Monday, March 29, 2021

වරුසාවේ ගීතය.....




මහත්තයා....

කරපු පව් ගැන වමාරන්න හැටියක් නැතුව මේ අමු සොහොනෙ විදවන ඔලු කටු බොහොමයි. ඒ අතින් මම වාසනාවන්තයි මහත්තය.

ජීවත් වෙලා ඉන්නකම් මහම මහ අලුගුත්තේරු කටයුතු හුගක් කොරල තියනව.

ඒ පව නිසා හරියට වැලලෙන්නවත් පිනක් නෑ..

මහත්තය අහනවද මේ කතාව...... 

මඩ වතුරට ගහගෙන ආව මං මේ කියන කතාව..
..............................................................................................

Thursday, March 25, 2021

සිහින ලොවක් දුටුවා මතකයි...

බඹරාට අද බොහොම දුශ්කර දවසක්. වෙහෙසයි. නිදිමතත් තියනවා. ඒ අස්සෙ යටියන්තොට පොලීසියේ තියන රියදුරු බලපත ලබා ගන්නත් ඕනි. යන්නම ඕනි ගමනක් ඒක..

හෙට සිකුරාදා දින පෙර පුහුණු වැඩසටහන් කෙරෙන නිසා හෙට දිනත්, සෙනසුරාදා ආපහු කාර්‍යාලයේ කටයුතු යෙදෙන නිසා අද බ්‍රහස්පතින්දා දින භාගයක නිවාඩුවක් දාලා ආවා. මෙහේ ඉදන් බොහෝම දුරක නොවැ ඒ ගමන. යන්ඩ පෑ දෙකයි. එන්ඩ පෑ දෙකයි..