ඉල්ලා ඉවත් වීමේ නාටකය සහ තවත් කතාන්දර



අන්තවාදියෝ සහ වහල්ලු දෙගොල්ලොම එකම වල්ලේ පොල් බවට මාධවට හැගෙන්නේය. ඒ වෙනම කාරණයක් නිසාය. කෙසේ වුවත් මේ කතාව ලියන්නට සිතුනේ එක්සත් ජාතික පක්ෂයේ මුජිබර් රහුමාන් කියූ කතාන්දරයක් නිසාය. මුස්ලිම් උගතුන් රට හැර යන කතාවක් ඔහු පවසා තිබ්බේය. ඒ කතාවට බුකිය පුරා උත්තර තිබුනේය. බුකියේ තිබු ඒවා ගැන අදහසක් මාධව මෙහි  පල කරන්නේ නැති වුවත් මුජිබරයාගේ කතාවට නම් මාධවටද කිව යුතු කතාන්දර ටිකක් තිබෙන්නේය.


උගතා යනු උපාධි කිහිපයක් ගත් පුද්ගලයා බව ලංකාවේ මතය වන්නේය. පුංචි කාලයේ සිටම ලංකාවේ එවුන්ට පෙන්නන්නේ විජ්ජ විද්‍යාලය. දොස්තරවරුන්ය. ඉන්ජෝය. රජයේ සේවකයින්ය. ගුරුවරුන්ය. එහෙත් නොපෙන්වන්නේ යහපත් පුරවැසියෙක් වීමේ මාර්ගයක්ය. එහෙත් දැන් විජ්ජ විද්‍යාලයේ සිටිනා ගිරවුන් දුටු කල්හි එය වෙනම දෙයක් බව මාධවට පෙනෙන්නේය! එසේ හෙයින් මෝඩ මිනිසෙක් ලෙස මාධවට පෙනෙනා මුජිබර්ලාගේ කතාන්දර වලට උත්තර බැඳීමද ඒක අතකට ගොන් කමක් ලෙස මාධවට සිතෙන්නේය. කෙසේ වුවත් මාධවට කිව යුත්තේ මෙවැනි කතාවක්ය. 

කඩදාසි වලින් පුරවා ගත්  උගත්කම පරතෙරටම  තිබුනත් එයින් නිසි ප්‍රයෝජන නොගෙන කාලකන්නි වැඩ වල යෙදෙන්නේ නම් ඔහු උගතෙක් නොවනා නිසාය! බෝම්බ ගැසූ බහුතරයක්ම ඉන්ජෝය, උගත්තුය. නීති වෙදියෝය. ආගමක දර්ශනය අඳුනාගත නොහැකිව, මනුස්ස කම හඳුනා නොගෙන, හරි වැරැද්ද තෙරුන් ගන්නට නොහැකි නම් එම උගතාගෙන් ඇති වැඩක් මේ ලෝකයටම නැති නිසාය. එබැවින් රහුමාන්ට කිව යුත්තේ උගතා යනු වචනයේ පරිසමාප්තියෙන් උගතෙක් විය යුතු බව මිසක් ඔබලා වැනි දේශපාලනය කරනා නුගතුන් සහ බෝම්බ පුපුරවා ගන්නා “සල්ලි” උපාධි කරුවන් නොවිය යුතු බවය. ආගමක් සුරැකීමට කියා අන්තවාදී ලෙස හැසිරීම උගත්කම නොවේය. තවත් ජාතියක් විනාශ කිරීමට පිඹුරුපත් සැකසීමද උගත් කම නොවේය. නිවට නියාලු ලෙස ප්‍රහාර එල්ල කිරීමද උගත් කම නොවේය. ඔබලා මෙලෙස ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵලය වන්නේ ඔබ නියෝජනය කරනා ඔබගේ  සමස්ත ජාතියම අඳුරේ ගිලිමය. දේශපාලනය සහ අන්තවාදය කරපින්නා ගත් මිනිසුන් කිසිදාක උගතුන් නොවන්නේය. එය එසේය! ඔබේ දෙවියන් ඔබට දුන්නා යයි කියනා පුංචි මොලයට ඒ ටික දමා ගන්න ලෙසට මාධව ඉල්ලා සිටින්නේය.

මුජිබර් මහතාණෙනි, ඔබ විසින් කල යුත්තේ ලාංකික ජනතාවට ඔබේ පුහු දේශපාලන සද්දය දමා චන්ඩිකම් පෙන්වීම නොවන්නේය! ඔබ වැනි දේශපාලන හිගන්නන් නිසාවෙන් සමස්ත මුසල්මානු ජාතියම  මේ මොහොතේ අසරණකම හිස මුදුනටම කඩා වැටි අන්ත අසරණ වී ඇත. එය සත්‍යයක්ය. ඔබ වැනි දේශපාලකයින්ට සහ ධනවත් මුසල්මානු මිනිසුන්ට නොදැනුනද, එය නොපෙනුනද එය දැනෙන්නේ අප වැනි සාමාන්‍ය ජනයාටමය. අප වැනිම දුප්පත් මුසල්මානුවාටමය. ඔවුන් සමග තරහක් සමස්ත බහුතර ශ්‍රී ලාංකික ජනයාට නැත. ඇත්තේ සැකයක් සහ අවිශ්වාසය පමණක්ය. ඔබත් ඔබේ ආණ්ඩුවේ අනිකුත් මුසල්මානු නියෝජිතයෝ ටික එකතු වී කල යුත්තේ වහසි බස් දෙඩවීම නොවේ. එම සැකය දුරු කිරීමට සහ විශ්වාසය තහවුරු කිරීමට කටයුතු කිරීමය. වෙන බම්බුවක් කිරීමට අවශ්‍යතාවයක් නොමැත. කල යුත්තේ එයය! හැකිනම් එය තෙරුන් ගන්නා ලෙස මාධව ඔබටත් අනිකුත් ඉල්ලා අස් වී කොකා පෙන්නන්න හදන්නා වු ඇමතිවරුන්ටත් පවසන්නේය.

අනික් දේය වන්නේ මුන් ඉල්ලා අස් වුයේ පාර්ලිමේන්තුවෙන් නොවේ. ඉල්ලා අස් වුයේ ඇමති ධුරයෙන් පමණක්ය. එතන මහා ගැටළුවක් ඇත්තේය. පරීක්ෂණ වලට බලපෑම් කරනා පළාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අමනයෝද සිටිනා රටක පාර්ලිමේන්තුවේ මන්තිරි කෙනෙක්ට ඇති බලය ගැන අමුතුවෙන් කිව යුතු නැත. එම නිසා මේ ඉල්ලා අස් වීම විහිළුවකි. විය යුත්තේ මෙයද? බැදුම්කර චෝදනා නිසා ඇමතියෙක් අස් විය. අද ඔහු එම රජයේම විදුලිබල ඇමතියාය. ඉතින් ඔවුන් මෙලෙස වංචා කරන්නේ රටේ පුරවැසියාටය. ඔවුන්ට ජන්දය දෙන පුරවැසියාටය. මෙය ලාංකික දේශපාලනයේ ඇති මජර ගතිය වන්නේය!

සිදු වී ඇත්තේ යලිත් රඟපෑමක් පමණක්ය. ඇමති කමින් ඉල්ලා අස් වුවද රටේ වැසියාට සතයකවත් වාසියක් නැත. රට අරාජික වී ඇති මොහොතක ඔබ ඉවත් වුවත් ඒ අරාජිකත්වය එසේම පවතින්නේය. එහෙත් ඉවත් වීම කෙසේ සිදු වුවද ඔබ විසින් ඔබට ගෙවනා වේතනය එලෙසම ලබා ගන්නේය. ඔබට ගෙවනා දීමනාද එලෙසම ලබාගන්නේය. කිසි දිනෙක සාමාන්‍ය ජනතාව දැකලා වත් නැති ඔබේ වැටුප් පත්‍රිකාව ප්‍රසිද්ද කල යුතු කාලය එළඹ ඇත. මේ සා වූ විශාල මුදලක් ලබා ගන්නා ඔබ ඉවත් වී ජනතාවට කොකා පෙන්නන්න හදන්නේ නම් එය ඔබට වැරදුන තැනය. දැන් ලාංකික ජනතාව තරමක් ඉදිරියට වී ඇත. තවමත් වහල්ලු ප්‍රතිශතයක් සිටියද බහුතරයක් ප්‍රගතශීලි මාවතක යනු ඇතැයි මාධව විශ්වාස කරන්නේය. කෙසේ වුවත් මේ සිදු වන්නේද පෙර සේම අසභ්‍ය සිනමාවටත් වඩා පිළිකුල් රංගනයක්ය.

එම නිසා කිව යුත්තේ ඔබලා සිටියත් මලත් දැන් නම්  රටට වැඩක් නැති බවය. ඔබලා ජිවත් වන්නේ නම් රටවසියාව සුරන් කන්නේය. ඔබ මළොත් හෝ විශ්‍රාමික උවහොත් ඔබට විශ්‍රාම වැටුප ගෙදෙට්ටම දෙන්නේය. ඒ නිසා ඔබල කොහොම ගත්තත් රටට බරක්මය. ඔබලා ඉල්ලා නෙමෙයි කෙසේ අස් වුවත් රටට ලැබෙනා සෙතක් නැත. උබලා මිය ගියද මේ රටට පොලවට බරක් වන්නේය. ඒ නම් කුමන ශාපයක්දෝ කියා මාධවට වැටහෙන්නේ නැත.

තවද මුජිබර් පවසන්නේ රටේ උගතුන් රට හැර යනු ඇති බවය. ඔබට පැවසීමට මාධවට ඇත්තේ ඒක දෙයක්ය. රටේ උගතුන් රට හැර යාමට පටන් ගත්තේ අද ඊයෙක නොවේය. එදා සිටම මහජනයාගේ මුදලින් ඉගෙන ගන්නා නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙන ගන්නා පුරවැසියා ලංකාව හැර යන්නේ ඔබ වැනි දේශපාලන හරකුන්ගේ වැඩ නිසාමය. අදටත් රට තුල බිහිවන්නා බුද්ධිමතුන් රට තුල රඳවා ගැනීමට ඔබලා  සතු සැලසුම කුමක්ද? කිසිත් නැත. එසේ හෙයින් ඔවුන් රට හැර යන ඒක අහන්නත් දෙයක් නොවන්නේය. ඒ නිසා  කුණු  බයිලා පවසා තව දුරටත් රටවැසියා මුලා කිරීමට උත්සහ කිරීමට තැත් නොකළ යුතුය.

නිදහසින් පසු දිගින් දිගටම අසමත් බාවය පෙන්වන ලාංකික දේශපාලනය යාවත්කාලින කිරීමට නම් ප්‍රථමව කල යුත්තේ ඔබ වැනි නුගත් පිරිස දේශපාලනයෙන් ඉවත් කිරීමය. දෙවනුව නාකි හම්පඩ මිනිසුන් ඉවත් කිරීමය. එයින් පසු නළු නිලි සහ දැක්මක් නැති ගෑනු පඩංගු ඉවත් කල යුතුය. මැරයින් ඉවත් කල යුතුය. සල්ලි වලට උපාධි සහ ජාති මාමක දේශ මාමක තනතුරු ලබාගත් හොර ගෙඩියන්ව පලවා හරිය යුතුය. ඇමරිකාවට ගහන්න කතා කරන, එහෙත් ඇමරිකන් නිෂ්පාදන භාවිතා කර කර  කල් පැන ගිය සංකල්ප එක්ක රට තුල පල් වෙන සිනු ටික ගෙදරම එළවිය යුතුය. ජාති ආගම් අනුව වෙන් වී සිටින සියලුම දේශපාලන පක්ෂ තහනම් කල යුතුය. නව මිනිසුන් ගෙන ආ යුතුමය. පරණ කැඳ හැලිය දැන් පිළුණු වී ගඳ ගහන තත්වයට පැමිණ ඇත. ඒ නිසාවෙන් වෙනසක් කල යුතුම වන්නේය. පෙර ලිපියේමන් එය සාධනීය වෙනසක් විය යුතුය.  


3 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. I guess this is even better, all the benefits without responsibilities of a ministry. Yesterday news item said 20 past ministers are still using official residents (must be using staff and vehicles and other benefits) These 8 can join them, who cares? It's our money not theirs.

    ReplyDelete
  2. මාධව, සාක්ෂරතාව අතින් හොඳ - සබුද්ධිකතාව අතින් නරක - වහල් මානසිකත්වයෙන් වැඩි අපට සර්වජන ඡන්ද බලය දෙන්න තිබුණේ 3000 ඩී විතර!

    ReplyDelete
    Replies
    1. ඒ්ක හරි. අපේ මිනිස්සු වහල්ලු වගේ ඉන්න හරි කැමති බවයි පේන්න තියෙන්නේ. රටේ අවාසනාව!

      Delete
Previous Post Next Post

Contact Form