සිංහල මැදට බෝල වැටීම




මේ කියන්නට යන්නේ අමුතු කතාවක් නොවන්නේය. විහිලු කතාවක්ද නොවන්නේය. සිංහල අකුරු මැද්දට බෝල වැටීම යනු අපගේ ජාතිවාදී මිතුරන්ට නියම මාතෘකාවක් ලෙසින්ද පෙනී යනු ඇත්තේය. උන්ට කියන්නට තියෙන්නේ මෙය සිංහලයා වැනසීමේ රෙද්දේ වැඩක් නොවන බවය. මේ කියන්නට යන්නේ  යන්නේ මාධවගේ තාක්ෂණික කතාන්දරයක්ය.


දැන් ඉස්කෝලේ පොත හරි ජනප්‍රිය ඒකක්ය. මාධවලා ඒ් කාලේ කිව්වේ යුනිකෝඩ් කියාය! ඒහෙම කිව්වාට කාර්යාලයේ නිළධාරීන්ට තේරෙන්නේ නැති හෙයින් යම් කිසි ගැටලුවකදී “ඉස්කෝලේ පොත” ඇත්ද නැත්ද අසන්නේ උංගේම තියරියට අනුගත වීමෙන් පසුවය. තවද කිව යුතු වන්නේ මෙම ඉස්කෝලේ පොතේ ඉතිහාසයක් ගැන මාධව නොදන්නා අතර ඒ් ගැන සොයා බලා හෝ ලිවීමට මාධවට අදහසක් නැත.  මාධව කිමට කැමැති අනෙක් කරුණ වන්නේ මේ ඉස්කෝලෙ පොත - සිංහල යුනිකෝඩය නිසා සිංහලය පරිඝණකයට ඇතුල් කිරීමට ලැබී තිබෙන්නේ සුලු පටු සහයක් නොවන්නේය.

වර්තමානයේ සිංහලය භාවිතයෙන් මූනු පොත පවා හැසිරවිය හැකි අතර ජංගම දුරකථන ආදී ස්මාර්ට් උපකරණ වලද භාෂා ගොන්නේ අනිවාර්යයෙන්ම අපගේ පුංචි රටේ භාෂාවද ඇතුලත් වී තිබීම ඒක අතකට සතුටක්ය. කෙසේ වුවත් ඉංගිරීසිය පහත් කොට ඒයට වඩා සිංහල උසස් කොට තකන අපේ සිංහල ජාතිමාමකයෝ සුද්දාට බැන බැන සුද්දාගේ පලු ඇර ඇර ඌ සැකසූ පරිඝනකයේ සිංහල දමාගෙන පාවිච්චි කර රඟ දෙන්නේ  සිංහල යුනිකෝඩ් ඉන්ස්ටෝල් කරගෙන ඇත්තේ  රාවණා සැදූ කෙහෙම්මලකට බව  සිතාගෙනබව මාධවට පෙනෙන්නේය. ඒ් පුවතත් හරිම අපූරුය.

කෙසේ වුවද කාලයක සිට මෙම සිංහල අකුරු දෙකක් අතරට බෝල වැදීම හරි අපූරු ගැටලුවක්ය. සිංහල යුනිකෝඩ ආ අලුත මෙම ගැටලුව ඇතිවූ විට  sinhala tamil IME  පරිඝනකයෙන් ඉවත් කොට යලි ස්ථාපනය කිරීම ප්‍රමාණවත් වුවද වර්තමානයේ ඒය විසදුම නොවන බව මාධවගේ අත්දැකීමය.

සිංහල අකුරු අතරට බෝල වැදීම පහත රූපයෙන් දක්වා ඇත.



කෙසේ වුවද මෙම බෝල වැදීමට හා ඇලපිලි ඉස්පිලි පාපිලි විකෘති වීමේ කතාන්දර සියල්ල නිසි පරිදි විසදා ගැනීමේ නිශ්චිත මාර්ග මේවා යැයි මාධවට කිව නොහැකි වුවද විසදා ගැනීමට අවස්ථා කිහිපයක් පහත දක්වා ඇත.

පළමු විසදුම ලෙස පරිඝණකයේ ඇති sinhala tamil IME  හෝ key man, Wijesekara keyboard,  google input Tool  වැනි ස්ථාපනය කර ඇති මෘදුකාංග  uninstall  කර නැවත  install   කිරීමය.
ඒසේ  uninstall  කිරීමෙන් පසු control panel à fonts  හි  iskoole potha තවමත් තිබේ නම් ඒය ඉවත් කිරීමට උත්සහ කරන්න. ඉන් පසු පරිඝණකය  restart  කර නැවත ඔබ විසින් සිංහල යුනිකෝඩ සඳහා බාවිතා කරන ලද sinhala tamil IME  හෝ ඒ් හා සමාන වෙනත් මෘදුකාංග ඇත්නම් ඒ්වායින් ඔබට සුදුසු යැයි හැගෙන ඒක් මෘදුකාංගයක් පමණක් ස්ථාපනය ( install ) කරන්න. මාධවගේ අවවාදය නම් කිසි විටෙක sinhala tamil IME  සමඟ වෙනත් යුනිකෝඩ මෘදුකාංග ස්ථාපනය කිරීමෙන් වලකින ලෙසය. සරලව කිව හොත් sinhala tamil IME  සමග  google input tool  ස්ථාපනය කිරීමෙන් වලකින්න.  ඔබ  google input tool  භාවිතා කරන්නේ නම්  sinhala tamil IME    ස්ථාපනය කිරීමෙන් වලකින්න.  ඒවැනි යුනිකෝඩ පහසුකම් සපයනා මෘදුකාංග දෙක තුනක් පරිඝණකයේ තිබීමද මෙම බෝල වැටීමේ කතාවට හේතු වන බව මාධවට පෙනී ගොස් ඇත.

දෙවන විසදුම ලෙස මාධව දකින්නේ කිසිදු මෘදුකාංගයක් නොමැතිව පරිඝණක මෙහෙයුම් පද්ධතිය සමග ලැබෙනා සිංහල යුනිකෝඩ භාවිතා කිරීමය. වින්ඩෝස් නව සංස්කරණ සමග මෙන්ම විවෘත කේත සහිත මෙහෙයුම් පද්ධති බොහෝමයකද මෙම භාෂා සංස්කරණ අඩංගු වී ඇති බැවින් බාහිරින් මෘදුකාංග භාගත කර නොගන්නා ලෙසට මාධව ඔබට අවවාද කරන අතර windows  මෙහෙයුම් පද්ධතියේ ඇති  Region & Language මගින් අදාල භාෂාව ස්ථාපනය කර ගන්නා ලෙසට මාධව කියන්නේය.




උබන්ටු (
Ubuntu) වලදීද මෙලෙසින්ම සිංහල ස්තාපනය කර ගත හැකිය. ඒ් පිළිබදව පහත සබැඳියෙන් අධ්‍යනය කරන්න

 තෙවන සහ මාධවට ලැබුනු උපදෙස් අතුරින් වඩාත්ම සාර්ථක පිළිතුර වන්නේ පරිඝණකයේ ඇති ඉහත දැක්නූ පරිදි Region & Language හි ඇති සිංහල භාෂාව ඉවත් කර ඒ් වෙනුවට  google input tool  හෝ  Sinhal Tamil IME  භාගත කර ස්ථාපනය කිරීම යහපත්ය. ඒම විසඳුම වින්ඩෝස් සදහාය.

සිව්වන විසඳුම වන්නේ  Windows Update මගින් ඔබගේ Windows මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන කිරීම සිදු කර ඒයින් පසු windows  මෙහෙයුම් පද්ධතියේ ඇති  Region & Language මගින් අදාල සිංහල  භාෂාව ස්ථාපනය කර ගැනීමය. ඒයද සාර්ථක විසඳුමක් බවට මාධවට පෙනී ගොස් ඇත. කෙසේ වුවත් Windows Update මගින් ඔබට ඔබගේ මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන කිරීම සිදු කර ගත හැක්කේ ඔබගේ Windows මෙහෙයුම් පද්ධතිය මිලදී ගත් අව්‍යාජ සංස්කරණයක් වන්නේ නම් පමණක් බවට මාධව තරයේ මෙහි සඳහන් කරන්නේය.

කෙසේ වුවත් සිංහල යුනිකෝඩ තවමත් ගැටලු මධ්‍යයේ මෙලෙස පරිඝණක ලෝකයේ සිය රංගනයන් සිදු කරන අතර ඇතැම් ගැටලු වලට මාධවද විසඳුම් සොයන බවද මෙහිදී කියන්නේය. ඒසේම මෙම බෝල වැටීමට අදාලව තවත් තොරතුරු ඇත්නම් මාධවට දන්වන ලෙසද ඔබට කියන්නේය. තවමත් පරිපූර්ණ ලෙස ක්‍රියාත්මක නොවන බොහෝ ගැටලු ඇති වූවද යුනිකෝඩ වලින් සිදු කරනා මෙහෙය ඉතා අගනේය.

ඒසේ හෙයින් සිංහල යුනිකෝඩ නිර්මාණය කිරීමට ඇප කැප වූ සහ ඒය දියුනු කිරීමට කැප වන්නා වූ සියලූම දෙනාට මාධවගේ ආශිර්වාදයද හිමි වන්නේය....

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form