වැඩ්ඩෙක් වෙන්න භාෂා! 


පරිගණක වැඩ්ඩෝ වෙන්ට හැමෝටම බැරිය. හැබැයි රියල් වැඩ්ඩෝ ඇති පදම් ලංකාවේ ඇත. ඒ වගේම මාධව, ලේනා මහතා, උපාසක, වැඩ බැරි නුවනා ආදී හොරගෙඩියෝ රැල මෙන් වැඩ්ඩෝ ලෙසට පෙනී ඉන්නටත් පුලුවංය. වැඩිපුර ඉන්නේ ආං ඒම උංය.  කෙටියෙං කිව්වොත් සක්විත්තෝ ලෙසට කප් ගැසිය හැකිය. මේ කියන්නට යන්නේ අන්න ඒක ලංකාවේදී කරනා විදියක්ය.

එසේනං අද “වැඩ්ඩෙක් වෙන්න භාෂා“ නමින් පරිගණක භාෂා ටිකක් ගැන සරලව කියන්නේය.

ඉතිං ආයුබෝ වේවාය............

පරිගණක භාෂා ඉගෙනුමට කිසිදු අපහසුවක් නැත. අවැසි වන්නේ උනන්දුව, කැපවීම, ආශෘව, උවමනාව සහ චින්තනය සහ රැම් පොසෙසර් වැඩි ලැප් එකක්ය. එසේ නොමැතිව භාෂා ඉගෙනීම සිදු කිරීම මිෂන් ඉංපොසිබල් ය. කරන්නං වාලේ කල විට සිංහලත් බැරිවනු ඇත. අංගොඩ නතර වනු ඇත. හීනෙනුත් කෝඩිං පෙනනු ඇත. ඒ නිසා ස්වෝත්සාහය නං උවමනාමය. පරිගණක සම්බන්ධව මූලික අධ්‍යාපනය ඉගෙනගත් පසු තවත් ඉදිරියට අධ්‍යාපනය ලැබීමේදී වඩාත් සංකීර්ණ තත්වයන්ට පත් වූවද ඒවාට මෘදුකාංග ඉංජිනෝරුවරුන් ඉබේම හැඩ ගැසී කල්පනාකාරීව සියල්ල ගලපා පයිතගරස් සේ වැඩ කර ගැනීමට හුරු වන්නේය. ඒ නිසා ලොකුවට හිතන්න එපා යැයි මාධව කියන්නේය. ජාවා, සී වැනි නමක් ගැන කියූ විට කකුල් වලින් මැණ්ඩලීන් ගහන නංගිලා මාධවට හමු වී ඇත. මල්ලිලාද ඇත.

කෙසේ වුවත් කිව යුත්තේ සරල අවධියේදී පටන්ම මෙම භාෂා හැසිරවීමේදී සිදු කිරීමට තියෙන්නේ එහෙට මෙහෙට කරනා ගණිත හරඹ, තර්ක ගොඩ නැගීම් සහ තවත් දේවල් කීපයක්ය. කියනා තරම් ලේසි නැතත් ඇත්ත ඒකය. වර්තමානයේදී මෙම ක්‍රමලේඛ වලින් තොරව ඔබට මූලික වශයෙන් පරිගණක වැඩසටහනක් හෝ වෙබ් පිටුවක් හෝ වේවා සකසා ගැනීමට සරල ක්‍රම ද නැත්තේ නොවේ.  ඇති තරං ඒම ඒවා තියෙන්නේය. විශේෂයෙන් නොමිලේ Android Apps නිර්මාණය කර ගැනීමට අවකාශ සලසනා වෙබ් අඩවි එමටය. ඒවාට උවමනා ඇති කෝඩ් ලිවිල්ලක් නැත. නිකංම ටික් කිරීම් පමණක්ය.

කෙසේ වුවද පරිගණක භාෂා ඉගෙන ගෙන තිබීම ඉතාමත් යහපත්ය. කට ගසාගෙන වැඩ්ඩෙක් ලෙස පෙනී සිටීමට විෂුවල් බේසික් වැනි මෘදුකාංගයක දැනුම වුවද ප්‍රමාණවත් වන අවස්ථා ඇත්තේය. පිට රටවල් වල නං පාසල් ලමුන්ද පරිගණක භාෂා භාවිතයෙන් විවිධ මෘදුකාංග සකසා කුඩා අවධියේ පටන්ම මුදල් උපයන බවත් ලංකාවේ තාම රාවණාගේ දඩු මොණරය පැමිණ සෞභාග්‍ය උදා කරවන තෙක් බලා ඉන්නා කිච වූ පරම්පරාවක් ඇති බවත් මාධව දුකෙන් කියන්නේය.
 
තවද කිව යුත්තේ පරිගණක අංශයෙන් ඉදිරියට යන්නේ නම් ඒ කියනා “ඉදිරියේ“ ඇත්තේම පරිගණක භාෂාවන් හදාරා නිපුනතාව ලබා ගැනීමය. ඒ නිසා මාධව තරයේම පවසා සිටින්නේ පරිගණක භාෂා හෝ පරිගණක වැඩසටහන් සැකසීම හෝ වෙබ් පිටු සැකසීම ආදී දේවල් සදහා ක්‍රමලේඛන කටයුතු සිද්ධ කරනා ආකාරයන් දැන ගැනීම අගනා බවය. කඩ්ඩ මෙන්ම පරිගණක භාෂා ද ඉතාම වැදගත් බවය.

මාධව මෙම ලිපිය ලිවීමේ පහසුව සහ ඔබගේ පහසුව තකා මෙම භාෂාවන් කණ්ඩායම් වර්ග දෙකකට ඇතුලත් කර කතා කරන්නේය. සරල ව්‍යවහාරයේද එම බෙදීම පවතින්නේය. කෙසේ වුවත් වෙබ් පිටු සැකසීම සම්බන්ධ භාෂා සහ මෘදුකාංග සැකසීම සම්බන්ධ භාෂා ලෙස වර්ග කරන්නේ කියවන ඔබතුමාලා තුමීලාගේ පහසුව උදෙසාය.

ඉතිං අද කියන්නට යන්නේ සරලව තනිවම අධ්‍යනය කර දියුණු විය හැකි පරිගණක භාෂා සම්බන්ධ තොරතුරු කීපයක්ය. දන්නෝ එමටය. නොදන්නෝද දැනගෙන දන්නෝ බවට පත්වන සේක්වා යැයි පවසන්නේය.

මේ පහල ඇත්තේ අන්න ඒ භාෂා ටිකක්ය.

පළමුව වෙබ් ඩිවලොපිං වලට අදාල එව්වාය.

1. HTML - එච් ටී එම් එල් - 

HTML - එච් ටී එම් එල් යනු වෙබ් පිටු සැකසීම සදහා යොදා ගන්නා භාෂාව ලෙස සරලව හැදින්විය හැකිය. HTML - එච් ටී එම් එල් පිලිබදව අවැසි සියලූම තොරතුරු හා පාඩම් රැසක් ඉතා ජනප්‍රිය https://www.w3schools.com/html/default.asp ලිංකුවට ගොස් ලබා ගත හැකිය. එමෙන්ම මාධවගේ අත්දැකීම් අනුව නිර්මාණ ශීලී වන්නේ නම් සහ උත්සහවන්ත වන්නේ නම් ඉතා අලංකාර ලෙස වෙබ් පිටු නිර්මාණය කල හැකි භාෂාවක් ලෙස මෙම HTML - එච් ටී එම් එල් හදුන්වා දිය හැකිය.වෙබ් පිටු අලංකරණය සදහා වෙනම භාෂාවන් ඇති නමුත් එම භාෂා නොමැතිව නිර්මාණශීලී පුද්ගලයෙකුට ඉතා වෘත්තීය මට්ටමේ පෙනුමැති වෙබ් පිටු නිර්මාණයට මෙම HTML - එච් ටී එම් එල් භාෂෘව ප්‍රමාණවත්ය.  notepad මෘදුකාංගයක් (Notepad++, Notepad වැනි) හෝ Adobe Dream viewer  වැනි මෘදුකාංග වලින් මෙම භාෂාව ආධාර කරගනිමින් වෙබ් පිටු නිර්මාණය කල හැකිය. මේක ඉතාම පහසුවෙන් උගත හැකි පරිගණක භාෂාවක් නිසා අන්තර්ජාලයේ ඇති පාඩම් පිරික්සීමෙන් ඔබට “මරු“ වෙබ් පිටු සකසන්නෙක් බවට පත් විය හැකිය. භාෂාවක් දන්නා නිසාම වැඩකරුවෙක් විය හැකිය.         


2. CSS - සී එස් එස් - 


CSS - සී එස් එස් යනු වෙබ් පිටුවල අලංකරණ කටයුතු සදහා භාවිතා කරනා පරිගණක භාෂාවක්ය. මෙය ඉහතින් දැක්වූ HTML සමග කලවමේ භාවිතා කරනු ලැබේ. CSS හා HTML එකට භාවිතයෙන් ඉතා හොද තත්වයේ පෙනුමක් ඇති වෘත්තීය මට්ටමේ වෙබ් පිටු සැකසිය හැකිය. CSS - සී එස් එස් කේත පිලිබදව ඉගෙන ගැනීම සදහාද ඔබට w3school වෙබ් අඩවිය පරිශීලනය කල හැකිය. 

3. PHP - පී එච් පී - 



“hypertext Processor“ වර්තමානයේදී  හදුන්වන මෙම පරිගණක භාෂාව මූලිකවම සර්වර් ආශ්‍රිත කටයුතු වලදී භාවිතා කරන්නේද වෙබ් පිටු සංවර්ධනය සදහාය. අනෙකුත් වෙබ් පිටු නිර්මාණය කිරීමේ භාෂා සමග ඒකාබද්ධව භාවිතා කිරීමට හැකිය. ඉතා සරල තත්වයේ සිට සංකීර්ණ වෙබ් මෘදුකාංග ගොඩ නැගීමට භාවිතා වේ. මෙහිදී මූලිකවම වෙබ් සර්වර් එකක් තුල මෙම භාෂාව හැසිරවීම සිදු කල යුතුය. වසර විසි පහක පමණ අතීතයක් ඇති මෙම පරිගණක භාෂාව වෙබ් පිටු හා දත්ත පද්ධති (DATABASE) සම්බන්ධ කිරීම, වෙබ් පිටු හා සම්බන්ධ මෘදුකාංග සංවර්ධනය කිරීම ආදී කටයුතු වලදී ඉතා උපකාරී වේ. මේ සම්බන්ධයෙන්ද w3school වෙබ් අඩවිය මගින් පාඩම් ලබා ගත හැකිය. නමුත් මූළිකවම සිදු කර ගත යුතු කටයුතු කීපයක් ඇති නිසා දැනුමැත්තේකුගේ සහය ලබා ගන්නේ නම් මැනවි යැයි මාධව කියන්නේය.

දැන් දෙවනුව මෘදුකාංග සංවර්ධනය සදහා අවශ්‍ය වන්නා වූ භාෂාවන් ගැන කියන්න යන්නේය. 

1. Visual Basic - විෂුවල් බේසික්

Microsoft සමාගම විසින් ඉදිරිපත් කල මෙම මෘදුකාංග නිර්මාණය කල හැකි භාෂාව 1991 දී ඉදිරිපත් කල අතර වර්තමානයේ නම් Visual Studio හි අන්තර්ගත කර ඇත. මේ මගින් ඔබට අවශ්‍ය වින්ඩෝස් අතුරුමූනත ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කුමයට නිර්මාණය කර ගත හැකි වීම ඉතා අගනේය. ඉන් පසු එම අතුරු මුහුනතෙහි කොටස් මත ඩබල් ක්ලික් කිරීමෙන් අදාල Codes ලිවීමෙන් පහසුවෙන් මෘදුකාංගයක් නිර්මාණය කල හැකිය. දත්ත පද්ධති නි්මාණය වැනි මෘදුකාංග පවා නිර්මාණය කල හැකි මෙම Visual Basic  ඔබව වැඩ්ඩෙක් ලෙස ඉහලින් ම ඔසවා තබනු ඇත. මාධව ද එකල මේ මගින් වැඩ ගත් අතර වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය උදෙසා ඔබට අවැසි සරල මෙන්ම සංකීර්ණ වැඩසටහන් ද මෙමගින් නිර්මාණය කල හැකි වන්නේය.

2. Python - පයිතන්


මෙය සරල භාෂාවකි. පයිතන් පරිගණක බාසාව බාගත කරගත් පසු ලැබෙන පයිතන් කේත ඇතුලත් කිරීමේ Interface එක මගින් සරලව පයිතන් භාෂාව යොදා මෘදුකාංග නිර්මාණය කල හැකිය. ඉගෙන ගැනීමට ඉතා පහසු මෙම python සරල කැල්කියුලේටරයක් ලෙසද යොදා ගත හැකිය.

පයිතන් පාඩම් ලබා ගැනීම සදහා පහත ලිංකුව මගින් පිවිසෙන ලෙසට මාධව කියන්නේය. ඔනෑ උංට වීඩියෝ පාඩං ද දෙන්න පුලුවං බවද කියන්නේය.

පයිතන් මෙතනිං ඉගෙන ගනියව්.....


3.  JAVA - ජාවා

ඉතා ජනප්‍රිය භාෂාවක්ය. සරල කමේ සිට සංකීර්ණ බවේ උපරිමය දක්වා දිවෙන්නේය. නමුත් මූලික අවධියේදී පයිතන් භාෂාව මෙන් සරලව අධ්‍යනය කර උගත හැකිය. Netbeans නැමති JAVA Editor භාවිතයෙන් කේත ලිවිය හැකිය. මෘදුකාංග ගොඩ නැංවීම මෙන්ම වෙබ් පිටු සංවර්ධනයේදීද යොදා ගැනේ.

එයට අමතරව ජංගම දුරකථන සදහා App නිර්මාණය කිරීමේදී සහ පරිගණක ක්‍රීඩා නිර්මාණයේදී ජාවා යොදා ගැනීම සිදු කරයි.

ජාවා බාගත කිරීමට පහත ලිංකුවට පිවිසෙන්න

Download Netbeans IDE

ජාවා අධ්‍යයනය කිරීමට පහත ලිංකුවට යන්න

මීට අමතරව පාඩම් උවමනා නං මාධව අමතන්න!!

මේ ඉහත පැවසූයේ බිදක් පමණක්ය. තවත් භාෂා ඇත්තේය. සියල්ලම උවමනා නැත. ඔබට වැඩකරුවෙක් වීමට මෙම භාෂා වලින් ජුංඩ ජුංඩ දැනුම පොතට එක්කාසු කර ගන්නා ලෙස මාධව කියන්නේය. මාධව බලාපොරොත්තු වන්නේ ඉදිරියේදී Visual Basic සහ Visual Studio සම්බන්ධව පාඩම් කීපයක් හෝ HTML සමග CSS පාඩම් කීපයක් ගෙන ඒමටය. එසේ හෙයින් ඒවා අනාගතේදී බලමු ය. දැනට දී ඇති ලිංකු භාවිතා කර වැඩකරුවෙකු ලෙස කප් එක උස්සන ලෙසට මාධව පවසන්නේය.

ඒනං සුභ වේවාය. ජය වේවාය.

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form