වෙනස ?



රටට සාධනීය වෙනසක් අවශ්‍ය වී ඇත. 2015 වෙනස මෙන් නොව අවංක වෙනසක් අවශ්‍ය වන්නේය. දැන් වෙනස යන වචනයද ලංකාවට වහ කඳුරු වාගෙය. එහෙත් තෙරුන් ගත යුතු දෙයක් තිබෙන්නේය. 2015දි වරද්දා ගත් හේතුවය! සැබවින්ම 2015දි වැරදුනේ මන්ද? 


හේතුව සරලය. රට ගැන සිතනා පැරණි දේශපාලනයෙන් තොර නව පුද්ගලයෙක් සොයා ගැනීමට මහන්සි නොවීම  සහ පරණ කැඳ   හැලියේ සිටි අමන හැතිකරයම දාම් ඉත්තන් සේ එහෙ මෙහෙ කර සත පහකට වැඩක් නැති එකෙක් දාමෙක් කළා මෙන් කැඳත් නැති මොලයක් කියා නාමයක් නැති  සිරිසේනව මහා පුටුවේ ඉන්දවිමය. වැරදුනේ අන්න එතනය. සිදු වුයේ පඹයෙක් රටේ පළමුවැනි පුරවැසියා කර පුටුවේ ඉන්දවා හැඩ බැලීම පමණක්ය. මාධවලා ඇතුළු ලක්ෂ 62ක්  වෙනසක් සඳහා චන්දය පාවිච්චි කලේ අවංකවමය. සිරිසේනගෙන් මාධවලාට පුද්ගලිකව ලැබෙන ලබ්බක් නැත. ලැබුන ලබ්බකුත් නැත. මහින්දගෙන් ගමට පාරවල් ටික හරි ලැබුනේය. එත් ලක්ෂ 62ක් වූ ලාංකික පුරවැසියෝ මහින්දව ගෙදර යැව්වේ සමාජ සාධාරණය උදෙසාය. යුද්ධය දිනු පලියට ඔහුට ජඩ කම් කිරීමට අප රටේ ඉඩක් නැති බව ජනතාව පෙන්නුවේය. කිසිසේත්ම ඉඩක් නැත. යුද්ධය දිනු පලියට ඔහුට රටකට අතවර කිරීමට හැකියාවක් නැත. රටේ නිතිය සැමට සමාන විය යුතුය. එකල ඔවුන් කල කි දෑ මතක නැතිනම් අවන්කවම ඒවා මතක් කර ගත යුතුය. එදා ලක්ෂ 62ක පිරිස සිරිසේනට ජන්දය දී මහින්දව ගෙදර යැව්වේ අද මාධවලාට ශාප කරනා ඉතිරි ලක්ෂ 58 ගේද යහපතටය. එයින් ලැබුණු පාලන  වරම  සැබවින්ම අවංක චේතනාවෙන් ප්‍රවේසමින් ප්‍රයෝජන ගැනීමට සිරිසේන සහ රනිල් ඇතුළු  පාලක පන්තිය සමත් වූවානම් (එවැනි වරමක් යලි ලැබේද යන්නත් ගැටළුවක් වී ඇත) අද උබලත් ලක්ෂ 62ක් දෙනාගේ ප්‍රීතියට හවුල් වන්නේය. එහෙත් රටෙත් ජාතියේත් අවාසනාවට සිරිසේන, රනිල් ඇතුළු කාලකන්නි දේශපාලුවෝ ටික ලක්ෂ පනස් අටේ ජන්ද හිඟා කෑ පරාජිත එවුනුත් එක්කාසු කරගෙන, විපක්ෂයද එක්කාසු කරගෙන ලංකාවටම කෙලියේය. අමුවෙන්ම කෙලියෝය.
 
මාධව විශ්වාස කරන්නේ සෝභිත හිමියන්ගේ සිට සාධාරණ සමාජයක් සඳහා කැප උන සියලු දෙනා ඒ සඳහා අවංකව කැප වූ බවය. එහි පෙරමුණේ සිටි කිසිවෙක් මේ සිදුවන්නා කිසි දෙයක් සාධාරණය කරන්නේ නැත. එහෙත් කිරි කාලයට ගොම දමන්නා පිරිස්ද එහි නැත්තේ නොවේ. කෙසේ වුවත් මහින්ද ගෙදර ගියා කියා අපේක්ෂා කර පරිදි දැනෙන වෙනසක් සිදු වී නැත. ඒ මක් නිසාද යත් අවංකව ලංකාව ගොඩ දැමීමේ ආසාවක් අභිලාශයක් රනිල්ට, සිරිසේනට නැති නිසාය. විශ්වාසය කැඩී බිඳී ඇත. නැවත මතු අනාගතයේදී  මාධවගේ චන්දය ඔවුන් කිසිවෙක්ට නැත. පැරණි දේශපාලකයින් කිසිවෙක්ට නොදෙන්නේය.

මහින්ද පාලනය හයි වේ ගැසුවේය. රටට පේන්න වැඩ කළේය. එහෙත් ඒවා යටින් පතරංග ගේම් තිබුනේය. ඒවා රටම දන්නේය. බුකියේද ශෙයා වෙන්නේය. කෙසේ වුවත් උන්ගේ පරණ වැරදි පට්ටා ගැසීමෙන් වර්තමානයට ඇති වැඩක් නැත. මේ පාර්ලිමේන්තුවේ සිටින විපක්ෂය ලෙස දැනුදු ඔවුන්  කොන්ද පන ඇතිව කිසිදු දෙයක් කරනු නොපෙනේ. වර්තමානයේ ඔවුන්ටද මේවාට විසදුම් නැත. ඇත්තේ බොරු ප්‍රවෘත්ති සාකච්චා තිබීමේ හැකියාව විතරක්ය. වාචාලකම් විතරක්ය. එහිදීද එකිනෙකා බේරමින් බෝලය පාස් කිරීම පමණක් සිදුවන බව රටටම පෙනෙන්නේය. නමුත් එකල සිදු වූ කිසි දෙයක් සිදු නොවූ සේ නිවැරදි කාරයන් ලෙස හැසිරෙන්නේ මේ යහපාලනයේ කොන්ද පන නැති කම නිසාවෙන්ය. ඩීල් දේශපාලනය නිසාය. මුන් දෙගොල්ලම ඒක වල්ලේ පොල්ය. මයිටා කෑ කනාටු පොල්ය. 

මාධව දැන් මේ කතාව කියන්නේ ලක්ෂ 62ට ශාප කරනා ලක්ෂ 58 ක වහල්ලුන්ටය. උබලා ගෝටා ගේන්න කතා කරන්නේය. මහින්ද යලි ඉල්ලන්නේය. එකල සිටම අන්තවාදය පෝෂණය කරමින් උබලාගේ ලක්ෂ 58 දෙනාගෙද කනින් රිංගා  මහින්දලා යටින් ගැසූ ගේම් රටම දැන් දකින්නේය. ඉතින් උබලා ලක්ෂ 62ක් වූ මාධවලාට ශාප කරනවාට වඩා දෙයක් කල යුතුය. එනම් අවංකව රට ගැන සිතන්න පටන් ගත යුතුය. පක්ෂ පාට අත්හැරිය යුතුය. උබලා හැමදාම හරකා කන තණකොළ සේ මහින්දවම  බදාගෙන සිටින්නේ නම් මහින්ද මල දවසට මල මිනියටද ජන්දය දෙන ගොන්නු වෙන්නේය. ,මී හරක් හෝ ගොන් හරක් නොව උගත් උසස් ලාංකික පුරවැසියෙක් බවට පත් වෙන ලෙස මාධවලා ඉල්ලා සිටින්නේය. ලක්ෂ 62 සහ ලක්ෂ 58 ක එකතුව උන්ගේ 226ක බලයට වඩා වැඩි බව පෙන්විය යුතු කාලය දැන් එළඹ ඇත්තේය. හැමදාම උන් කලේ අපව බෙදා වෙන් කරන එකය. එසේ බෙදී සිටින තරමට උන්ට වාසි බොහෝමය. උන්ට දිරවන්නේ නැත්තේමය පුරවැසියාගේ එක්සත්කමය. ඔවුන් නිදහස ලැබුණු දා සිටීම ලාංකික ජනයාව පක්ශ වලට බෙදා වෙන් කළේය. ආගම් වලට බෙදා වෙන් කළේය. ජාති අනුව බෙදා වෙන් කළේය. සිදු නොවුනේ සමේ පාට අනුව කළු සුදු කියා බෙදීම පමණක්ය.

පුරවැසියා ලක්ෂ 58 සහ ලක්ෂ 62 සහ තවත් සුළු සුළු ලෙස බෙදී මරා ගන්නා විට උන් එකට කා බී අපගේ මුදල් වලින්ම ජෝගි නටන්නේය. සුවපතිට බෙහෙත් සින්ගප්පුරුවෙන්ය. එහෙත් අපේ රටේ පුරවැසියා හදවත් සැත්කමට තවමත් දින ගන්නා පොලිමේය. උබලාගේ මහින්ද දිනුවාවන්ම් ඒ මිනිසුන්ට දින ලැබෙන ක්‍රමයක් තිබේද? නැත. අසරණව දින නොගෙනම මිය යන පුරවැසියාගෙනුත් මුදල් සුරා කන මොවුන්ගේ ඇති වටිනාමක කුමක්ද? ලක්ෂ පනස් අටේ උන් දිනුවානම් උබලාට සිරි ලොව උදා වන්නේද? ඒවා උබලගේ බොරු බයිලය. ඉතින් අම්මෙක් අප්පෙක් ගැනවත් නොසිතනා කාලකන්නි තිරිසන්නු වන ඔවුන් වෙනුවෙන් ඔබ ලක්ෂ 62ක් වූ පිරිස අතර සිටින ඔබේම මිතුරාට, ඔබේම සහෝදරයාට, ඔබේම වැඩිහිටියාට ශාප කිරීමෙන් ඔබට ලැබෙනා දේ කුමක්ද? ඔහුගේ නිවසට වාහනයට අලාභ හානි කිරීමෙන් ඔබට ලැබෙනා දෙය කුමක්ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් සිරිසේන නැටු නාඩගම් අමතක නැතැයි මාධව විශ්වාස කරන්නේය? පාර්ලිමේන්තුවම මහා විකාරයක් වුයේය. විශ්වාස භංග ගෙනාවේය. සිදු වූ දෙයක් තිබේද? මිරිස් කුඩු ගැසූ රණවිරලා කොහෙද? පිහි ගෙන ආ තෙවරක් පෙරුමට සිදු වූ දේය කුමක්ද? ලක්ෂ පනස් අටේ මාධවලාට ශාප කරනා උබලා ගිහින් පොලිස් කාරයෙක්ට මිරිස් කුඩු නොව ඇල් වතුර එකකින් ගහපල්ලා කියා මාධව කියන්නේය. එවිට උන්ට නැති අපිට ඇති නිතිය උබලාට තේරෙනු ඇත. ඔබ අතේ පිහියක් තිබුනොතින් ඔබලාව ත්‍රස්තවාදීන් කර අවසන්ය. ඒ නිසා රට ගොන්නු නොවී තෙරුන් ගත යුතු දෙයක් ඇත්තේය.

උන්ට නිතිය නැමිය හැකිය. උබලාට මාධවලාට නිතිය නැමිය නොහැකිය. උන්ට සිය ධුරයේ නමින් නීතියේ මුක්තිය තිබෙන්නේය. ඩබල් ඉර ගාවින් ගියත් මාධවලා ඇතුළු ඔබලාට ලියන පොලිස් මාමලා උන්ට ඉරි මකන් ගියත් පුක උඩ දා සැලියුට් ගහන්නේය. ඒ ලාංකික පොලිසියේ නිවට නියාලු කමය. පොලිසියේ සිටින්නේ එහෙම උන්ය. පොඩි මිනිහාටම ගොරවන්නේය. පොඩි මිනිහා ගරු කරන්නේ නිල ඇඳුමටය. ඒ බව පොලිසියේ මහත්ම මහත්මීන් දැනගත යුතුය. නිල ඇඳුම ගැලවූ කලෙක ඔබලාගේ පොලිස් නිල තල සාමාන්‍ය ජනයාට පදයක් තරම්වත් වටිනාකමක් නැති බවද මාධව කියන්නේය.

ඉතින් මෙහෙව් රටේ උබලා ශාප කරනුයේ උබලාගේම සහෝදරයින්ටය. එහෙත් එසේ ශාප කිරීමට ප්‍රථම, බුකියේ වීරයෝ සේ මහින්ද ගෝටා ෆොටෝ ශෙයා කිරීමට ප්‍රථම, ලංකාවේ දේශපාලනය කියවා ඉන්නා ලෙස මාධව කියන්නේය. ඇඳවල් යට සිට හුජ්ජ බර වී ගැහෙන අම්මගේ තාත්තාගේ සල්ලි වලින් ඩේටා කාර්ඩ් දමා මුහුණු පොතේ සැරිසරන දෙකේ පන්තියේ පේජ් ඇඩ්මින් කෙනෙක් නොවී දේශපාලන  සමාජයේ පොරක් වීමට නම් ලාංකික දේශපාලනයේ ගමන් මග ගැන අධ්‍යනය කර සිටින ලෙසට මාධව ආරාධනා කරන්නේය. අඩුම වශයෙන් සාමාන්‍ය පෙළ පුරවැසි අධ්‍යාපනයවත් කියවා තෙරුන් ගන්නා ලෙස මාධව යෝජනා කරන්නේය. ලාංකික පුරවැසියාට කිසිවෙකුගේවත් වහල්ලු නොවී නිර්භීත මිනිසුන් ලෙස කොන්ද කෙලින් තබාගත හැකි බව එවිට ඔබට වැටහෙනු ඇත. 

අවසාන වශයෙන් කියන්න උවමනා වන්නේ මේ ටිකය. රෙද්දේ දේශපාලක පන්තිය සුද්ද බුද්ද කල යුතු කාලය දැන් එළඹී ඇත්තේය. මෙවැනි වරමක් නැවත නොලැබෙනු ඇත. මේ සිටිනා සියලු අජුත පාලකයන්ව ප්‍රතික්ෂේප කල යුතු වන්නේය. ලාංකික විදියට සිතනා ලාංකික මිනිසුන් උගතුන් පාර්ලිමේන්තුවට යැවිය යුතුය. කොන්ද පන ඇති එකෙක් අගමැති කල යුතුය. ජනාධිපති කිරීමට සුදුසු උගතෙක් සොයාගත යුතුය. රටේ බලය තිබෙනුයේ අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුවට බැවින් අගමැති තනතුර දැන් ලැබිය යුත්තේ සුදුස්සෙක්ටමය. හිතුවක්කාර, දරදඬු,මිනිසත්කම් නොදන්නා අයෙක් සුදුසු නොවන්නේය. නාම මාත්‍රික ජනාධිපති වරයෙක් ලෙස ඉදිරියේදී ජනාධිපති තනතුර ක්‍රියාත්මක වන නිසා එයට සුදුසු වන්නේ දේශපාලනය නොකරන රට පිළිබඳව සිතනා, අවංක, මනා  පෞර්ෂත්වයක් හිමි, ලාංකික අනන්‍යතාව පිළිබිඹු කරන (අනන්‍යතාවය යනු ජාතික ඇඳුම සහ අනිකුත් රෙද්දවල් නොවේ! ) පුද්ගලයෙක් හෝ කාන්තාවක්ය.

එසේ හෙයින් උබලා මාධව්ලා ඇතුළු ලක්ෂ 62 කට ශාප කිරීම නවතා දැමිය යුතුය. කල යුත්තේ ලක්ෂ 62ද උබලා සමග එකතු කරගෙන නව ගමනක් යාමය. ඒ සඳහා නව මාර්ගයක් උබලා සතුව තිබිය යුතුය. එසේ උවහොත් ලක්ෂ 62ම ඔබගේ බලකායට එක වීමට දෙවරක් සිතන්නේ නැත. එසේත් නැත්තන් කල යුත්තේ ලක්ෂ 62 දෙක සමග එක්වීමය. ඒ සඳහා ලක්ෂ 62ක පිරිසටද නියමාකරයේ පුද්ගලයින් අවශ්‍ය වී ඇත. කෙසේ වුවත් ලක්ෂ 58ක පිරිසගේ  එම ගමන යලිත් මහින්ද වෙත නොවිය යුතුය. ලක්ෂ 62ක මාධවලා ඇතුළු පිරිස යලිත් රනිල් සිරිසේන වෙත නොයා යුතුය. කාලකන්නි ජනතා විමුක්ති පෙරමුණ වෙත හෝ වෙනත් පාරම්පරික පක්ෂ වෙතද නොවිය යුතුය. මේ දේශපාලන මඩ ගොහොරුවේ සිටින ලක්ෂ 62ක පිරිසට රනිල් සහ සිරිසේනව අතහැර දැමිය හැකි නම් උබලාට මහින්ද සහ ඔහුගේ හෙන්චයියන්ගෙන් සත පහකට වැඩක් තිබීමට ඉඩක් නැත. ඔබටත් මාධවලාටත් වැඩක් විය යුත්තේ රට පමණක්ය.

මේ ටික තෙරුන් ගත හොත් හොදටෝම ඇතිය.

ප- ලි -
උබලාගේ ලක්ෂ 58කගෙ රෙද්දේ සාප වලට බයේ මාධව විසින් ලියු කතන්දරයක් නොවන බව සලකන්න. සාප කරන්නාටම සාපය පරා වළල්ලක් වන බවද සිහියේ තබා ගන්න! කිව යුතු දේ අම්මා අප්පට උව කිව යුතු එකෙක් ලෙස මාධව මෙය ලියන බව සලකන්න! ලක්ෂ 62න් එකෙක් වූ මාධව ඒ පිළිබඳව ලජ්ජා නොවන්නේය. ලජ්ජා විය යුතු වන්නේ මාධවලගේ වටිනා ජන්දය ලබාගත් සිරිසේන ජනාධිපති, අගමැති වික්‍රමසිංහ සහ ඔවුන් ප්‍රමුඛ ආණ්ඩුවය. උබලා ලක්ෂ 58ද ලජ්ජා විය යුතු නැත. ලජ්ජා විය යුත්තේ උබලාගේ නායක පිරිස පමණක්ය! ඒ මක් නිසාද යත් උන් අද බත් වේලක් කන්නේද ලක්ෂ 62 සහ ලක්ෂ 58 ගෙවන බදු වලින් නිසාය. තව දේවල්ද නොමිලේම භුක්ති විදින්නේ ලාංකික ජනතාව නිසාය. එය ලක්ෂ 58ක් වූ ඔබට නොතේරේ නම් සහ තව දුරටත් ලක්ෂ 62ක ජනයාට ශාප කරන්නේ නම් සහ ඔබ සතුව ඇත්තේ මහින්ද ගෝටා නමැති සාධකය පමණක් නම් ඔබේ ඔලුව පරික්ෂා කර ගැනීම යහපත්ය.


Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form