තොරතුරු තාක්ෂණය සමග කිණ්ඩි වීම




මේ කතාව ලියා දමමි යැයි මාධව සිතුවේය. එහෙත් පල කරනවාදැයි තීරණයක් නැත. ඒක අතකට පල නොකරන ලිපියක් ලිවීම කාබාසිනියාකාර වැඩක් දැයි සිතෙන්නේය. ඒ්ත් ලිවීමද විනෝදාංශයක් බැවින් කල යුතු දේ කල යුතුය. ඒසේ හෙයින් තොරතුරු තාක්ෂණය සමග කිණ්ඩි වීමේ කටයුතු කීපයක් ලිවීමට මාධව කල්පනා කරන්නේය.



මේවා ඒක්කෝ වැඩපලේදී සිදු වූ ඒ්වාය. ඒ්මත් නැතිනං ටෙක් ජීවිතයේ සිදු වූ ඒ්වාය! පාසල් කාලයේදී සිදු වූ දේවල් නැත්තේම නැත! ඒ් ගැන කලිං ලියා ඇත. කෙසේ වෙතත් මේ තොරතුරු තාක්ෂණයේ මූලිකම කටයුත්තක් වන්නේ ලාංකිකයා හැටියට මාධවලාට නං පරිඝණක දෝෂ සැකසීම, පරිඝණක මෙහෙයුම් පද්ධති පිහිටුවීම  ආදී කටයුතු මිසක් “සිරා” දේවල් නොවේය. “සිරා” කිව්වේ “හිටපු ජනපතියා” නොවන්නේය! ”සිරා” යනුවෙන් මාධව අදහස් කලේ “රියල් වැඩ කිඩ” යන අදහසය. එහෙත් මාධවලා දැන් කරන දේ සුලුවට නොතැකිය යුතුය. කාර්යාලයේදි මග තොටේදී කොහේදී වුවත් මාධවලා කරන දේ සුලුවට නොතැකිය යුතුය! සුලුවට තකනු ලබන්නන්ට “ වායි මූටික්කෝන්ඩු ඉරුක්කල්! ” කියා කියන්නේය.


තවද ඔබ දැනගත යුතු වන්නේ මේවා ආදී කාලේ සිදු වීම් බවත් දැනුදු ඉදහිට සිදු වන බවත්ය.


ඉතිං දැං වායි මුඩි සහ කතාන්දරය කේලුංකල් ය!


අයි ටී වලදී මූලිකම අභාග්‍ය වන්නේ ටාගට් කරන ලද ලෙඩේ ආපිට පත්තු වීමය. ඒනම් දෝශය කැරකී තාක්ෂණික නිළධාරියා වෙතට කඩා පාත් වීමය. සරල උදාහරණය ලෙස ප්‍රින්ටරයක් වැඩ නැතැයි කියූ විට ටෝනරයේ පරීක්ෂා කිරීම් සිට ඩ්‍ර්‍රයිවර්ස් පවා ඉස්න්ටෝල් කර නැවත නැවත බැලූ විට, සමාගමේ උපදෙස්ද පිලි පැද බැලූ විට, අවසානයේ සමාගම් නියෝජිතට වද දී ගෙන්වා ගැනීමට ඇපොයිමන්ට් ඒකක්ද දමා සිටින විටෙක අවසානයේ මුද්‍රණ යන්තරයේ රැහැන් බාගෙට සම්බන්ධ වී තිබීම දෝශයට හේතුව බව පැමිණිලි කරු විසින්ම කුජීත ලෙස පවසා සිටීමේ නින්දා සහගත අවස්ථාවන් ගත හැකිය.

“මල්ලි කේබල් ඒක බුරුල් නොවැ”


ඒසේම මාධව පෙරද පල කල පරිදි සිංහල හෝ දෙමල භාෂා දෝශ සහිත වීම් සිදු වීමද මෙසේ ගැටලු වන්නේය. බොහෝ විට පරිඝණක නැවත පණ ගැන්වීමක සිට වින්ඩෝස් ඉන්ස්ටෝල් කිරීමක් දක්වාම ඇදී යන මෙම දෝශ සහිත අක්ෂර ගැටලුද ඉබේ නිවැරදි වීම පුදුම සහගතය! ඒවිට තොරතුරු තාක්ෂණ නිළධාරියාගේ තත්වය බිංදුවටත් පහල අගයක් ගන්නේය


කෙසේ වුවත් මේ වාගේ නින්දා සහගත අවස්ථා වලින් බේරීම සදහා මාධව විසින් අන්තර්ජාලය පරීක්ෂා කිරීමේදී හමු වූ ගැටලු විසදීමේ ක්‍රමයක් මෙහි පලකරන්නේ උපුටා ගැනීමක් ලෙසය


පළමු වැන්න වන්නේ ගැටලුව සහ එයට ලබා ගත් විසදුම  වාර්ථාවක් ලෙස සටහන් කර ගැනීමය. මෙහිදී වාර්තා පොතක් හෝ වර්ඩ් ඩොකියුමන්ට් තුල සැකසූ ලිපියක් හෝ ඔබට පහසු ආකාරයකින් “ගොනුවක්” නිවැරදිව දාතම සහිතව පවත්වාගෙන යාමය. ඒහිදී අතීතයේ උගත් පාඩම් පරීක්ෂාවෙන් ඔබගේ අනාගතයේ කිණ්ඩි වීමේ අවස්ථා අවම වී යනු ඇත. ඒ් මගින් ඔබට වැජබීමට අවස්ථාවක් ලැබෙනු  ඇත.


ඒසේම දෙවැන්න ලෙස මාධව යෝජනා කරන්නේ ඉවත් කිරීමේ ක්‍රමයයි. එය ලැයිස්තුවක්  ලෙස සැකසීම පහසු වනු ඇත.  දෝශයට උදාහරණයක් ලෙසට “කාර්යාලයේ භාවිතා කරනා එක් පරිඝණකයක අන්තර්ජාලය ක්‍රීයාත්මක නොවීම” ගත හැකිය.


එහිදී දෝශයට හේතු විය හැකි සියලූම දේ ( ඔබගේ දැනුම ප්‍රමාණයට, අන්තර්ජාලය පරීක්ෂාවෙන් සහ ඔබ දන්නා දැනුමැත්තෙකුගේ අදහස්ද  එ ක්කාසු කරගත් විට සෑහෙන කරුණු තිබිය හැකිය ) පිලිවෙලින් ලියා පරිඝණකයේ තත්වයන් සමග පරීක්ෂා කල හැකිය


දෝශය  - පරිඝණකයේ අන්තර්ජාලය ක්‍රියාත්මක නොවීම
විය හැකි හේතු -
  1. නිසි පරිදි ජාලයට සම්බන්ධ නොවීම - x
  2. නිසි පරිදි ජාලයට සම්බන්ධ වූවද IP ලිපින සැකසීමේ ගැටලු - x
  3. නිසි පරිදි බ්‍රවුසරය ක්‍රියාත්මක නොවීම - x
  4. වෙබ් බ්‍රවුසරය යාවත්කාලීන නොවී තිබීම - x
  5. Adware /  Malware වලින් ඇති කරන බාධා - x
  6. ෆයර් වෝල් ගැටලු - x
  7. දිනය සහ වේලාව සම්බන්ධ ගැටලු  - ✓
  8. මෙහෙයුම් පද්ධතියේ අභ්‍යන්තර දෝශ
  9. රවුටරයේ හෝ ජාලයේ දෝශ‍
  10. රවුටරයේ හෝ ජාලයේ සැකසීම් සමග පරිගණක සැකසීම් සමපාත නොවීම
  11. දෘඩාංග දෝශ


මෙසේ පෙල ගැස්වූ හේතු කාරණා එකිනෙක පරීක්ෂා කල යුතුය. ඉන් පසු හේතුව හදුනා ගන්නා තෙක් දෝශයට අදාල  නොවන හේතූන් ඉරකින් කැපීම හෝ අදාල කරුණට ඉදිරියෙන්  කතිරයක් සලකුණු කිරීම  (ඉහත දක්වා ඇති පරිදි) මගින් ඉවත් කල හැකිය. ඒකින් ඒක ඉවත් කර ඉදිරියට පරීක්ෂාවන් සිදු කරන විට පෙනී යන්නේ පරිඝණකයේ දිනය සහ වේලාව සහ කාල කලාප නිවැරදි නොවන බවය. ඒ්වා නිවැරදි කිරීමෙන් පසු අන්තර් ජාලය ක්‍රියාත්මක වන බව පෙනී යන්නේ නම් දෝශය තිබී ඇත්තේ එතන යැයි සිතුවාට එතනම නොවන්නේය. ඊළගට බැලිය යුත්තේ වේලාව අවුල් වූ අයුරුය.


එසේ නම් ඊ ලගට වේලාව අවුල් වීමට හේතු ලියා අදාල නොවන හේතු කපා දැමීමෙන් දෝශයේ මුලටම යා හැකිය. යලි දෝශය ඇති  නොවීමට පසුබිම සැකසිය හැකිය.


මේ සම්බන්ධව මාධව ළග  ඇති කතාන්දරය ඉතා අතීතයේ ඒකක්ය. මාධවගේ සහ කොකාගේ බුදු අයියා දස කැලුමා ගැන මාධව මීට පෙරද කියා ඇත්තේය. හෙතෙම දැන් “චාවෝ සිංඤෝරේ” කියමින් ඉතාලියේ දිවි ගෙවන්නේය. වර්ෂ දෙදහස් මුල ගනං වල දසකැලුමා දාඩිය හෙලා  මහන්සී වී උපයා ගත් මුදලිං පරිඝණකයක් ගත්තේය. එක්තරා ආයතනයකිං මිලට ගත් ඒ් පරිඝණකයේ මාධවලා දස වැඩ කිඩ දැම්මේය.  ඒ්වාට  වර්තමානයේ  මෙන් ෆෝ ජී - ෆයිව් ජී නොතිබුනේය. පරිඝණකයද පෙන්ටියම් 4 - 512 රැම් සහිත ඒකක්ය. නමුත් 80GB තැටිය තුල   3gp ක්ලිප් නම්  අම්බානෙක තිබුනේය. ඒ්වා ලබා ගැනීමට මාධවලා සතුව  තිබුනේ 2.5 G ජාලකරණයන් සහ ලාවට තුන ලගින් යන තුන් වැනි පරම්පරාවේ ජාලයන්ය. දස කැලුමා ගම්පල ගොස් මිලදී ගත් නෝකියා N 80 ජංගමය පරිගණකයට සම්බන්ධ කර Nokia PC Suite හරහා  Dial - UP  සම්බන්ධතා ගොඩ නගා ගත් මාධවලා දුප්පත් ගමට අන්තර්ජාලය රැගෙන ආවේ කොළඹ රටේ බහුතරයකට නොලැබෙන අවස්ථාවන් ගමේ බයියන්ට ඇති කරමින්ය. අද ඔය කෑ ගහන පඩත්තල පේජ් ඇඩ්මින්ලාට ඒහෙම යුගයක් තිබුනා නං බලන්න තිබ්බාය. යූ ටියුබර්ලා නොදන්න අමාරු කාලයක මාධවලා ඒකල ජාලයේ සැරිසැරුවේය. ඒ් නිසා දුරකථන  සමාගම් ලාංකිකයාව අතීතයේ සිට මේ දක්වාම  සූරං කන හැටි ද මාධව දන්නේය. මාධවගේ කතා වසර දහයකට ආසන්න කාලයක් ගොඩ නැගීමේදී මූලික කටයුතු සිදු වූයේ ඒකල වූ දුප්පත් ජාල සම්බන්ධයන් මගින්ය. ඒ් ගැන ලිවිය යුතු කතා වෙනමම ඒ්වාය.


කෙසේ වුවත් වැල්වටාරමින් තොරව කතාව මෙසේය. ටික කලෙකට පසු දසකැලුමා මිලට ගත් පරිඝණකයේ මෙහෙයුම් පද්ධතිය යලි පිහිටුවීමකින් පසු අන්තර් ජාලය “වානා” ය. සම්බන්ධ වන්නේම නැත. මුලදී දුරකථනයේ දෝශයක් යැයි සිතා ඒය මාධවගේ පරිඝණකයට සම්බන්ධ කල විට බඩු කනෙක්ට් වන්නේය. 3gp ද  බලන්න පුලුවන්ය. ඒ්ත් දසකැලුමාගේ බැරිය. ගූගල් ඒන්නේම නැත. Internet වානා ය!


මාධව පොර සේ ප්‍රොක්සි සෙටිංග්ස් පවා සැකසුවේය.
ගිනි හිවලා යලි යලි කැන්දුවේය (mozilla firefox)
සිස්කෝ එකේ ඉන්නකොට  දැනගත් වැඩ කෑලි වලින් කීපයක්ද ඇප්ලයි කලේය.
එකේක IP ලිපින වලට ping කරන්නේ ලැබෙන දේ ගැන මෙලෝ සසරක් නොදැන බවත් කි යුතුය.
අවසානයේ යලිත් ෆෝමැට් කර බැලුවේය.
දෝශය හරිය! අන්තර්ජාලය ලැබෙන්නේය! සතුටට දිගම දිග 3gp ඒකක් බැලුවේය.


එහෙත් අවාසනාව මාධවලාව ලුහුබැන්දේය. පහුවදා මැදියම් රෑ මැද උලමාගේ අදෝනාව මැද්දෑවෛන් දසකැලුමාගේ අදෝනාව ඇසුනේය දුර බනුව තුලින්ය.


“ මේ $$$ ආයේ වැඩ නෑ යකෝ”


හෙතෙම ආදර‌ෙං මාධවට කීවේය. මාධවට ඔහුගේ හැඟුම් තේරුණේය. තනිකඩ කල 3gp  නැතුව නින්ද එපා යැයි කියනා සමයෙක මාධවට දසකැලුමා ගැන පපුව පුරාවටම දුක සිතුනේය. උතුං අයියා පව් ය!




සහෝදරත්වයේ නාමයෙන් මාධවලා යලි යලිත් උත්සහ කලද දෝශය ඒසේමය. කොකාද උපදෙස් අරං ආවේය. ඒ්වාද සත පහකට වැඩක් නැත්තේය. සහෝදර පෙමද පරිගණකය හමුවේ කුජීත විය.


ඒසේ හෙයිං මක්ක කොරාන්නද සිතා මාධවලා මේ දෝශය අතැර දැම්මේය. ඒ් කාලයේ මාධවලා දෝශ වලට පිලිතුරු “ගූගල්” කරන්නේ නැත. ඒවා ට වැය කරන ඩේටා අපරාදේය. ඒ්වා 3gp වලට පමණක්ම වැය විය යුතුය. ඒසේ හෙයිං මේ ගැටලුව ගැටලුවක් ලෙසම මාසයක් හමාරක් පැවතියේය.


කාලය ගත විය. දස කැලුමා නාකි විය. මාධව තරුණ විය. දසකැලුමාගේ පරිගණය ඉදිරියේ හිදගෙන තිරයේ ලෙල දෙන 3gp එකක් දෙස බලා සිටි මාධවට වේලාව සිහි වී වේලාව බැලීය. අහෝ පුදුමයක්ය. වේලාව රාර්‍ත 8 පමණ විය යුතු වුවද උදෑසන 10 ලෙස වූ අමන වේලාවක් පෙන්නන්නේය. මාධව පිස්සු කාටද කියා සිතුවේය. පරිඝණකයට බව නිශ්චිත වූවේ බිත්ති ඔරලෝසුව දුටු නිසාය. නැත්තං දිවා රාර්‍ත වෙනස අදුනා ගත නොහී ඩිමෙන්ශියාවක් ඇතැයි සලකා මාධව අංගොඩ යාමේ අවදානමක් පැන නැගී තිබුනේය. රත්තරං බිත්ති ඔරලෝසුව මාධවගේ ජීවිතය ආරක්ෂා කලේය. බිත්ති ඔරලෝසුව ප්ලාස්ටික්ය. දිවි රැකි ආලය නිසා රත්තරං කෑල්ල වැටුනේය.


ඉක්බිති මාධව කල්පනා කලේය….. මේක යකාගේ වැඩක්ය. දස කැලුමා දිවුරා කීවේ හෙතෙම වේලාව වෙනස් නොකල බවය. ඒසේ හෙයිං මාධව වේලාව සැකසීමට ප්‍රථම පරිගණකය රී ඉස්ටාට් කොලේය. Del ඒබුවේය. BIOS වලට ගියේය! හම්මට සිරි  බඩුය. බයොස් කුජීත වී ඇත. ඒනයින් පෙනී ගියේ පරිඝණකයේ බැටරියට බඩු ලැබී ඇති බවය. ඒතැන් සිට අහෝය. සියල්ලටම විසදුම් ලැබුනේ පසුවදාය.


දසකැලුමා රු 60ක ක්ලොක් බැටරියක් ගෙනාවේය.
මාධව එය මව් පුවරුවේ ස්ථාන ගත කලේය.
වේලාව මුල සිට සකස් කලේය.


කණා වට මෙන් මාධවට ආ සිතුවිල්ලක් නිසාවෙන්, ඒහෙත් කිසිවෙකුට නොඅගවා “පොර” සේ  පරිගණකයට මොබයිලය සම්බන්ධ කලේය. ආඩ වනේ මුරුගාය! සම්බන්ධ කර බැලූ විට අන්තර්ජාලය ලැබෙන්නේය.


ඒසේ නම් සියල්ලටම හේතුව පරිගණකයේ කාලය නිවැරදි නොවීම සහ බැටරියේ දෝශ සහගත බව ලෙස මාධවගේ මනසේ තැන්පත් විය.


කතාන්දරයෙන් ටිකක් අහවරය. ඉතිං දෝශ නිරාකරණ කතාන්දර සමග යලිත් හමුවීමට මාධව බලාපොරොත්තු වන්නේය. එතෙක් වායි මුඩි කං මුඩි කාදු මුඩිය. පූ තෝට්ටි සාප්පිඩුංගල් ය. වඩ වානාය. නල්ල ප්‍රසිඩන්ට් වේනුම් ය... 🙏

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form