Posts

Showing posts from November, 2012

ප්‍රජනන කුට්ටං!

Image
මේ කියන්නට යන කරුණ දැන් සුලභ දෙයකි. ඒ ගැන කතා දෙකක් නැත. ඉස්කෝලෙ පොතේ පාඩම් දෙකක් ඇත. ඒවා තියෙන්නෙ සවුක්‍ය ( සෞඛ්‍යය) හා ශාරීරික අධයාපනය යනුවෙන් හඳුන්වද පාසල් පෙළ පොතකය. මේ විෂයය බොහෝ විට පන්තිය තුල ඇඹරීමට හේතුවන්නකි! මේ පාඩම් කොල්ලන්ට කෙසේ වෙතත් කෙල්ලන්ට නම් හරි අවුලක්ය. ලැජ්ජාවක්ය. අනේ ඒක හරි ලැජ්ජාවක්ය. උන් ඉතාම හොඳ කෙල්ලන්ය. (අනේ එහෙම කියන උංගෙ.......!) ඇඹරෙන්නෙ කාගේ? අට, නමය, දහය ශ්‍රේණි වල කෙල්ලන්ගේය. ඇතැම් ගුරුවරුද මේ පාඩම් අතැර යන්නේ එයාලාද හරි හරියට ඇඹරීමට හේතු වන නිසාය. ඉතින් අද මාධවගේ කතා තුලින් කියන්නය යන්නේ මේ ඇඹරීම පිළිබදවය. ඉතිං එකතු වන්න. ඇඹරීමේ කතාන්දරය හෙවත් ප්‍රජනන කුට්ටං වල කතාන්දරය කියවීමට.....................




ඒක හරි ඇඹරීමක්ය! එයට හේතුව යොවුන් වියේ ඇතිවන වෙනස්කම් හා ළිං(මැඩි)ගිකත්වය (ලිංගිකත්වය)පිළිබඳ පාඩම් “ දෙකක් “ (ඇති නේ??) මේ සෞඛ්‍යය පොතේ තිබීමය. ඒ සඳහා අට ශ්‍රේණියට ඇත්තේ පාඩම් දෙකකි (ඒත් මදෑ නේ??). කෙසේ හෝ ඒ පාඩම් උගන්වන්නට යාමේදී ඇතැම් තරුණ ගුරුවරියන් ළමුන් ඉදිරියේ ඇඹරීමට සිදුවෙතැයි කියා ඒ පාඩම් “ස්කිප්“  කර යන්නේය! යන්තං උඩින් අතගාගෙන යන්නේ…

මිරිකූ කතන්දර

Image
මේවා කිසිදිනක හිතා මතා මිරිකන ලද කතන්දර නොවන්නේය. අත්වැරදීම් බව දිවුරා කියන්නේය. සිතා මතා කරන ලද්දා වූ කටයුතු නම් ඒ බව ආඩම්බරයෙන් පැවැසීමට මාධව කැමැත්තේය. ඒත් එකෙන්ම මේවා සියල්ල අත්වැරැදීම්ය. ඒත් මරුය. එහෙයින් කියවා බලන්න. මිරිකූ කතන්දර වල එකතුව....
මාධවට වැස්සකට විතරක් නොව පායන දවසටද ස්කෝලේ ගියේය.ඒ ගම්බද මධ්‍ය මහ විදුහලකටය. සුන්දරය. වැසි දිනටද පායන දිනටද එකසේ සුන්දර පලාතක ගෙවූ පාසල් සමය නගරං කොල්ලන්ට නං කිසි දිනක නැති බවට මාධව කැට දමන්නේය. එකල නැටූ නැටුම් කිසි කලක කිසිවෙකුට අමතක නොවේය. අමතක කරන්නටද බැරිය. මේ යලිත් සටහන් කරන්නේ ඒ කතා ටිකක්ය. මීට පෙරද මාධව විසින් ඉස්කෝලේ කතන්දර ටිකක් දැම්මේය.ඉතිං අදත් එකක් දාන්නේය. ඒ මිරිකී ගිය කතාවක් ගැන කීමටය.
මාධවද පාසලේ හුජ්ජ කොල්ලෙක් වී සිටියේය. මාධවලා සමඟ අමිල ටොමියාද, ලේනාද හුජ්ජ කොල්ලන් වී සිටියෝය. බුද්ධියා ප්‍රධාන හුජ්ජ උතුමා වී සිටියේය. ශිවන්ත උප උතුමා වී සිටියේය. ඒ උසස්පෙල කරන කාලයේය. හුජ්ජ කොල්ලා යනු විදුහල්පති තුමා ආදරයක් හිතුනු විට ශිෂ්‍ය නායකයින් ඇමතූ අයුරුය. එනම් එතුමාට නහුතෙට යකානැග ඇති වේලාවලට මාධවලා හුජ්ජ කොල්ලන් වූයේය. මේ නායක උතු…