Posts

Showing posts from September, 2012

විට්ටාගෙ බස් එකේ කතා...............

Image
මාධවට කීමට ඇති කතා බොහෝය. ගිය සතියේ ඉරිදා පංති ගොස් ආපසු ඒමේදී පැමිණියේ විට්ටාගේ බසයේ නිසා යලි පරණ මතක සටහන් කීපයක් අලුත් විය. වෙනදාට එන්නේ ක්ලැසික් ලේලන්ඩ් එකේය. මෙදින කලින් ක්ලාස් නිම වීම නිසා පැමිණියේ විට්ටා රියදුරු පදවිය උසුලන සීටීබී බස් එකේය. ඉතිං විට්ටාගේ බසය හා සබැඳුනු ඒ කතා ගැන අපි කුමක් කරමුද? එහෙයින් මෙවර මාධවගේ කතා තුලින් විට්ටාගේ බස් එකේ කතා කියන්නෙමු.

මේ බසය රජයට අයත් එකකි. පට්ට සෙටප් එකක් ඇත. පෙන් එකක් ගැහීමටද පුලුවන් එකකි. සවුන්ඩ් සුපිරිය. සිංදුත් උපරිමේට තිබේ. බසය ටාටා කට්ටකි. හොඳවයින් වාර්ථා ගොඩක් මේ බසය සතුව ඇත. ඒ ගැනයි මේ අද කතා කරන්නට හදන්නේ! නිතර දඩ කන්නේය. මාධව මේ බසයේ හා හා පුරා කියා යාමට පටන් ගත්තේ එක්තරා දුරකථන සමාගමක රැකියා කරන කාලයේය. ඒ දුරකථන සමාගම දැන් රටේ ලොකුම කොම්ටලයක් වී ඇත! දන්නෝ දනිති! ඉතිං මේ කියන කාලේදී මේ බසයේ හැමදාම සිටියේ එකම රියදුරුය! ඌ “විට්ටා“ ය! මේ රියදුරුට විට්ටා කියන්නේ ඇයි දැයි මාධවලා නොදනී. එහෙත් සැවොම විට්ටා යැයි කී සැනින් විට්ටා නොදනිතත් බසය ගැන දනී.

මේ කියන රියදුරු මහතාට විට්ටා යනුවෙන් පවසන්නේ ඇයි දැයි ලෝක ගැටලුවකි. විට්ටච්චි විට්ටා …

තවත් එක ටීම් වීවර් (Team Viewer) කතාවක්!

Image
මේක හරි අමුතුයි කියලා හිතෙයි අපේ කියවන්නන්ට! ඒත් එක සත්‍ය සිදුවීමක් තමයි මේක! වෙන කාටවත් නෙමෙයි මේක උනේ! මාධවටමයි! ඇත්තටම ජීවිතේ සිද්වෙන දේවල් දිහා බලද්දි සමහර සිදුවීම් හරිම අහම්බයෙන් සිදුවන සිදුවීම්. ඒවා විවිධාකාර වෙන්න පුලුවන්! කෙනෙක් හිතන්නෙවත් නැති මොහොතක විහාල ත්‍යාගයක් හිමිවීම වගේ සිදුවීම් වලට වඩා මේ සිදුවීම් ගොඩක් වෙනස්! මාදවට ඒක පැහැදිලි කරලා දෙන්න හරි අමාරුයි! ඒත් මාධවට හරි අමුතු සිද්ධි වෙලා තියනවා! ඉතිං කියවලා බලන්න! මේකත් හරි අමුතුයි කියලා ඔයාලට නම් හිතෙන්නෙ නැති වේවි! ඒත් මාධවට ඒ සිද්ධිය ගොඩක් හිතට දැනුනු අමුතු සිදුවීමක්!

මාධවගෙ  ලොලීට පිස්සුව හොද කලේ වෙන ‍කෙනෙක් කියලා මාධව ලොලීටා කතාවේ අන්තිමට කියලා ඇති! ඒ කෙනා සහ මාධව අතරේ ඒ කාලේ වෙච්ච සිදුවීම් මේකෙන් විස්තර කරන්න යන්නේ නෑ. ඒත් මේ කියන Team Viewer සිදුවීම වෙද්දි මාධවටගේ හා ඒ කෙනාගේ සියලු කසු කුසු අහවර වෙලා ආයෙමත් දෙන්නා සාමාන්‍ය මිත්‍ර සම්බන්ධතා වලට පමණක් සීමා වෙලා හිටියේ!! ඒ කියන්නේ පුරාණය පුරාණෙටම අයිති වෙලා!

ඒ පුරාණය ගැන මාධව ආයේ කතා ලියන්න යන්නෙ නෑ! කොහොම උනත් ඒ පුරාණය පුරාණයක්ම වුනාට මිත්‍රත්වය සෑහෙන තරම් හොඳට තිබ…

love sick! - ලව් සික්

Image
ලව් සික් ගහන්නෙ නැත්තං ඌ ලෙඩෙක්. ඒක තමයි තියරිය!

කොහොම හරි මේ කියන්න යන්නෙ කොල්ලො කෙල්ලො ලව් සික් ගැහැව්වම කරන දේවල් වලින් කීපයක්! ඇත්තටම පිස්සු කේස් තමයි! ඒත් ලව් සික් එක ගැහැව්වම ගොඩක් උං කරන්නෙ මොනාද කියලා උංම දන්නෙ නෑ!

සමහර එවුන් පිස්සුව නිසාම මැරිලම යනවා. සමහර උං ඒවා මාර ශක්තියකින් විඳ දරා ගන්නවා. ඒක ඉතිං සිතේ ශක්තිය තමයි. සමහරු කන පැලෙන්න බීලා ගෙදර යනවා. සමහරු කන පැලෙන්න බීලා කෙල්ලගෙ ගෙදර ළගින් යනවා. තව සමහරු කන පැලෙන්න බීලා කෙල්ලගෙ ගෙදර ඉස්සරහට ගිහිං කුණු හරුප කියනවා. තව සමහරු කන පැලෙන්න බීලා කෙල්ලගෙ ගෙදර ඉස්සරහට ගිහිං කුණු හරුප කියලා ගුටි කාලා ඉස්පිරිතාලේ ලගිනවා. සමහරු කවි ලියනවා. ඒ කවි ලියන්නෙ උං නෙමෙයි හැබැයි! පස්ස කාලෙක ඒවා කියවද්දි උංටම ලැජ්ජයි!. සමහරු කතා ලියනවා. සමහරු සු.ප්‍ර.ආර. ගෙ, ස-ගලගේ මෝඩම මෝඩ ලව් කතා කියවනවා. සමහරු සු.ප්‍ර.ආර. ගෙ, ස-ගලගේ මෝඩම මෝඩ ලව් කතා කියවලා කොට්ටෙ බදාන අඩනවා! සමහරු ඔරලෝසු කණු ළග පුංචි කෙල්ලෙක් ගැන බලාපොරොත්තු වෙනවා.

තව සමහරු කෝච්චියට බෙල්ල තියනවා! සමහරුන්ගෙ වෙලාවටම තමයි කෝච්චිය එදාට ස්ට්‍රයික්! සමහරු කෝච්චිය එද්දිම රේල් පාරට පනිනවා! බලද්දි …