Posts

Showing posts from January, 2012

බයිසිකල් ජරමර හෙවත් මාධවගේ බයිසිකල් දිනපොත..... 03

Image
මේක, මේ කියන්න යන කතාව මං කලින් වෙච්ච පොරොන්දුවක් නිසා ලියන්නේ! ඒ කියන්නේ මං බයිසිකල් දිනපොතේ දෙවෙනි කොටසේ කිව්වා චානකයගේ සයිකලේ ඉල්ලගෙන කොකා එක්ක ගිය චාරිකාවක් ගැන කියනවා කියලා! මේ කියන්න යන්නේ ඒ කතාව.  මෙන්න මේකයි සිද්ධිය.

චානකයා ගාව හිටියා අර කලු පාට ගෝල්ඩ් ෆිෂ් වර්ගයේ ලොකු මාලුවෙක්! මාලුවෙක් වෙන්න ඇති, මොකද ඒක අපිට හරියට බලන්න බැරි උනා. චානක මාධවගේ ගෙදර ආපු වෙලාවක පොර දැක්කා මාධවගේ ගෙට පහල ඉන්න සුදු අයියගේ ගෙදර මිදුලේ තියන ලස්සන මාලු පොකුණ.  ඉතිං ඒක දැකපු චානකයා මාධවට මෙහෙම කිව්වා......

“ මචං මං ළග අහවල් ජාතියේ මාලුවෙක් ඉන්නවා! ඒකව තියාගන්න ලොකු ටැංකියක් නෑ! ඌ ඒකේ තියං ඉන්න එක පව් බං! ඉඩත් නෑ.  ඒ නිසා උඔ ඌව අරන් ඇවිත් මේ පොකුණට දාපං! ඒක හොදයි බං! ඌට නිදහසේ ඉන්න පුලුවන්. මට සල්ලිත් එපා “

ඉතිං මාධව ඒ කතාව සුදු අයියටත් කිව්වම පොරත් කැමති උනා! නිකං මාලුවෙක්! අනික මහා පත සයිස් එකෙක් සත පහක් ගෙවන්නේ නැතුව.. කවුද අකමැති? ඉතිං මාධවයි කොකයි දෙන්නටම නිදහස් දවසක් බලලා දෙන්නම ගියා මේ මාලුවව ගේන්න! ඒ ගියේ මාධවගේ සයිකලේ! පහලට නිසා කොකා තමයි සයිකලේ ගියේ! මාධව පයින් ගියා! එදා කොකාගේ පිස්සු ඇක්සි…

ඉස්කෝලේ කාලේ තවත් ජරමර... වින්ඩෝස් 99

Image
ඉස්කෝලේ කාලේ ගැන ලියන්න ගියාම ලියන්න පුලුවන් කතාවේ ඉදලා ලියන්න තියා හිතන්නවත් බැරි (කොල්ලොන්ට නම් ගින්නක් නැති) කතාත් ඕන තරම් තියනවා. එහෙම තියන කතා වලින් මාධවලාට ගොඩක්ම තියෙන්නෙ ලියන්න අපහසු කතා ටිකක් තමයි. ඒ අතර කියන්න පුලුවන් ළාමක සිද්දි තමයි මේ බ්ලොග් එකේ ලියන්නේ. නැත්තං මේ බ්ලොග් එකත් වල් බ්ලොග් එකක් විදියට හංවඩු ගැහෙන්න බැරි නෑ. මොනා උනත්, මේක ලියන්නා කොහොම උනත් බ්ලොග් එක දිස්නෙට තියෙන්න එපායැ.. නැද්ද!

ඔන්න එහෙනම් ආයෙත් පටන් ගන්නම්කෝ ඉස්කෝලේ කතාවක්. ටික ටික කියන්නේ ගොඩක් කියන්න ගියාම මේ පෝස්ට් දිග වැඩි වෙන නිසා වාතයක් වෙන්න පුලුවන්නේ. ඒකයි. කොහොම හරි මෙන්න ආයෙත් තව කතා ටිකක් කියන්නයි මේ ලෑස්තිය....

හොදයි මේක අපේ ගලාට දීපු ලනුවක්. ඇත්තටම ඒක ගලා එළටම කෑවා. එළටම ගිල්ලා. මෙන්න මේකයි වෙච්ච දේ. මේ මාධවලා 10 ඉන්නකොට වෙච්ච දෙයක්. ඉතිං ඒ කාලේ මාධව අයි. ටී. පැත්ත කියලා එකක් ගැන දන්නව තියා කම්පියුටරයක් අල්ලලා වත් නැති අහිංසක පොරක්! ඇත්තටම මාධව කම්පියුටර් එකක් ගත්තේ සාපෙටත් ලියලා හේමාල් අයියගේ කම්පියුටර් ක්ලාස් එකට යන කාලේ තමයි. ඉතිං මේ කියද්දි මාධවට නැති උනාට අපේ බුද්ධියා, ගලා, ප්‍රශා, රුක්ෂ…

" කෝ යකෝ තුන............! "

Image
මේක කියද්දි ඒ ගණිතය උගන්නපු මැඩම්ගේ නම දාන්නේ නෑ! ඒත් දන්නෝ දනිති!! ඒක නොදැම්මයි කියලා කතා රසයට හානියක් වෙන එකකුත් නෑ කියලා මාධව හිතනවා! නන්දා මැඩම්ගේ ලියුමේ ක්ලාස් එක හා බල්ලන්ගේ කතන්දරය කලින් කිව්වනේ! මේ කියන ගණිතය සිද්ධි වෙනකොට මාධවලා අමිලලා රුක්ෂාන්ලා සෙට් එක හිතින් අපරාදේ පොත් වල සල්ලි කිය කිය හිටියේ! වෙලාවට එකෙක්ටවත් විභාගෙන් පස්සේ එහෙම කියන්න උනේ නෑ! මේ කියන ගණන් ක්ලාස් එක නැත්තන් මාධවට ගණන් වලට A එකක් ලොවෙත් නෑ! ෂුවර්! අවංකවම සී එකක් වගේ නම් තියෙන්න තිබ්බා!  ඉතිං කතාවට යමුකෝ!

මේ කියන මැඩම් ටිකක් ග්‍රාමීය ගති තියන කෙනෙක් කිව්වනම් හරි! මාධවලගෙ ගෙවල් පැත්තෙමයි ඉන්නෙත් (කි මී 2ක් විතර පයින් යන්න ඕනි ඉතින්!). ඒ කියන්නේ ඉතිං ගමේ තමයිනේ! ඉතිං ඒ මැඩම් ටිකක් සැරයි! මාධවලා අමිලලා බක චිනාලා (චින්තක) රුකාලා අම්බානක කාලා තියනවා! කෙල්ලෝ කොල්ලෝ කියලා නෑ හැමෝටම එක වගේ මැඩම් සලකන්න ගත්තම! ඒ ගැන කියලා වැඩක් නෑ! මේ ක්ලාස් එකට යන කාලේ උන් සේරම එවුන්ගේ * උන කාලෙනේ!! ඉතිං සමහර වචන කස්ටිය එක්ක එකතු උනාම බලු කරගන්නවා! ඔන්න ඔහොම බලු වෙන වචන ගොඩයි!

ඒ අස්සේ අපේ එවුන් ගමේ තියන කෙහෙල් කැන් අරවා මේවා සේරටම…

ආයෙමත් මං දිහා බලන්න...................!!

Image
ඉස්සර අපි ළගින් ඉන්න කොට වගේම

ඉස්සර අපි ළගින් වැඩ කරනකොට වගේම

ඉස්සර අපි එකට කෑම කනකොට වගේම

ඉස්සර අපි එකට ඇවිදිනකොට වගේම

ඉස්සර අපි එක ළග ඉදන් ඉන්නකොට වගේම

ඉස්සර මං ඔයාට පුංචි විහිලුවක් කල වෙලාවෙ වගේම

ඉස්සර ඔයාට සතුටු හිතෙන දෙයක් කිව්ව වෙලාවෙ වගේම

අන්තිම දවසේ අපි සමු අරන් යන මොහොතෙදි වගේම

ඒ හැම මොහොතකදිම

ඔය පුංචි දුඹුරු ඇස් වලින් පෙනුන

හිත පුරාම තිබ්බ ලෙංගතු කම රැගෙන

ලස්සන නෙත් අගින්

පුංචි මුව පුරා පැතිරුණු

සුන්දර මදහසත් එක්ක

ආයෙමත් පාරක්

එකම එක වතාවකට

මං දිහා බලන්න ..................!!

නන්දා මැඩම්ට ආපු ලියුම - තවත් එක් පාසල් කතන්දරයක්!

Image
මාධවලා 7 ශේණියේ ඉදපු කාලේ වෙච්ච කේස් ටිකක් කියන්නයි යන්නේ! අහමුකෝ එහෙනම්! මේ කියන කාලේ මාධවලගෙත් ටිකක් එක එක ලෙඩ වැටෙන කාලෙනේ! ඉන්න බෑ දැගලිල්ල! මොකෙක් හරි අනුකරණය කරන්නමයි හිත! වැරදිලා හරි ලොකු අයියලා අක්කලා කුණුහරුපයක් එහෙම කියනවා ඇහුනොත් කස්ටියගේ වැඩේම ඕක රී -  මික්ස් කර කර කියන එකනේ! ඔන්න ඔය කියන කාලේ තිබ්බ ජනප්‍රිය වැකියක් තමයි මෙන්න මේක! මොකක් හරි වැරැද්දක් කලාම කිසි කතාවක් නෑ මාධවලගෙ ක්ලාස් වල කොල්ලෝ ඕක මූණටම කියලා දානවා! කියන එකා වත් අහන එකා වත් ඒ කාලේ ඕකේ තේරුම දැනං හිටියා කියලා මාධවට නම් හිතෙන්නේ නෑ! දැන් ඕක දන්නේ නැති එවුන් දන්න එවුන්ගෙන් අහලා දැනගන්නත් එපා! ඒත් මාධවනම් දැන් බළධාරියා කපලා දාලා තියන තැනට යෙදීමට සුදුසු වචන සම්භාරයකින් සන්නද්දයි! ඒත් ඉතිං දැන් ඔය වැකිය භාවිතේ නෑනේ! මෙන්න මේකයි ඔය වාක්‍යය!


" ඕක කරපු එකාගේ අම්මට තාත්තට රෑට රෑට පාට පාට බල්ලෝ ටිකක් ඇවිල්ලා #(බළධාරියා විසින් කපන ලදී )#  පළයං! "

හත ඊ පංතිය නොහොත් මාධවලගෙ පංතිය තමයි ඒ කාලේ නරකම පංතිය ලෙසට සම්මාන ලැබුවේ! මාධව, අමිල, අලියා, චින්තක, රණා, ප්‍රසන්න, දිමුතු, රාමයියා AKA රමේෂ් ඇතුලු පට්ටම කොල්ලෝ…

අමෙරිකා................................. America.................................

Image
වර්ෂ 2011 ක් වූ දෙසැම්බර් මස 31 වැනිදා 2011 වර්ෂයේ අවසාන පැය කීපයක සිතුවිල්ල! බස් රථයක ගෙදර එන මගදී!
මහා රෑ දුර ඇදෙන බස් රථයේ කවුලුවෙන් අදුරු වෙලා තියන අවට බලාගෙන ඉන්න මාධවට එක එක විකාර හිතෙන එක අමුත්තක් නෙමෙයි! ඒත් අද සිත අමුතුම ලෝකෙකට ගිහින් වගේ! හිතක හිරවුනු හැගීම් සියල්ල සිය මුහුනෙන් පිළිඹිබු වෙන්න ඇති කියලා හිතුනත් හිතට ගලාගෙන එන හැම සිතුවිල්ලක්ම නිදහසේ ගලාගෙන යන්න ඉඩ දුන්නට කමක් නෑ කියලත් ඒ වෙලාවට හිතෙනවා. එහෙම ඇතිවන සිතුවිලි බ්ලොගයකට අකුරු කරන්න ඕනි කියලා එක දවසක් හිතුන නිසාම මාධව හිත පුරා ඇති වෙච්ච ඒ සිතුවිලි සියල්ලම වගේ මේ පෝස්ට් එකෙන් අකුරු කොරලා දාන්නම්!!
"America, hahaha, we love you, how many people are proud to be citizens of this beautiful Country of ours, the stripes and the stars for the rights that men have died for to protect, The women and men who have broke their neck's for the freedom of speech the United States Government has sworn to uphold, or - Yo', I want everybody to listen to the words of this song -  so we're told...
I never would'…