හරි විදියට වැරදි පෙන්වීම



අනුන්ගේ වැරදි තැන් තැන් වල කියවීම හැමෝම ප්‍රිය කරනා විනෝදාංශයක් වන්නේය. කෙසේ වුවත් කාගේ වුවත් කියන වැරැද්දක් හරියට නිවැරදිව සාක්ෂි සහිතව ප්‍රකාශ කිරීම අගනේය. පරිගණකයේ වැරදි අනුන්ට (අනුන් යනු IT උං ය!) කීමේ දීද නිවැරදිව පැවසීමෙන් වැරදි නිවැරදි කිරීම පහසු වේ. මාධව අද කියන්නට යන්නේ කොම්පීටර වල වැරදි නිවැරදිව පැවසීමේ ක්‍රමයක් ය. 

ඒ්කට කෙටියෙන් PSR කියා කියන්නේය 

දිගු වැකිය  Steps Recorder වන්නේය. එනම් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ ලබා දෙන පහසුකම් වලින් එකක් වන්නා වූ Steps Recorder ගැන මාධව දැං කියන්නට යන්නේය.



PSR ඒසේත් නැතිනම් Steps Recorder (මෙතැන් සිට පහසුව තකා මෙය PSR ලෙසින්ම පවසනු ලැබේ) හි මූලික පරමාර්ථය වන්නේ මෘදුකාංග දෝශ පිළිබදව වාර්තා කිරීමේදී සාක්ෂි ලෙස පියවරෙන් පියවර රූප ගත කර වාර්තාවක් වැනි ගොනුවක් සැකසීමය. එසේ වූ පසු එම ගොනුව වෙබ් පිටුවක ආකාරයෙන් නිර්මාණය වන අතර පියවරෙන් පියවර ජායාරූප ගත වී එම ජායා රූ සියල්ල අනු පිලිවෙලින් ගොනුව තුල අඩංගු වන්නේය.

පරිශීලක මහතෙක් හෝ මහත්මියක් හෝ "නංගි" කෙනෙක් විසිං පැමිණිල්ල කල පසු තාක්ෂණික ශිල්පීන්ට එම ගොනුව උපකාරයෙන් Error එකක් ඇත්තේ කොතනද යන්න සොයා ගත හැකි වන්නේය. එසේම ගැටලුවට විසදුම් සෙවීමේදී ද මෙය ඉමහත් උපකාරයක් වන්නේය.

මේකේ මහා දෙයක් නැත.
කල යුත්තේ සරල දේවල් කීපයක්ය.

ඒ්වා කිරීමට නම් මේ කියනා PSR ඉන්නා තැනකින් මතු කර ගත යුතුය.

එය කල හැකි පහසුම ආකාරය වන්නේ පහත ඇති ක්‍රමය වන්නේය
Start -> Run මගින් Run වින්ඩෝව විවෘත කර ගැනීමය.
ඉන්පසු පහත රූපයේ ආකාරයට ටයිප් කර Ok ක්ලික් කිරීමය

Start ->Run

පරිශීලක උත්තමයා වටේ ගොස් පදුරු තැලීමට ආශා අයෙක් නම් පහත ක්‍රමයෙන් PSR විවෘත කර ගත හැකිය.
Start - > windows accessories -> Steps Recorder
Start - > windows accessories -> Steps Recorder
 

කෙසේ සිදු කලද ලැබෙන්නේ ඒකම වින්ඩෝ එකක්ය. එය පහත දක්වා ඇත.

පියවර පටිගත කරන්නා

ඉන්පසු කල යුත්තේ Start Record බටනය click කර දෝශ සහගත අවස්ථාව දක්වා පියවරෙන් පියවර ක්ලික් කරමින් ඔබේ කටයුත්ත සිදු කිරීම පමණි. ස්වංක්‍රීයව සෑම ක්ලික් කිරීමේ අවස්ථාවක්ම මෙම පහසුකම මගින් ජායාරූපයක් ලෙස මතක තබාගෙන ගොනුවට ඒකතු කරනු ලැබේ. ඔබගේ කටයුත්ත නිම වූ පසු Stop Record බටනය ක්ලික් කිරීමෙන් අදාල පටිගත කර ගැනීම් නිමා කිරීමට හැකිය. එලෙස Stop කිරීමෙන් පසු ඔබට ගොනුව සුරැකීමට අවස්ථාව ලබා දේ. ඒමෙන්ම එහිදී ගොනුව Preview කිරීමක් ද සිදුවේ.


ඉන්පසු Save බටනය ක්ලික් කර ගොනුව සුරැකුම් කල හැකිය. ZIP Folder එකක් තුල වෙබ් පිටුවක ආකාරයට සුරැකුම් වන ගොනුව විවෘත කිරීමට Web Browser මෘදුකාංගයක් උවමනා වේ. Internet Explorer හි බොහෝ විට නිතැනින්ම මෙම ගොනු විවෘත කල හැකිය.

PSR හි විශේෂ කරුණු

1.ක්ලික් කල වේලාව සහ ක්ලික් කල බටනයේ විස්තර පෙන්වීම
2.අවශ්‍ය අවස්ථා වලදී පරිශීලකයාට අදහස් (Comments) දැක්වීමට ඉඩ ලබා දීම
3. අඩු මතක ප්‍රමාණයක් වැය වන වෙබ් පිටුවක් ලෙස ගොනුව සුරැකුම් කිරීම

4. Additional Details මගින් වැඩිදුර විස්තර පෙන්වීම

5. Review the Recorded Steps as a Slide Show මගින් Presentation එකක් ලෙස නැරඹීමේ හැකියාව ලබා දීම

6. වීඩියෝ ලෙස තිරයේ චලන ග්‍රහණය (Screen Capture) කර ගන්නා ක්‍රියාවලියක් නොවන නිසා වැය වන්නේ අඩු ඉඩක් බැවින් විද්‍යුත් ලිපියක් මගින් තාක්ෂනික ශිල්පියා වෙත යැවීමේ හැකියාව තිබීම

7. Print Screen (Screen Shot) මෙන් පියවරෙන් පියවරට "PrtSc" බටනය එබීමෙන් අවස්ථා පටිගත (Capture) කිරීමට පරිශීලකයාට සිදු වුවද PSR මගින් පියවර සියල්ල ස්වයංක්‍රීයව පටිගත වීම සිදු වන බැවින් කටයුතු පහසු වීම.

ඉහත කී කරුණු සහ නොකී කරුණු සියල්ලෙන් සමන්විත මෙම පහසුකම භාවිතයෙන් පරිගණක ගැටලු නිරාකරණය කර ගැනීමට හැකි නම් එය කාර්යාලීය විසදුම් ලබා දීමෙදී ඉතාම පහසු දෙයක් වනූ ඇත.
Remote Login වීමට නොහැකි අවස්ථාවල එනම් Any desk / Team Viewer වැනි මෘදුකාංග හරහා දෝශ සහිත පරිගණකය වෙත සම්බන්ධ වීමට නොහැකි අවස්ථාවන් හීදී විද්‍යුත් ලිපි ගනුදෙනු මගින් දෝශ වාර්තා කිරීමට මෙම ක්‍රමය යොදා ගත හැකි වන්නේය.

ඉතින් මාධව පවසන්නේ මෙය මතක තබාගන්නා ලෙසය. ලබා දී ඇති පහසුකම් නිසි ලෙස මනාව භාවිතා කරනා ලෙසද කියන්නේය. ජනේලයේ මෙන්ම විවෘත මෙහෙයුම් පද්ධති වල තියෙනා වැඩ කෑලි ගැන ඉදිරියේදීත් ලියනා බව පවසන්නේය.

ජය වේවාය! 

පලි -

(මාධව භාවිතා කරන්නේ windows 10 මෙහෙයුම් පද්ධතිය නිසා මෙහි ඇති ජායා රූ සියල්ල windows 10 සම්බන්ධ ඒ්වාය. අනෙක් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල කියා මහ වෙනසක් නැත.)

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form