වවුලා - පාසල් කතාව!

තව ස්කූල් කථා ටිකක් දාන්න හිතුනා! මෙන්න එහෙනම් බලන්නකෝ!


මාධවලාගේ ස්කෝලේ ස්පෝර්ට් මීට් එක හැම අවුරුද්දකම තිබ්බා! උගේ පාසල් කාලය තුල ස්පෝර්ට් මීට් එක තිබ්බෙ නැත්තෙ 2 පාරක් විතරයි! මාධව කලින් පෝස්ට් එකේ කියලා තියන ප්‍රින්සිපල් ආව ගමන් එක මීට් එකක් නැති කලා! අනික නම් 9 ඉන්නකොට වගේ තමයි මතක!!

මේ කාලෙට නියමයි! මාර නිදහස්! කට්ටිය උදේම පිට්ටනියට බැස්සම හවස කරුකුට්ටං වෙලා ගෙදර යන්නේ! නියම ෆන් එකක් ගන්න පුලුවන් කාලේ!

මේ කාලෙට තමයි අපේ සමහර කොල්ලොන්ට ටිකක් අමුතු අමුතු ලෙඩ ඇතිවෙන්නෙ! මූලිකම ලෙඩේ තමයි කෙල්ලෙක්.............

ඉතින් අම්බානක ජෝඩු සෙට් වෙන්නෙත් මේ කාලෙට! ඒ වගේම ඒවා මාට්ටු වෙලා ගුටි කන්නෙත් මේ කාලෙට...........

ස්පෝර්ට් කරන වෙලාවට වැරදිලා පන්තියකට ගියොත් ඕන තරම් සිද්ධි අතේ මාට්ටු! එක පාරක් ඔහොම මාට්ටු උනා හෙඩ් ප්‍රිෆෙක්ට් කාරයෙක්! (මාධවලා 7 ඉන්නකොට) මැඩම්ලා මූට දෙහි කැපුවා මාර කැපිල්ලක්!!

----------------------------------------------------------------

මේ කාලෙටම තමයි කැඩෙට් ප්‍රැක්ටිස් පටන් ගන්නෙත්! මාධවලාත් අරන් යනවා මාච් එකට කියලා! 10 ඉදන් දිග සුදු කලිසම අදින නිසා 12, 13 ප්‍රිෆෙක්ට්ලා මාධවලාව අරන් යනවා කැඩෙට් වලට!

ඉතින් මාධවලා උන්ගෙන් ගුටි කකා කට්ට කනවා! ඒත් අන්තිමට මාධවලා නෙමෙයි කරන්නේ මාච් එක! උන් මයි! මොකද ස්පෝර්ට් මීට් එක දවසට මාධවලා එක්කො කලර් කිටෙන් එන්නෙ! නැත්තන් හොයා ගන්න නෑ!!

ඒත් ප්‍රිෆෙක්ට් ගත්තම නම් යන්නම උනා! ඒක තමයි මාධව මාච් ගිය අන්තිම සහ එකම පාර ස්කෝලෙදි!

මාධව අර කලින් පෝස්ට් එකේ කිව්ව traffic සෙට් එකේ කොල්ලෝ මාච් ගිය හැටි නම් මාධවට කවදාවත් අමතක වෙන්නෙ නෑ! උන් එක එකා එක එක විදියට තනි තනියෙන් මාච් යන්නේ!! එකට එක විදියට කකුල් තියවෙන්නෙ නෑ! පිළිවෙල අන්තිමයි! මාර විකාරයක් උනා ඒක!! බලන් ඉදපු නරඹන්නන්ට හොදටම හිනා!

----------------------------------------------------------------

මේ කාලේ තමයි මාධවලාගේ එවුන් වැඩිපුරම මාධවගේ ගෙදර එන්නෙත්! කිසි අවුලක් නෑ! ?ක් නෑ! ඇවිත් කාලා බීලා! තියන ෆිල්ම් (ඒ කාලේ වී සී ඩී විතරයිනේ!) දෙකක් තුනක් බලලා, ස්කෝලේ ඉවර වෙන වෙලාවට කට්ටිය ගාණට ක්ලාස් එකේ!!!!



ඔය කලින් පැනිල්ල අල්ලන්න ඒ දවස්වල ක්ලාස් වල දෙපාරක් රෙජිස්ටරේ මාක් කරනවා! ඒ නිසා කැඩෙට් පටන් ගන්න වෙලාවට පැනලා ස්කෝලෙ ඉවර වෙන්න පැය භාගෙකට කලින් කට්ටිය ආපහු එනවා!

----------------------------------------------------------------

කට්ටිය කලින් පෝස්ට් එක බැලුවනම් මතකද මාධව කිව්වා වවුලෙක් ගැන! මෙන්න ඒ කථාව!

මේ වවුලා කවුද කියලා දන්න අය දැන ගනිවි! ඒක අපහාසෙට දාන එකක් නෙමෙයි! මේක විනෝදෙට දාන කේස් එකක්!

මාධව කලින් දවසක නම කියන්නෙ නැතුව - බළධාරියා විසින් කපා දාන ලද නම අයිති කෙල්ල ගැන මතක ඇතිනේ! අන්න ඒ ලස්සන කෙල්ලගෙ අයියා එනවා ක්ලාස් එකට පොරගේ බත් එක ඉල්ල ගන්න! මේ අයියා කැඩෙට් එකේ තදයෙක්! පොර දවසක් මාධවවයි රුක්ෂාන්වයි තව පොරවල් 3, 4ක් එක්ක මඩේ අප් -  ඩවුන්, අප් -  ඩවුන්, අප් -  ඩවුන් ගැස්සුවා! සුදු ස්කෝලෙ ඇදුම පිටින්ම!

ඔන්න ඒ වගේ වැඩ නිසා මාධවලා ඒ පොර එක්ක ගේම!! ඔන්න කොහොම හරි මාධවලාගේ එවුන් දැනගත්තා මූට කියන නම!  - වවුලා!


ඔන්න ඉතින් ඔහොම ඉන්කොට මූ දවසක් ඇවිත් කෑම එක අරන් ආපහු දොර ගාවට ගිය ගමන්ම කවුදෝ හයියෙන් කෑ ගැහුවා!


 වවුලා!


මාධවලාට මැරෙන්න හිනා! පන්තියම එකම හිනාවක්! පොරගෙ නංගි බිම බලාගෙන ඉන්නවා! 
මූ නැවතිලා රවලා බැලුවා! ඒ ගමන්ම තත්පරෙන් සුං ගාලා මිසිං! 
පන්තියේ ඉදපු මැඩම්ටත් හිතා ගන්න බෑ! අපිත් පස්සෙ තමයි දන්නෙ කවුද මේක කියපු වීරයා කියලා! 
ඒ තමයි මාධවට හුටා කියලා කාඩ් එක ගහපු ගලා! -  ප්‍රදීප්!


එදා ඉදලා වවුලා අයියට ඒ සත්කාරය වැරදුනේම නෑ!
හැමදාම ඇවිත් කෑම එක අරන් යද්දි මාධවලා බලාපොරොත්තුවෙන් ඉන්න හඩ පිටුපස පේලි අතරින් වෙඩි වගේ ඇහෙනවා!







 වවුලා................!!!!

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. නියම කතා සෙට් එකක් නේ.
    ඉස්කෝලේ කාලේ තමයි අපේ සුන්දරම කාලේ. ඒ කාලේ මෙහෙම කතා නැත්නම් මෙලෝ රහකුත් නෑ. :)

    ReplyDelete
  2. aniwa machan! school life is vry sweet! thankX comment kalata! :)

    ReplyDelete
Previous Post Next Post

Contact Form