සල්ලාප කුටියේ අකුරු අතරින් ගලා ආව ආදරය නැතිව බැරි තරම්ම හිතට වැදිලා.
අපි ආදරය කරන්න පටන් ගත්තේ සල්ලාප කුටියේ අකුරුත් එක්ක! අපි මූණට හම්බුනාම කතා කරන දේවල් වලට වඩා හාත්පසින්ම වෙනස් දේවල් ගැන අපි සල්ලාප කුටියේදී කතා කලා. එළිමහනේ හමුවුනාම ඒ කිසි දෙයක් නොදන්න ගානට අපි නිකම්ම හිනා උනා. එතකොට ඒ ආදර කතා අපේ මතකේ විතරයි. ඒ මතකයේ තිබ්බ දේවල් වචන වලට පෙරලන්න අපි බය උනා. එකිනෙකා රහසින් ආදරය කලා. අවසානයේ දිනක් එක් විද්‍යුත් ලිපියක් නිසා අපි අපිටම හිමි වුනා. හිතේ තිබුනු සියලුම හැගීම් පිරුණු විද්‍යුත් ලිපිය අපේ ජීවිත ආදරයෙන් පුරවා දැම්මා. හිත් වලින් ආදරේ කරපු අපි සැබැවින්ම ආදරේ කරන්න පටන් ගත්තා...........
කාලයත් එක්ක අපි සයිබර් අවකාශයෙන් බැහැර සැබෑ ලොව ආදරේ සොයන් ගියා. එය සයිබර් අවකාශයේ ආදරය තරම්ම ලස්සන උනා. අපි ඒ සයිබර් අවකාශයේ මතකයන්ට ආසා කලා. ඒ සල්ලාප කුටියේ මතක ආවර්ජනය කරමින් තුටු උනා. සල්ලාප කුටියේ හුවමාරු උන සිප ගන්නා මූර්ති රූපක වෙනුවට අපි සැබෑවින්ම එකිනෙකා සිප ගත්තා. සල්ලාප කුටියේදී නොදැනුනු අපේ දෙතොල් වල තෙත් බව අපි සැබෑ ලෝකයේදී අපූරුවට විදගත්තා. අපි ඇවිද්දා. අතැගිලි පටලවන්. ඒ වගේම ඒ සයිබර් අවකාශයේදී කිසිවිටක නොදැනුන එකිනෙකාගේ උණුසුමත් අපි සැබැවින්ම විදගත්තා. අපේ හදවත් ගැහෙන රාවය අපි දෙදෙනාම හදුනා ගත්තා. සල්ලාප කුටියේ අකුරු හා රූපක වලින් තොර වූ යොවුන් ආදරය අපි හදුනා ගත්තා.............
යතුරු පුවරුව ස්පර්ශ කල අපේ අතැගිලි සල්ලාප කුටියෙන් පිටතදී එකිනෙකාගේ ඇගිලි මත ස්පර්ශ උනා. අපි මිමිනූවා. අපි කතා කලා. අපි සිනා සුනා. අපි සැබැවින්ම රණ්ඩු උනා. අපි ඇත්තටම බැන ගත්තා. අපි හැඩුවා. අපි සල්ලාප කුටියේ අකුරු වලින් බෙදා ගත් හැම දේ සැබැවින්ම අත්දුටුවා. අපි අපිවම විදගත්තා. අපට හැකි සේම. නමුත් කාලය නපුරුයි. අපිව යලිත් සල්ලාප කුටියටම සීමා කරන්න තරම්ම කාලය නපුරු උනා. අපි යලි යලිත් සල්ලාප කුටිය තුල අපිවම ආදරෙන් වෙලා ගත්තා. කලකට පෙර සේ ලගට වී හිද කියාගන්න බැරි දහසක් හැගීම් අපි සයිබර් අවකාශයේ දත්ත තුලින් එකිනෙකා වෙත මුදා හැරියා. ඒත් සයිබර් අවකාශයේදීද අප වෙන්වීමට වැඩි කල් ගියේ නෑ. දැන් ඒ ආදරණීය ආදරය තව දුරටත් බලාපොරොත්තු රහිත වෙලා.............
හැගීම් නැති නමුදු අනුනට හැගීම් දනවන මූර්ති රූපක පවා තුෂ්ණිම්භූත වෙන්න ඇති අපි වෙන් උන ඉක්මණ දැකලා. ඒ තරම්ම කෙටි කාලයක අපි ආදරේ දුක්බර අවසානයකට ඇවිල්ලා. එදින් පසු අවසානය දක්වාම සල්ලාප කුටියේ ආදරය නිමා වන අවසන් මොහොත තෙක්ම අපි ඇඩුවා. එකිනෙකා දැක ගත නොහැකි සල්ලාප කුටියේ යලිත් තුරුලු වී.. වෙන් වෙන්න වෙන බව දැන දැනම අපි තුරුලු වී හැඩුවා. ඇති තරම් මූර්ති රූපක හුවමාරු උනා. ඒ හැම මූර්ති රූපකයක්ම හැඩීම නිරූපණය කරන්නක් වූවා. අප අතර හුවමාරු වූ සෑම වැකියක්ම නිමා වූයේ හැඩීම සංකේතවත් කරන්නා වූ රූපකයක් එක්ක. ඉතිං අපි වෙන්වෙලා. අන්තිමට දැන් ඒ සල්ලාප කුටියේ පාලුව රජ කරන්න පටන් අරන්.....
මේ විදියට සයිබර් අවකාශයේ ආරම්භ වූ ආදරයක් නැවත සයිබර් අවකාශයෙන්ම නිමා වෙලා. සයිබර් අවකාශයේ සල්ලාප කුටියේදී පළමු වරට හා අවසාන වරට තුරුලු වූ ඒ අපි ආයෙ කවදාවත් එකිනෙකා තුරුලු වෙන්නේ නෑ. ලෝකයක් බලාපොරොත්තු එක්ක පටන් ගත්ත ආදරය අවසානයේ කිසි බලාපොරොත්තුවක් නැති සයිබර් අවකාශය තුලම නැත්තටම නැති වෙලා යන්නම ගිහින්..............
කිසි බලාපොරොත්තුවක් නැතිව..... ආයෙත් නොඑන්නම.................
ඔක තමා බං ආදරේ මහ පුදුම දෙයක් කියන්නේ...
ReplyDeleteආදරය හින්දා හැමමෝම විදිනවා ඒවගේම විදවනවා
ReplyDeleteomg an http://www.ibricajusic.com/files/dl9.php?2v0v1v3-Picture11.JPG
ReplyDeleteසල්ලාප කුටිය කියන එක තේරුං ගන්න සෑහෙන වෙලාවක් ගියානෙ මට, 'චැට් රූම්' කියන එක නේද?
ReplyDeleteආදරය හරි අමුතුයි යාළුවා..
ReplyDeleteආදරය හරි අමුතුයි යාළුවා..
ReplyDelete@ raj - ya bN! pudumai!
ReplyDelete@ dedunu - 100% aththa
@ nisupa - y OMG??
@Oba mama - Ow ara sinduwakath thiyenne! athula adhikaarige! man eeken thamai oya wachanee ahula gaththe!
@ dinesh - aththa bn! agak mulak gana hithaganna bee!
Madanne na oba magei kiya.. ow godak aya vidawanne adarayamai..adaraya nokalanam? t
ReplyDeleteසයිබර් එකේ සෙට් වෙලා මගේ ෆෙන්තෙක් කසාදත් බැන්දා....එහෙම ඒවත් තියෙනව ඉතිං.....
ReplyDeletematath godak dukai me kathawa mehema iwara unu 1ta... :(
ReplyDelete