කැට සෙලවීමේ සුන්දර කතාන්දරය



මාධව රාජකාරී නිම කොට නිවාසය බලා යෑමේදී වෙනදා මෙන් හන්දියේ සිට නොව ටවුමට ගොස් බසයට නැග්ගේ කාර්යාලීය සහෝදරියකගේ රථයක නැගී ටවුමට ඒමට ලැබුනු පිනා චාන්ස් එක නිසාය. කෙසේ වෙතත් මාධව ටවුමේදී අද දැක්කේ නංගිලා සෙට් එකක් බැස ඇති බවය. බැස ඇති බව නොව බස්සවා ඇති බවය.

ඉතිං මේ කියන්න යන්නේ ඒ කතා පුවතය.

ලාංකික විශ්ව විද්දියාල කුජීත වී ඇති බව සියල්ලෝම දන්නා නිසා සිත රිදුනද ඒ බව එසේම පවසන්නේය. ඉංජිනේරු පීඨ වල තත්වය නං එසේ නැති බව මාධවලා දන්නේ මාධවලාද ඒ ක්ෂේත්‍රෙය් නිසාය. මාධවලා කැම්පස් ගිය උං නොවුනත් අසන දකින දේවල් වලින් ඔප්පු වන සත්‍ය ඒකය. ලාංකික විස්ව විද්‍යාල කුජීතය. යල් පැන ගිහිංය. ආකල්ප බිංදුවය. විස්ව විද්‍යාල තිබෙන්නේ රටකට නව වෘත්තිකයින් බිහිකිරීමට සහ නවෝත්පාදන කටයුතු සිදු කිරීම සඳහාය. නව සොයාගැනීම්, රටක දියුණුව උදෙසා සිදු කරනා ව්‍යාපෘති ගැන නිතරම කතා විය යුතු පරිසරයක් විස්ව විදයාල මගින් ඇති විය යුතුය. නමුත් සෑම විටම පෙන්නුම් කරනා ලාංකික අවාසනාව මෙහිද නොඅඩුව සනිටුහන් වී ඇත්තේය. ඒ මාධවගේ මතය වන්නේය.

කෙසේ වුවත් මේ කතාව එහි එක් පැත්තක් පමණක්ය. ඒ නංගිලා කුමන පැත්තකින් පාත් වූවාදැයි මාධව නොදන්නා නමුත් කැට සෙල්ලම කැම්පස් එකේ සෙල්ලමක් බව නං මාධව ඉදුරාම කැට තබා කියන්නේය. ඉතිම් ඒ නංගිලා හැඩ කාර උන්ය. හරී හුරතල්ය. සුදු සුකෝමල උන්දලාය. ගෙදර අඹුවට වඩා සුන්දරය. දිගු සාය සහ එයට ගැලපෙන ටොප් (උඩ ඇඳුම) එකෙන් සැරසී පාර අයිනේ පදික වේදිකාවේ සොලවන්නේය. මාධව අදහස් කලේ කැටය සොලවන්නේය. 

ඒ යන විට උදව්වක් කරන්නකෝ කියා මාධව ළගට කැටය දිගු කර ටක ටක ගා සොලවන්නේය. මාධව ඒ ලස්සන තුල වල්මත් වී අතරමං වී යන්නේය. ඒත් මාධව උන්ට ලබ්බක්වත් දෙන්නේ නැත. හිනා වී මගෑර යන්නේය. ඒ මූනු අදුරු වන සැටි දකිනා මාධවගේ මූන එලිය වන්නේය. ලංකාවේ කැම්පස් එවුන් ඔහොම නොව හෙලුව පෙන්නා ස්ට්‍රිප් ඩාන්ස් දැම්මද මාධව උංට සතයක් නොදෙන්නේය (හැබැයි හෙලුව නං බලන්නේය). උංගේ මායමට හසු නොවී සල්ලි නොදීමට තරම් ශක්තියක් මාධවට ඇති බව මාධව ආඩම්බරෙං කියන්නේය.

උංගේ ලස්සන මායම් වලට හසු වී කොල්ලෝ සල්ලි පුදනා හැටි මාධව දැක ඇත්තේය. වැඩිදුරටත් බලා ගැනීමට උවමනා නං නුවර ස්ටේෂමේ රාගම ස්ටේෂමේ, ගම්පහ ස්ටේෂමේ කල්ලි ගැසී ඉස්කෝල යන මල්ලිලාගෙන් දත ගලවනා අක්කලා සිටින බව මාධව කියන්නේය.

මේ  ලෙසින් සොලවා එකතු කරනා කැට වල සල්ලි යන තැන මාධව නොකියන්නේය. කෙසේ වෙතත් රටක සම්පත් වූ මෙවැනි තරුණ ජීවිත පාරක හිගමනට ඇද දා කරනා විනාශය නං කතා කරලා වැඩක් නැත. උංගේ රෙද්දේ උප සංස්කෘතිය සහ ඒකටම පක්කලි කං කරනා ප්ලේන්ටි ලොවනා පච කාර විප්ලවකාරයෝ මේ කරනා විනාශය සුලු පටු නැත. 

රටක සම්පත් කැම්පස් යන්නේ පක්ස දියුණු කිරීමට නොව රට හැදීමට දායක වීමට බව මේ සුදු කියුටීස්ලා තේරුං ගන්නේ කවදාද? ඒ නංගිලාගේ සුදු අතැගිලි වලින් හැඩ වූ ව්‍යාපෘති රැසක දායකත්වය නිසා රට උසස් තැනකට පත් වන්නේ නං ඒවා අගනා දේවල් නොවන්නේද? කැට සෙලවීමට වඩා ඒවා යහපත් නොවන්නේද?
 
කැට සොලවා නිදහස් අධ්‍යාපනය රැකීමට නොහැකි බව නංගිලා තේරුං ගන්නේ කවදාද?

රටේ මිනිස්සුන්ට හිරිහැරයක් වෙමින් පාරවල් වල බුදියා කුනු වතුර නාගෙන, කදුලු ගෑස් අනුභව කොට  නිදහස් අධ්‍යාපනය රැකීමට නොහැකි බව උඹලා තේරුං ගන්නේ කවදාද?

නිදහස් අධ්‍යාපනය රැකීමට නං උඹලාද එයට දායක විය යුත්තේ කෙහෙම්මල් දේශපාලනයක ඉත්තෙක් නොවී නියම කශේරුකා සහිත උගත්තු වීමෙන් බව උඹලාගේ පුංචි මොල වලට දා ගන්නේ කවදාද?

“උඹලාගේ අම්මාගේ රෙද්දේ විප්ලවය“ හැර දා රට වෙනුවෙන් “උගතෙක්“ වී රටට වැඩදායීව සේවයක් කරන මෙන් මාධව, ඒ සුදු නංගිලා ටිකගෙං සහ කැට සොලවා අව්වේ කර වන අනික් නංගිලාගෙංද ඉල්ලන්නේය.



- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

පලි - “නංගිලා හරි ලස්සන බවත් ලස්සන කෙල්ලෝම තෝරා කැට සෙලවීමට යැවීමට මේ සීනියර් අයියලා දස්ස බවත් මාධව තේරුං ගත්තේ අදය. පස්සේ නංගිලා සොලවන කැටෙත් නංගිලාගේ කැටත් ඒ අයියලා ඇතැම් විට සොරා ගන්නා බවද මාධව දැනගත්තේ වෙනමම කතාවකින්ය. ඒ ගැන පසුවට ලියන්නේය.“





2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. උංගේ රෙද්දේ උප සංස්කෘතිය සහ ඒකටම පක්කලි කං කරනා ප්ලේන්ටි ලොවනා පච කාර විප්ලවකාරයෝ මේ කරනා විනාශය සුලු පටු නැත.

    මාධව සෑර්, ඒ කතාව නං මරුය. සැටිපිකෙට් ඇත්තය.

    ජයවේවාය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගරු වචනයට හැව්ටර් මහත්මයා!! ස්තූතියි

      Delete
Previous Post Next Post

Contact Form