දෙමළ සහ තවත් කතාන්දර





මේ දිනවල මාධව “ඒන්ඩ පෙයර් මාධව” කියන්න ඉගෙන ගන්නේය. ඒ්කත් ආතල් වැඩක්ය! කෙසේ වුවත් වෙනස්ම ආරක පුහුණුවක නිරත වන මාධවට මේ දිනවල සිදු වන්නා වූ සිදු වීම් වල කතාන්දරම  දිග හැරීමටම බලාපොරොත්තු නොවන්නේය! රාජ්‍ය සේවකයාට අනිවාර්යය කල දෙවන භාෂාවක් ඉගෙනීම සම්බන්ධ කටයුතු වල මාධව මේ දිනවල නිරත වන්නේය! සංහිදියාවේ නාමයෙන් සහ වැටුප් වර්ධක වල නාමයෙන් කැපවන්නේය. කැපවීම නිසාම ගෙදර වැඩ සහ තවත් දේවල් මගෑරෙන්නේය. කෙසේ වුවත් කාරණා කාරණා නොකියාම බැරි හෙයින් මාධව අද නිදි මරමින් මෙසේ ලියන්නේය.

 

කෙසේ වුවත් මේ කියන්නට යන්නේ අතීත වර්තමාන සහ අනාගත කාල කතාන්දරයක්ය. දමිල පන්තියේදී හමුවූ වීජිත නම් වූ විශ්‍රාමික ගුරු මහතාගේ ඒක් වැකියක් බ්ලොගයේ  උපුටා දැක්වීමට මාධව කැමැත්තේය. 

“ ලංකාව යනු අඳුරු අතීතයක් සහ අපැහැදිලි අනාගතයක් තිබෙන රටක්  “ බව ඒතුමා කිව්වේය. ඒය මාධවගේ පපුව ඇතුලටම දැනුනු වැකියක් වන්නේය! කෙසේ වුවත් ඒ් ගැන කීමට තහංචි බැවින් ඒ් ගැන කතා කිරීම මාධව අකමැත්තෙන් වුවත් අමතක කර දමන්නේය!  අතීත සහ අනාගත කතා වලින් ඒකක් කෙටියෙන් ඔය වාක්‍යයෙන් කියා නිම කරන්නේය.

ඒම වැකියෙන් සියලූම දේ අදහස් වන්නේය. 

දැන් ආයෙත් අතීත කතාන්දරයක්ය....

දැන් මේ කියන්නට යන්නේ “ ක්‍රශ් ” ගැනය.

ක්‍රශ් ඒක හරි අපූරු දෙයක්ය. මාධව විශ්වාස කරන්නේ ක්‍රශ් ඒක ආදරයේ ආරම්භක අවස්ථාවක් වුවද ක්‍රශ් ඒක ආදරය කිරීමට අඩිතාලමක් නොවිය යුතු බවය.  ක්‍රශ් ඒක බොහෝ විට තාවකාලික හැගීමක් විය හැකිය. සමහර ක්‍රශ් ඒසේ නොවන වෙලාවන්ද තිබිය හැකිය. කෙසේ වුවත් මාධව සිය හිතේ ඇතිවන ක්‍රශ් වලට නිදහසේ අයාලේ යාමට ඉඩ දෙන්නේ ඒ්වා සිත තුල සිරකොට වද දීම නුසුදුසු නිසාමය. ක්‍රශ් ඒක අයාලේ ගිය විට ඔබට සැනසීම ලැබෙන බව මාධව බය නැතිව කියන්නේය. ඒ්ක ජෙහාන් ප්‍රනාන්දුට අනුව වෙනමම ආතල් ඒකක්ය. ප්‍රියන්ත මහඋල්පතගමට අනුව ඩුබායි වට්ටක්කයක් මෙන් සුන්දර දෙයක් විය හැකිය. ක්‍රශ් ඒක නං ඒ්මය. හැබැයි වරද්දා ගත්තොත් වානාය! ඒම නිසාම ගණිත සාධන ප්‍රමේයයන් සේ බොහොම ප්‍රවේසමිං අවබෝධ කර ගත යුතු විශයක් බව මාධව නිතර පවසන්නේය.

 කෙලවුනොත් අන්නන්ඩ සාය මුඩියුමාය!!

තේරුම් ගත යුතු දෙය වන්නේ ක්‍රශ් ඒක අයාලේ යැවීම යනු ඔබේ වර්තමාන පෙම්වතිය හෝ ඔබේ ආදරණීය බිරිඳව (මෙය පුරුෂ ලිංගයක කෝණයෙන් ලියනු ලැබේ.)  නොසලකා හැර නව ක්‍රශ් ඒක පසු පස ගමන් කිරීම නොවන්නේය. පවතින ආදරය ඉවත ලා කටයුතු කිරීම නොහොත්  දුවන මුවන් දැක නෙලූ පලා ඉවත දැමීමක් නොවිය යතු වන්නේය. කල යුත්තේ හැගුම් වලට ඉඩදී මොහොතක් ඒය විඳීමය. ඒ්ක වෙනමම කලාවක්ය! මාධව ඒය ප්‍රගුණ කර ඇතැයිද සිතෙන්නේය. සියුම් ආඩම්බරයක්ද දැනෙන්නේය. මක් නිසාද යත් මාධවගේ ක්‍රශ් නිසාම ඒ් ක්‍රශ් වලට ඉලක්ක ගත වූ ස්ත්‍රී පරාණ වලට  අබමල් රේණුවක හානියක් සිදු වී නැති නිසාය. ඇතැම් සිදු වීම් ඒයැයිලා දන්නේම නැත. දන්නා අයද සිටින්නේය. නොදන්නා අය සිටී නං ඉදිරියේදී දැනගනු ඇත.

මාධව සෙව්වන්දියට ක්‍රශ් වීමට පෙරද හෙතෙමට විවිධ ක්‍රශ් තිබුනේය. ඒ්වා යකාගේ කතාන්දරයන්ය. ඒ්වා පස්සට දමා වැදගත්ම කතාන්දර ටිකක් ඒලියට දැමීමට මාධව දැන් බලාපොරොත්තු වන්නේය. ඒයින් අංක ඒක පහත දැන් ලියවෙන්නේය. 

අංජිප්පූ!!!


ඒ්ක වර්ෂ දෙදහස් දොලහ වන්නේය. ලාංකික මල් දැකීමට නම් රට තුලට යා යුතුමය. මාධව ඒය තදින් විශ්වාස කරන්නේය. රාජගිරියේ කොටා පාරේ වැඩ කරන කාලයේ මාධව උපාසක සහ ලේනා සමග රට වටේ ගියේ පාසල් වල පරිඝණක පද්ධතිවල යාවත්කාල කිරීම් කටයුතු සිදු කිරීමේ ව්‍යාපෘතියකට සම්බන්ධ වීම නිසාය. ඒ්ක රෝඩ් ට්‍රිප් ඒකක්ය. පටන් ගත්තේ රාජගිරියෙන්ය! අවසන් වුනේ අතුරුගිරියෙන්ය. විස්ථාපනය සරල ලෙස කුඩා දුරක් වුවද රට පුරා ඇවිද ඇවිද අවසානයට අතුරුගිරිය නගරයේ පාසලකින් ගමන සහ ව්‍යාපෘතියද නිම කලේය. ඒම ගමනේදී මාධවගේ සිතේ කැබැල්ලක් කඩා ඒක ගමක දුර ඈත පාසලක මලක් ළග තබා ආවේය. ඒ් කතාන්දරය මේ ආකාරයෙන් දැන් ලියවෙන්නේය.

යුද්ධයේ නටඹුන් පෙනුනු වල් අලි ගැවසෙනා මං මාවතක දූවිලි මැද්දෙන් ටවුන් ඒ්ස් වෑන් රථය ඉදිරියට ඇදෙමින් පැවතුනේය. වැස්ස නැත. ජලය නැත. ඉහට ඉහලින් අව්ව ඇත. ඉර පෑව්වද හද පෑව්වද රස්නය පමණක් මෙහි ඇත.  තල් ගස් වල කරටි කැඩී ඈත දිලෙන්නේය. වෙන ගස්  අතරින් පතර ඇත. දුර ඈත පේන්නේ තැනිතලාව සහ දූවිල්ල පමණක්ය. රථය තුල උපාසක පිටුපස අසුනේ නිදි කිරන්නේය. ලේනා ඉදිරිපස අසුනේ කළුවා (කළු කළමණාකරු) සමහ කතාබහකය. මාධව පිටුපස අසුනේ උපාසකට පසෙකින් හිඳිමින් කැමරාවෙන් හෙතෙම විසින් ගත් රූප පරීක්ෂා කරන්නේය. ඒලියේ ඇති අව්ව රශ්මියේ තත්වය රථය තුල වායු සමීකරණය නිසාවෙන් නොදැනුනද අවට ගහ කොල වල මැලවූ ස්භාවය නිසා මාධවලාට තේරුං ගැනීමට අපහසුතාවයක් නැත. කාලය ගෙවී යන්නේය. ටයර්ද ගෙවෙන්නේය. මාධවගේ ඇගිලි තුඩු කැමරාවේ බොත්තං නිසා ගෙවෙන්නේය. වැනි වැනී යන රථය කැබිතිගොල්ලෑව පසුකර පදවිය දෙසට ඇදෙන්නේය. ඊළග කටයුතු තිබුනේ ඒම දිශාවේය. පදවි ශ්‍රී පුර මධ්‍ය මහා විද්‍යාලයේය!

උපාසක සහ කලුවා වෙනත් පාසලක කටයුතු සඳහා නික්ම යන බැවින් ලේනා සහ මාධව මෙම පාසලේ ගේට්ටුව ළග තනි කොට උං ටවුන් ඒ්සයෙන් පිටත් විය. පාසල පුරාම දූවිලිය. විදුහල්පති තුමා පැමිණ මාධවලා කැටුව අදාල පරිඝණක විදයාගාරය වෙත කැන්දාගෙන ගියේය! මාධවගේ මරුමුස් මුහුණ නිසාද නැත්තං ලේනාගේ බෝල සුන්දර පෙනුම නිසාද මංදා කෙල්ලෝ කටෑර බලා හිඳින්නේය. විදුඅල් පලිතුමා ට අනුව නං අප බිල්ගේට්ස්ටත් ඒහා ගිය වැඩ්ඩෝය. "වින්ඩෝස්"කර්නල් ඒක ගේට්ස් සල්ලිවලට ඉල්ලූ විට ලේනා ඒය නිකං දුන්නා යැයි කීවද විදුහල්පති තුමා ඒය ඉස් මුදුනින් පිලිගන්නේය. ඒතුමාගේ අගය කිරීම් සහ මුරුංගා අත්තේ තැබීම් නිසාම  මාධවගේ පපුව ඇතුලේ හීන් ලොකුවට ආඩම්බරයක් නැග ආවේය.

කෙසේ වෙතත් පන්ති කාමර පසු කර අවසානයේ උඩ තට්ටුවක තිබූ පන්තියකට මාධවලා ආවේය. ඒ්ක ඒහෙම් පිටිංම අවුල් ජාලාවක්ය. අනාගත ලෝකයේ කෙහෙම්මල් පරිගණක වීසි කොට තැන් තැන් වල දමා ඇති අයුරු මාධව දැක්කේය. ඒ් අතුරින් වොලී(WALL-E) පැලය සොයා ගත්තාක් මෙන් මාධව ඒ් මල පිපී තිබෙනු දැක්කේය. අවුල් වූ පරිඝණක පද්ධති සමග කුමක් කරන්නදැයි කියා නොසිතා මාධව සහ ලේනා වැඩට බැසීමට සිතූ විට මාධව නව යොවුන් වන මල පිපී තිබෙනු දැක්කේය. 

ඈ උසස් පෙල සිසුවියක්ය. නම දන්නේ නැත. නම සොයා ගැනීමට මාධව ඒ්රියල් කැරකූවද කනට වැටුනේම නැත. කැලෑ මල අතිශය සුන්දරය. තලෙලුය. ගවුම කොටය. කෙසේ වෙතත් දනහිස් සුදුය. හැඩකාර නව යොවුන් ශරීරයක් ඇයට උරුම වී තිබුනේය. පදවියේ පැලක් අටවාගෙන ඇය පසුපස යාමටද මාධවට නොසිතුනා නොවේය.  මේ සා වූ ශුෂ්ක පලාතක මෙවැනි මලක් කෙසේ පිපුනේද යන්න මාධවට නොහැඟුනේය. ඒ්ක පුදුමාකාරය. ලාංකික ස්ත්‍රී ලාලිත්‍ය ගැන මාධවට ආඩම්බරයක්ද සිතුනේය. **ෂා අමතකවම ගියේය. ක්රෂ් ඒක ඒ්මය. දුටු මනතින්ම ඇය ඔලු ටෙලියේ මංජුලා කුමාරි වාගේමය. සිනහවකින් ඇය මාධවලාට සංග්‍රහ කර පසෙකට විය. කෙසේ වුවත් මාධව ඇයටම අඩගසා  නෙට්වර්ක් කේබල් ටික තිබූ ෂොපිං එක ඇගේ සියුමැලි අතට දී තමා ළගට කර ගත්තේ යලි නොයෙන පදවියේ දී ඈව මඳකට හෝ ළගට ගන්නටය. පැයක් පුරාම ඇය සමගින් නෙට්වර්ක් සැකසූ මාධව අවසානයේ ඇයගේ නෙත් දිහාම ගැඹුරට එබී බැලුවේය. ඒ් පැයටම වචන දහයකට නොවැඩිවූ ප්‍රමාණයක් ද මිමිණුනේය. ඒපමණය. මාධව ඒ් නෙත් දෙස බැලූ කල්හි ඇයත් ඉවත නොබලාම සිටියේය. සමු ගැනීමට කාලය උදා විය. මාධව සිනා විය. ඇයත් සිනා විය. කතාව ඒපමණය.

දුර ඈත පිපුනු මලක රුව අමතක නොවන සේ මාධවගේ සිත තුල තැන්පත් විය. 

අදටත් ඈ මතක් වූ කල්හි මාධව මංජුලා කුමාරිගේ රුව දෙස බලන්නේය.

පිපෙන මල් පිපෙන්නේ ඒහෙමය. දුර ඈත අහිංසකව පිපෙන්නේය. දුටු මනතින්ම සිත කෑලි වලට කඩා ඒ් තුල අරක් ගන්නේය. සුන්දරය. මල් ඒහෙමය. සුවද බැලීමට අවකාශ නොමැති වුවද සුවද බැලීමට හැකි නම් කියාම සිතෙන්නේය. ක්‍රශ් ඒ්මය.ඒත් ක්‍රශ් වල සුවඳ බැලීමට සිතන්ට වත් හොඳ නැත.

අවසානයට කීමට ඇත්තේ ඇය සම්බන්ධයෙන් සිත තුල ඇත්තේ ඒකම ඒක ආශාවක් බවය. ඒනම් ඇය සමග වචනයක් කතා කිරීමටය. විවාපත් වූවද ක්‍රශ් ඒකක් සමඟ කතා කිරීමේ ආශාව මාධව තුලින් පලා යන්නේ නැත. ඒය පෘථග්ජන මාධවගේ ආශාවන් වලින් ඒකක් පමණක්ය.

අංජිප්පූ ය. ජය වේවාය. දැන් වායි මුඩි කණ් මුඩි කාදු මුඩි ය.....






4 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. මටත් තියෙන විශාල ප්‍රශ්ණයක් තමයි මේක.

    ReplyDelete
    Replies
    1. ක්‍රශ් ඒකද?? හම්! ඒ්ක චිත්ත සොබාව නොවැ ආයුබෝවංඩ

      Delete
Previous Post Next Post

Contact Form