වහපු මෘදුකාංග සහ විවෘත මෘදුකාංග!

මේ දවස් වල 1, 1 දේවල් වෙනවා! වහිනවා! පායනවා! ඒ අස්සේ චන්ද්‍ර ග්‍රහනත්!
මොන් උනත් බ්ලොග් ලියන 1 නවත්තන්නේ නෑ!
මේ කියන්නට යන්නේ අනාගතයට අදාල දෙයක්! විශේෂයෙන් ලංකාවේ පරිගණක ක්ෂේත්‍රයට අදාලව!
බ්ලොග් වල ඕපා දූප යනවා වෙන්න පුලුවන්! ඒත් මාධව  නම් ඒක ගණන් ගන්නේ නෑ! මොකද ඌ දාන්නෙත් ඕපා දූප තමයි වෙලාවකට!
 
ලගදි දැකපු නිවුස් 1ක් නිසා මාධවට මේක ලියන්න හිතුනේ!

මේකයි කථාව ....................................

ලංකාවේ දැන් හොරට රයිට් කරපු මෘදුකාංග තියාගෙන ඉන්න බෑ කියලා නිවුස් 1ක් & ඒ ගැන විචාරයක් මාධව රාවය පත්තරේ dakka!

http://www.ravaya.lk/articals.php?d=2723d092b63885e0d7c260cc007e8b9d

මේ කියෙන්නේ ලින්ක් එක! ඇත්තටම මේ විදියට ගියොත් මාධවලා වගේ දුප්පත් අහිංසක කොල්ලොන්ට, කෙල්ලන්ට බඩුම තමයි!

ඒ කථාව කියවලා බලන්න! හිතලත් බලන්න! ලංකාවේ අපි තවදුරටත් මෘදුකාංග හොරු විය යුතුද?

අනේ මංද?

OPEN SOURCE ලංකාව තුල ස්ථාපිත වෙන්න තව වැඩි කල් යන්නේ නැති උනොත් නම් හොදයි! නැත්තන් අද මාධවලා රුපියල් 35,000 කට ගන්න කම්පියුටර් ලගදිම රුපියල් 100,000 ක් වෙන එක වලක්වන්න බෑ!

OPEN SOURCE  ගැන කිව්වොත් නම්  http://www.lankanet.org එකේ කට්ටිය නම් OPEN SOURCE ඩිවලොප් කරනවා!

මොරටුව කැම්පස් එකෙත් එහෙම දෙයක් වෙන කතාවක්  කවුදෝ කියලා තිබ්බා!

මාධව දන්නේ එච්චරයි ඒ ගැන!

ඒ අතින් බලද්දි ලංකාවට තව සැහෙන කාලෙකට OPEN SOURCE කියන්නේ හීනයක් විතරක් වේවිද?

අනේ මංද?

ලංකාවට තව කොච්චර කල් මෙහෙම හොර software පාවිච්චි කරන්න වෙයිද?

අනේ මංද?

මාධවට මේවා ගැන හිතෙද්දි කියන්න තියෙන්නේ

"අනේ මංද .......................!!"  


කියලා විතරයි!

සුභ රාත්‍රියක් කොල්ලනේ කෙල්ලනේ!    
=) 

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form