කස්ටිය බුකියේ කෙලින පිස්සු!


මේවා කියලත් බෑ නොකියත් බෑ! ඒත් ගොඩක් කස්ටිය කෙලින පිස්සු දැක්කම මේවා මෙහෙම නොලියම බෑ! ඉතිං මෙන්න මේකයි අද කියන්න යන්නේ! කස්ටිය බුකියේ කෙලින පිස්සු! ආහා! නොදන්න අයටයි මේ කියන්නේ! බුකිය කිව්වේ ටවුමෙ හන්දියේ තියන අශ්ව රේස් බුකිය නෙමෙයි! ක්‍රිකට් ඔට්ටු දාන අන්තර්ජාතික රේස් බුකියත් නෙමෙයි! මූනු පොත නොහොත් ෆේස් බුකිය...... ඔන්න ඕකේ අපේ කස්ටිය කෙලින පිස්සු වැඩ ටිකක් තමයි කියන්න යන්නේ!



පළවෙනිම එක කස්ටිය ලේසියට කරන දෙයක්! ලයික් වීම! මොන කරුමෙකට හරි මේ බුකියේ මහ එවුන්ට,  ඒ කියන්නේ බුකියේ නිර්මාතෘ වරුන්ට(සිංහල දන්න එකෙක් ඉන්නවලුනේ කාර්ය මණ්ඩලේ! ) අමතක වෙලා හෝ හිතා මතාම අකමැති බොත්තම (Dislike) කෝඩ් කරන්න බැරි වෙලානේ! (ගූගල් බස් එකේ නම් Dislike කියලා තිබ්බා වගේ මතකයි!!)  ඉතිං තියෙන්නේ කැමති බොත්තම විතරයි!  ඔන්න ඕක නිසාම අපේ එවුන් තැලෙන යකඩේ තව තව තලන්නා වගේම තියන තියන හැම එකටම ලයික් වෙනවා! හැම එකටම! මුලදි මාධවත් එහෙම කලා! පස්සේ ටික දවසක් යද්දි තමයි තේරුනේ! මේක වැරදියි කියලා! අපේ මේ  බුකියේ බඩ ගාන යක්කු, කෙනෙක් මැරිලා කියලා තිබ්බත් ලයික් වෙනවා! කෙල්ල/ කොල්ලා තමාව දාලා ගිය නිසා සිංගල් (SINGLE <3) කියලා තියන එකටත් ලයික් වෙනවා! කකුල කැඩුනා කිව්වත් ලයික් වෙනවා! ඕන නැති, ඇති හැම රෙද්දටම ලයික්!! පිස්සු හැට හුට හමාරයි!!

ඊළග එක ගේමිං! අප්පා ඒක නම් ලෝක වදේ! එක එක ඇප්ස් වලට ඉල්ලීම්! මාර වදයක්! මාධව නම් එහෙම එන එන හැම request එකක්ම බ්ලොක් කරනවා! මොකද ඕවට ගියාම මාර ලෙඩ වැටෙන්නේ! සමහර ඇප්ස් වලින්, පරිශීලකයා දන්නෙම නෑ තමන්ගේ මූණු පොතේ ගිණුම ස්පෑම් වෙලා! හැක් වෙලා!! ඒ අස්සට ෆේස් මූඩ්ද අරවද මේවද හැම බඩකඩුත්තුවම දාගෙන චැට් කිරිල්ල! එතකොට චැට් කිරිල්ල අස්සේම ඒවගෙ ඇඩ් හෝ ලින්ක්ස් වැටෙනවා! චැට් කිරිල්ලත් එපා වෙන තරමටම!

ඔන්න නෙක්ස්ට් කේස් එක! ඒ තමයි ලින්ක් ෂෙයාරිං! ඕකට ගොඩක් අහුවෙන්නේ බුකියට අද ඊයේ ආපු එවුන්! උන්ට බුකියට ආපු ගමන්ම උනක් හැදෙන නිසා දෙන දෙන පු* මොන පු*ක් උනත් ෂෙයා කරනවා අනික් එවුන්ටත් මල වදේ වෙන්නම! ඉතිං දන්නෙම නෑ ඌව හැක් වෙලා කියලා! පහුගිය ටිකේ තිබ්බ රිහානගෙ වීඩියෝ එකක් ගැන කියන ලින්ක් එක ෂෙයා වුන හැටි තමයි හොදම උදාහරණේ ඒකට! ලින්ක් වලින් ස්පෑම් වීමට! මාධවගේ මිත්‍ර අමිලයත් ඔය වීඩියෝ එක බලන්න ගිහින් ඌත් ස්පෑම් වෙලා! ඌ දන්නේ නෑ! අනික් එවුන්ට ඔටෝ චැට් වෙනවා ලින්ක් එකත් එක්ක!! මාධව ඌට කිව්වම තමයි දන්නේ ඌටත් බඩු හරි කියලා!

ඔන්න ඔය ටික කියන්නයි අද මේ පැත්තේ ආවේ! ඉතිං උඹලගෙත් මෙහෙම ගති තියනවනම් ටිකක් හරි ගස්ස ගනිල්ලා! වැරැද්දක් කියනවා කියලා හිතන්න එපා! මාධවට හිතිච්ච දේ තමයි කොටලා දැම්මේ! එහෙනම් සුභ දවසක්.....................!!

 - - - - - - - - - - - - -  - - - - - - - - - - - - -  - - - - - - - - - - - - -  - - - - - - - -
ප.ලි. - මාධව මේ පෝස්ට් එක කොටන වෙලාවෙම බුකියේ ස්ටේටස් එකක් දැම්මා මෙහෙම! ඒක හිතේ දුකට දාපු එකක්! කියවන ඕන කෙනෙක්ටත් ඒක තේරෙනවනේ! මේ තියෙන්නේ!

“ හැමදාම උදේටත් හැමදාම රෑටත් මං එවන පුංචිම පුංචි කෙටි සුභ පැතුමටවත් උත්තරයක් එවන්නවත් බැරි තරම්ම ඔයා මගෙන් ඈතට ඈතට ගිහින්ද? “

යකෝ ඒක දාලා විනාඩි 5ක් යන්න කලින් ඒකටත් 5 දෙනෙක් ලයික්නේ!! මාධවගේ දුකට උං ලයික්.....................!!

11 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. අබරන් සීයාFebruary 6, 2012 at 12:56 AM

    ලයික් පමණක් තියෙන්න හේතුව නම් මම හිතන්නේ ඒ මගින් මිතුරන් අතර නොහොද නෝක්කාඩු වෙන එක අවම කරන්න ... ලියික් Dislike දෙකක් තිබ්බම කට්ටිය දෙකට බෙදෙනවා නේ ..... කැමති නම් like කරන්න නැත්තම් නිකන් ඉන්න වගේ දෙයක් තම ඒ ගොල්ලෝ කියන්නේ

    ReplyDelete
  2. ඔය ලයික් එකනම් ඔහොම තමයි.. මම නම් පින්තූරෙකෙට ඇරෙන්න ලයික් එකක් දාන්නේ ගොඩක් අගුවෙන්.. ඔය ලින්ක් එකක් ශෙයාර් කරපු එකක් මට ඇවිත් දන්නෙ නැතුව බැලුවයින් මටත් අර කියපු ලෙඩේ ආවා..

    ReplyDelete
  3. අපේ එකෙක් ඉන්නවා ගෙදර පූසගේ බල්ලගේ ඉඳන් ඌට උණක් හෙබ්බිරිස්සාවක් හැදුනත් ෆේස් බුකියෙන් තමයි අප්ඩේට් එක දෙන්නේ.....ගොඩක් වෙලාවට ඌ ඉන්නවා දැක්කම හෙමීට මාරුවෙනවා...රෙදි ගැලවෙන පෝස්ට් දානවා යාළුවෝ ඉස්සරහා...අපි ඒක නිසා ඌට කාඩ් එකක් දැම්මා "බොකා" කියලා...

    ReplyDelete
  4. //මාධවගේ දුකට උං ලයික්//

    මාධවගෙ දුකට පුං...

    ReplyDelete
  5. මම මේ ලඟදි දැක්කා එක ෆෝටෝ එකක් දාලා ආගම් විරෝදී, ඒකට අකමැති අය ශෙයා කරන්නලු. මොකද්ද බං ඒ හරුපේ කියලා මාත් කල්පනා කලේ.
    henryblogwalker the Dude

    ReplyDelete
  6. @අබරන් සීයා - කොහොම උනත් නරක ඒවට ,වැරදි ඒවට අකමැති බොත්තමක් තිබ්බනම් හොදයි කියලයි මාධව හිතන්නේ!!


    @දිනේෂ් - රිහාන ලෙඩේද? අම්බානක එවුන්ට ඒක ෂෙයා වෙලා තිබ්බා! වෙලාවට මගේ එදා ඒකට යන්න කලින් ඩිලයිට් ඉවර උනා!

    @ ඔබා මාමා - !@#$%$#$@%$#%$#@$#@

    @ ඔබ නොදු‍ටු ලොවක් - අපෙත් ඉන්නවා බං ඔහොම එවුන්! පිස්සු උන්ට!

    @ රාජ් - ෆට්ට! හිකිස්!

    @ ඩූඩ් - හම්! ඕවා තමයි අනික් එක! ආගම් ඇදලා ගන්න ඒවා මම නම් රිපෝට් කරනවා! දේශපාලනේ සම්බන්ධ ඒවටත් ඒ ආනිසංසෙමයි!


    ඒ සේරම හරි! කව්දෝ ලින්ක් එකක් ෂෙයා කරලා තිබ්බා බුකිය මාර්තු වල වසා දමනු ලැබේ කියලා! පට්ට ඒකනම්!

    ReplyDelete
  7. හාපෝ...මාත් ආව මුල්දවස්වල් යාළුවො මටත් නමක් දාල තිබුන ලයිකි කියල...පස්සෙ පස්සෙ මටත් නිකන් ඒක විකාරයක් වගේ කියල තේරුණා...දැන්නම් ලයික් දාන්නෙමනැති තරම්...:/

    ReplyDelete
  8. මගේ රාජ් සහොදරයත් ලයික් නම් ඉතින් මාත් ලයික්..හික්..මේ ඔය බුකිය පැත්තේ වැඩිය නොයා හිටහං...

    ReplyDelete
  9. මටත් බුකිය අරහං වෙලා තියෙන්නේ ඔය පිස්සු විකාර නිසා තමයි... කොල්ලයි, බල්ලයි හැම එකාම බුකියේ... චැට් එනේබල් කලොත් ඉඳලා ඉවරයි. අල්ලපු ගෙදර එකත් චැට් කරන්න එන්නේ බුකියට...


    ඔබ ලයික් එකේ වැඩේ නම් ඇත්ත සහෝ... අද මාව හැප්පිලා කකුල කැඩුණා... කිව්වොත් ඒකටත් ලයික් දාන එවුන් ඉන්නවානේ...

    පෞද්ගලිකවම සැබෑ ජීවිතේදී සම්බන්ධකම් පවත්වන ලඟම යාළුවෝ කීප දෙනෙක්ට ඇරෙන්න අනෙක් අයට නම් මම Like, Comment දාන්නේ කලාතුරකින්... බුකිය නම් අප්පරසන්නයි... ඕ..ක්..!!!

    ReplyDelete
  10. @ චතුරංග පෙරේරා! - ඇත්ත මචං! උඹ කියද්දි මතක් උනේ බං තව එකක්! කවදාවත් මූණට කතා නොකරන එවුන් බුකියෙදි පැණි හලන්නේ පණට පණ ඉන්න උන් වගේ බං! කියලා වැඩක් නෑ!

    @ නිසපු - ලයිකි! නරක නෑ නම! හිකිස්!

    @ ඉංග්‍රීසි රාජ් - අපෝ අලුත් පෝස්ට් එකක් දාලා ඒක ෂෙයා කරන්නයි පොටෝ ටිකක් අප්ලෝඩ් කරන්නයි විතරයි යන්නේ! චැට් එහෙම අප්පිරියයි!

    ReplyDelete
Previous Post Next Post

Contact Form