Tinto Brass - සම්භාව්‍ය ගණයේ නිල් සිනමාකරු!





ටින්ටෝ බ්රාස් - මේ කව්ද කියලා මාධවත් අඳුන ගත්තෙ කාලෙකට පස්සෙ! නිල් බැලුවට නිල් වල අධ්‍යක්ෂක වරු ගැන හදාරන්න කව්රුත් උනන්දු වෙන්නෙ නැති එකේ මාධවට අමු කැවිලා කියලා කට්ටියට හිතුනත් එක අතකින් කමක් නෑ! නමුත් මෙතන කතාන්දරය ගොඩක් වෙනස් දෙයක්!


ඉතිං ගොඩ කාලෙකට පස්සෙ ලැබුවා වූ 2015 නව වසරෙ ඉස්සෙල්ලම දෙන්න යන්නෙ අසභ්‍ය කතාවක් කියලා කට්ටිය හිතයි! නෑ! මේක ඊට එහා ගිය දෙයක්!

මේක අසභ්‍ය ගනයට දාලා කියවන්න හිතන සදාචාරාත්මක කට්ටි එහෙනම් වැඩේ දැන්ම අතාරින එක හොඳයි.

18+ විවෘතව හිතන කට්ටිය මෙතනින් ඉදිරියට කියෙව්වට කමක් නෑ!

ඉතිං මේ Tinto Brass නැමති මේ පුද්ගලයා අමුතුම ආකාරයේ සිනමා අධ්‍යක්ෂක වරයෙක්! මොහු ශෘංගාරාත්මක ගණයට අයත් සිනමා සිත්තම් නිර්මාණයේ නියැලී සිටින අයෙක්! මොහුගේ සිනමා කෘති කීපයක්ම මාධවට නරඹන්න හැකි වුනා පහුගිය විවේක වෙලාවක!! ඒවා නැරඹුවම ඒවාගේ තිබෙන වෙනස්ම කතා පුවතක් සහිත ශෘංගාරය සුන්දරව ඉස්මතු කරන්නාවූ(අපේ සංස්කෘතියට කිසි සේත්ම නොගැලපෙන බව නම් කිව යුතුමයි) අමුතුම කතා පුවත් නිසාම තමයි මාධවට මේ පුද්ගලයා ගැන කුහුලක් මතු වුනේ!


ඇත්තටම කව්ද මේ Tinto Brass?




විශාල සුරුට්ටුවක් මුවේ රඳවාගෙන කැමරාව මත අතක් රඳවාගෙන අමුතු ගැම්මකින් බලා ඉන්න මේ අමුතු මනුස්සයගේ පොතේ නම ජියොවානි බ්රාස් - Giovanni Brass. උපතින් ඉතාලියන් ජාතිකයෙක්! ඉතාලියානුවන්ගේ රහසිගත ජීවිතය මේ යැයි කිව හැකි ආකාරයට “බ්රාස්“ විසින් සිය සිනමා සිත්තම් නිර්මාණය කර ඇති ආකාරය අපූරුයි. මුලින්ම තිර රචකයෙක්, සහාය අධ්‍යක්ෂක වරයෙක් ලෙස සිනමා කර්මාන්තයට පිවිසි හෙතෙම පළමු වරට තමන්ගේම කියා නිර්මාණයක් එළි දැක්වූයේ වර්ෂ 1963දී. ඒ Chi lavora è perduto (In capo al mondo) නැමති සිනමා පටියයි! ඉන් පසු විවිධ ආකාරයේ සිනමා පටි රාශ්‍රියක් ප්‍රේක්ෂක අපගේ රස වින්දනය සඳහා තිළිණ කරන්නට මෙම අසහාය නිර්මාණ කරුට හැකි වූවා! ඔහුගේ සිනමා පට බොහෝමයක පිටතින් පෙනෙන්නා වූ රාගාන්විත, ශෘංගාරාත්මක චලනයන් අතුරින් දිස්වන්නා වූ ජීවිතයේ සියමු තැන් ස්පර්ශ කරමින් ගලා යන අභ්‍යන්තර සිනමාත්මක කතාන්දරය බොහෝ දෙනාට වැටහෙන්නේ නැති තරම්! මාධවත් මුලදී මේවා වැල වරකා ගනයට දමා නැරඹූ බව කිය යුතුයි!



නිදසුනක් ලෙස ඔහුගේ සාර්ථක නිර්මාණයක් වන “ මිරැන්ඩා “ නැමති සිනමා සිත්තම සැලකීමට පිලිවන! මාධවගේ මතයට අනුව එහි මිරැන්ඩාගේ කාමුක ජීවිතය පිළිබද කතාවට යටපත් වී තිබෙන යුද්ධයේ ප්‍රතිඵල පෙන්නන්නා වූ සියුම් ජවනිකා අනුව එය අතිශය සංවේදී නිර්මාණයක්! නමුදු මෙය ඇතැම් විට නිල් සිනමා ගණයට වැටීම ශෝකජනක බව මාධවගේ අදහසයි.





පැප්රිකා නම් වූ ඔහුගේ සිනමා සිත්තම මාධව අතිශය ප්‍රිය කරන්නක්! තම ශරීරය විකුණා ජීවත් වීමට උත්සහ දරන්නා වූ තරුණියකගේ අතිශය සංවේදී කතාන්දරය මේ සිනමා සිත්තමේ ඇතුලත්!! පැප්රිකා ලෙස බ්රාස්ගේ විශිෂ්ට අධ්‍යක්ෂණය යටතේ සුන්දර සංවේදී රංගනයක් ඉදිරිපත් කළ ඈ නමින් Debora Caprioglio නැමති ඉතාලියන් තැනැත්තියක්! විවිධ මිනිසුන්ගේ මන දොල සපුරා ගැනීඹට සිය ශරීරය විකුණා එමගින් සිය ජීවිකාව ගැට ගසා ගන්නා ඇයට අවසානයේ ඇගේ කුළුදුල් ආදරය, සැබෑ ආදරය ගණිකා මඩම තුලදීම හමුවන්නා වූ කතා පුවත ඉතා නිර්මාණාත්මකව සිනමාවට ගෙන ආ “බ්රාස්“ කලාකරුවාගේ හැකියාව අගය කල යුතුයි.





මෙයට අමතරව ඔහුගේ Cheeky!, Caligula වැනි  සිනමා සිත්තම්ද සුන්දරයි. ඒවාද ශංගාරය වෑහෙන කතාන්දර බැවින් ඒ සියල්ලම වැඩිහිටියන්ට පමණක් සීමා කර ඇති බවද මාධව පවසන්න කැමැතියි. එසේම දැනට සිනමා අධ්‍යක්ෂක ටින්ටෝ බ්රාස් විසින් කෙටි සිනමා පට දෙකකුත් අනෙකුත් සිනමා පට 27කුත් නිර්මාණය කර ඇති බව විකීපිඩියා කෝෂයේ දැක්වෙනවා!


විශිෂ්ඨතම සිනමාකරු ලෙස 2012දී සම්මානයට පාත්‍ර වූ ඔහු විටින් විට විවිධ සම්මාන දිනා ඇති අතර ඉතාලියේ වැනිස් සිනමා උළෙලේදී හොඳම සිනමා කෘතියට හිමි සම්මානයටද වරක් පාත්‍ර වී ඇති දක්ෂ සිනමා කරුවෙක්!


දැන් සමහර විට මේක කියවපු කීප දෙනාට උනත් මේ ටින්ටෝ බ්රාස් ගැන අමුතු හැඟීමක් ඇවිල්ලත් ඇති! කොහොම වෙතත් ලංකාවේ හඳගමත් මේ වගේ අමුතු කතාන්දර හඳන කෙනෙක්! හඳයාගේ කතා වලට ඉදිරියේදී නම් මොනා වෙයිද මංදා! කොහොම වෙතත් බ්රාස්ගේ ශෘංගාරාත්මක ආතල් එකට යටින් පෙන්නන ආතල් කුඩු වෙන ජීවිතේ ඇත්තම ඇත්ත කතාව දිහා බලලා ජීවිතයේ තවත් පැති තේරුම් ගන්න උත්සහ කරන අය ඉන්නවනම් ගූගල් දෙවියගෙ පිහිට පතලා බ්රාස්ගෙ සිනමා සිත්තම් රස විඳින්න! ඉතාලි භාෂාවෙන් නිර්මාණය කරලා තිබුනත් “ඔබ නලයේ“ - යූ ටියුබ් එකේ ඉංග්‍රීසි හඩ කවපුවත් ඇති! එහෙනම් පුංචි දැනුවත් කිරීමකට නොදන්නා කෙනෙක් ගැන කියන්න මේ ආටිකල් එක බ්ලොග් එකේ පෝස්ට් කරලා ඊළගට දේශපාලන විග්‍රයහක් කරන්න බලාගෙන සමුගන්නං!

එහෙනම් ආයෙමත් හැමෝටම මාධවගේ කතා තුලින් සුභ පතතවා!

සුභ 2015 නව වසරක් වේවා!

3 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form