ටෙක් ජීවිතයේ ගෙවී යන සෑම තත්පරයක්ම......................


ටෙක් ජීවිතය තුල ගෙවෙන තත්පරයක්ම  දැන් දුකින් පිරිලා. අපිට ටෙක් එකෙන් යන්න කාලය ඇවිත්. මේ මං ගොඩක් දුකින් ලියන පෝස්ට් එකක් මේ. ආයේ කවදාවත් අපිට ටෙක් එකේ ඉගෙන ගන්න ලැබෙන්නෙ නෑ කියලා හිතෙද්දි ගොඩක් දුකයි. සමහර විට මං ටෙක් එකේ ඉන්න ගමං ටෙක් එක ගැන ලියන අන්තිම පෝස්ට් එක මේක වෙන්න පුලුවන්! ඊට පස්සෙ මට ටෙක් කතා වල ලියන්න වෙන්නෙ පරණ මතකයන් ගැන විතරයි. ටෙක් එකෙන් එලියෙ ඉදං තමයි ටෙක් එක ගැන ලියන්න වෙන්නෙ. ඒත් ආයෙත් අපි ටෙක් යන්නෙ නැති නිසා ලියන්න කියන්න අලුත් රසවත් ලස්සන කතා නැති වේවි. ඒ ගැන මතක් වෙද්දි මාධවගේ හිතට දුකයි. ගොඩක්. ඇත්තටම..

මාධව ටෙක් එකට ආපු විදිය ගැන කලිං කිව්වා. මෙන්න මෙතන කොටලා බලන්න. මේකේ තියනවා අහම්බෙන් මාධව ටෙක් එකේ තොරතුරු තාක්ෂණ පාඨමාලාව කරන්න සෙට් උන විදිය.ඒ වගේම මාධවගේ යාලු සෙට් එක ගැන. තාමත් අපි ටික දෙනෙක් හරි ඉදලා ඉදලා හරි හම්බෙනවා. එස් එම් එස් වලින් හරි, මිස් කෝල් එකකින් හරි අපි තාමත් යාලුවෝ කට්ටිය එකිනෙකා ගැන හොයනවා. දැන ගන්නවා. ඒ වගේම කරදර උන වෙලාවලදි අපි එකිනෙකාට පුලු පුලුවන් විදියට උදව් කර ගන්නවා.. විශේෂ අවස්ථා වලදි කෝල් කරලා සුභ පතනවා. තාමත් (මං අද නදීට සුභ පැතුවා උදේම ශිෂ්‍යත්වෙ හොදට ලියන්න කියලා. ඒක අපි දෙන්න ටෙක් එකේ ඉන්න කාලේ ඉදන්ම මං කරන සුභ පැතීමක්. එයත් මට සුභ පැතුමක් එවලා තිබ්බා හැරෙන කෙටි පණිවිඩෙන්ම.........). ඉතිං අපේ මිත්‍රකම් එහෙම්ම හැමදාම තියේවි. මං විශ්වාස කරනවා. එහෙම  තියාගන්න අපි ගොඩක් උත්සහ කරනවා...

මං මේ පටන් ගන්නෙ ටිකක් දිග කතාවක්. ඒත් ඒක කියන්න හේතුව? ඒ තමයි අපිට ටෙක් එකෙන් යන්න වෙලා තියනවා කියන දුක හිතෙන ආරංචිය. ඉතිං මට මගේ දුක නිදහස් කර ගන්න ඕනි කියලා හිතුනා. ආයේ මට ටෙක් යන ගමන් ටෙක් එකේ රස කතා ලියන්න වෙන්නේ නෑ. ලබන මාසේ ඉදං මට තියෙන්නෙ ටෙක් එකේ මතක විතරයි.  ඒ නිසා මං මේ පෝස්ට් එක ආරම්භයක් විදියට අරන් මින් ඉස්සරහට ටෙක් එක ගැන ලියන කතා වලින් මගේ අවුරුදු තුනක ටෙක් ජීවිතයේ රස තැන් ඔයාල එක්ක බෙදා ගන්න තීරණය කලා.

ඉතිං මං දැන් කියන්නම් අපිට ටෙක් එකෙන් යන්න වෙන හේතුව. ඒ තමයි අපේ පාඨමාලාව ලබන මාසේ ඉදලා වෙනත් ආයතනයක් හරහා කරන්න සිදුවීම. හේතුව කෙටියෙන් එහෙමයි. අපිට මෙතෙක් කල් ඒ පාඨමාලාව කරපු සර් ගොඩක් කල් අපේ ටෙක් එකේ සාර්ථකව ඒ කටයුතු ටික කරලා අපේ ටෙක් එකෙන් අයින් උනේ මේ අවුරුද්දේ මැදදි. ඉතිං අවුරුද්ද මැදදි අපේ පාඨමාලාවට ඒක ලොකු බලපෑමක් වෙන එක අහන්න දෙයක් නෑනේ. ඉතිං සර් තීරණය කලා අපිවත් එයා දැන් උගන්වන ආයතනයටම ගෙන්නලා අපේ පාඨමාලාව සම්පූර්ණ කරලා දෙන්න. මොකද ටෙක් එකෙන් අයින් උන කෙනෙක්ට ආපහු ටෙක් එකේ ඉදන් උගන්වන්න බැරි නිසා.අනික අලුත් සර් කෙනෙක් එන්නත් ගොඩක් කල් ගියොත් ඒකත් අපිටම අවුල් නිසා. ඒත් ඒක අපිට ගොඩක් ලොකු දුකක් උනා. අපි හැමෝම බලාපොරොත්තුවෙන් හිටියේ අපේ පාඨමාලාවෙ අන්තිම දවස අන්තිම තත්පරය දක්වාම ටෙක් එකේ සතුටින් විනෝදෙන් වැඩ හොදින් කරගෙන ඉන්නයි. ඒත් දැං ඒ කාලේ අපිට අහිමි වෙන්න යන්නේ. කමක් නෑ. වෙන්න තියන දෙයක් වේවි. කොහොම උනත් අපි අවුරුදු 3ක් එකට ඉගෙන ගත්ත ටෙක් එකට අපි ආදරෙයි. ඒ ලස්සන මතක සටහන් කවදාවත් අමතක වෙන්නෙ නෑ. ඉතිං මං මේ ඇඩියාව තව දුර අරන් ගිහින් ඔයාලට මේ පෝස්ට් එක අප්පිරියා කරන්නෙ නෑ. අර කලින් කතාවෙ මං ගිය නුවර වයි. එම්. බී. ඒ. එකේ පාඨමාලාවෙන්ම මං කතාව පටන් ගන්නම්.


කාලය ගෙවිලා අපිට නුවර වයි. එම්. බී. ඒ. එකේ පාඨමාලාවේ අවසාන විභාගයත් ලං උනා. (මං නුවර වයි. එම්. බී. ඒ. එකේ  ඉදලා මේ වෙනකල් ටෙක් එකේ වෙච්ච සියලුම සිදුවීම් අනික් පෝස්ට් වලින් එක එක විස්තරාත්මකව දාන්නම්. මේ කෙටි විස්තරයක් කරන්නේ....)

ඉතිං ඔහොම තොරතුරු  තාක්ෂණ පාඨමාලාවේ  විභාගේ කරලා ( ඉගෙන ගන්න ගමං පුංචි පුංචි තක්කඩිකම් එක්කම) ඒකෙං අපේ බැජ් එක නුවර හොදම රිසල්ට් පෙන්නුවට පස්සෙ අපි ගැන අපිටම සතුටුයි. ගොඩක්. මොකද එකෙක් වත් ෆේල් නොවී (ඒ වගේම හැමෝටම තිබ්බෙ ඒ, බී, සී විතරයි ෆේල් වෙච්ච හා එස් ගත්ත අය එකෙක් වත් නැති මහනුවර හොදම බැජ් එක ) ගොඩ ගියේ අපේ වයි. එම්. බී. ඒ. මහනුවර 2009 පළවෙනි බැජ් එක විතරයි ඒ අවුරුද්දේ. අපිට ඉගැන්නුව නිලූ මැඩම් අපිව ගොඩ දාන්න ගොඩක් මහන්සි උනා. අපි ඒ ගැන මැඩම්ට ගොඩක් ස්තූති වන්ත වෙනවා. තාමත්.( දෙවෙනි බැජ් එකේ එකම එකයි පාස් උනේ. ඒකත් එස් එකක්! ඉතිං අපි කොච්චර හොදද! අපිට මාර සැටිස්! ගොඩක්....!)


ඉතිං ඔහොම හොදටම වැඩ පෙන්නපු වැඩ කාර සෙට් එක විසිරුනා. ඒත් හිතේ යාලු කම් තියං. මාස 6කට සෙට් උන කට්ටිය අන්තිම දවසේ එකිනෙකා වැළදගෙන ඇඩුවා. මං ඇත්තටම ගොඩක් පුදුම උනා. මාස 6ක්  වගේ පොඩි කාලයක් එකට ඉදලා ඇතිවෙච්ච මේ මිත්‍රකම් ගැන. එදා අපේ ඇස් වලින් වැටුනු කදුලු ඇත්තම මිත්‍රකම් වල සාක්ෂි කියලා මං කියනවා. මං අන්තිමට අපේ නදීව හොල්ට් එකට දැම්මා. ඊට පස්සෙ අපේ ලක්ෂිත සහ චතූ, එක්ක නුවර ගුඩ්ෂෙඩ් එකට ආවා.ලක්ෂිත කටුගස්තොට යන්න ඒ පාරෙ බස් එකක නැග්ගා. මං චතූව තමයි අන්තිමට බස් එකට දැම්මේ! එයාව බස් එකට දාලා මං අන්තිම කෙලවරේ ගහන මාධවලගේ දුර යන බස් එකේ වාඩි උනා. තට්ට තනියම....




එදා මට දැනුන පාලුවම අනික් අයටත් දැනෙන්න ඇති. මං මෙච්චර සෙනග මැද්දේ ගොඩක් තනි වෙලා කියලා බව ඇත්තටම දැනුනා. ඒකට හේතු දෙකක් තියනවා. එක හේතුවක් විතරක් කියන්නම්. ඒ තමයි මට දැනෙන්න මාව වෙනස් කරපු, මාධවට සමාජය පෙන්නලා දීපු මගේ හොදම යාලුවෝ ටික එක්ක අදින් පස්සෙ වැඩ කරන්න නෑ කියන හැගීම. ඉතිං පාලුව ඉවසන්න බැරි තැන මං හැමෝටම එක එස් එම් එස් එක ගානේ ගහලා ආයෙත් සමු දුන්නා. ගොඩක් දුකින්. අදටත් ඒ කෙටි පණිවිඩ මගේ ෆෝන් එකේ සහ කම්පියුටර් එකේ බැකප් තියං ඉන්නවා. මං ඒ මතක වලට ගොඩක් ආදරෙයි. ඒ වගේම එයාල මට එදා එවපු රිප්ලයි ටිකත් ඒ වගේම තියං ඉන්නවා.....



ඉතිං ඔහොම පළවෙනි පාඨමාලාව අති සාර්ථකව නිමා කරපු අපේ වයි. එම්. බී. ඒ. එකේ අපේ සෙට් එකෙන් දෙවෙනි පාඨමාලාව කරන්න හිතුවෙ මං විතරයි.මං අර කලින් කියලා තියන දුරකථන සමාගමේ පුහුණුවට ගියා. නදීෂානි එයාගෙ ඩ්‍රිගි එක ආයෙත් කරන්න පටන් ගත්තා. ට්‍රේනිං යන ගමන්ම. චතූ, දිල් අක්කි, සුරංගි, ලක්ෂිකා, ෂානි, ලක්මාලි අක්කා, හිරෝෂිමා අක්කා, ලොකු අක්කා ඇතුලු කට්ටියත් ට්‍රේනිං ගියා. දිනේෂා, සුදු නංගි ජොබ් වලට සෙට් උනා. රිකාස් රට ගියා. අසංක පුරුදු පරිදි නුවර වීදි සංචාරය කරන ගමං පොරගේ ජොබ් එකට ආයෙත් එන්ටර් උනා. ඒ කියන්නෙ මියුසික් පැත්තටම (අසංක ඉරේෂාන් - නුවර ගොඩක් එවුන් දන්න කී බෝඩ් ප්ලේ කරන නියම වැඩ කාරයෙක්). ඒ වැඩ කිඩ අතරේ අපි ඊ මේල්ස්, කෙටි පණිවිඩ, මූනු පොත, දුරකතන ඇමතුම් ආදියෙන් හා පෝය හමුවීම් වලින් අපේ මිත්‍ර සමාගම පවත්වාගෙන ගියා.

ඉතිං ඔහොම හිටපු මං ආයෙත් වැටුනා අපේ ටෙක් එකේම  2010 ඩිප්ලෝමා සෙට් එකට. එතන ඉදං කතාව මං අනික් පෝස්ට් එකේ දාන්නම්. ඉතිං ටෙක් කතාවල රසවත් කොටසක් කියවන්න ආයෙත් මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම කියන්න ඕනි මං ලොලීටා කතාව ටිකක් පරක්කු කරන්න හිතුවා.ඒ ගැන මං දුක් වෙනවා. ඒත්  ඒකේ මට මතක් වෙන පොඩි  අතර මැදි සිද්ධි දෙක තුනක් නිසා කතාව ලියන්න හිටපු පිළිවෙල වෙනස් කරන්න වෙලා. ඒ නිසා ඇත්ත ආදරයේ කතාව ආපහු දිග හරින්න මට ටික කාලයක් දෙන්න. සතියක් විතර.ඒ අතරතුර මං කියන මේ ටෙක් කතා වලට එකතු වෙන්න. රස විදින්න.....

ඉතිං ටෙක් එකේ මතකයන් දිග හරිද්දි ගොඩක් දුකයි.ඒ වගේම හිතට සැනසීමක් සතුටක් දැනෙනවා. ලස්සන කාලයක්. පාසල් කාලේ කතා වගේම ලස්සනයි. ඒ මතක වලට මං ආදරෙයි. ඉතිං දිගටම මාත් එක්ක රැදිලා ඉන්න. දිගටම මේ පැත්තෙ එන්න. ටෙක් කතා රස විදලා යන්න.. සුභ දවසක්!

Comments

Popular posts from this blog

ඔහොම තමයි දුවේ ඔය කාලෙට.........................!! (18 + කස්ටියට පමණක් නම් ඉතා සුදුසුයි.....!)

නිවැරදිව සොලවා හොල්මනක් පොටෝ ගමු!

school stories! පාසල් කතා! ලස්සනයි! සුන්දරයි!