Posts

Showing posts from August, 2012

තැනට ගැලපෙන සිංදු කීම....................මාධවගේ ටොකු!!

Image
ටයිප් සෙටින්ග් කාරයෝ ටිකගේ පෙර සටහන - මේක නිකං කතා ටිකක් වුනත් ගන්න දෙයක් තියනවා කියලා අපේ ලොක්ක මාධවට හිතුන නිසා, එතුමම ලියලා දාපං කියලා අපට කිව්ව නිසා මේං ලියනවා!

මේ සේරම සිංදු කේස්!

පළවෙනි එක තමයි ඕං සුලෝචනා...

ඒ කියන්නෙ කතාව මෙහෙමයි. මාධවලගෙ මිත්‍ර කොල්ලෙක් බූට් එකක් කාලා ඉන්න වෙලේ මූට ඇහුන බීට් එකක් තමයි සුලෝචනා සිංදුව! අහන්න එපා කොල්ලා කව්ද කියලා! දන්නෝ දනිති!

ඉතිං මේ අහල ඇතිනේ!

“එක කිරුලක් පළදින්නට බෑ
එකම සිහසුනේ ඉන්නට බෑ
සුලෝචනා
අප දෙදෙනාටම එක රජ දහනක රජ කරන්න බෑ!“

ඉතිං බූට් කාලා ඉන්න වෙලාවේ මාධවලගෙ මිත්‍ර ගොයියා තෝර ගත්ත බීට් එක මේං!

ඒත් මේක කිසි ගැලපීමක් නෑ නේ? මේකෙන් කියන්නෙ එක කොල්ලට ලව් කරන කෙල්ලො දෙන්නෙක්ගෙන් එකෙක්ගෙ හිතේ තියන සිතුවිලි!

ඒත් මූ මොකෙක්ද???  අන්න එතනයි නොගැලපීම!!



දෙක තමයි හිනැහෙන්න සෙව්වන්දියේ සිංදුව!

අර ඔලු නාලිකාවෙන් පුම්බලා උඩ ඇරිය ශිහාන් කොලුවගෙ අති උදාර සිංදුවක් තියෙන්නෙ!

ඒකෙන් කියන්නෙ මැරිච්ච කෙල්ලෙක් ගැනනේ!

“හිනැහෙන්න සෙව්වන්දියේ....“

ඇක්සිඩන්ට් එකකින් කෙල්ලො මැරීමේ කලාව එකතු උන විෂූවල් එකක් එහෙමත් හැදුවේ!

කස්ටියට මතක නං මතක් කර ගන්නකෝ!
ඉතිං මේ මා…

කොල්ලෝ සහ බල්ලෝ!

Image
මාධවගේ කතා කස්ටිය හිටපු ගමන් විවිධ සමීක්ෂණ(විකාර) කරනවනේ! ඉතිං අදත් සුපුරුදු පරිදි මාධවගේ කතා අධ්‍යක්ෂක මාධව මහතාගේ උපදෙස් පරිදි අලුත් දෙයක් සිදු කෙරුනා. මෙවර සිදු කෙරුනේ කොල්ලෝ සහ බල්ලෝ අතර වෙනස සෙවීම. ඒ සදහා මාධවගේ කතා විසින් පෙර දිනයක සිදු කල හනිමූන් සාකච්චාව සේම සාකච්චාවක් මෙවරද ඇති වුනා.ඉතිං මෙවර මාධවගේ කතා හි සම්පූර්ණයෙන් පලවෙන්නේ ඒ ආකාරයට අප නැගූ ප්‍රශ්න හා එම ප්‍රශ්න වලට ලැබුනු පිළිතුරුයි.

- - - - - - - - - - - -

අපේ අමිල ටොමී මහතාට තමයි හැමදාම වගේ ඉස්සෙල්ලම ප්‍රශ්නය යොමු කලේ.

මාධවගේ කතා - අමිල මහතා! ඔබ සිතන්නෙ මොකක්ද වෙනස? බල්ලෝ සහ කොල්ලෝ අතර?

අමිල - මෝඩ ප්‍රශ්නනේ මාධවගේ කතා. දෙගොල්ලන්ගෙ කිසි වෙනසක් නෑ.

මාධවගේ කතා - ඒ ඇයි?

අමිල - බල්ලො කොච්චර බැලුවත් ටවුමෙ බහිනවා. අපිත් ටවුමෙ බහිනවා. ඒ ටිකම ඇතිනේ. අනික බල්ලො බලු වෑන් එක දැක්කම හැංගෙන්න දන්නවා! අපි පොලිස් වෑන් එක දැක්කම හැංගෙන්න දන්නවා.

මාධවගේ කතා - ඒ කියන්නේ බල්ලෝ = කොල්ලෝ කියන එකද?

අමිල - සම්මත නොවන තත්ව යටතේ බල්ලෝ = කොල්ලෝ වීම 99%යි.

මාධවගේ කතා - එතකොට ඉතිරි 1%?

අමිල - ඒක බල්ලෝ /= කොල්ලෝ වීමට.

මාධවගේ කතා - උදාහරණයක් …

නිවැරදිව සොලවා හොල්මනක් පොටෝ ගමු!

Image
මේ ටිකේම ගොන් ආතල් වැහි වැහැලා. උඩරට ප්‍රසිද්ධ (වෙන වෙන ඒවටත් අති ප්‍රසිද්ධයි කියලා මාධව අහලා තියනවා) බාලිකා පාසලක කකුලක් නැති හොල්මනගේ සීන් එක තමයි මෝඩම චූන් එක. ඉතිං මාධවගෙත් වෙරි ඉන්ටරෙස්ට් ෆීල්ඩ් එකක්නේ ඔය බූතයෝ ගැන හොයන එක. ඉතිං මාධට මෙහිදී කතා කීපයක්ම කියන්න තියනවා මාධවට. ඉතිං පිළිවෙලට අහනවා හොදයි ඕං!

පළවෙනි කතාව තමයි ඔය දැන් ඇති වෙලා තියන ඉස්කෝලෙ කතාව. ඕක ප්‍රචාරය උනේ අද ඊයෙ උනත්, ඒ කියන්නෙ ලගකදි උනත් මාධව ඕක ඉස්සෙල්ලම දැක්කෙ මාසයකට එක හමාරකට පෙර අපේ උපාසක සුපුනගෙ ෆෝන් එකේ තිබිලා.මාධවනං එදා හිතුවේ නෑ ඒක ඇත්තටම මෙච්චර ආන්දෝලනයක් ඇති වෙන සිද්ධියක් වෙයි කියලා. ඒ වගේම අපි කවුරුත් එදා හිතුවේ නෑ මේක අන්තිමට මෙච්චර ගොන් ආතල් එකක් වෙයි කියලා. ඉතිං එදා මාධව සුපුනට කිව්වේ ඕක මචං කැමරා එක හෙලවීම සහ සයිබර් ෂොට් ඕෆ් (මාධවනං සෝනි කැමරා සත 5 කට මායිං කරන්නෙ නෑ! ඒවට බනින්න ගත්තොත් ඉවරයක් නෑ! හැමෝම දන්න බොරු වචනෙ නිසා තමයි සයිබර් ෂොට් කියලා දැම්මෙ.) කරලා නිසා උන දෙයක් කියලා. ඒ කතාව එතනින් නිමා නොවුනත් ඒ ගැන වැඩි දුර විස්තර මේ බ්ලොග් එකේ සදහන් කිරීඹ අපේ උපාසක සුපුනා තහනම් කලා. ඒ නිසා මේ සිද්ධිය…