අත්තම්මා එන්න! ඇවිත් කයි කතාන්දර කියන්න.







අත්තම්මා එන්න
ඇවිත් කතන්දර කියන්න
නොනිදනා මේ පුංචි ජීවය
නලවමින් සනසන්න



මිහිරි එක වදනක්
පුංචි සවනට එක් වරක්
කියා දී වඩවන්න
සොදුරු මිනිසෙක් ලෙසට

පහල දෙනියේ කොනක
පපු කුහරයේ මෙන් වූ
ගැඹුරකට වී නිදන
අත්තම්මේ එන්න

පුංචි නෙත් කිසිදා
නොදුටු අත්තම්මා
නොමැති මේ ලෝකය
හිස්ම හිස්වී ගොසින්



Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form