school stories! පාසල් කතා! ලස්සනයි! සුන්දරයි!


අද මාධවට හිතුනා ඇයි ඉස්කෝලේ ගියානම්, ඒ ගැන එකම පෝස්ට් එකක් වත් දාන්නෙ නැත්තෙ  කියලා! ම්ම්ම්ම්ම්! ටික ටික ඉස්කෝලේ කතා දාන්නම්! එක පෝස්ට් එකක කතා 2, 3ක් විදියට!



ම්ම්ම්ම්ම් මාධව ඉස්කෝල 2කට ගියත් ප්‍රාථමිකේ එච්චර මතකයක් නෑ. මොකද මාධවලා එතකොට පොඩි එවුන් නේ! මජර වැඩ කරන්න තරම් දැනුමක් නෑ!

ඔයින් මෙයින් කාලේ ගෙවිලා! කර දඩු උස් මහත් වෙලා මාධවලා 6 ශ්‍රේණියට පාත් උනාම තමයි ටික ටික වල් වෙන්න ගත්තේ! වල් කිව්වට වල් උනේම නෑ! ඇත්තටම, අවංකවම කියනවනම් මාධවලාට වඩා වල් වැඩ, ජරා වැඩ කරපු එවුන් අනන්ත හිටියා! මාධවලා ඇල් වතුරත් නිවලා බීපු එවුන්!

6 වසරේ ඉදලා පිළිවෙලට කථා දාන්න ගියොත් මේක බෝරිං වෙන නිසා තැනින් තැනින් අහුලගන්න ඒවා දාන්නම්! රසවත්ද නැද්ද කියලා කියවන මිත්‍රවරු තීරණය කරන්න! ඇත්තටම මාධවලාට නම් මේවා කවදාවත් අමතක කරන්න බෑ!

මොකද පාසල් ජීවිතය ගොඩක් ලස්සනයි! සුන්දරයි!








----------------------------------------------

 මේ කියන කේස් එක 5 ශ්‍රේණියේ ඉදලා පැවත එන කතාවක්! ඔය කොල්ලෝ ඉස්කෝලේ කාලේ දානවනේ එක එක නම්! මාධවට එහෙම කාඩ් එකක් වැදුනා 5 වසරෙදි අබ ඇටයා කියලා! ඒක උනේ මෙහෙමයි!

ඉස්සර මාධව හිටියේ 5A ක්ලාස් එකේ! මේකේ හිටියා මමයි (මාධව) අමිල, ජානක, දිමුතු, කසුන්,මුණයා,ප්‍රභාෂ්වර ඇතුලු තව තව කට්ටිය! කෙහොම හරි මුං දවස් කීපයක් දැකලා තියනවා මාධව ඌ ගේන බත් එක්ක තියන එක එක බැදුම් ජාති, මාලු වර්ග වල තියන අබ ඇට තෝර තෝර කන විත්තිය! එදා ඉදන් 10ශ්‍රේණියේ මැද වාරය වෙනකල්ම අබ ඇටයා  උනා!

ඒ මදිවට මගේ නහය මැද තිබ්බ කලු පාට ලපේ නිසා මුං මාධවට විහිලු කලේ අබ ඇටේ නහය මැද කියලා!

මරු! ඒත් ඇයි මේ "10ශ්‍රේණියේ මැද වාරය වෙනකල්ම අබ ඇටයා  උනා!" කිව්වේ!

ඔන්න ඔතනදි තමයි මාධවගේ වර්තමාන කාඩ් එක වදින්න හේතු වෙච්ච සිද්දිය උනේ!

මාධවගේ ගෙදරට ටෙලි phone එකක් ගත්ත මුල් කාලේ ටෙලි phone එකෙන් කථා කරන හැටි ලොකුවට දන්නෙ නෑ! ඒකත්  මැජික් වගේ! ඉතින් මාධව ඉස්සර හෙන ආඩම්බරෙන් මිතුරු කොල්ලොන්ට ( ඉස්කේලේ යාලුවන්ට ) කථා කරනවා! ඔහොම දවසක් මාධව කථා කලා අපේ ගලාට! (ප්‍රදීප් -  පොර තමයි පාසලේ ආදරණීය ගලා!).. phone එකට ආන්සර් කලේ පොරගේ අම්ම!

මෙන්න මේකයි දැන් දෙබස!

මාධව -  ආ ඇන්ටි මං මාධව! ප්‍රදීප් ඉන්නවද??

ඇන්ටි -  නෑ පුතා! එයා අද ගෙදර නෑ!



මාධව  - හුටා!

--------------මාධව  phone එක කට් කලා!

ඕක ගලාගේ අම්ම ඌට ගෙදර ආවම කියලා මෙන්න මෙහෙම!!

 "මාධව කථා කලා! මං කිව්වා ඔයා නෑ කියලා! එයා එතකොට හුටා! කියලා phone එක කට් කලා"

පහුවදා ඉදලා මාධව හුටා!


ඒත් ඕක ටෙක් එකේ එවුන් දැන ගත්ත විදිය තමයි මරු!

අමිල ටොමියා (අමිල නුවන්!) මාධවට තාම කථා කරන්නෙ හුටා කියලා! ඉතින් මූ මාධවට දවසක් කමෙන්ට් එකක් දාලා තිබ්බා FACE Book! එකේ! මෙන්න මෙහෙම!


"thankX HUTA!"

ඒදා ඉදන් ටෙක් එකෙත් මාධව හුටා!

මාධව ඒ නම කියනවට ගොඩක් කැමතියි! මොකද ඉස්කෝලේ කාලේ මතක් වෙන නිසා!


----------------------------------------------------------------

මේ කතාව දැන් අමිල ගැන කියද්දි මතක් උනේ!

අමිලයා ඇතුලු මාධවලා 5 ක්ලාස් එකේ ඉන්නකොට  මරු වැඩ ටිකක් වෙලා තියනවා! පැහැදිලි මතකයක් නැති උනත් මේකේ දාන්න තරම් මාධවට මතකයට ආවේ මෙන්න මේ කියන සිද්දිය!

 1998 දි මාධවලා 5 ක්ලාස් එකේ ඉන්නකොට අමිලලා 3ක් හිටියා!

මාධවගේ ක්ලාස් එකේ හිටියා අමිල නුවන් (ටොමී)!

බී ක්ලාස් එකේ අමිල උදයංග! තව ක්ලාස් එකක අමිල රුවන්!

මාධවගේ පන්තියේ අමිලය ඉස්සර ඉදන් පන්තියේ උඩ හිටියේ! වැඩට දක්ෂයි! ඉංග්‍රීසි එහෙම මාර quality! මැඩම්ලත් ආදරෙයි!

පොරගේ වැඩත් නීට්! මාධවලාගේ ක්ලාස් එකේ ලස්සනම ඉංග්‍රීසි අච්චු පොතත් උගේ! දවසක් ඉංග්‍රීසි මැඩම් ඉංග්‍රීසි අච්චු පොත් ඉල්ලන් ගියා! බලලා ආපහු දෙන්න! කොහොම හරි ලස්සනට තිබ්බ පොත මැඩම් ඉල්ලන් ගියාට පස්සේ මූට රිටර්න් උනේ හංකඩ ගැහිච්ච ඉංග්‍රීසි අච්චු පොතක්! මාධවලාට පුදුමයි! ඇත්තටම පුදුමයි! නමත් අමිල කියලා තියෙද්දි!

පස්සේ හොදට බලද්දි ඒකේ තියනවා අමිල රුවන් කියලා නම! මාධවලාගේ එකා නුවන් අනිකා රුවන්!

පොත් මාරු වෙලා!

මාධවලා ගියා දැන් මේ අමිල රුවන් කියන එකාව හොයාගෙන! මූ අලුතෙන් ඇවිත් තියෙන්නේ! මාධවලා ඌව දැක්කෙත් එදාමයි!

ඉතිං කට්ටිය අමිල රුවන් කියන එකාව හොයාගෙන යද්දි මූ අඩනවා උගේ පොත නෙමෙයි ඌට ආපහු එවලා තියෙන්නෙ කියලා! මාධවලාට  හිනා!! මූට අර හංකඩේම ඕනි වෙලා තමයි මූ අඩලා තියෙන්නේ! මාධවලා ඒක ඌට දීලා ටොමියගේ ලස්සන කඩ්ඩ පොතත් අරන් ආපහු ආවා!

මාධවලා  5 ක්ලාස් එකේ ඉන්නකොට උන තව වැඩ කීපයක් ඊළග පෝස්ට් එකෙන් දාන්නම්!


--------------------------------------------------

තව කථා ගොඩක් තිබුනත් හැම එකම අද බෑ! ම්ම්ම්ම්ම්! එහෙනම් හැමෝටම සුභ රාත්‍රියක්!!!

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form