බයිසිකල් ජරමර හෙවත් මාධවගේ බයිසිකල් දිනපොත..... 02






කලින් පෝස්ට් එකෙත් කිව්වා වගේ මාධවගේ ගොඩක් ප්‍රියතම විනෝදාංශය වන බයිසිකල් පැදීම මාධව කලේ ගොඩක් ආසාවෙන්.
ගොඩක් කැමැත්තෙන්. ඒත් මාධවගේ මේ බයිසිකල් චාරිකා වලට තිබ්බ ලොකුම බාධකේ තමයි මහ වැස්ස. මාධවලගේ පැත්තට වැස්සෙන් නම් අඩුවක් නෑ. ඇත්තටම ලංකාවේ වැඩිම වැස්සක් වැටෙන පැත්තක් කිව්වත් වැරදි නෑ. අනික් බාධකය තමයි ඉතිං මාධවගේ ටෙක් ජීවිතේ පටන් ගත්තට පස්සෙ තියෙන කාර්යබහුල කම! මොකද උදේ 5ට 6ට විතර නුවර යන්න පිටත් වෙන මාධව ආයේ ගෙදර එනකොට හවස 6ට 7ට වෙනවා. ඉතිං ‍මොන විනෝදාංශද? ගෙදර එනකොට මාධවට හොද ගණං! ඒ මදිවට ගෙදර ඇවිත් මහා වැඩ කන්දරාවක් තියනවනේ කරන්න, ක්ලාස් එකේදි දීපුවා. ඉතිං බඩුම තමයි. ඔන්න ඔහොම ටෙක් එකේ වැඩ වලට හිර වුනාට මාධවගේ හිතේ බයිසිකල් පැදීම ගැන තියන ආසාව නම් පොඩ්ඩක්වත් අඩු උනේ නෑ. ම්ම්ම්!!!

ඉතිං මාධවම අන්තිමට තීරණය කරපු පරිදි වහින්නෙ නැති, විවේකයක් තිබ්බොත් ඉරිදා හවසට විතරක් බයිසිකල් පදින්න මාධව පුරුදු උනා. ඉස්සර හැමදාම හවසට හවසට ගමන් ගිය ගමේ රයිඩර් දැං ඉතිං දකින්න අඩුයි. ඉරිදා හෝ වෙනත් විශේෂ නිවාඩු වලට විතරක් පාරට වැටෙන මේ රයිඩර් දැං අනික් දවස් වල දකින්න නෑ.(ඒත් මේ දවස් වල නම් හැමදාම වගේ බයිසිකල් සවාරි ගියා. ඕං දැන් ආයෙත් වැස්ස පටන් අරන්..........)

ඉතිං ඔන්න ඔහොම කාර්යබහුල බව මැද්දේ සිද්ධ වෙච්ච, මාධවගේ බයිසිකල් දින පොතේ තියන තව කතා දෙකක්, තුනක් කියන්නයි මේ හදන්නේ. ඉතිං ආයෙක් එකතු වෙන්න මාධවගේ  බයිසිකල් දිනපොත කියවන්න.

ඉතිං එක්තරා දවසක මාධව තනියම බයිසිකලෙන් ගමනක් යන්න පිටත් උනා. ඒ තමයි මාධවගේ යාලුවෙක් වන බක චිනාගේ (චින්තක) ගෙදර! මේ බක චිනාගේ ගෙවල් තිබ්බේ මාධවලගේ ඉස්කෝලෙ ගාවින් පහලට යන පුංචි තාර දාපු පාර දිගේ කි. මී 5ක් 6ක් විතර පහලට ගියාම..! එළ මද බෑවුම් පල්ලමක්. දිය ඇල්ලක් එහෙම පහු කරන් යන මේ ගමන සුන්දරයි. ඉතිං මේ බ්ලොග් එකේම කලින් පෝස්ට් එකේ දාල තියන මෙන්න මේ ෆොටෝ එකත් වෙන ගමනක් ගිය වෙලාවක මේ කියන ඇල්ල ලගදි  ගත්ත එකක්!

මේ තියෙන්නෙ ඔය කියන ඇල්ල තමයි. වතුර වැඩි කාලෙට මේ ඇල්ල මාර ලස්සනයි. මේක ගැන වැඩියෙන්ම දැන ගන්න ගොඩක් හේතු වෙච්ච සිද්ධියකුත් උනා. මං ඒක වෙලාවක ඇත්ත නැත්ත එක්කම දාන්නම්කෝ. ඒක ගැන ටීවී එකෙත් නිවුස් වලට එහෙම ගියා. තව පරණ පෝස්ට් එකකත් මේ ඇල්ල ගැන මාධව ඔයාලට කියලා තියනවා.


ඒත් දැන් නම් මේ ඇල්ල ගැන එච්චර අවධානයක් නෑ. කොහොම වෙතත් මේ ගමන මාධව ගොඩක් ආසාවෙන් ගියේ. මොකද ඒ පැත්තේ ලස්සන සුන්දරත්වය දැකගෙන, නිදහසේ ගිහින් එන්න පුලුවන් ගමනක් නිසා..



ඉතිං මේ කියන ගමනට මාධව පිටත් උනා. හුලං එහෙම ගහගෙන. තිරිංග එහෙම තද කරගෙන දැන් පිටත් උනා. ඉස්කෝලෙ පහු කරලා ඇල්ල (අර කලින් කිව්ව කතාවත් මාධවට මතක් නොවුනා නෙමෙයි. ඒත් මහ දවල්ට මොන හොල්මංද?) ගාවත් ටිකක් ඉදලා ඇල්ලෙ කොච්චර ලස්සනද කියලා බලාගෙන ආපහු යන්න ගිය ගමන යනවා. මේ පාරෙ යන්තම් පොඩි ලොරියකට යන්න පුලුවන් තරම් තමයි ඉඩ තියෙන්නේ. වාහන දෙකක් මාරු වෙන්න නම් කොහොමත් අමාරුයි. එහෙම වාහන හම්බුන වෙලාවට ඉතිං රිවස් කර කර එක එක විකාර කරගෙන කොහොම හරි මාරු වෙනවා.

ඉතිං මාධව හෙන පරිස්සමින් හෙමීට තමයි බයිසිකලේ පැදං ගියේ. මද බෑවුම නිසා ඇරලා යන්න තිබ්බට මොකද ඉස්සරහින් වාහනයක් මූණටම එනකල් පේන්නෙ නෑ! වංගු වැඩි නිසා. ඉතිං ඔහොම ඔහොම මාධව බක චිනාගෙ ගෙදරට ගියාට වැඩක් උනේ නෑ. ඒකා එදා ගෙදර නෑ. ෂිට්! මාධවට කෝල් එකක් දීලා එන්න තිබ්බනේ! ඉතිං මොන මගුලක් කරන්නද කියලා ආයෙත් එන්න පිටත් උනා. දැන් තමයි මේ කියන ජරමර කේස් එක මාධවට පාත් උනේ. මුලින් කිව්වනේ යද්දි ගියේ බෑවුමක කියලා. ඒ වගේම බස් එක, ලොරි කටු එහෙම ගිහින් ඒ පාරත් ගොඩක් සවුත්තු වෙලා තියෙන්නේ! මාධවගේ ගමට පාර නොදෙන එවුන් ඕකට තාර දායිද කියලා අහන්න ආයෙ දෙයක් නෑනේ! ඉතිං පාර අමුමු අමු වලවල් එක්ක ගන්න දෙයක් නෑ. ඉතිං ඔහොම වලවල් වලින් බේර බේර ගමන ගිය නිසා මාධවගේ අත් දෙකත් ටිකක් රිදෙන්න ගත්තා. අනික වලවල් බේරන්න ගියාට වැඩක් නෑ, එතකොට තව වලක වැටෙන නිසා. ඒත් ඉතිං එහෙම පහලට ගිහිං ආයෙත් ගෙදර එන්න කියලා දැන් සැහැල්ලු ගියර් එකකුත් දාගෙන මාධව හෙමීට හෙමීට උඩට පාගනවා.

ඔන්න ඔහොම මාධව ඒ පාරෙම ඉන්න පොරගේ තවත් යාලුවෙක් වන චානකගේ (වයර් පෙට්ටියේ බහින චානක) ගේ ගාවට ඇවිත් චානකගේ හුලං පොම්පේ අරන් වලවල් වල වැටිලම හුලං අඩු වෙච්ච රෝද වලට තව හුලං ටිකක් එහෙම ගහගෙන චානක එක්කත් ටිකක් කදේ දාගෙන ඉදලා ආයෙම ගෙදර එන්න පිටත් උනා. (චානකගේ සයිකලේ හා කොකාව ආයෙත් එකතු කරන් තවත් කතාවක් කියන්නම් ඉස්සරහට). ඉතිං ඔහොම උඩට උඩට පැදං ඇවිත් අර දිය ඇල්ලට කී.මී එකයි දශම පහක්  විතර තියෙද්දි මාධවට තේරුනා මොකක් හරි ගිනි ගෙඩියක් පාත් උනා කියලා. ඉතිං මාධව සයිකලේ නවත්තලා බැලුවා මොකක්ද යකෝ මේ අතට දැනිච්ච ලෙඩේ කියලා. බලද්දි බඩුම තමයි. හැඩල් එක  ලූස් වෙලා. වංගුවක් ගත්තම වැඩියෙක් කැපෙන්න යනවා වගේ දැනෙනවා. ඒ වගේම බ්රේක් අල්ලද්දි හැඩල් එක අතට එනවා වගේ දැනෙනවා. ඉතිං බලද්දි වැඩේ හරි. ඒ කියන්නේ පහලට යද්දි වලවල් බේර බේර යන්න උන නිසා වගේම වලවල් වල වැටෙද්දි ගැස්සෙන නිසා හැඩල් එක ටිකක් ලූස් වෙලා. ෂිට්.... දැං තව යන්න කීමී 2ක් විතර තියෙද්දි මේ වගේ දෙයක් උනාම කාටද අවුල් නැත්තේ... ඊට පස්සේ බැලුවා වට පිට. ගෙවල් වලින් උදව් ඉල්ලන්න බෑ. මොකද ඒ මුරිච්චිය(නට් එක) තද කරන්න අඩුවකින් බෑ. ඇලැන්කි කියන ඇන වර්ගය තමයි තිබ්බේ! ඉතිං ගෙවල් වල ඇලැන්කි තද කරන අඩු නෑනේ! ඒවා තියෙන්නෙ ගරාජ් වල විතරයි කියලා දන්න මාධව බැලුවේ හැඩල් එක බදින්න පුලුවන් ලනුවක්! යන්තම් කන්ද ඇද ගෙන ගිහින් ඉස්කෝලෙ ගාවට දා ගත්තනම් එතන ඉදං  මාධවගේ මාමගේ ගෙදරට තියෙන්නෙ පල්ලමක්  නිසා තල්ලු කරන් යතෑකිනේ!




ඒත් එදා මහ නසරානි දවසක්. ගිය ගමන හරි ගියෙත් නෑ. බයිසිකලෙටත් බඩු. මගුලක් වත් නෑ අහල පහල බදින්න හැඩල් එක. ඉතිං කරන්න දෙයක් නෑනේ! ආපහු ෂේප් එකේ පැදගෙන උඩට උඩට එනවා. එහෙම එද්දි දැනෙනවා හැඩල් එක තව තව ලූස් වෙනවා කියලා. ඉතිං බ්රේක් අල්ලද්දි එහෙම හෙමීට පරිස්සමින්! ඹහොම ඔහොම මාධව කොහොමෙන් කොහොම හරි අමාරුවෙන් ඇල්ල ලගටම පැදං ආවා. ආවට පස්සේ තවත් හොදට බලද්දි තමයි දැක්කේ දැන් නම් තවත් පැදං යන එක ඇගට ගුණ නෑ කියලා. මොකද එතනදි හැඩල් එක අල්ලද්දි ඒක ගැලවිලා මාධවගේ අතට ආපු නිසා. මාධවට දැං දුකයි. මොකද මේක හදාගන්න ගරාජ් එකට ගෙනියන්න තව දවස් දෙක තුනක් වත් යාවි. අදම යන්නත් බෑනේ! අතේ සල්ලිත් නෑ. ඉතිං කොහොම හරි ආයෙත් යන්තං හැඩල් එක මූට්ටු කරං අපේ සුධීරයගෙ ගේත් පහු කරගෙන වැනි වැනී පැදගෙන ඇවිත් ඉස්කෝලෙ ගාවට දා ගත්තා. ඉතිං ඊට පස්සේ මාධව සයිකලෙත් තල්ලු කරං ගෙදරට ආවා. ඔන්න එහොමයි මාධව පළවෙනි පාරට හැඩල් එක අතේ තියාන බයිසිකල් පැද්දේ!

ඉතිං මේ සන්තෑසිය අස්සෙම මාධවට ටවුමට යන්න සෙට් උනා. එදා නම් වැහැලා නිසා හොදයි. නැත්තම් දුක වැඩියි වැස්ස නැති වෙලාවට සයිකලේ තියලා පයින් යන්න. ඉතිං ටවුමට ගිහින් එන අතරේ මාධව දිගාගෙ කඩේට සෙට් උනා. එතන රුද්‍රිගු අංකලුත් හිටියා. මාධව මේ කස්ටිය ගැන කලින් කතාවේ කිව්වනේ. මේ කියන දවස් වෙද්දි නම් මාධව අක්කලගෙ සමමිතික අක්ෂ වල ජේදනය වෙන්න ගිහින් තිබ්බේ නෑ. ඉතිං එතන ඉන්නකොට රුද්‍රිගු අංකල් ඇහුවා මාධවගෙන් “කෝ සයිකලේ“ කියලා. ඉතිං මාධව වෙච්ච සිද්ධිය කිව්වා. ඉතිං එතකොට “අංකල් කිව්වා ස්පැනර් එකෙන් තද කරන්න“ කියලා. මාධව ආයෙ කිව්වා “ඇලන්කිනේ අංකල් තියෙන්නේ. මාර ලෙඩක් කියලා“ කියලා. ඒ පාර අංකල් කිව්වා “ආ එහෙනම් සයිකලේ අරන් එන්න. මං හදලා දෙන්නම්“ කියලා. අන්න පොට. දුකෙන් හිටපු මාධවට මාර සතුටුයි. ඉතිං කියන්න ඕනි රුද්‍රිගු අංකල් කියන්නේ වාහන වැඩ ගැන දන්න, ඒ කියන්නෙ මෝටර් කාර්මික ඉංජිනේරු තාක්ෂණය හදාරලා තියන දක්ෂ කෙනෙක්. ඒක මාධවලගේ ටවුමේ ඕන කෙනෙක් අංකල් ගැන දන්න දෙයක්. ඉතිං එයා මාධවගේ සයිකලේ හදලා දුන්නා. කිසි අවුලක් නෑ. ෆුල් සර්විස් එකක් දාලා දුන්නා. සත පහක් ගන්නේ නැතුව.එළටම! ඉතිං ගොඩක් ස්තූතියි අංකල්! මාධව ආයෙත් එයාට ස්තූති කරනවා.

චානකගේ සයිකලේ හා කොකා සමග විස්තරය වෙන පෝස්ට් එකක කියන්නම්කෝ! එතකං මේක කියවන්න. මේකත් මාධවගේ සයිකල් දින පොතේ තියන තවත් කතාවක් තමයි. ඉතිං කියවලා බලන්නකෝ!

මේක උනේ මාධව ඔය අමිලගේ ගෙදර පැත්තේ බයිසිකලෙන්ම ගිය වෙලාවක. අමිල ඉන්නේ මාධවලගෙ ටවුමේ පුස්තකාලේ ගාව. ඉතිං මාධව පිටත් උනා. හති දාගෙන දාඩිය පෙරාගෙන කන්ද පාගලා ටවුමට දාගත්තට පස්සේ නම් මාධවට මාර ආතල්! කාපට් එකේ යනකොට පොඩ්ඩක්වත් දැනෙන්නේ නෑනේ! ඉතිං අර වලවල් වල වැටි වැටී කටු කකා සයිකල් පදින මාධවට මේක උතුම් අවස්ථාවක් පියාඹන්න කියලා. ඉතිං ඉස්සරහ ගියර් උපරිමයට දාලා දැන් පියාඹනවා ටවුම මැදින්! තත්පර කීපයකින් මාධව ටවුමෙන් අනික් පැත්තේ නුවර පාරට දාගෙන වේගය අවුලක් නෑ පියාඹගෙන අමිලගේ ගෙවල් පැත්තට විදිනවා.ඉතිං මෙතන කියන්න අතුරු සිද්ධියකුත් තියනවා.

මාධව මේ කියන්න යන අතුරු සිද්ධිය ඔය අමිලලගෙ ගෙදර ගිය දවසේ තමයි අනිවාම උනේ කියලයි මාධවගේ අනුමානය. මෙන්න මේකයි අතුරු සිද්දීය. මාධව ටවුම මැද්දෙ මේ යන යෑම දැකපු කවුරු හරි එකෙක් මාධවගේ තාත්තට දැනුම් දීමක් කරලා තියනවා පුතාගෙ වේගය නම් හරිම හොදයි, ටිකක් බලන්න කියලා. ඊට දවස් දෙකකට විතර පස්සේ මාධවගේ තාත්තා මාධවට ඔය කාරනේ කියලා අමතපදං නිසාම තමයි මාධව හිතන්නේ ඒ පණිවිඩේ කියලා තියෙන්නේ මේ කියන අමිලගේ ගෙදර ගිය දවසේ කියලා. තාම මාධව ඕක තාත්තට කියපු එකාව හොයනවා. ඒත් මාධව තාම දන්නේ නෑ! ඌ කවදහරි මේක කියවනවනම් ඒ කියපු එකාට තමයි මේ කියන්නේ! ටවුම මැද්දේ සයිකලෙන් බඩ ගගා හිටියම බස් කාරයෝ බනින එව්වට කව්ද බොල උත්තර දෙන්නේ?? අන්න ඒ හේතුව නිසාමයි මාධව එච්චර ඉක්මණට ටවුමෙන් එළියට පිට උනෙත්. නැත්තං බස් කාරයෝ කුණු හරුපෙන් බනින නිසා පාර මැද්දේ (* බළධාරියා විසින් කුණුහරුප ටික කපා දාන ලදී *) කියලා! ඒකට මේ මාධව මොනා කරන්නද....??

ඉතිං අතුරු සිද්ධිය තාම ඉවර නෑ! මොකද මාධව ඌව තාම හොයනවා. ඉතිං අපි ආපහු යමු ප්‍රධාන සිද්ධියට ආයෙත්.............

ඉතිං අමිලලගෙ ගෙදරට ගිහින් අදාල වැඩ කටයුතු ඉවර කරලා එහෙම, ඒ කියන්නේ පෙන් එක සම්බන්ධව ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කටයුතු, මාධවයි අමිලයි දෙන්නම ගියා නාලක අයියාගෙ ගරාජ් එක පැත්තේ කැරම් ගහන්න. ඒකත් කරලා ඉන්න ගමන් මාධවට හිතුනා නුවර පාරට උඩින් තියන තේ වත්ත පැත්තේ සයිකලේ අරන් රවුමක් යන්න. මොකද ඒ තේ වත්ත උඩට කන්දට ගියාම මාර ලස්සනට මාධවලගේ ටවුම වටේටම පේනවා. ඇත්තටම ගොඩක් ලස්සනයි. ඉති මාධව කන්ද නගිනවා.ඒත් අමිලයා නම් ආවේ නෑ. ඒක උගෙත් (නරක) වෙලාව. උං ආපහු වෙන කැරම් අතකට සෙට් උන නිසා මාධව විතරයි තනියම ගියේ. ඉතිං මාධව හෙමින් හෙමින් නැගගෙන උඩමට ගියා. මේ තියෙන්නෙ එහෙම ගිය වෙලාවෙ ගත්ත පොටෝ ටිකක්! ඒ වෙලාවේ ටිකක් වැහි අදුරකුත් තිබ්බා.








ඉතිං මේ තේ වතු වල අතුරු පාරවල් ගොඩයිනෙ.කොන්ක්‍රීට් කරපු මේ පාරවල් තියෙන්නේ ඒ ඒ පැති වල කඩපු තේ දලු එකතු කරන ලොරි වලට යන්නනේ! ඉතිං මාධව උඩට ගිය පැත්තෙන් නෙමෙයි, අමිලලා හිටපු ඒ පැත්තටම වැටෙන වෙන රවුම් පාරක ආපහු එන්න පිටත් උනා. තවත් ලස්සන තැන් ටිකක් බලාන එන්න කියලා. ඉතිං ඔහොම ටික දුරයි පහලට එන්න පුලුවන් උනේ මාධවට. එක පාරට මාධවව රත් වෙලා ගිය දර්ශනයක් දකින්න මාධවට පුලුවන් උනා. අෆොයි.............



මාධව ආපහු පහළට එන පාරේ තේ පදුරු ටිකකට මුවා වෙලා ෂෝක් සිද්ධියක් වෙනවා. මාධවව රත් වෙලා ගියේ බලාපොරොත්තු නොවූ එහෙම දෙයක් එක පාරට දැකපු නිසයි. ම්ම්ම්ම්! බලං ඉන්න එකත් හරි මදි වගේ. මාධව ක්ෂණිකව ආපහු හැරුනා (ඔය කිව්වට තත්පර 15ක් විතර වැඩේ දිහා බලන් හිටියා). ඒ ඇයි දන්නවද? මාධවට දැං දැන ගන්නම ඕනි උනා කව්ද මේ ඩබල කියලා. දන්න එවුන් දෙන්නනෙක් නම් එහෙම. ෂෝක් නේ! බැරි වෙලාවත් මාධව එක්ක එන්න බෑ කියපු ටොමියා එහෙම නම්. ඕකත් ෂුවර් නෑ අයියා..........!!!  ඉතිං මාධව ටික ටික කිට්ටු කලා. ම්ම්ම්ම්ම්හ්! අදුනන්නෙ නම් නෑ( ඒත් ඇත්තටම ටී ෂර්ට් එක නම් ටොමී ළග තිබ්බ එකක් වගේමයි මතක). ඉතිං ජෝඩුව තාම ලාවට වැඩ. ඒ දෙන්නා මාධවව දැකලා නෑ. මාධව එහෙම හිතා ගත්තේ මොකද උං දන්නා ලෝකෙ පෙරලුනත් දන්නේ නැති තරම්ම තුරුල් වෙලා! මාධව කිට්ටු කලාට නැනෝ මීටරයක් ඈත් වුනේ නෑනේ! හරී සෝක් අනේ ආසාවේවේවේවේ  පන යනවා..... ඒ දෙන්නගේ වැඩ කිඩ සැරටම යන තත්වයක් එතන නෑ වගේ. ඒත් සැරටම යන්නත් බැරි කමක්, බාධාවකුත් නෑ!  මොකද එදා ඉරිදා වත්තෙ වැඩ නෑනේ. ඉතිං මාධව  තීරණය කලා (ඒ දෙන්නා මාධවව නොදැකපු එකේ) ඒ දෙන්නට බාධාවක් වෙන්න පුලුවන් නිසා ඒ පාරෙ නොයා ආයෙම පාඩුවේ අනික් පැත්තට පැදගෙන කන්දෙ ඇවිත් ආපු පාරෙම ආපහු එන්න. ඉතිං මාධව කිසි දෙයක් නොදන්න ගානට ඇවිත් ටොමීට එහෙම සිද්ධිය නොකියා (ඌ නෙමෙයි එතන ඉදලා තියෙන්නේ, මොකද  මාධව ගරාජ් එකට ආයේ එනකොටත් ඌ රෙඩා පොට් කරගන්න දත කනවා) තව ටිකක් උං එක්ක ජොලියෙ ඉදලා ගෙදර ආවා.

ඔන්න ඔහොම සිද්ධ වෙච්ච ඒ සිද්ධිය අද තමයි මාධව ඉස්සෙල්ලම එලියට දාන වෙලාව. මේ පෝස්ට් එකෙන්. ඒ කියන්නේ බයිසිකල් දිනපොතේ තියන කපල් එකක් තේ වත්තක උම්ම්ම්ම්මා දීමේ අති රහසිගත සිද්ධිය ප්‍රසිද්ධ කරන පළවෙනි දවස. ටොමීට එහෙම කිව්වනම් උං ඒක බලන්න යන්න පෙළඹුනොත් එහෙම! මොකද නිකං පොඩි උං නරක් කරන්නේ කියලා මාධවට හිතුනා. ඉතිං එදා ඒක අමිලයට එහෙම නොකිව්ව අවංක හේතුව ඒකයි කියලා මෙතන කියන්නම්කෝ. අනික මාධව නොකිව්වට තේ වත්තට අඩි 3ක් 4ක් පහලින් ඉන්න අමිලලා ඕවා ඕන තරම් දැකලා ඇති. නැද්ද ටොම්????  ඒ වගේම මාධව මේක දැම්මා කියලා තේ වත්තට උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා දෙන්න යන කට්ටිය ඒක නවත්තන්න යන්න එපා. දිගමට තේ වත්තට ගිහින් උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා දෙන්න! මොකද මාධවට දැන් තේ වත්තට එන්න විවේකය අඩුයිනේ!

ඉතිං සයිකල් දින පොත දැනට වසා තබනවා. තව කතා ටිකක් එක්ක ඊළග පෝස්ට් එකෙන් ආයෙත් හම්බෙමුකෝ! බයිසිකල් ජරමර හෙවත් මාධවගේ බයිසිකල් දිනපොත එක්ක. ඉතිං දිගටම එකතු වෙලා ඉන්න. තවත් කතා ටිකක් එක්ක ඉක්මණටම එන්නම්!සුභ දවසක්!

------------------------------------------------------------------------------------------------------------

ප.ලි. -  මාධව එදින ඒ කපල් එකේ කිසිම ෆොටෝ නොගත් බව කරුණාවෙන් සලකන්න! එවැනි වැඩක් කිරීමට තරම් මාධවගේ හැගීම් නීච නැත!

ප.ලි. - දේවා අයියා කමෙන්ට් එකක කිව්ව දෙයක් නිසා තමයි මේක ලියන්නේ(දේවා අයියගෙ කමෙන්ට් එක නිසාමයි ඒක මතක් උනෙත් ඇත්තටම. ඒ නිසා දේවා අයියට තෑන්ක්ස් කරන්න ඕනි). කොකාම මාධවට පස්සේ කිව්ව විදියට පොර එහෙම හිනා වෙලා තියෙන්නෙ ඇත්තටම ඌට මඤ්ඤං වෙච්ච නිසා තමයිලු. ඒ කියන්නෙ පොරට, ඇදගෙන වැටිච්ච ‍පාරට ඇති වෙච්ච ෂොක්(කම්පනයට) එක නිසාම කිසි දෙයක් හිතා ගන්න බැරි වෙලා. ඉතිං කරුණාච්චිගේ ක්‍රීම් සෝඩා සංග්‍රහයට පස්සේ තමයි පොරගේ මඤ්ඤං හිනාව නැති වෙලා සීරියස් පෙනුමක් ආයෙත් මූණට ආවේ.







4 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. අනේ මේකෙ අකුරු ටිකක් ලොකු කරන්නකො.කියවන්න අමරුයිනෙ.:(

    ReplyDelete
  2. k nisupa! mmm man eeka ikmanatama hadannam! thankX ee gana danuwath kalaata!

    ReplyDelete
  3. මාධව බ්ලොගක් ලියන බව දැනන් හිටියෙ නැහැනෙ, අහම්බෙන් ආවෙ මේ පැත්තෙ, බයිසිකලේට වෙච්ච දේවල් කොහොම වුනත් පින්තුර ටික නම් මරේ මරු. මාධව ඉන්නේ නියම පලාතකනේ. කොය් පළාතේද ඔය, නුවරට කිට්ටුය් වගේ.

    ReplyDelete
  4. මං දැන් අවුරුද්දකට කිට්ටුයි ඔබා මාමා! ම්ම්ම්! තෑන්ක්ද් මේ පැත්තේ ආවට! මේ නුවරට බස් එකේ නම් පැය දෙකක විතර යන නුවරට ගොඩක් දුරින් තියන පැත්තක්!

    ReplyDelete
Previous Post Next Post

Contact Form