ප්‍රභූවරු - ලංකාවේ ප්‍රභූවරු නැත!


මුසල්මානු මිනිසුනි, ඔබ මෙසේ හැසිරෙන්නේ කෙසේද? වෙනමම මුස්ලිම් අධ්‍යාපන කලාපයක් බිහි කිරීමට ඔබලාගේ පාලකයින්ට ඇති උවමනාව කුමක්ද? මේ සම්බන්ධයෙන් ගන්නා පියවර මොනවාද? අධ්‍යාපනය සැමට සමාන නම් වෙනමම අධ්‍යාපන ක්‍රමවේද ශ්‍රී ලංකාව තුල තිබිය හැක්කේ කෙසේද?
මුසල්මානුවන්ට වෙනසක් අවශ්‍ය නම් ඒ සඳහා ඔවුන්ට සුදුසු පරිසරයක් ලංකාවේ නොමැති බව කිව යුතුය. ලාංකික අප සැම ලාංකික නීතියට, ලාංකික උරුමයට, ලාංකික අනන්‍යතාවයට ගරු කරමින් ජිවත් වන්නේ නම්, එයින් මුසල්මානුවන් වන ඔබට කිසිදු හානියක් නොමත්තේනම්, මුදල් හෝ වෙනත් වරදාන බලාපොරොත්තුවෙන් සැමට ඒක සේ ජිවත් වීමට හැකි අප පුංචි රටේ  මෙසේ බෙදා වෙන් කිරීම් කිරීම සාධාරණද? ඔබ දෙස සැකයෙන් බලනා පරිසරය ඇති කරන්නේ ඔබ විසින්ම බව ඔබට අවධාරණය නොවන්නේ මන්ද?

සියලුම ජනතා පිරිස ගොනාට අන්දවමින් ඔබ නටනා මේ නාඩගම් කෙලවර වූ දාට ශ්‍රී ලංකාව සැබවින්ම සුන්දර රටක් වනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු. සිදු කල යුත්තේ මේ මොහොතේදී එකට එක්ව ඒක ජාතියක් සේ දිවි ගෙවීම මිස පාලක පන්තියේ හිඟන්නන්ට අවැසි ලෙස ජාති ආගම් ලෙස බෙදා වෙන්වීම නොවන බව සිතට ගනිමු.

ප්‍රභූවරුන් යයි ඔවුන් ඔවුන්ටම කියා ගන්නා හිඟන මෝඩ තුප්පහි ජනාධිපති අගමැති විපක්ෂ නායක සහ අනිකුත් දේශපාලන ඇම්බට්ටයෝ අප රටට සිදු කරන මේ මහත් විනාශය සුළු පටු නොවේ. ඔවුන්ව පිටු දැකිය යුතු කාලය එළඹී ඇත. දුටු තැන ඔවුන්ට වැඳ වැටුණු යටහත් පත්ව සිටී කාලය නිම කල යුතුව ඇත. එය කල යුත්තේ සාමුහිකව මිස තනි තනිවම නොවේ. තනි තනිව ගත් කල සතුරාට පහර දීමට අපහසුය. එහිදී ජනතාව අසරණ වේ. සිදු කල යුත්තේ ජනතාව එකා මෙන් සිටගනිමින් මහා පවුරක් සේ සිට ගනිමින් මෙම ජඩයින් ප්‍රතික්ෂේප කරමින් නව ගමනක් ආරම්භ කිරීමය. උතුර දෙමලුන්ටත්, කාන්තන්කුඩි තම්බින්ටත් ඉතිරිය සිංහලයාටත් නොව සියලුම සිමා මායිම් බිඳ දා ඒක රටක් සේ ඒක ජාතියක් සේ සිට ගනිමින් මේ සිදුවන අසමත්කම් සමත්කම් බවට පරිවර්තනය කර ගත යුතුය.

දේශපාලකයින්ගේ උවමනාවන්ට අනුගත වී අසල්වැසියාට පහරදීමටත්, ආගම් උමතුවෙන් උමතු වී මිනි මැරීමේ සිට රහස් කුමන්ත්‍රණ සිදු කිරීමත් නවත්වා එක ජාතියක් ලෙස එකම රටක ඒක අරමුණක් වෙත ගමන ආරම්භ කල යුතුය.දිගු කාලින අරමුණ විය යුත්තේ අනාගතය උදෙසා නව රටක් බිහි කිරීමය. ඒ සඳහා අවශ්‍ය කෙටි කාලින අරමුණු වලින් එකක් වනුයේ අනාගතය උදෙසා නව පාලන ක්‍රමයක් නිර්මාණය කිරීමය. ඉන්පසු එය සාක්ෂාත් කර ගැනීම සඳහා නව නීති ගෙන ඒමය. සුද්දා ලබා දුන් නීති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් සහ වෙනත් හානිකර නීති රීති ඉවත් කල යුතුය. සැමට සාධාරණ නව නීති ගෙන ආ යුතුය. රටට ගැලපෙන නව ලෝකයට ගැලපෙන නීති ගෙන ඈ යුතුය. පාර්ශවයන්ට පමණක් වෙනත් නීති, වෙනත් මුල්‍ය ක්‍රම, වෙනත් ආහාර ක්‍රම රටක නොතිබිය යුතුය.සියලුම නීති අප රටේ පුරවැසියාගේ ආරක්ෂාව සහ සුබ සිද්දිය පමණක්ම ප්‍රමුඛ විය යුතුය.

ලංකාවේ ප්‍රභූවරු කියා පන්තියක් ඇත්තම් ඒ දෙශපාලුවා නොව දුක් මහන්සි වී ඉගෙන ගත්, දුක් මහන්සි වී හරි හම්බ කරගත් රටට ණය නැති පුරවැසියන්ගේ කුලකය පමණය. නියම ප්‍රභූවරු ඔවුන්ය. රට්ටුන්ගෙන් හිඟා කන අමන දේශපාලකයින් නොවේය. රටේ ජනාධිපති ප්‍රභූවරයෙක් නොවේය, අගමැති සහ විපක්ෂනායකද ප්‍රභූවරු නොවේය. මන්ත්‍රී, ප්‍රාදේශීය සභා, පළාත් සභා මන්ත්‍රී වරුන්ද ප්‍රභූවරු නොවේය. උන් දන්නේ උන්ගේ දේශපාලන බලය, ජනතාව රවටා ලබාගත් ජන්ද බලයෙන් උදම් වී, ඔවුන්ට නැති බලයක් ආරෝපණය කරගෙන මහා ජනයා තලා පෙලා දැමීම පමණක්ය. රටේ සාමාන්‍ය ජනයාට නැති සෞඛ්‍ය පහසුකම් දේශපාලුවන්ට කුමටද? සැත්කමට මුදල් නොමැතිව දුක් වෙනා මහා ජනයාට නොමැති සිංගප්පුරු වෙදැදුරු කම් උන්ට මොකටද? ඒවා උන්ගේ සල්ලි වලින් නම් උන් අඟහරුවලින් බෙහෙත් ගත්තත් මාධවලාට කමක් නැත. අප්සෙට් ඒක තියෙන්නේ ඒ මාධවලාගේ බදු සල්ලිය. රටේ කෙරිය යුතු වැඩ දහස් ගණනක් තිබියදී උන් එවන් පිස්සු කෙලින හැටියට හරියට හිතේ අමාරුය. කේන්තිය. මේ වගේ උන්ව උත්සවයකටවත් ගෙන්න ගත යුතු නොවේය. උන් කාලකන්නි දෙශාපාලකයින්ම පමණක්ය. ප්‍රභූවරු යනු අවංකව හරි හම්බ කරගන්නා අවස්ථාවාදී නොවන රටට පවුලට ආදරය කරනා අවංක මිනිසාය.ප්‍රභූවරු කිසිදිනක  කාලකන්නි නුගත්තු නොවන්නේය.

කල යුතු දේවල් ඇත.කිසිදු ප්‍රතිපත්තියක් නොමැති රෙද්දේ පරණ පඩංගු යාවත්කාලින නොවූ පල හෑලි ප්‍රතිපත්ති කරගෙන සිටිනා දේශපාලුවන් ඉවත් කල යුතුමය. උන්ට දෙන්නා වූ සියලු පහසුකම් කපා හැරිය යුතුය. වසර පහක් පාර්ලිමේන්තුවේ පුටු රත් කල පලියට උන්ට ගෙවනා පෙන්ෂන් ඒක අහිමි කල යුතුය. අතීතයට බලපාන පරිදිම එය සිදු කල යුතුය. එමෙන්ම ඔවුන්ට ගෙවනා අධික ඉන්ධන සහ කාර්ය මණ්ඩල දීමනා කපා දැමිය යුතුය. පාර්ලිමේන්තුවට පැමිණෙන දීමනා කුමටද? පාර්ලිමේන්තුවට අනිවාර්යයෙන්ම පැමිණිය යුතුමය. එය ඔවුන්ගේ රාජකාරියමය.නිල නිවාස අවශ්‍ය නැත. කිසිසේත්ම අවශ්‍ය නැත. බත්තරමුල්ලේ සෙත්සිරිපයේ සිටින අනිකුත් සේවකයින් මෙන්ම බෝඩින් ගාස්තු අතින් ගෙවා වැඩ කරනවානම් කල යුතුය. රටේ දුෂ්කර සේවය කරනා අනෙකුත් පුරවැසියන් මෙන්ම අතින් වියදම් කරගෙන වැඩ කල යුතුය එසේ නැත්තන් කල හැකි වෙනත් රැකියාවක්  කරගෙන රටට බරක් නොවීමට ඉඩ සලසා දෙන්න රටේ පුරවැසියෝ සුදානම්ය. ඒ සඳහා වැසිකිලි සුද්ද පවිත්‍ර කිරීමේ නිලධාරී තනතුරු රට පුරාම තිබෙන්නේය.

උපාධිධාරියාට අට පාස් ඇමතියා විසින් රැකියාවක් ලබා දීමේ ක්‍රමවේදයේ සිට සියලුදේ වෙනස් කල යුතුය. අන්තවාදය පතුරවනා දේශපාලන පන්තිය වෙනස් කර නිසි පරිදි පාලනයක් රටට පත් කර ගත යුතුය. අවංකව සේවය කරනා පිරිසක් පත් කර ගත යුතුය. එමෙන්ම, රජයේ සේවය කාර්යක්ෂම කල යුතුය. රජයේ සේවකයා සැමට සමානාත්මතාවයෙන් සලකන අවංකව රාජකාරියක සිදු කරන්නෙක් විය යුතුය.

ශ්‍රී ලාංකිකයින් වශයෙන් දියුණු ආකල්ප ඇතිකරගත යුතු අතර රටේ ජිවත් වන සියලු ජාතින් අන් ජාතින් සමග අවංකව සහයෝගයෙන් ජිවත් විය යුතුය. දිය යටින් ගින්දර ගෙන යන ජාතියක් හෝ කිසිවෙක් වේ නම් ඔවුන්ට දැඩි පියවර ගෙන වහාම එම කටයුතු රට තුල මෙන්ම ලෝකයේම තහනමට ලක් කල යුතුය. ශ්‍රී ලාංකික ජාතියක් ලෙස අනාගතය වෙත පියමක් කිරීමට සිහින දැකීම දැන් නවතා දමා ඒ සඳහා ගත යුතු සියලු පියවරයන් දැන් දැන් හනිකට ගත යුතුව ඇත.

පක්ෂ පාට වලට කඩේ යාම නවතා දැමීමට කාලය එළඹී ඇත. ඔවුන් මෙතෙක් කල් අපට කොකා පෙන්වා ඇත. දැන් තිත්තයාගේ වාරය එළඹෙමින් පවතී....

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form