ජංගමයෙන් පරිලෝකනය කිරීම

 

කුණුහරුප කීම මීට වඩා පහසුය! සිංහලෙන් පරිගණක ඉගෙනීමට වඩා ඒක හරිම පහසුය! “පරිලෝකනය කිරීම“ යන ක්‍රියාව ගැන දන්නා උන්ට වඩා “ස්කෑන් කිරීම“ ගැන දන්නා උන් වැඩිය! නමුත් කරුමයක මහත වන්නේ ලාංකික අනික්වා වගේම පරිගණක අධ්‍යාපනයද සිංහලීකරණය හා ද්‍රවිඩකරණය කිරීමට යාමෙන් කෙලවෙන අනාගතය නුදුරේම ඇත්තේය! ඒ නිසා කඩ්ඩෙන්ම කියන්නා සේම ස්කෑන් (SCAN) කිරීම කියාම කියන්නට මාධව කැමැත්තේය! පරිගණක අධ්‍යාපනය ජාත්‍යන්තරයට ගැලපෙන ලෙස කඩ්ඩෙන් උගන්වන ලෙසද කියන්නේය! නැත්තං ඒවා කරන උන්ට සිද්ධ වන්නේද අර කැම්පස් “අනාථ කොට්ඨාශයේ“ ගොඩට එක්කාසු වී කොටුවේ ගී ගයන්නටය! අට්ටාල පරිස්සං කරන්නටය!!! මේක සෙල්ලමක් නොවන නිසා තිත්ත උනත් ඒමම කියන්නේය!!!!

කෙසේ වුවද මේ කියන්නට යන්නේ තාක්ෂණික කතාන්දරයක්ය! ස්කෑන් කිරීමේ කටයුතු විශාල ලෙස සිදු වූවද (ශරීර කොටස් ස්කෑන් කිරීම, ආරක්ෂක කටයුතු සඳහා ස්කෑන්, මිල ගණන් සදහා බා කෝඩ් ස්කෑන් කිරීම ආදී)මේ කියන්නට යන්නේ පරිගණක ආශ්‍රිත ව ලිපි ගොනු ස්කෑන් කිරීම පිළිබදවය.කරදර ගොන්නක් මැද්දෙන් ගෙවන කාලයක සුලු විරාමයකදී මෙසේ ලියන්නට හිතුනේ මාධවට ඉදිරිපත් වූ ගැටළු කීපයක් නිසාය! පළමුව කියන්නට යන්නේ ඒ ගැටළු ටිකය!

බොහෝ ආයතන වල ඇති ගැටලුවක් වන්නේ පරිලෝකන යන්ත්‍රයක් නොහොත් ස්කෑන් යන්ත්‍රයක් නොමැති කමය! වර්තමානයේදීද එම කටයුතු සඳහා photocopy යන්ත්‍ර යොදා ගත හැකි වුවද ඒ සඳහාද අවකාශ අඩු වන්නේ පොටෝ කොපි ඇත්තේ පොටෝ කොපි සඳහා පමණක්ය යන ආකල්ප නිසාය!

මාධවට පැමිණි මූලිකම ගැටලුව වන්නේ කාර්යාල වල පරිලෝකන යන්ත්‍ර නොමැති නිසා ගොනු ස්කෑන් කිරීමට නොහැකි වීම ය! හැමෝම නාහෙං අඩන්නේ ස්කෑන් කරන්නේ කෙසේද කියාය!

ඉතිං පඳුරු තලමින් මේ කියන්නට යන්නේ ස්කෑන් කරන ක්‍රමය ගැනය!

scanning උපකරණ බහුතරයක් ඇති අතර මූලිකවම පරිශීලක තැනැත්තන් විසින් දන්නා කියන සුපර්මාකට් බා කෝඩ් රීඩරය, Flat Bed ස්කෑනර් යන්ත්‍රය නොහොත් සාමාන්‍ය ස්කෑනරය යන උපකරණ ප්‍රධානම කාර්යාලීය ස්කෑන් උපකරණ ලෙස දැක්විය හැකිය.

මේ තියෙන්නේ ඒවාය.

bar code reader -  තීරු කේත කියවනය.

flatbed scanner - ගොනු පරිලෝකන යන්ත්‍රය
.
 

වර්තමානයේ මෙයට ඇතුලත් වී ඇත්තේ අපගේ ස්මාට් දුරකථනය වන්නේය. අනිකුත් උපකරණ වලට වඩා පහසුවෙන් කාර්යක්ෂමව හා පැහැදිලිව ගොනු ස්කෑන් කර ගැනීමට මෙම ජංගමයෙන් පුලුවන් නිසාම දැන් දැන් මෙය බොහෝ ජනප්‍රිය වෙමින් තියෙන්නේය.


මේ කියන්නට යන්නේ ස්මාට් දුරකථනයෙන් ගොනු ස්කෑන් කර ගැනීම සඳහා වැදගත් වන APP දෙකක් ගැනය.  


අංක එක - Tap Scanner යෙදුම

මෙය පහසුවෙන් ඉක්මණින් ගොනු ස්කෑන් කර ගත හැකි ජංගම දුරකථන යෙදුමකි! ජංගම දුරකථනයේ කැමරා උපාංගය ඔස්සේ ගොනු වල ජායාරූප රැගෙන මෙම යෙදුම ඔස්සේ සංස්කරණය කර කපා කොටා PDF ගොනු (පී ඩී එෆ්) ලෙස සකසා ගැනීම පහසුවෙන්ම කළ හැකිය. මුදල් ගෙවා මිලදී ගැනීමට pro සංස්කරණයක්ද, නොමිලේ භාවිතා කල හැකි අඩු පහසුකම් සහිත යෙදුමක්ද ඇත.


අංක දෙක - cam scanner යෙදුම

මෙය ඉතාම ජනප්‍රිය මෙන්ම පහසුම යෙදුමක් ලෙස මාධව රෙකමදාරු කරන්නේය. මෙමගින් පරිලෝකනය කර ගන්නා ගොනු මනාව සකසා පින්තූර ලෙස හෝ පී ඩී එෆ් ගොනු ලෙස යොදා ගත හැකිය! ඉතා උසස් තත්වයෙන් ගොනු ස්කෑන් කර ගැනීමට මෙය යෝග්‍ය වන්නේය. ජංගමයේ කැමරාව උසස් තත්වයෙන් ඇත්තේ නම් පරිලෝකන කටයුත්තද උසස් වනු ඇත.

ඔබේ කටයුතු  මෙම ඇප්ස් භාවිතයෙන් කාර්යක්ෂමව සිදු කර ගන්නා ලෙස මාධව තරයේ ඉල්ලා සිටින්නේය.පැරණි ක්‍රම වලම එල්ලී කාල අනුභවයෙන් වැලකී සිටින ලෙස ද ඔවදන් දෙන්නේය.

මේ ආකාරයේ යෙදුම් නිසා පරිලෝකන යන්ත්‍ර වලට මෙන්ම තව තව උපකරණ වලට  යන කල දසාව ද අනාගතයේදී අහයපතක්ම සිදු වනු ඇති බව අවසන් වශයෙන් කියන්නේය.

එසේ නං ජය වේවාය! 

 

විශේෂ ස්තූතිය -  

“CAM SCANNER“ යෙදුම මාධවට හඳුන්වා දුන් තොරතුරු තාක්ෂණ සංවර්ධන නිළධාරී සාරංග මහතාට!

ලිපියට උවමනා කරන සිංහල වචන සොයා ගැනීමට උපකාරී වූ තොරතුරු තාක්ෂණ ගුරු හර්ෂණී මහත්මියට! )

උපකරණ වල රූප ගූගල් වෙතින් ලබා ගත්තේය! අනික්වා මාධවගේ ජංගමයෙන්ය!

 

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form