දත්ත තැටි ලියවන්නා්!




දත්ත තැටි ලිවීමට ලංකාවේ උං බහුතරයකට ඇත්තේ nero මෘදුකාංගය පමණක්ය. නමුදු උබන්ටු සහ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල වර්තමානයේ දී Burning මෘදුකාංගයක් බාහිරින් ස්ථාපනය කර ගැනීමකින් තොරව DVD, CD, හා අනෙකුත් දෑ කර ගැනීමට අවකාශ ඇත.

කෙසේ වුවත් මේ කියන්නට යන්නේ වෙනම කතාවක්ය. ලොකු කතාවක් නොව චූටි කතාවක්ය. ඒ්නං නීරෝ නැතිව වීණා වයණා ආකාරයය.

ඒ්නං අද කියන්න යන්නේ NERO වෙනුවට භාවිතා කල හැකි ආදේශක මෘදුකාංග පිළිබදවය.


කෙසේ වෙත් ඉතිහාසයේ සිටම DVD writer උපකරණ මිලදී ගැනීමේදී අනිවාර්යනේම ලැබෙනා DVD ඒකෙහි ඇතුලත් වන්නේ නීරෝය. Nero Express සැබැවින්ම බොහෝ අයට හුරු පුරුදු වන්නේ ආන්න ඒ් නිසාය.

ඒසේ වුවද දැන් දැන් බහුතරයක් දෙනා windows  10  භාවිතා කරනා බැවින් ඒම මෙහෙයුම් පද්ධතිය මත nero පිහිටුවීමකින් තොරව CD, DVD, DATA CD ආදිය නිර්මාණය කර ගැනීමට හැකියාව ඇති නිසාත් සහ Pen drives, memory cards ආදිය භාවිතාව නිසාත් මෙම DVD Burning මෘදුකාංග වල අවශ්‍යතාව අඩු වී ඇත.

කෙසේ වෙතත් නීරෝ වැනි මෘදුකාංග වල අවශ්‍යතාවය තවමත් ඇති නමුදු නීරෝ මෘදුකාංගය මුදල් ගෙවා මිලට ගැනීමට හැකියාවක් නොමැති අය උදෙසා මේ ලිපිය ලියවනු ඇත. නීරෝ නව සංස්කරණ වල ඇති සංකීර්ණ භාවයන් වලට පිළිතුරක් ලෙසද මෙම නීරෝ වෙනුවට ආදේශක මෘදුකාංග අවශ්‍ය වී ඇත.

මේ කියන්නට යන්නේ තැටි ලියනා වෙනත් අයවලුන් ගැනය

අංක එක  -
BurnAware Free


මාධව ද භාවිතා කරනා මෙම මෘදුකාංගය පහසුවෙන් බාගත කර ගත හැකිය. නොමිලේ දෙන සංස්කරණය සාමාන්‍ය කටයුතු සදහා ප්‍රමාණවත්ය. ඉතා සරල අතුරුමුහුණතකින් යුතු මෙම මෘදුකාංගය භාවිතා කරන්නා සදහා මනා පහසුවක් ඇති කරවන්නේය.

දැනට ජනප්‍රියතම නොමිලේ දෙන  DVD /  CD BURNING මෘදුකාංගයක්ය.
-------------------------------------------------------------------------------

අංක දෙක -
ImgBurn















මෙයද සරල මෘදුකාංගයක් උවද මනා ලෙස භාවිතා කල හැකි නොමිලේ දෙන DVD /  CD BURNING මෘදුකාංගයක්ය. ඒසේම රැම් මතකයන් අඩු අය සදහාද මෙම මෘදුකාංගය ප්‍රථිපල ගෙන දෙනු ඇත. මෙහිද සරල අතුරු මුහුණතක් ඇති නිසා පරිශීලකයාට මනා පහසුවක් ඇති කරවයි.

-------------------------------------------------------------------------------
අංක තුන - ‍
infrarecorder
















මෙය විවෘත කේත සහිත මෘදුකාංගයකි. ඒනම් විවෘත මෘදුකාංග ගණයට අයත් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන DVD /  CD BURNING මෘදුකාංගයකි. භාවිතය පහසුය. පරිශීලකයාට සුව පහසු අතුරු මුහුනතක් ඇත. අඩු මතකයක් වැය වේ. බොහෝ අය භාවිත‌ා නොකරන බැවින් ජනප්‍රිය තාව අඩුය.

-------------------------------------------------------------------------------
අංක හතර -
UBUNTU සඳහා ලබා දෙන Brasero මෘදුකාංගය












මෙය ලිනක්ස් පාදක කොට ගත් මෙහෙයුම් පද්ධති සදහා, විශේෂයෙන්ම උබන්ටු වලදී දැකිය හැකි DVD /  CD BURNING මෘදුකාංගය වන්නේය. ඒසේම වර්තමානයේ උබන්ටු වලදීද වින්ඩෝස් වලදී මෙන් DVD /  CD BURNING හැකියාව විශේෂ මෘදුකාංගයකින් තොරවම සිදු කර ගැනීමට හැකියාව ලබා දී ඇති නිසා මෙම මෘදුකාංගය වෙනනම භාගත කර ගැනීමට අවශ්‍ය අයට සිදු වී ඇති නමුදු මෙයද ඉහත කී මෘදුකාංග මෙන්ම ඉතා පහසුවෙන් භාවිතා කළ හැකි මෘදුකාංගයක් වන්නේය.

මෙය භාගත කර ගැනීමට උබන්ටු සදහා ඇති Ubuntu Software Center වෙතට ගොස් භාගත කර ගැනීම පහසු වන්නේය.

ඒ්නං ඒපමණය. ජයවේවාය! හැපී කොරෝනාය!!


6 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. Replies
    1. බොහොම ස්තූතියි. දිගටම මෙහි ඒන්න! වැදගත් කතාන්දර කියනවා!

      Delete
  2. ස්තුතියි. දෙයක් දැනගන්න ඕනි.ඉස්සර වින් xp වල movie maker එකක් තිබ්බ.දැන් 8ට හරි 10ට හරි එහෙම එකක් එන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. windows xp හි පැමිණි windows Movie Maker මෘදුකාංගය ඇත්ත වශයෙන්ම ඉතාමත් වටිනාකමක් ගෙන දුන්නා windows xp මෙහෙයුම් පද්ධතියට.

      නමුත් වින්ඩෝස් ඉදිරි පරම්පරාවේදී ඒ පිළිබදව සලකාබලා නෑ!

      වැඩිදුරත් කියනවයනම් මූවි මේකර් වගේ එකක් එයාල අඩංගු කරලා නෑ!
      කෙසේ වුවද වින්ඩෝස් 8 / 8.1 / 10 මෙහෙයුම් පද්ධති සදහා ඔබට එය බාගත කර ගැනීමට අවකාශ තිබෙනවා! ඒ සදහා microsoft හි සෙවුමක් දමන්න!!

      නැතිනම් Windows Store හි සෙවුමක් දමන්න!!

      Delete
Previous Post Next Post

Contact Form