එක්වීම නොපැතුවද ආදරෙයි මේ සිතත්

මල් අතර ඇවිද යමු
තුරු අතර තුරුලු වෙමු
කියා තනිවම දැක්ක
සිහිනයක් යලි දුටිමි


පුංචි සිහිනී නුඹයි
දුටු එදා මොහොතකට
සිත පුරා කලබලයි
යලිත් ඔබ දකිනවිට

වෙන්වීම විදින්නට
හැකි වේවි දෝ තවත්
එක්වීම නොපැතුවද
ආදරෙයි මේ සිතත්


Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form