුනා නම් නිවන් යන 1 හොදම දේය. නැත්තන් ආයෙම මෙහෙම ඉපදී මැරී මැරී බදු ගෙවමින් ජිවත් විය යුතු වන්නේය. මාධව එහෙම හිතන්නේ දැන් කලක සිටය. එක්කෝ තියන අඩුම කුඩුම ටික විකුණා හිස් අතින් බෝට්ටුවෙන් හෝ ඕස්ට්‍රේලියා යා යුතුය. එවිට උන් මාධවලාව පැපුවා නිව් ගිනියාවට හෝ යවනු ඇත. මේ වගේ රටවල් වල ඉපදෙන්නේ පව් කන්දරාවක් ගෙවන්න තියන එවුන්මය. බලාගෙන යද්දී මේක අති ගරු ජනාදිපති ග්‍රාමසේවක තුමාගේ වගේ සිසෆේනියා ලේඩුන්ටම ගිය රටක්මය.ඒවා කොහොම වෙතත්  කොහොම වෙතත් නිරුවත අපහාසත්මකයිද.... රෙද්දක් තමයිය. SEX කියන්නේ නිරුවත කියලා හිතන් ඉන්න ලංකාවේ පහත් මානසික ලෙඩුන් නිසා මේක රැල්ලක් වී ඇත..

ලීක්............ රැල්ල............

මේකට හේතු කීපයක් ඇත. ප්‍රධාන හේතුවට කලින් මාධව අනික් ඒවා ගැන කලින් කතා කරන්න බලාපොරොත්තු වන්නේය. 

පලවෙනි එක විදියට මාධව දකින්නේ තමන්ගේ digital උපකරණ වගකීමක් නැතුව REPAIR කරන්න දීමය. පුද්ගලික පරිඝනකයක්, කැමරා එකක්, ජංගම දුරකතනයක් REPAIR කරන්න දෙන්නේ ලගම තියන කඩේකටය . එක්කෝ කිසිම වගකීමක් නැති තැනකටය . ඉතින් ඒවගේ ඉන්න අසහන කාරයෝ කරන දේවල් හිත ගන්න පුළුවන් නේද? මේකෙදි වෙන්නේ තමන්ගේ PASSWORD සහ අනිකුත් විස්තර ඒ කඩේ ඉන්න එවුන්ට නොදැනුවත් කම නිසාම ලබා දෙනවාය . ඉතින් උන් හොද හොද රිකවරි මුදුකාංග යොදාගෙන අදින්න පටන්ගන්නවාය. අදිනවා යනු මැකී ගිය දත්ත ආපසු රිකවරි කිරීමය. එවුන්ගේ භාෂාවෙන්ම කිව්වොත් ඇදීම. ඇද්දම හොද ඒවා නොතිබ්බොත් අදාළ උපකරණය අයිතිකාරයා හොද එකෙක්ය. වැරදිලාවත් යන්තමින් ඇඳුමක් රහිත කුප්ප දෙයක් තිබ්බොත් ඊළඟට වෙන දේ ගැන හිතා ගන්න පුළුවන්ය.

දෙවෙනි එක තමන්ගේ උපකරණ හැම එකාටම දෙන එකය. එකේදිත් වෙන්නේ එහෙමය. මෙමරි කාර්ඩ් එක, hard ඩිස්ක් එක, ලැප් එක මොන විදියේ digital උපකරණයක උනත් තමන්ගේ කියලා තියාගන්න එක වටිනවාය. එකෙන් කියන්නේ නෑ ගෑනියි මිනිහයි උනත් එහෙම ඉන්න ඕනි කියලා. තමන්ගේ ෆොන් එක පිට කෙනෙක්ට දෙන්න කලින්, ලැප් එක, ipad එක පිට කෙනෙක්ට දෙන්න කලින් හිතන්න ඕනෑය. මේක තමන්ගේ. පාවිච්චි කරන්නේ තමන් විතරයි කියලා හිතීම වැදගත්ය. එකේ තමන්ගේ හෝ කාගේ හරි නිරුවත තිබ්බත් නැතත් මාධවගේ අදහස ඒකය.. මොකද digital උපකරණ නිසා මිනිසා තමන්ව සමාජයට නිරාවරණය කෙරෙනවාය. ඔහු /  ඇය  නොදැනුවත්ව. ඔහු / ඇය ගේ ආරක්ෂාව පිලිබඳ, පුද්ගලිකත්වය පිලිබඳ ගැටළු මතු වෙන්නේය. ඒ නිසා තමන්ගේ digital උපකරණය තමන්ට සහ තමාගේ විශ්වාසවන්ත සහකරුවාට පමණක් සිමා කරන්න( හරියට ලිංගික ඇසුර වගේය!).

(රාමාට මා සැකයි රාවණා ................. )

වැදගත්ම එක, ප්‍රධානම දේ මේකය!

මාධවට දැන් අහන්න තියෙන්නේ මේකය!  මොන රෙද්දකට තොපි  ඔව්ව රූපගත කරන්නේද?  කක පුසන නිසාද.? කොල්ල වීඩියෝ කරන්නේ නම් කෙල්ලට විරුද්ද වන්නට පුළුවන. කෙල්ල වීඩියෝ කරන්නේ නම් කොල්ලෝ ජුන්ඩා නලවන ඒක නවත්ත්වා විරුද්ද විය යුතුය. මොන රෙද්ද කරත් ඔව්වා වීඩියෝ කරන්නේ අහවල් බම්බුවකටද කියා මාධව යලි යලිත් අසන්නේය.. ඒවා වීඩියෝ නොකර, පොටෝ නොගෙන වැඩේ කරගෙන ගෙවල් බලා යාම යහපත් බව තෙරුන් ගන්නේ නම් ලංකාව මෙයට වඩා තරමක් හෝ සුන්දර වනු ඇත.

තමන්ගේ පුද්ගලික දේවල් පුද්ගලික විදියටම, සොඳුරු මතක විදියට තබාගත්තනම් ගැටළු නැති බව තේරුන් ගත යුතුය. මාධව මේ කියන්නේ තමන්ගේ මඟුල් තමන්ම වීඩියෝ කරගෙන දැන් විදවන එවුන්ටය.

කිස් එකක් දීම, පුරුෂ ලිංගයක් හෝ  ස්ත්‍රී ලිංගයක් හෝ  ස්ත්‍රී පියවුරු, ස්ත්‍රී දණහිස් දිහා ලිංගිකව බලන උන් ලංකාවේ පිරිලාය. බස් ඒකක සෙනග හිර වෙලා යන්න බැරි තරමට අසහන කාරයෝ පිරිලාය. ලඟදි ගෑනුන්ටම වෙන් වූ පෙට්ටි ආවේ ඒ භින්දාය! කොයි දේ කරන්නත් කලියෙන්  මුලින්ම ලංකාවේ එවුන්ගේ මනස හදන්න උවමනාය . ජංගි හොරුන් බිහිවන්නට ඉඩ නොදෙන ජාතියක්, ගනුන්ට ජැක තියන්න ඉඩ නොදෙන ජාතියක්, විනයගරුක අනුන්ට ගරු කරන ජාතියක්, පුද්ගලිකත්වයන්ට ගරු කරන ජාතියක් මේ රටට අවශ්‍ය වී ඇත. ක්‍රිකට් දිනුවත්, අයි එම් එෆ් ණය දුන්නත්, යුද අපරාධ ආවත් ඒ එකකටවත් වඩා වැදගත් වන්නේ උතුම් රටක උතුම් ජාතියක් නිර්මාණය කිරීම මිස රෙද්දේ ඉතිහාසය ගැන පම්පෝරි ගැසීම නොවේ.

කීමට බොහෝ දේ ඇතත්, මාධව කතාව මදක් කෙටි කරන්නේය. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ටිකය.  මේ හැමදේම නිවැරදි කරන්නට  කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බැරි තරම් ලංකාව පිරිහිලාය. ආගමක්, ජාතියක් නැතුව තනිකරම ශ්‍රී ලාංකික මිනිසුන් විදියට වැදගත් විදියට ජිවත් වෙන්න ලංකාවේ මිනිසුන් ඉගෙන ගන්නේ කවදාද යන්න ගැටලුවකි. මේවා සේරම නිවැරදි කරන්න  පටන් ගන්න ඕනි කොතනින්ද?

මාධව හිතන්නේය.

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form