PDF සැකසීම සහ තවත් කතාන්දර


මාධව  විටින් විට තාක්ෂණික කතා ලියන්නේය. කලින් ලියූ “සිංහල මැදට බෝල වැටීම“ ලිපිය කීප දෙනෙක්ටම උපකාරී වූ බව මාධවට ආරංචි විය. ඒ අස්සේ තව තව සරල ටෙක්නිකල් කතා මාධව ලියාගෙන යන්නේය. ඒ යමක් සමාජයට දීමට නොවේය. ආතල් එකටය. කෙසේ වුවත් මේවා සාමාන්‍ය කතාන්දර වන්නේය. මහා ලොකු සිද්ධි නොවේය.  නමුත් ප්‍රභල ඉල්ලීම් නිසා සැමගේ දැනගැනීමට මෙසේ පල කරන්නේය. 

ඉතිං කතාව මේකය.

වර්තමානයේ බොහෝ ලිපි ගොනු "PDF  (පී ඩී එෆ්)" [විකීපීඩියා හි PDF සම්බන්ධ ලිපිය කියවීමට ක්ලික් කරන්න] ලෙසින් හුවමාරු වන අතර ලිපි වල අනන්‍යතාවය සුරැකීම සහ අන්තර්ගතය වෙනස් කිරීමේ හැකියාව වලකා පරිගණක ලිපි ගොනු එකිනෙකා අතර බෙදා හදා ගැනීමේ හැකියාව මෙමගින් ලැබෙන වාසි අතුරින් එකක් වන්නේය. එසේම මෙම PDF වල තවත් වාසි එමටය. ඉතා විශාල කතාන්දර පොතක් වුවත් ස්කෑන් (පරිලෝකනය - SCAN) කොට කුඩා ඉඩ ප්‍රමාණයක් වැය වන සේ පරිගණකයට ඇතුල් කිරීම වැනි වාසි එහිදී ප්‍රධාන වේ. රූප සමුහයක් වේවා, ලිපියක් වේවා, වෙබ් පිටුවක් වේවා මෙම PDF ක්‍රමයට යැවීමට ඇති හැකියාව ද මෙහිදී සිහිපත් කල යුතුය.

වර්තමානයේ බැංකු කටයුතු වලදී මාර්ගගත (ONLINE) ආකාරයට සිදු කරන බැංකු දත්ත පාරිභෝගිකයා වෙත විද්‍යුත් ලිපිය වෙත ලැබෙන්නේ මෙම PDF මගිනි. එසේම බොහෝ ආයතන වලදී සිය ලිපි ගොනු හුවමාරුවේදී වදන් සැකසුම් මෘදුකාංග  (word Processing software [examples -  open office writer, ms office word] ) මගින් පිළියෙල කර ලද ලිපි PDF CREATOR ( PDF සැකසුමක් ) මගින්  PDF වර්ගයේ ගොනුවකට හැරවීම සිදු කරන්නේ එහිදී අන්තර්ගතය වෙනස් කල නොහැකි වීම, ලිපියට නිල තත්වයක් ලබා ගැනීම සහ පරිශීලනය පහසු වීම වැනි හේතු වෙනුවෙන්ය. එබැවින් වර්තමානයේ PDF පරිශීලනය වැඩි වී ඇති සමයක PDF ගොනු සැකසීම ද  සිදු කරනා අයුරු දැන ගත යුතුමැයි මාධව සිතන්නේ ඔහුට කාර්යාලයේදී සහ නිවසේදීද විවධ දෑ PDF ගොනු බවට පත් කර දීමට ලැබෙනා විවිධ ඉල්ලීම් නිසාය.

PDF ගොනු විවෘත කර කියවීම සඳහා PDF READER මෘදුකාංගයක් අවශ්‍ය වේ. ජනප්‍රියම මෘදුකාංගයන් දෙකක් වන්නේ ADOBE Reader සහ ACROBAT Reader ය.  වර්තමානයේ භාවිතා වන බොහෝ WEB BROWSER ( Mozilla firefox, Chrome, etc) වලද මෙම PDF ගොනු පහසුවෙන් විවෘත වන බැවින් PDF READER  අනිවාර්යය ම නැත. නමුත් වෙබ් බ්‍රවුසරයක් හා සමග සැසදීමේදී PDF READER එකක් භාවිතයෙන් අපහසුතා වලින් තොරව මෙම PDF ගොනු පරිශීලනය කිරීමේ හැකියාව ඇති නිසා මාධවගේ නිර්දේශය වන්නේ  පහත සදහන් PDF කියවනයක් බාගත කොට පරිගණකයේ ස්ථාපනය කර තබා ගන්නා ලෙසය. GOOGLE භාවිතයෙන් පහත නාමයන් සෙවුම් සිදු කර භාගත කල හැකිය.


ADOBE Reader      /   ACROBAT Reader   /  FOXIT Reader


දැන් කියන්නට යන්නේ PDF සකසා ගන්නා ආකාර කීපයක් ගැනය. පළමු සහ මාධවගේ ප්‍රියතම ක්‍රමය වන්නේ මාර්ගගත ක්‍රමය ය. එනම් ONLINE ක්‍රමයක්ය. ඒ සඳහා මාධව භාවිතා කරන්නේ පහත වෙබ් ලිපිනයෙන් ලැබෙන නොමිලේ සේවාව ලබා දෙන බෙව් අඩවියක්ය.

එනම් https://online2pdf.com/ වෙබ් අඩවිය වන්නේය. (මෙවැනි PDF නිර්මාණය කර ගත හැකි වෙබ් අඩවි ඕනෑ තරම් ගූගල් මගින් සොයා ගත හැකි බවද මාධව කීමට කැමැත්තේය). කෙසේ වුවද මෙහිදී කල යුත්තේ සරල දෙයක්ය. ඔබට PDF ලෙස සකසා ගැනීමට අවශය ගොනුව එම අඩවිය වෙත උඩුගත (UPLOAD) කර අදාල කටයුතු සිදු කර ගැනීමය. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර අනවශ්‍ය වන්නේ එය සරල කටයුත්තක් නිසා සහ අවබෝධයෙන් කටයුත්ත ඔබටම සිදු කර ගත හැකි නිසාය. 



මීට අමතරව PDF සැකසීමේ මෘදුකාංග භාවිතයෙන් ද මෙම කටයුත්ත සිදු කර ගත හැකිය. ඒ සඳහා OPEN OFFICE WRITER මෘදුකාංගය භාවිතා කල හැකිය. එහිදී ඔභ ගොනුව සකසා අවසන් කොට FILE  -  SAVE AS හි ගොනු වර්ගය ලෙස PDF තෝරා ගොනුව සුරැකීම ප්‍රමාණවත්ය. එමෙන්ම MS Office 2010 සිට ඉහල සංස්කරණ වලද මේ ආකාරයට Save As  හිදී ගොනුවේ වර්ගය PDF ලෙස ලබා දී සුරැකුම් (SAVE) කිරීම සිදු කර ගත හැකිය. පහත රූප අධ්‍යනය කර බලන්න.



එමෙන්ම ඔබ විසින් පරිශීලනය කරනා වෙබ් පිටුවක් PDF කර ගැනීමට අවශ්‍ය වනවා ඇත්තේය. මාධව ඔහුට අවශ්‍ය වන්නා වූ පාඩම් මාලා ආදිය නම් ලබා ගන්නේම ඒමය. වෙබ් පිටුවක් නං ඒක  PDF කිරීමෙන් ය. ඒක පහසුය. නැත්තං web page එකම බාගත්තාට (SAVE)  ඇතැම් විට අවශ්‍ය කොටස් අතුරුදන් වී ඇති බැවින් බාගත කර ගැනීම ඵලයක් නොමැත. ඒ නිසාවෙන් මාධව කරනුයේ පහත පෙන්වන අඩවියට අදාල ලබා ගත යුතු ලිපිය සහිත වෙබ් පිටුවේ ලිපිනය COPY කර රූපයේ පරිදි PASTE කර Convert to pdf බටනය ක්ලික් කිරීමෙන් convert කර ගැනීමය. ඉන් පසු ඒ ගොනු නිසි පරිදි බාගත කර ගත හැකිය. පහත දක්වා ඇත්තේ වෙබ් පිටු PDF බවට පත් කර ගන්නා මාර්ගගත (ONLINE) වෙබ් පිටුව ය.
https://www.web2pdfconvert.com/


එයද පරිශීලනය කර බලන මෙන් මාධව කියන්නේය.
එසේ නම් කතාන්දර ටික සරලව අවසන්ය. ගැටලු තිබේ නම් විමසා සිටින්න.

මෙය දැම්මේ උනන්දු වන අයට මිස දන්නා උන්ට නොවේය.
නන්රි ය. සුභ රාත්‍රියක් සහ සුවීට් ඩ්‍රීම්ය. හාත් පස බළල්ලු ය!! උංගේ කෙලි සෙල්ලං ය! ඒවා රොම්බ සුන්දරම් ය!!!



Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form