Posts

Showing posts from December, 2011

මේ හීනයෙන්වත් එන්න...................

Image
සියොලගම පුබුදුවන..........
හැගීම් පිරුණු ස්වප්නයක උවමනාව..........
ඉතිං ප්‍රිය ආදරී..............
ඒ උණුසුමත් අරන්..............
මේ හීනයෙන්වත් එන්න..............

සියොලගම පුබුදුවන..........
හැගීම් පිරුණු ස්වප්නයක උවමනාව..........
ඉතිං ප්‍රිය ආදරී..............
ඒ ලස්සනත් අරන්..............
මේ හීනයෙන්වත් එන්න..............

සියොලගම පුබුදුවන..........
හැගීම් පිරුණු ස්වප්නයක උවමනාව..........
ඉතිං ප්‍රිය ආදරී..............
ඒ මියුරු කතා අරන්..............
මේ හීනයෙන්වත් එන්න..............

සියොලගම පුබුදුවන..........
හැගීම් පිරුණු ස්වප්නයක උවමනාව..........
ඉතිං ප්‍රිය ආදරී..............
ඒ දෑස් වල බැල්මත් අරන්..............
මේ හීනයෙන්වත් එන්න..............

සියොලගම පුබුදුවන..........
හැගීම් පිරුණු ස්වප්නයක උවමනාව..........
ඉතිං ප්‍රිය ආදරී..............
ඒ උණුසුම් හාදු අරන්..............
මේ හීනයෙන්වත් එන්න..............

සියොලගම පුබුදුවන..........
හැගීම් පිරුණු ස්වප්නයක උවමනාව..........
ඉතිං ප්‍රිය ආදරී..............
ඒ සොදුරු රහස් අරන්..............
මේ හීනයෙන්වත් එන්න..............

සියොලගම පුබුදුවන..........
හැගීම් පිරුණු ස්වප්නය…

කැමති අකමැති.........

Image
මං කොන්ඩේ පීරන් ඉන්නවට එයා කැමතියි.....

ඉතිං මං කොන්ඩේ පීරන එක නැවැත්තුවා.....

මං රැවුල වවන් ඉන්න එකට එයා කැමතියි.........

ඒ නිසා මං රැවුල කපන්න පුරුදු උනා......

මං සපත්තු දාගෙන ගමන් යනවට එයා කැමතියි......

ඒ නිසා මං බාටා කෑලි දෙකක් දාන්න පුරුදු උනා....

මං ටයි එකක් දාගෙන ඉන්නවට එයා හුගක් කැමතියි...

ඒ නිසා මං ටයි දාන එක නතර කලා......

මං ජැන්ඩියට අදිනවට එයා කැමතියි.....

ඒ නිසා මං හම ගිය ඩෙනිමක් අදින්න පුරුදු උනා...

මං එයාට මැසේජ් කරනවට කැමතියි.....

ඒ නිසා මං ෆෝන් එක විකුණලා දැම්මා.....

මගේ දක්ෂකම් වලට එයා කැමතියි.....

ඒ නිසා මං අදක්ෂයෙක් උනා..........

එයා මට ගොඩාක් කැමතියි.......

ඒ නිසා මං මාවම නැති කර ගත්තා........

ගත ඇති සිත නැති ආදරය........................

Image
ඇය මා තුරුලත උණුසුමින්............
නමුදු මා සිත උණුසුම් නොවේ................
සිත ඇගේ පහස සොයා ගොසින්...............
ඈ.......................
කිසිදිනක මා සතු නොවන..................

ඈ ගතේ පහස තුටින් විදින්නම්.............
නමුදු සිත ඒ පහසට ප්‍රිය නොවේ..................
සිත ඉල්ලන ඇගේ පහස...................
ඈ......................
කිසිදිනක මා සතු නොවන..................

හුරතලේට ඔබ යමක් අසාවි................
මමද පිළිතුර දෙමි...................
නමුදු සිතට අවැසිය ඇගේ පැනය...........
ඈ......................
කිසිදිනක මා සතු නොවන..................

ආදරේ ඉල්ලන සිත, ගත අතහැර වෙනතක ගිහින්...................................

සයිබර් අවකාශයේ ආදරය........................

Image
සල්ලාප කුටියේ අකුරු අතරින් ගලා ආව ආදරය නැතිව බැරි තරම්ම හිතට වැදිලා. අපි ආදරය කරන්න පටන් ගත්තේ සල්ලාප කුටියේ අකුරුත් එක්ක! අපි මූණට හම්බුනාම කතා කරන දේවල් වලට වඩා හාත්පසින්ම වෙනස් දේවල් ගැන අපි සල්ලාප කුටියේදී කතා කලා. එළිමහනේ හමුවුනාම ඒ කිසි දෙයක් නොදන්න ගානට අපි නිකම්ම හිනා උනා. එතකොට ඒ ආදර කතා අපේ මතකේ විතරයි. ඒ මතකයේ තිබ්බ දේවල් වචන වලට පෙරලන්න අපි බය උනා. එකිනෙකා රහසින් ආදරය කලා. අවසානයේ දිනක් එක් විද්‍යුත් ලිපියක් නිසා අපි අපිටම හිමි වුනා. හිතේ තිබුනු සියලුම හැගීම් පිරුණු විද්‍යුත් ලිපිය අපේ ජීවිත ආදරයෙන් පුරවා දැම්මා. හිත් වලින් ආදරේ කරපු අපි සැබැවින්ම ආදරේ කරන්න පටන් ගත්තා...........
කෙටි පණිවිඩයේ නොතිබුන, දුරකථන ඇමතුමක නොතිබුන, මූණට හමුවෙලා කතා කරන කතා වල නොතිබුන ආදරය සයිබර් අවකාශය හරහා ගලාගෙන ආවේ අපිටත් නොදැනීමයි. අපි සල්ලාප කුටිය තුල තුරුලු උනා. එකිනෙකා සිප ගත්තා අතොරක් නැතුව. අපි දුක් උනා. අපි සන්තෝෂ උනා. එකිනෙකාව තේරුන් ගත්තා. අපි අපිට උපකාර කර ගත්තා. එකිනෙකා නොදකින සල්ලාප කුටිය තුල අපි අපේ දෑස් දෙස බලන් හිටියා. අපි බැන ගත්තා. අපි කේන්ති ගත්තා. ඒ හෑම දේ එක්ක සෑම විටකම අප…