Posts

Showing posts from October, 2012

දොර ලොක් හෝම්ස් සහ තවත් කතා

Image
විට්ටාගේ බසයේ කතා වලට ඔඳ ප්‍රතිචාර ලැබුනේය. කමෙන්ටු නැතත් වාචික ප්‍රතිචාර එමටය. ඒ ගැන සියලු පිරිසට ස්තූති වේවාය. ඉතිරි කතාන්දර ජුන්ඩ ජුන්ට අමතක මතක ගාණටය! කතා ටික ගාණට ඇනලයිස් වූ පසු  දෙක කොටසින් අනිවාර්යයෙන්ම මෙහි පළවනු ඇත..


ලිවීමට බාධා එල්ල වී ඇත! මූලික පුරස්නය නෝට්ටු නැති කමය. දෙවන පුරස්නය හම්බා පූසෝය. මාධවගේ සුදු බුෂීව දූෂණය කිරීම මේ දිනවල ග්‍රාමයේ තරුණ පූසන්ගේ වෑයම බවට පත්වී ඇත. ඉතිං මාධවගේ  ඇස මේ දින කීපයේ බූෂියා කෙරේ රැඳවී ඇත. මේ ටිකේම උං රෑට ඇවිදින් වද දෙන්නේය. සිවිලිම පුරා බළල් අඩි හඩය. බළල් ගුටි කෙලිය. නොනවතින “උඤ්-ඤාව් උඤ්-ඤාව්“ හඩය. උං ඤාව් හඩ නගන්නේ ඇයට ඇති ආදරයකට නොවන බව “සුදු බූෂී“ තේරුම් ගන්නේද නැත. ඉතිං මාධවගේ දෑතේ නිතරම වතුර බුජම් රැඳී ඇත. මේ සා වූ ජල ප්‍රහාර හමුවේ උවද “කලු හම්බාවා“ සහ “දුඹුරු පූසා“ යන වල් පූසන් දෙදෙනා උත්සාහය අත් නොහැර සිටීම සිත් මවිත කරවන සුලුය. දිනපතාම “දුඹුරු පූසා“ ට මාධවගේ නිවස ඉදිරිපස ඇලෙන් නා කියා ගැනීමට අවස්ථාව මදි නොකියන්න ලැබෙන්නේය.. එහෙත් ඒ වල් පූසා තාමත් ඇවිත් බේරී පැන යන්නේය.


ඒ සියලු දෑ මැද මාධවගේ කතා තුලින් අද මේ කියන්නට යන්නේ පොරක් ගැ…

නෝ මාතෘකා! හැබැයි මේවත් කිව යුතු කතා!

Image
කියන්නට ඇති කතා එමටය! එකක් යැයි කීමට නොහැකි තරම් කතා ඇත. මේවා සුරංගනා කතා හෝ අත්දැකීම් කතා හෝ බොළඳ ප්‍රේම කතා නොව සිතට නැගුනු සිතුවිලි පිළිබද කතාය. කියන්නට කිසිත් නැතැයි සිතනවාට වඩා කුමක් හෝ කීම අගනේය. ඉතිං අද මාධවගේ කතා තුලින් මාතෘකා නොමැති කාලීන කතා කියන්නෙමු!

අවුරුදු 14ක් යනු හිරිමල් යෞවනය උදාවීමයි. එහෙත් ඒ සුන්දර යොවුන් වියේදීම සිය අධයාපනික සහ ළමා අයිතිවාසිකම් උදෙසා කතා කිරීමට ගිය පාකිස්ථාන දැරියට තලේබානු කාළකණ්නින්ගේ ප්‍රහාර එල්ල විය. දහ හතර හැවිරිදි වියේදී සිනමා ශාලා තුල අඳුරු මුලු සොයා යන, ආසාවන් පසු පස හඹා යන, ඉගෙනුමේ අගය නොදත් සිහින තුල අතරමං වී කාළකණ්නි වන අපේ බහුතරයක් කෙල්ලන්ට ඇගෙන් ගත හැකි දේ බොහෝය. අමන තලේබාන් කාරයින් මේ විනාශ කර දමා ඇත්තේ පැහැදිලිවම ලෝකයට වැඩක් කිරීමට සිටි නව යොවුන් තරුණියකගේ ජීවිතයයි! එය මාධවගේ කතා තුලින් තරයේ හෙලා දකින්නෙමු! එමෙන්ම එම පාකිස්ථානු දැරියගේ ජීවිතය රැකේවායි මාධවලාද ප්‍රාර්ථනා කරන්නෙමු!

ලාංකීය සිනමාවේ දුෂ්ටයා සැමදාම දුෂ්ටයාය. ලාංකේය සිනමාවට එදා සිටම දුෂ්ටයින් වෙන් වී සිටින්නේය. විල්සන් කරු ලංකාවේ සැමදා සිටි දුෂ්ටයාය. ඔහු සැමදා ගුටි කන්නේය. …