අලිපේර වල කතාව


මේ කියන්නට යන්නේ කෑම කතාවක්ය.

මාධවගේ කතා තුලින් කියනා කතාන්දර අතුරේ ලියවෙන රසවත් කතාවක් ලෙස ඉතිහාසගත විය හැකි අලිපේර කතාන්දර ය මෙසේ ලියවෙන්නේය.
 
අලිගැට පේර, අලි පේර ආදී නං වලින් හදුන්වන Avocado පළතුර මාධව ද ඉතාමත් ප්‍රිය කරනා ආහාරයක්ය. අලිගැට පේර ඇත්නං මාධවට ඒ සෑහෙන්නේය. බඩජාරියා සේ අලිගැට පේර ගිලීමට මාධව කැමැත්තේය. ඉතිං මේ කියනා අලිපේර කතාන්දරය මෙසේ ඇරඹෙන්නේය

අලිගැට පේර යනු රසම විතරක් නොවන පළතුරක්ය. බඩ ගල් වන අර්ශස් අමාරුව ඇත්තෝට ගුණ ය. පිලිකා වලට ප්‍රතිශක්තිය ඇති කරනා ඔසුවක්ය. ශරීරයට අවැසි හිතකර මේද සහ හිතකර කොරස්ටරෝල් ලැබෙනා පළතුරක්ය. ගැබිණි මව්වුරුන් සදහා නිර්දේශ කරනා පළතුරක්ය. සිසිලස ඇති නිසා උෂ්ණ රෝග වලට ද සහන දේ. ඔස්ටියෝපෝරෝසිස් වල සතුරෙකි. ඒ ආදී එකී මෙකී නොකී සීයලූම කරුණු මධ්‍යෙය් මාධව නං අලිපේර කන්නේ රස නිසාමය.

අලිපේර වල බොහෝ පෝෂ්‍ය පදාර්ථ අඩංගු වන අතර ඒවා අතර විටමින් සී, ඊ සහ කේ ප්‍රධාන වේ. එසේම ශරීරයට අවැසි මැග්නීසියම් හා පොටෑසියම් ලබා ගැනීමට අලිගැට පේර ආහාරයට ගැනීමෙන් පුලුවංය. එසේම කාබෝහයිඩ්‍රේට් ද ඇත. ඒ නිසා පිෂ්ටය සහ සීනි ලැබේ. එමෙන්ම omega - 3 මේද අම්ල අඩංගුය.

වැදගත්ම දෙය වන්නේ අලිගැට පේර වල ඇති මේදය සම්පූර්ණයෙන්ම පාහේ ශරීරයට හිතකර වීමය. අලිගැට පේර නිසා ලස්සන වීම ද සිදුවන්නේය. නමුත් මූනේ ඉලීම නිසා නොව නිතර ආහාරයට ගැනීමෙන් සම පැහැපත් වන බව පත පොතෙහි සදහන් වන්නේය. කන්න තියන ටික මූනේ උලන්නේ අපරාදේය. මාධව එසේ උලා තිබෙනා මූනක් (ස්ත්‍රී  - තරුණ හා ඇන්ටි පමණක්) දුටුවිට එම මූනේ තිබෙන අලිපේර ටික ලෙවකෑමට පසුබට නොවන්නේය. ඒ මොකද නැත්තං අපරාදේය.

කෙසේ වෙතත් අලිගැටපේර නිසා අපගේ හදවතට, ඇස් වලට. සමට, අස්ථි වලට ඇති යහපත් බලපෑම නිසා එය ඉතාම ගුණදායී පළතුරක් ලෙස මාධව ප්‍රකාශ කිරීමට කැමැත්තේය. තවද කක්කි කිරීමේදී ද කෙදි සහිත බව නිසා මනා සුවපහසුව දැනෙන්නේය. නිහඩව කටයුතු සිදුවන්නේය. අලිපේර යනු නිහඩ වැඩ්ඩෙක් වන්නේ ආන්න ඒ නිසාය. අලිපේර අර්සස් නං වූ මහාර්ග රෝගය ඇත්තෝට දිව ඔසුවක් වන්නේ ඒ නිසාය. කෙදි සහිත බව නිසාම ආහාර දිරවීමේ ක්‍රියාවලියද පහසු කරවන්නේය. කක්කි බෙට්ටටද සුවපහසුව ඇති කර දෙන්නේ අලිපේර මය!


ගමේ කොලුවා වන මාධවලාට ටවුමේ ගොඩයන්ට මෙන් නොව නියම ෆ්‍රෙස් බඩු ලැබෙන්නේය. ගමේ වාසිය අන්න ඒකය. ගිම්හානයේ උනුසුමට රැලි වැටී ඇති වෘෂණ කෝෂ වල සුවරූපයෙං සුපිරි මාර්කැට්ටු වල ඇති හැට පැන්න අලිපේර මෙන් නොව ගමේ බඩු ඉස්තරං ය. රසවත්ය. වර්ණවත්ය. ගහේ තියෙද්දී කොලම කොල පාටය. ස්ත්‍රී පියයුරු මෙන් සුන්දරය.  ඒවා වාගේම සිනිදුය.පාංකඩ වූ ටවුමේ ඒවා වල ඇති පාණ්ඩු රස නොව නියම පිටි ගතියට නැවුම් ලෙසින් ගමේ අලිපේර ඇත්තේය. ඒ නිසා අලිපේර සම්බන්ධයෙන් ගමේ මාධවලා වාසනාවන්තය.

දසකැලුමාගේ ගේ වටේට අලිපේර ඇත්තේය. දසකැලුමා දැන් ඉතාලියේ කොරෝනා රෝගීන් ප්‍රමාණය ගැන ගැන කොරන්ටයින් වී ඇති නිසා දැන් ඒ අලිගැට පේර ටික මාධවලාටත් ලැබෙන්නේය. ඉස්සර ඌ හිටියත් ඒ වගේම ලැබුනේය. ඌ සතුව ලෝබ කං නැත. ඉතිං මාධවලාගේ අලිපේර වාරය සැබැවින්ම සුන්දරය.

මාධව සාමාන්‍යෙයන් අලිපේර බීම නොබොන්නේය. නමුත් අලිපේර කැබලි කපා සීනි හෝ පැණි දමා කන්නේය. නැතිනම් අලිපේර ගෙඩිය දෙකට පලා අල්ලට සීනි දා සීනි සමග හෝ සිනි රහිතව කන්නේය. පොඩි තිත්තක් ආවද ඒ තිත්ත ඇතුලේ පට්ට රසක් ඇත්තේය.

අලිගැට පේර ජූස් ද රසය. නමුත් මාධව ඒකට එතරම් ප්‍රියමනාප නැත.

කෙසේ වුවද සුද්දා අපට වඩා හැමදාම දියුණු ය. ඒ “පර සුද්දා“ අලිපේර කන ආකාර කීපයක් ඇති අතර මේ කියන්නට යන්නේ ඒ ක්‍රමයන්ය. ඒ විජාතික කුමන්ත්‍රණ නොවේය. කෑමට සීමා මායිම් කුමණ්ත්‍රණ කිසිත් නැත්තේය. ඉතිං මේවා රෙසිපි ලෙස අත්හදා බැලිය හැකිය. ඒවා ඉතා රසවත් ඒවාය. හැබැයි කාලා නං නැත. මාධව ඒවා උගත්තේ තමා ළග තිබූ පොඩි චිකන් කෑම හදනා පොත් පිංචකින්ය. බලාගෙන යද්දී ලංකාවේ උං අලිපේර වලටද සාධාරණයක් කරන්නේ නැති බවයි පෙනී යන්නේ.... ඒ තරං දේවල් මේ අලිගැට පේර වලින් කළ හැක්කේය.



පළමු රෙසපිය රෝස්ට් චිකන් සමග අලිපේර ය. ඒ සදහා අවශ්‍ය වන්නේ පළමුව මේවාය.

කුකුල් මස් කුකුලාගේ පපුව කොටසින් (chicken Breast)  ඔබට අවැසි ප්‍රමාණයට
ගම්මිරිස්, ලුනු අනෙකුත් කුළු බඩු සහ  දෙහි මේස හැන්දක් ය
තව චොප් කරගත් ලොකු ලූණු ගෙඩි භාගයක් අවශ්‍ය වන්නේය.
මිරිකා ගත් දෙහි  දියර ස්වල්පයක් (මේස හැන්දක් හෝ දෙකක්)

එසේම අලිගැට පේර කැබලි ස්වල්පයක් (අඟල x අඟල පමණ කැබලි අවැසි ප්‍රමාණයට)


දැන් කළ යුත්තේ මේවාය -

චිකන් පපු කැබැල්ල හොදින් කුලු බඩු ගල්වා මද වේලාවක් තැබීම. ඔබගේ රසයට අවැසි පරිදි ලුණු ගම්මිරිස් සහ අනිකුත් කුළු බඩු යෙදීම.

මද වේලාවක් තබා කුකුලු  පපුව හොදින් රෝස්ට් කර ගන්න! බැදගත්තත් කම් නැත. නමුත් හුගාක් කර කර ගැනීමෙන් වැලකිය යුතුය.

එසේ බැද ගැනීමෙන් පසුව චිකන් කැබලි කර ගත යුතුය. එයද අඟල x අඟල පමණ කැබලි පමණ වන්නේ නම් ෂෝක්ය.

තාච්චියකට තෙල් ස්වල්පයක් දමා අලිගැට පේර, චොප් කළ ළූණු සහ ගම්මිරිස් ලුනු දමා තෙම්පරාදු කර ගන්න. එයට දෙහි ටික දමා කලවම් කර ගන්න. ඉන්පසු රෝස්ට් කර කැබලි කර ගත් චිකන් ටික එයට එක් කරන්න. හැකි නම් සලාද කොලයක්ද තබා හැඩ කර ගන්න!

දැන් රස බලන්න!!

දෙවනුවට මේ කියන්නට යන්නේ සැන්ඩ්විජ් ගැනය. ඇවකාඩෝ සැන්විජ් ගැනය. ඒකත් යස කෑමක් වන බව පෙනෙන්නේය. නමුදු තාම ඇත්තේ අත්හදා බැලීමට ඇති බලාපොරොත්තුව පමණක්ය.

අවශ්‍ය වන්නේ ඉදුනු අලිගැට පේරයක් ය. එහි මද සූරාගෙන තබාගන්න
රෝස්ට් කරගත් චිකන් හෝ හැම් අවශ්‍ය ප්‍රමාණයට
සලාද කොල
සැන්ඩ්විඩ් පාන් එකක් (මෙහි පාන් පෙති ටෝස්ට් කර ගන්නේ නම් මනාය. එවිට ක්‍රිස්පි ගතියක් ලැබෙන්නේය)
තක්කාලි ගෙඩියක් සහ ලූණු ගෙඩියක්
අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ ගම්මිරිස්
චීස් අවශ්‍ය ප්‍රමාණයට

පළමුව රෝස්ට් කරගන් පාන් පෙති වල බටර් තවරන්නා සේ අලිපේර ක්‍රීම් ලෙස ගෙන තවරන්න
ඉන්පසු සලාද කොලය තබා ඒ මත බැදගත් හැම් හෝ රෝස්ට් කර තීරු කරගත් චිකන් පෙති තබන්න.
ඉන්පසු චොප් කර ගත් තක්කාලි සහ ලූණු අවශ්‍ය පරිදි අතුරා ගන්න. අවශ්‍ය ප්‍රමාණයට ලුනු සහ ගම්මිරිස් ඉස ගන්න! චීස් රැල් රැල් කර ඉසගන්න!

අනෙක් පාන්පෙත්ත ඒවා මතින් තබන්න!
ආහාරයට ගන්න!!

මෙහිදී මාධව නිර්දේශ කරන්නේ කුරක්කන් පාන් ඉතා රසවත් බවය...

එසේ නං මේවා අත්හදා බලා ප්‍රතිපළ කියලා දෙන මෙන් මාධව කියන්නේය. හරි ගියහොත් මාධවගේ සූප සාස්තරේ හොද කමය. කෙලවුනහොත් ඒ නුඹලාගේ අත්වැරදීම්ය.

එසේනං හැපී අලිපේර වීක් එන්ඩ් එකක්ය...



























4 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. //ගමේ කොලුවා වන මාධවලාට ටවුමේ ගොඩයන්ට මෙන් නොව නියම ෆ්‍රෙස් බඩු ලැබෙන්නේය.// අන්න එක තම අවුල.අපි ඉන්නෙත් ගමක.එත් මෙලොව දෙයක් නැ.කොච්චර ගුණ උනත් රස උනත් වෙන්නේ කාබයිට් ගහපුවා

    ReplyDelete
    Replies
    1. හරි පුදුමයි! ඔබෙග් නිවෙස් වවා ගන්න පළතුරු! අපි නං ඒ්මයි මිතුර!

      Delete
Previous Post Next Post

Contact Form